IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි

රජයේ මුදල් අනවසරයෙන් වැය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක විදේශ අමාත්‍යංශයට කැඳවා ඇත. කොළඹට ඒමට කලින් ඔහු පැරිසියේදී ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග සම්මූඛ සාකච්ඡාවක් පැවැත්වීය. ප‍්‍රශ්නය ශ්‍රී ලංකාව සම්බන්ධව ජීනිවා නුවර සිදුවූ සිද්ධිය ඇත්තටම කුමක්ද? පිළිතුර මම එම ස්ථානයේ නොසිටි බැවින් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලයේ සිදුවූ ඇතුළු පැත්ත ගැන ප‍්‍රකාශ කිරීමට නොහැකිය. නමුත් පැරීසියේ සිට මම එය නිරීක්ෂණය කළෙමි. එබැවින් අනෙක් අය දන්නේ කුමක්ද? මම ද එය දන්නෙමි. සරලව පැවසුවොත් අපට විරුද්ධව ඉදිරිපත් වූ එම යෝජනාවෙන් අපි පරාජය වුනෙමු. 2009 ට සාපේක්ෂව එදා ජය ගැනීමට මා කල  සටනේ දි ලැබු වැඩි ජන්ද 17 මෙවර බිඳී විසිරී ගිය බවක් දක්නට ලැබෙනවා. ඒ අනුව මෙවර ජිනීවා හි සිදුවූ රාජ්‍ය තාන්ත‍්‍රික, දේශපාලන, මානසික ගැටුමෙන් අප පරාජය වුයේය. එය තමයි සරල සත්‍යය. එම සරල බව පිටුපස අප නොදකින පැත්තකුත් තිබෙනවා. ප‍්‍රථමයෙන් මෙම යෝජනාව එතරම් මෘදු හෝ සරල නොවන බව අවබෝධ කර ගැනීම වටින්නේය. සමහරු සිතනවා මෙම යෝජනාව උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක කිරීම සදහා පමනක් බව. නමුත් ඊට අමතරව මෙම යෝජනාව එක් භයානක උගුලක ආරම්භයක් ලෙස පෙනෙනවා. එබැවින් එම උගුලට අසුනොවීමට ශ්‍රී ලංකාව සෑම උත්සහායක්ම ගත යුතු වන්නේය. ඒ සදහා ලැබූ පරාජය; පරාජයක් ලෙස අවංකව දැන හදුනා ගැනීම වටිනවා. එම පරාජය ජයක් ලෙස ගෙන හැර පෑම හො එළෙස දැකීම විශාල පරාජයකට මග පාදා ගැනීමක් වෙනවා. එබැවින් පරාජය පරාජයක් ලෙස සිතා ඊලඟ වර ජය ගැනීමට ඇවැසි මාර්ගය ගොඩ නැගීම ඇරඹුවොත් ඉදිරියේදි අපට ජය ලැබේවි. ප‍්‍රශ්නය අපට එරෙහි ඇමෙරිකා චෝදනාවේ උගත් පාඩම් කොමිසම් වාර්තාව ක‍්‍රියාත්මක කලයුතු බවට සදහන් වන බව බෝහෝ අය කියනවා. මෙහි සත්‍ය තත්වය කුමක්ද? පිලිතුර ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ පෙර වදනක් තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ උගත් පාඩම් වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සාමයට යම් පිටුවහලක් විය හැකිය යනුවෙන් එහි සදහන් වෙනවා. ඒ සමගම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව කිසිම සඳහනක් නොමැති බවත් කියනවා ඒක මහා බොරුවක්. මන්ද? උගත් පාඩම් කොමිසම් වාර්තාවේ ජාත්‍යන්තර නීති සම්බන්ධව පිටු