IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


පුරා වසර 27 ක් වේදිකාවේ මනමේ කුමාරයා මමයි

වේදිකාවට දැන් වසන්තය ඇවිත්... -ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි-

කරළිය දික්විජය කළ සෙන්පති ඔහුය. ”මනමේ” කුමාරයා ලෙස වසර 27 ක් එක දිගට වේදිකාවේ රජ කළ ඔහු, එයින් වාර්තාවක් තැබීමට සමත් විය. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය සහ මාධ්‍ය ත‍්‍රිත්වයෙහිම තම අණසක පතුරවමින් අදටත් ක‍්‍රියාශීලීව පේ‍්‍රක්ෂක ආදරය දිනාගෙන සිටින මේ කෘතහස්ත රංගන ශිල්පියාගේ කලා දිවියට වසර 46ක් ගතවී තිබේ. මේ නිමිත්තෙන් ඔහුගේ රංගන පෞරුෂත්වයේ විවිධ පැතිකඩ පෙන්නුම් කරන නාට්‍ය 5ක් ”විජයානන්දය” නමින් මෙම මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී රඟදැක්වේ. වේදිකාවට ”කුස පබාවතී, වෘෂභ රාජ, භාරත රැජින” නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ මේ රංගවේදියා නමින් විජය නන්දසිරිය. ”විජයානන්දය” සමග තම රංගාභිෂේක මංගල්‍යය පැවැත්වීමට සූදානම් වී සිටින මොහොතක අපි ඔහු සමග කතාබහ කළෙමු. මේ එම කතා බහේ සටහනයි. ඔබේ කලා දිවියට වසර 46ක් ගතවෙලා. මේ ගෙවී ගිය දශක හතර දෙස ආපසු හැරී බැලීමේදී ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම හරිම සතුටුයි. විශේෂයෙන් නාට්‍යකරුවෙක් වසර 46ක් නොකඩවා කලා කටයුතුවල නියැලෙනවා කියන්නේ ලංකාවේ හැටියට එය ප‍්‍රාතිහාර්යයක්. ඉතිං මම ආපසු හැරී බලද්දී මගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් කඩඉම් ගණනාවක් තිබෙනවා මේ දශක හතර තුළ.1966දී පාසල් ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී තමයි නාට්‍ය කලාවට අවතීරණ වුණේ අමරදාස ජයතුංගගේ ”විදුරු දිව” කියන නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ රඟපෑමේදී එය බලන්න පැමිණි ලංකාවේ සිටි ප‍්‍රතාපවත් නාට්‍යකරුවා වන දයානන්ද ගුණවර්ධන මහතාව හඳුනාගන්න ලැබුණා. මම රඟපෑ නාට්‍ය ශෛලිගත සම්ප‍්‍රදායේ නාට්‍යයක්. එහි නැටුම්, ගායනා තිබුණා. එය දැකලා එතුමා මට ”බක්මහ අකුණු” නාට්‍යයට රඟපාන්න කතා කළා. 1969 වනතුරු එතුමාගේ ඇසුර ලබාගෙන කටයුතු කළා. ”බක්මහ අකුණු” පුහුණු වුණාට ” නරි බෑණා” තමයි මුලින්ම වේදිකා ගත වුණේ. එහි ගමරාළගේ චරිතය මා රඟපෑවා. වේදිකාවේ ”අ” යන්න අකුර මා ඉගෙන ගත්තේ දයානන්ද  ගුණවර්ධනයන්ගෙන්. කඩහඬ පාලනය, දෙබස් උච්ඡුාරණය එතුමා මට කියා දුන්නා. තවමත් එය මා ඉගෙන ගන්නවා. ”නරිබෑණා, ජසයා හා ලෙන්චිනා” තුළින් පටන් ගත් ගමන එතුමාගේ කාමරේ පොරයට සම්බන්ධ වෙලා සිටි කාලයේ තමයි මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවුණේ. 1973දී ධම්ම ජාගොඩ මහතා මගින් තමයි සරච්චන්ද්‍ර මහත්මයා මා හඳුනාගත්තේ. එතුමා මාව පරීක්ෂණයකට යොමු කරලා මනමේ කුමාරයාට තෝරා ගත්තා. 