IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ප්‍රථම නිදහස් කවියා ජී.බී. සේනානායක නොවේ මාර්ටින් වික්‍රමසිංහයි

2016-12-13-ent-28

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 40 වැනි ගුණානුස්මරණයට සමගාමීව විරාගය නවකතාවට වසර 60ක්ද, විරාගය චිත්‍රපටයට වසර 30ක්ද සම්පූර්ණ වීම නිමිති කොටගෙන පසුගියදා (08දා) මාර්ටින් වික්‍රමසිංහ දින උලෙළක් පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන මෙම උලෙළේදී ප්‍රවෘත්ති පත්‍ර කලාවේදියෙකු වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සේවය අගය කිරීමක්ද විරාගය නවකතාව හා චිත්‍රපටය පිළිබඳ කතිකාවක්ද පැවැත්විණි.

විරාගය නවකතාවට වසර 60 ක් පිරීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතාත්, විරාගය චිත්‍රපටය පිළිබඳ සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින්ද අදහස් දැක්වූ අතර, පුවත්පත් කලාවේදියෙකු වශයෙන් වික්‍රමසිංහ මහතාගේ සේවය පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් දක්වනු ලැබූ අදහස් පහත දැක්වේ.

 

වික්‍රමසිංහ ඇසුර

2016-12-13-ent-34මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටියදී මට වාසනාවක් ලැබුණා එතුමා ඇසුරු කරන්න. ඒ ඇසුරු කිරීමේදී මට ලැබුණු හොඳම ත්‍යාගය තමයි එතුමා ලියන හැම පොතකම අතිරේක පිටපතක් අත්සන සහිතව ලැබීම. මම වරක් වික්‍රමසිංහ මහතා හමුවුණු වෙලාවක එතුමා ඇහුවා එංගලන්තයේ පළවෙන සඟරා කියවලා තියෙනවද කියල. ඉංග්‍රීසියෙන් පළවෙන සඟරා දෙක තුනක් ගැන කියද්දි එතුමා දහයක් පහළොවක් ගැන කියනවා.

"උපන්දා සිට" කෘතියේ අන්තර්ගතය පිළිබඳ හදාරන්න යැයි මම විද්‍යාර්ථීන්ට පවසවනවා. වික්‍රමසිංහ මහතා වැඩ කරපු පුවත්පත්වල හරය සහ අවුරුදු 30 - 40 ක ග්‍රන්ථ සේවාව 1920 - 24 දක්වා කාලයේදී දිනමිණ පුවත්පත, එතනින් තාවකාලිකව ඉවත්වෙලා ඩී වී ද ලැනරෝල් මහතා සමග ලක්වැසියා පුවත්පතත් ආරම්භ කළා. ලක්මිණ පුවත්පතට සම්බන්ධ වෙලා යළි ලේක්හවුස් සිළුමිණ පුවත්පතට සම්බන්ධ වුණා. 1946 අවසානයේදී පූර්ණකාලීන ලේඛකයෙකු ලෙස කටයුතු කළා. 1946 සිට අඛණ්ඩ පූර්ණකාලීන ලේඛකයෙකු වීමට එතුමාට වරම් ලැබුණේ පුවත්පතකට සම්බන්ධ වී කාලය නාස්ති නොකළ යුතු යැයි විශ්වාස කළ නිසා විය යුතුයි. අනතුරුව එතුමා ගෙදරට පොත්පත් ගෙනැත් විශාල පුස්තකාලයක් නිර්මාණය කළා.

 

සංස්කෘතික මානව විද්‍යාව

එතුමා වඩාත් ප්‍රිය කළා පරිණාමවාදය ප්‍රධාන විෂය කරගත්ත මානව විද්‍යාවේ සංස්කෘතික මානව විද්‍යාව. (Cultural anthropology) එය තමයි අපේ විශ්වවිද්‍යාලවල නූගැන්වුණු විෂය. අදත් මානව විද්‍යාව හරියට උගන්වන්නෙ නෑ. කිසිම ඉගැන්වීමක් නැති කාලෙ වික්‍රමසිංහ මහත්තයා තමයි පර්යේෂණ කෘති රචනා කළේ. වෙලාවකට මට හිතෙනවා විරාගයේ එන අරවින්ද වික්‍රමසිංහ මහත්තයද කියල. කාලයට වඩා පරිණත වුණු සමකාලීන කිසිම උගතෙක් literary guide කෘතිය කියවලා තිබුණෙ නෑ. වික්‍රමසිංහ මහත්තයා එම කෘතිය කියවලා එහි ආභාසයෙන් සංස්කෘතික මානව විද්‍යාවට අදාළ කෘති රචනා කළා. මැලිනොවුස්කිගේ පුරෝගාමී ලේඛන වික්‍රමසිංහ මහතාට හසුව තිබෙනවා.

 

පළමු නිදහස් කවිය

ගම්පෙරළිය ලියල අවසන් වෙලා 1947 විතර කාලෙදි එතුමාගේ සත්ත්ව සන්තතිය රචනා කරමින් ප්‍රථම මානව විද්‍යාඥයා බවට පත්වෙනවා. කවුරුත් දන්නා දෙයක් තමයි ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ එන ථේරි ගාථා. එම ථේරි ගාථා ඇසුරෙන් 1947 දී එතුමාගේ "ථේරි ගී" පළවුණා. සමකාලීනව තමයි ජී.බී. සේනානායක මහත්මයා පළිගැනීම පද්‍ය පන්තිය රචනා කළේ. ඒ වෙනකොට ජී.බී. සේනානායක මහතාව ඇසුරු කරනවා පමණක් නෙවෙයි දිනමිණ පුවත්පතට සේවය සඳහාත් පැමිණෙනවා. ජී.බී. සේනානායක මහතා පළිගැනීම කෙටිකතා සංග්‍රහයට පද්‍ය රචනා කරන්නට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ මහතා ථේරී ගීය දිනමිණ වෙසක් කලාපයේ පළ කළා. ලංකාවේ ප්‍රථම නිදහස් පද්‍ය රචකයාගේ ගෞරවය යා යුත්තේ වික්‍රමසිංහ මහතාට නොවේද? ශේක්ස්පියර් කිව්වේ නිදහස් පද්‍ය රටා, විලියම් වර්ඩ්ස්වර්ත් ලිව්වේ නිදහස් පද්‍ය රටා. රවින්ද්‍රනාත් තාගෝර් ලිව්වේ නිදහස් පද්‍ය රටා. නමුත් මාර්ටින් වික්‍රමසිංහ මහතා නිදහස් පද්‍ය යන වචනය භාවිත කරන්නෙ නෑ. එනිසා ඉතිහාසය නිවැරදි කරන්න සිදුවෙනවා පුවත්පතක පළ වූ පළමු නිදහස් පද්‍ය රචනාව ගැන."

 

සටහන - ඉඳුනිල් සින්දු /සේයාරූ ඉසුරු පෙරේරා

 

2016-12-13-ent-33
2016-12-13-ent-31
2016-12-13-ent-30
2016-12-13-ent-29
2016-12-13-ent-27
2016-12-13-ent-26
2016-12-13-ent-25
2016-12-13-ent-24
2016-12-13-ent-23



අදහස් (0)

ප්‍රථම නිදහස් කවියා ජී.බී. සේනානායක නොවේ මාර්ටින් වික්‍රමසිංහයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 233 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 395 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 249 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 203 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 657 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 134 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site