ගනනාවක් වෙන්වී තිබෙනවා. අනෙක මෙම වාර්තාව සැකසු මණ්ඩලයට අයත් වූවන්ගෙන් ආචාර්ය රොහාන් පෙරේරා යනු ලෝක නීති කොමිසමේ සමාජික ඉහත නීති පිළිබද විශේෂඥයෙක්. එසේ තිබියදීත් ඇමෙරිකාව බොරු කියනවා. එසේ කියමින් උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතුය, එය ඉදිරියට යායුතුය. ඒ අතර ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර නීති උල්ලංඝනය ගැන සෙවිය යුතුයයි කියන්නේය. මෙය හරියට කාඞ් තුනේ සූදුව වගේ. අපි උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට හැරෙන කොට ඔවුන් කාඞ් එක මාරු කරලා. අවසානයේ මෙම බලවතුන් හදන්නේ අතීතයේ හඬ නැගූ ජාත්‍යන්තර යුධ අපරාධ සම්බන්ධව පරීක්ෂණ පවත්වන තැනට අප රැගෙන යාමටයි. අපි එය තේරුම් ගත යුතුයි. ඉන් පසු නවනීදන් පිල්ලේ මහත්මියගේ කාර්යාලයේ සහය ද ඒ සදහා ලබා ගත යුතුයැයි ඔවුන් කීවද අපට ජන්දය නොදුන් ඉන්දියාවේ ඉල්ලීම මත සිදුවූ සංශෝධනයෙන් එය ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හා ඇරයුම පරිදි ලෙස වෙනස් වුනා. එබැවීන් මෙම උගුලෙන් බේරීමට කල යුත්තේ උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක‍්‍රියාවට නැගීමයි. එය මම පමණක් නොව අපට මිත‍්‍ර රුසියා තානාපති තුමාද පසුගියදාා කොළඹදී ප‍්‍රකාශ කර තිබුනා. එසේ නොවුනොත් ඉහත දේ තුලින් අප විසින් සකස් කල අපේම වාර්තාව ක‍්‍රියාවට නැගීමට ශ්‍රී ලංකාවට උවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත යන කරුණ මත ඒ සදහා ජත්‍යන්තර ක‍්‍රියාදාමයක් අවශ්‍යය බව ඔවුන් කියනු ඇත. එබැවින් සතුරාගේ උගුලට අසුනොවී සිටීමට නම් අපි උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක‍්‍රියාමක කිරීම නුවනටත් හොඳයි. එහි සමහර කරුණු නිසා රටටත් හොදයි. ප‍්‍රශ්නය ජීනිවා නුවර බොහෝ විට සිදුවන්නේ බලවතුන් පොඩි එවුන්ට මට්ටු කිරීම බව බොහෝ අය කියනවා. පිලිතුර එවැනි කථාවක් තිබෙනවා. නමුත් එය එසේ නොවේ. අපි ඉතිහාසය දෙස බලමු. 2009දි අපට විරුද්ධ වූ මහා බලවතාට විරුද්ධව ඡුන්ද 29ක් රැුගෙන එම සටන අපි ජය ගත්තෙමු. 2012දි සුපිරි බලවතා අපට පිටුපසින් නොසිට පෙරමුණ මෙහෙය වුයේය. නමුත් මෙවර ඇමෙරිකාවේ යෝජනාවට ඉන්දියාවේ සහයත් සමග ඡන්ද 24යි. මේ අනුව මෙවර එක්සත් ජනපදයට එම ඡුන්ද ප‍්‍රමාණයවත් ලබා ගැනීමට නොහැකි  විය. පසුගිය ජිනීවා සැසි වාරයේ ලංකාවට එරෙහි යෝජනාවට පැයකට පසු වෙනත් ජාත්‍යන්තර යෝජනාවක් සැසියට ඉදිරිපත් වුනා. මානව හිමිකම් කවුන්සලයේ නවනීදන් පිල්ලේ මහත්මියගේ කාර්යාලය