1973 සිට වසර 2000 වන තුරු මනමේ භූමිකාව මා රඟපෑවා. එයත් රංගන ශිල්පියකුට ලැබෙන උත්තරීතර දායාදයක්. වසර 27 ක් වැනි කාලයක් මා රඟපෑ ඒ වාර්තාව කඩන්න කාටවත් පුළුවන් වෙන එකක් නෑ. දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය සරත්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, ලූෂන් බුලත්සිංහල, චන්ද්‍රසේන දසනායක, හේමසිරි ලියනගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි ප‍්‍රවීණයන් මෙන්ම මෑත වන විට රවීන්ද්‍ර ආරියරත්න නමැති තරුණ නිර්මාණකරුවා දක්වා විශාල නාට්‍යවේදීන්ගේ නාට්‍යවල වාර දහසක්, දෙදහසක් මා රඟපාලා ඇති. එය මගේ 46ක කලා ජීවිතය තුළ කඩඉමක්. ඊළඟට මට නාට්‍ය නිසාම තමයි චිත‍්‍රපට ලැබුණේ. මම ටී.බී. ඉලංගරත්න ශූරීන්ගේ ”ශෛලාසනය” නාට්‍යයේ රඟපෑවා. ඒක අධ්‍යක්‍ෂණය කළේ උපාලි වනසිංහ කියන මහත්මයෙක්. එතුමා අද ජීවතුන් අතර නෑ. ඔහු තමයි ” දස්කොන්” චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ. ඉලංගරත්න මහතාගේ ”නෑදෑයෝ” නවකතාව චිත‍්‍රපටයකට නඟනවා කියලා කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාට මාව හඳුන්වලා දුන්නා. ඒ හඳුනා ගැනීම තුළින් මගේ ප‍්‍රථම චිත‍්‍රපට රංගනය වූ ”නෑදෑයෝ” 1976දී තමයි තිරගත වුණේ. 1966 දී වේදිකාවට ආවා. 1976දී සිනමාවට ආවා. ඊට පස්සේ චිත‍්‍රපට රාශියක මා ප‍්‍රධාන භූමිකාව වගේම උප ප‍්‍රධාන චරිතත් රඟපෑවා. ඊට පස්සේ 1986 දී තමයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ. ඒත් කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ ”ගමන” ටෙලිනාට්‍යයෙන්. මම ශෛලිගත සම්ප‍්‍රදාය ද, තාත්වික සම්ප‍්‍රදාය ද නාඩගම් සම්ප‍්‍රදාය ද, මුද්‍රා නාට්‍ය ද යන හැම අංශයකම රඟපෑවා. මට ගායන හැකියාවත් පොඞ්ඩක් තිබුණා. මම නර්තනයත් ප‍්‍රගුණ කර තිබුණා. චිත‍්‍රසේන-වජිරා, බැසිල් මිහිරිපැන්න, වසන්ත කුමාර, සෝමදාස එපිටවෙල, ශේෂා පලිහක්කාර වැනි නර්තන ශිල්පීන් ළඟ මම නැටුම් පුහුණු වුණා. ඒවා මට ගොඩක් උදව් වුණා මේ එක් එක් ශෛලිවල රඟපාන්න. ඔය කඩඉම් දිහා බැලූවාම හරිම සතුටක් තිබෙන්නේ. නාට්‍ය හින්දම මගේ බිරිඳ දේවිකා මට හමුවුණා. ඒකත් ” සුබ සහ යස” නාට්‍යය රඟපාන්න ගිහින් හමුවූ දෙක්. ඔය  අතරතුර මට සම්මාන, විදේශ ශිෂ්‍යත්ව ලැබුණා. ජනප‍්‍රිය නළුවා, හොඳම නළුවා වැනි සම්මාන රැසක් ලැබුණා. හැබැයි මේ  හැම දෙයක්ම මගේ රංගන ජීවිතයේ වෙනස් කළා සිරස රූපවාහිනියේ පටන් ගත්ත ”නෝනාවරුනි මහත්වරුනි” තුළින්. ඔබ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ”මනමේ” කුමාරයා ලෙස විශිෂ්ට රඟපෑමක යෙදුණත්, අද වන විට හාස්‍ය රංගන ශිල්පියෙක් බවට පත්වෙලා. ඇයි මෙහෙම වෙනස් වුණේ? ඇත්තටම ඒ වෙනස්වීම මම බොහොම සතුටු සිතින් දකින දෙයක්. මොකද රංගන ශිල්පියකුට පුළුවන් නම් හැම  චරිතයක්ම රඟපාන්න, ඒක තමයි භාග්‍යය. මම උදාහරණයකට ජෝ අබේවික‍්‍රම මහතා ගත්තොත්, එතුමා චිත‍්‍රපටවලට ආවේ හාස්‍ය රංගන ශිල්පියෙක් හැටියටයි. නමුත් ”වැලි කතර” චිත‍්‍රපටයෙන් පස්සේ එතුමාගේ රංගන ජීවිතය වෙනස් වුණා.  එහෙම වෙනස් වුණා කියලා හාස්‍යෝත්පාදන රංගනය අත්හැරියේත් නෑ. මම වේදිකාවේ අනෙකුත් චරිත කරනවා.  