මහා විශාල යාන්ත‍්‍රණයක්. ලෝකයේ විවිධ භූගෝලීය ප‍්‍රදේශ ආවරනය වන පරිදි අනුපාතයකට අනුව ඉහත යාන්ත‍්‍රණය සමන්විත වියයුතු බවට වූ යෝජනාවට එක්සත් ජනපදය හා වෙනත් බටහිර රටවල් විරුද්ධව සිටියත් යොජනාවට පක්ෂව ඡුන්ද 33ක් ලබා යොජනාව සම්මත වුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ කියුබාවයි. එදිනම පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවකට ඇමෙරිකාව විරුද්ධ වුවත් ඡුන්ද 46ක් ලබා පලස්තීනය ජය ගත්තා. එබැවින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සලය දාාදු කැටය එක පැත්තට පෙරළෙන ලෙස සැදුම් ලත් සංවිධානයක් නොවේ. ඉහත කරුණු අනුව එක්සත් ජනපදයට පැහැදිලි පරාජයක් අත්වුනා. අපි සෙල්ලම් කරන්නේ ජය ගැනීමට නොහැකි පිට්ටනියක නොවේ. දිනන්න පුළුවන් වෙන්න  ඕනද. එසේ හැකි බව 2009දි අපි පෙන්නුවෙමු. ඒ සඳහා බුද්ධිය අවශ්‍ය වෙනවා. ප‍්‍රශ්නය ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරිපත් කළ චෝදනා අතර ඇති යුද අපරාධ, මානව හිමිකම්, වගේ කරුණු සම්බන්ධව එම චෝදනා ඉදිරිපත් කරන බලවතුන්ද එවැනි වැරදි වැඩ කර තිබෙනවා. විකිලික්ස් හෙළිදරව්වක් වු ඉරාකයේ අහිංසක පවුලක් මරා දැමීම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළත්, ඔවුන්ට විරුද්ධව ජීනිවා වලදි චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේද?. පිලිතුර අනිවාර්යයෙන්ම ඔව්. එසේ කළ යුතුයි. ඉරාකයේ පමණක් නොවයි අපි කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කළයුතු දැයි සිතන තරමට මෙම මහා බලවතුන් සිදුකර ඇති මානව හිමිකම් උල්ලංඝනය, යුධ අපරාධ ඒ තරමට විශාලයි. අඩු සාන්ද්‍රන යුරේනියම් මිශ‍්‍ර බෝම්බ, උණ්ඩ වලින් වියට්නාමයේ 1,82000ක් මරණයට පත්කළා. ඉරාකයේ ෆලූජා නගරයේ ඛේදවාචකය ඊටත් වැඩිය. අද ෆලූජා විකෘති දරුවන් බිහිකරන නගරයක් බවට පත්වෙලා. ඒ වටා සිටි ඇමෙරිකා සොල්දාදුවෝ බොහෝමයක් රෝගියෝ. ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ තත්වයද ඉහත ක‍්‍රියාදාාමයට නොවෙනස්. දැන් මේවා පිළිබඳ හොයන්නෙ කවුද?. මෙවැනි පරිසරයක අපට යුධ අපරාධ පිළිිබඳ චෝදනා ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම කුහක විධියටය. එබැවින් අපි නොකල යුතුයැයි එයින් අදහස් නොවේ. එවැනි වැරදි සිදුවී ඇත්නම් එය සොයා බලා අවශ්‍යය ක‍්‍රියාදාාමයන් සිදුකල යුතුය. අවසානයේ සැමට යුක්තිය ඉටුවිය යුතුය. එය සිදුකල යුත්තේද අප විසින්මය. එය රටේ කීර්ති නාමයට හොඳය. නමුත් මේ පිළිබඳව