නමුත් අතිශයින් සාර්ථක වූ නිසා රූපවාහිනිය මට කතා කරන්නේ හාසේ‍යා්ත්පාදන රංගන වලටයි. හැබැයි මම එයට කැමතියි. අවුරුද්දකට එකක් විතර තමයි මා භාරගන්නේ. එහෙම වුණාම ඔබේ රංගනය හෑල්ලූවට ලක්වෙලා බවයි සමහරු පවසන්නේ. මේ හින්දා ඔබ අද එක තැනකට  කොටුවෙලා. එහෙම නේද? මා හිතන්නේ නෑ එහෙම දෙයක්. මොකද මට ලැබෙන ප‍්‍රතිචාරවලින් මට එහෙම දෙයක් දැනිලා නෑ. තවමත් මම ඒවායේ රංගනයේ යෙදෙනවා කියන්නේ සාර්ථකත්වයක්. අදටත් මම නාට්‍යවලට ගියාම, පුංචි ළමයි මා වටා රොක් වෙනවා. ”නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, කතුර, වැනි ටෙලිනාට්‍යයත්, ”පුංචි පහේ මං” වැනි වැඩසටහන හින්දාත් මට  විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන් පුංචි දරුවන්ගෙන්, එක පැත්තකටම කොටු වුණා කියා මා හිතන්නේ  නෑ. නමුත් කවුරුහරි හොඳ චරිතයක් දෙනවා නම්, එය මා සතුටින් භාරගන්නවා. පේ‍්‍රක්ෂකයෝ දැන් මගෙන්  බලාපොරොත්තු වෙන්නේ හාස්‍යෝත්පාදක රංගනයක්. මගේ රංගන ක‍්‍රමවේදයක් තිබෙනවා. මම දඟලන්නේ නෑ, හාස්‍යෝත්පාදන රංගනයකදී. මම මූණවල්, කටවල් ඇඳ කරන්න යන්නේ නෑ. මගේ හාස්‍යය මතු කරන්නේ දෙබස්වලින්. ශිරිරාජ් කෞශල්‍ය නමැති නිර්මාණකරුවාගේ ” සිකුරු හතේ” චිත‍්‍රපටයේ මා රඟපෑ චරිතය හාස්‍යය තිබුණත්, එය ගැඹුරු චරිතයක්. තාත්තා කෙනෙක් තම දියණිය හදා ගැනීමට දරන්නා වූ වීර්යය තමයි එයින් කියාපෑවේ. එයට මට හොඳම නළුවා හා ජනප‍්‍රිය නළුවා කියන සම්මාන දෙකම ලැබුණා. හාස්‍යෝත්පාදක චරිතයක් කරලා හොඳම නළුවා වෙන්න ලැබීමත් විශේෂ කඩඉමක් නේද? ප‍්‍රවීණ රංගන ශිල්පියෙක් හා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වන ඔබට අද දවසේ වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ? රටට ලැබුණු නිදහසත් එක්ක හැම කලා කටයුත්තකම පිබිදීමක් තිබෙනවා. වේදිකා නාට්‍ය අද වැඩියෙන් නිර්මාණය  වෙනවා. තරුණ නිර්මාණකරුවන් රැසක් දැන් බිහිවෙලා. පේ‍්‍රක්ෂක පිබිදීමකුත් අද තියෙනවා. ඉතිං මා හිතන්නේ එය හොඳ දෙයක්. තව තව පහසුකම් ලැබෙනවා නම් අපට මීට වඩා මේ ක්‍ෂේත‍්‍ර දියුණු කරන්න පුළුවන් වේවි. නාට්‍ය අද හැම  තැනකම රංගගත වෙනවා. ඒක හොඳ ලකුණක්. ඒ කියන්නේ අද වේදිකාවට වසන්තය උදාවෙලා කියලද? මා හිතනවා වේදිකාවට දැන් වසන්තය උදාවෙලා කියලා. නිර්මාණ බිහිවෙනවා. ගුණාත්මක නාට්‍ය වගේම කරන්නන්  වාලේ කරන නාට්‍යත් තිබෙනවා. ”බල්ලොත් එක්ක බෑ” නාට්‍යයේ නම දාගත්තම, එවැනි නම් තිබෙන නාට්‍ය ගණනාවක්  බිහිවෙනවා. ඉතිං එහෙම වුණාම රැල්ලක් ඇති වෙනවා. මා නම් කියන්නේ එවැනි නම් අනුකරණය කිරීමක්  අවශ්‍ය නෑ කියලයි. අද පේ‍්‍රක්ෂකයෝ බුද්ධිමත්. පේ‍්‍රක්ෂකයෝ එවැනි නාට්‍යවලට ප‍්‍රතිචාර දක්වනවා. ඔබ කලා ක්‍ෂේත‍්‍රයට පැමිණි වකවානුවේදී සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව තුළ තිබූ ගුණාත්මක පැත්ත අද වන විට මේ  මාධ්‍ය ත‍්‍රිත්වයේ පිරිහීමට ලක්වී ඇති බවක් පෙනෙනවා. ඔබට එය දක්නට ලැබුණා ද? ඔව්. ජනප‍්‍රිය රැල්ලේ නාට්‍ය කළාට ගුණාත්මක බවින් අඩු බවක් දක්නට තිබෙනවා. 60-70 දශකයේ වේදිකාව ගත්තොත් එහි සිටි ප‍්‍රබලයෝ අද නැහැනේ. එතකොට තරුණ කොටස් ඇවිල්ලා ඉන්නවා තමයි. නමුත් නිර්මාණවල තිබූ ගෞරවය, නිර්මාණකරුවන්ගේ තිබූ ගාම්භීරත්වය අද ටිකක් අඩුයි. සමහර දේ කෙරෙනවා. ලලිතා සරත්චන්ද්‍ර මහත්මියගේ  අප‍්‍රතිහත ධෛර්ය නිසා මහාචාර්ය සරච්චන්ද්‍රගේ නිර්මාණ ටික රැකගෙන කරගෙන යනවා. හෙන්රි ජයසේනයන්ගේ  පුතාගේ ධෛර්යය හින්දා ඒ ටික කරගෙන යනවා. අනිත් නිර්මාණ ගොඩක් අය අලූතින් කරනවා. නමුත් ඒවායේ  ගුණාත්මකභාවය අඩුවෙලා තිබෙනවා. තරුණ කොටස් බිහිවෙනවා. නමුත් මෑත කාලයේ එහෙම ජනප‍්‍රියත්වයට පත් වූ කඩා බිඳගෙන යන නාට්‍යයේ විදිහට බිහිවුණේ ”බල්ලොත් එක්ක බෑ” නාට්‍යය විතරයි. ඔබේ කලා දිවියේ 46 වසර සමරන ”විජයානන්දය” නාට්‍ය උළෙල පිළිබඳව කතා කළොත්..... මා රඟපෑ නාට්‍ය 6ක් ඇතුළත් උළෙලක් මේ 20 වැනිදා සිට කොළඹ ජෝන් ද සිල්වා රඟහලේදී පවත්වනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය දෙකක්, මගේ නාට්‍ය දෙකක්, හා මෑත කාලයේ රංග ගත වෙන සරත් කුලාංගගේ හා රවීන්ද්‍ර  ආරියරත්නගේ නාට්‍ය දෙකකුත් මෙයට ඇතුළත්. සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා මෙයට මට උදව් කළා.  මෙයට අනුග‍්‍රහය දක්වන්න සම්පත් බැංකුව හා සිලෝන් බිස්කට් සමාගම මට අත දුන්නා. ඒ අයට මා ස්තුතිවන්ත වෙනවා.  මෙහි ප‍්‍රධානම මාධ්‍ය අනුග‍්‍රහය සිරස ආයතනය ලබාගත්තා. එය මට ලොකු ශක්තියක් වුණා. සුසාර දිනාල් ඇතුළු සිරස  කාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනවා. දීර්ඝ කාලයකට පසු තමයි ” මහාසාර” කරන්නේ. ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය මා වෙනුවෙන්ම මෙය පූහුණු කර අලූත් නිෂ්පාදනයක් ලෙසින් එදාට රඟ දක්වන්නේ. මෙයට නාට්‍ය තෝරා ගත්තේ කොයි ආකාරයට ද? මම තෝරාගත්තා නම්, ලංකාවේ තිබෙන හොඳම නාට්‍ය තමයි තෝරා ගන්න වෙන්නේ. ”මනමේ, සිංහබාහු, හුණුවටයේ කතාව, සුබ සහ යස, රත්නාවලී, නරිබෑණා” වගේ ඒවායේ මා දැන් රඟපාන්නේ නෑ. මම අවුරුදු 30-35ක් රඟපෑ නාට්‍ය  තමයි ඒ. ඒවායේ අද තරුණ කොටස් රඟපානවා. අද කාලයේ මා රඟපාන නාට්‍ය තෝරා ගත්තා. ඒවායේ එක එක  ශෛලීන් තිබෙන්නේ. මා ඒ හින්දයි එම නාට්‍ය තෝරා ගත්තේ. සංවාද සටහන සමන්ත යහම්පත් ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි”නාට්‍ය හින්දම මගේ බිරිඳ දේවිකා හමුවුණා”කුස පබාවතී...කපුවා කපෝතිමහාසාරවෘෂභ රාජබල්ලොත් එක්ක බෑදෙයියොත් දන්නේ නෑ



අදහස් (0)

පුරා වසර 27 ක් වේදිකාවේ මනමේ කුමාරයා මමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 101 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1675 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 183 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 530 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 2563 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 695 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 830 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 539 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site