ඇමෙරිකාවට, බි‍්‍රතාන්‍යයට හෝ බටහිර බලවතුන්ට ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිම සදාාචාරාත්මක අයිතියක් නැති බවද පැහැදිලිව කිවයුතු වෙනවා. ප‍්‍රශ්නය පොඩි රටවල් බලවතුන්ට එරෙහි එවැනි යෝජනා ඉදිරිපත් කොට ජය ගෙන තිබේද? එසේ නම් ඒ මොනවාද?. පිලිතුර සත්‍ය වශයෙන්ම ඔව්. වසරක් පාසා පවත්වන නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මහා සැසියට ඉදිරිපත් කරන යෝජනාවක් තිබෙනවා. දශක ගණනක සිට ඇමෙරිකාව විසින් කියුබාවට විරුද්ධව පනවා ඇති සම්බාධක වලට එරෙහිව කියුබාව විසින් යෝජනාවක් ඉදිරිපත් කරනවා. යොජනාවට පක්ෂව ඡුන්ද 190යි. විපක්ෂව ඇමෙරිකාව සමග ඡුන්ද තුනයි. පසුගියදාා පැරිස් යුනේස්කෝවේදී පලස්තීනය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡුන්ද තුනෙන් දෙකකටත් වඩා ලබා ගනිමින් විරුද්ධ ඇමෙරිකානු කන්ඩායම පරාජය කළා. ඒ සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මට යම් කාර්ය භාරයක් ඉටු කිරීමට ලැබීම සතුටක්. මෙවැනි උදාහරණ බොහෝ ඇත. මේ අනුව සුපිරි බලවතුන් පරාජය කළ නොහැකි යැයි කීමට නොහැකියි. එබැවින් එවැනි යෝජනා ඉදිරිපත් කරන්නාගේ පිරිසිදු සාධාරණ බවත් බලවතාගෙන් සිදුවන අසාධාරනයත් උක්ත ජය පරාජය කෙරෙහි බලපාන්නේය. ප‍්‍රශ්නය පසුගිය ජීනිවා සමුළුවෙන් පසු විවිධ වගකීම් ඇති ඇමති වරු එම විෂය සම්බන්ධව රාජ්‍යත‍්‍රාන්තික නොවන  ප‍්‍රකාශ නිකුත් කර තිබුණා. පිලිතුර ඒ ගැන විශේෂ දෙයක් කීමට ඇත්තෙත් නැහැ. නමුත් කිව යුත්තේත් නැහැ. සභාග ආණ්ඩු ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රශ්න ගැන විවිධ ප‍්‍රකාශ ජන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කරනවා. පක්ෂයක් තුල වුවද එසේ විය හැකිය. ඉහත සැදුම්ලත් සැකිල්ලේ එවැනි විවිධ මත ප‍්‍රකාශ කරන්නන් සිටිය හැකිය. එබැවින් එය පුදුමයට කරුනක් නොවේ. ප‍්‍රශ්නය පසුගිය දිනක රජයට සම්බන්ධ ඇමති වරයකු ඇමෙරිකා විරෝධය අරබයා, ගුගල් ජීමේල් විද්යුත් තැපෑල වර්ජනය කළ බවත් කියමින් ශ්‍රී ලංකා වාසී මහජනයාත් එය අනුගමනය කලයුතු යැයි පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබුනා. නමුත් ඇමෙරිකා මික්‍රොසොෆ්ට්හී වින්ඩෝස් වර්ජනය කලයුතු බවක් සදහන් කර නැත .මෙම ඇමතිවරු මෙවැනි ප‍්‍රකාශ කරන්නේ මහජනයා මෝඩයෝ ලෙස සිතාගෙනද? එසේ නොවේ නම් ඔවුන් ගොනාට ඇන්දවීමක්ද? එසේත් නැතිනම් ප‍්‍රකාශ කරන්නාගේ නොදැනුවත්කමද? පිලිතුර රජයේ කැබිනට් ප‍්‍රකාශක එය රජයේ ප‍්‍රකාශනයක් නොව පෞද්ගලික මතයක් බව පැහැදිලිවම කියා තිබුණා. චීනය වගේ රටකට ඔය සටන් පාඨය ගැලපෙනවා. මන්ද ඔහු ලෝක ආර්ථික බලවතෙක් බැවිනි. වෙළඳ පොලක් නොමැති අපි ගුගල් වර්ජනය කළා යැයි ඇමෙරිකාවේ කොම්පැනි වලට දැනෙන්නේ නැත. අනෙක ජී මේල් යනු එබිකම් කර බැලිය නොහැකි ආරක්ශිත විද්යුත් තැපෑලකි. එය වර්ජනය කරනවා යනු එබිකම් කලහැකි විද්යුත් තැපෑලකට මාරුවීමයි. එය පුරවැසියන්ගේ පුද්ගලික ජීවිතය අනාරක්ෂිත කිරීම සදහා කල කථාවක් විය හැකිය. මොවුන් සිදු කිරීමට  සුදාානම් වන්නේ එවැනි දෙයක් යැයි නොකිව හැක්කේ කාටද?. කොහෝම නමුත් අධිරාජ්‍යවාදයට හා විදේශ අත පෙවිම් වලට විරුද්ධව සටන් කිරීමට නම් ගුගල් වර්ජනය කර හෝ යුඑන් ඕ කාර්යාල ඉදිරිපිට බඩගින්නේ නිදාා ගැනීමෙන් කළ නොහැකියි. විදේශ බලවේග වලට විරුද්ධව සටන ජය ගන්නේ කෙසේදැයි අපි ජිනීවා හි දී පෙන්වුවෙමු. ඒ සදහා බුද්ධිය පාවිච්චි කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලාංකික ජනතාව ජී මේල් වර්ජනය කරනු වෙනුවට කලේ එම සටන් පාඨය වර්ජනය කිරීමයි. ප‍්‍රශ්නය මෙම ලෝක බලපෑමෙන් මිදී නිදහස් රටක් ලෙස ඉදිරියට යෑමට අප කළ යුත්තේ කුමක්ද? පිලිතුර අපි කලයුතුදේ ඉතාම සරලයි. විශාල රැඩිකල්, විප්ලවවාදි දෙයක් නොවෙයි. පළමුවෙන් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුළු රටේ සෑම තැනකම ආවරනය වන ලෙස ක‍්‍රියාත්මක කළ යුතුයි. දෙවනුව යුද්ධය අවසන් බැවින් තිස් අවුරුදු යුද සමයට පෙර තිබූ එනම් ප‍්‍රාග් යුද සමයේ රටේ නීතිය හා සාමය ක‍්‍රියාත්මක වූ අවධියට යායුතුය. තෙවනුව රටේ රාජ්‍ය පාලකයාගේ අනුමැතිය පරිදි පත්කල කොමිසමේ නිර්දේශ හා යෝජනා කඩිනමින් පරිපූර්ණව ක‍්‍රියාවට නැගිය යුතුයි. ඉහත කරුනු රැඩිකල්වාදි, විප්ලවවාදි හෝ ආණ්ඩු විරෝධි යෝජනා නොවේ. මේ සම්බන්ධව විප්ලවවාදියෝ හෝ රැඩිකල්වාදීන් කුපිතකාරී ලෙස හැසිරෙන්නේ නම්; ඔවුන්ගේ සැබෑ තත්වය ලෝකයාට හෙළිවේවි. මෙය කෙටියෙන් සදහන් කරන්නේ නම්, වසර 2556 කට පෙර බුදුන් වහන්සේ වදාළ ආකාරයට රජය හා සමාජය මැද මාවතක ගමන් ගත යුතුය. මැද මාවත යනු පාර මැද සිටගෙන සිටීම නොවේ. මැද මාවතක් නොමැති නම් එළිපෙහෙලි කර මැද මාවත සොයා ඒ ඔස්සේ ගමන් කලයුතුය. ප‍්‍රශ්නය තනාපති කාර්යාලයේ අලුත් වැඩියා කිරීම් හා වෙනත් දේ සම්බන්ධව ඔබට විරුද්ධව රාජ්‍ය මට්ටමෙන් චෝදනා ඉදිරිපත් කොට එයට පිලිතුරු බලාපොරොත්තු වන බව දන්වා තිබෙනවාද?. පිලිතුර සාමාන්‍ය නිලධාරියකුගේ අත්සනක් සහිත පිටු පහක පැක්ස් පණිවුඩයක් මගින් දණ්ඩ නීති සංග‍්‍රහාය යටතේ කටයුතු කළ හැකි බව දන්වා ඉතා දරුණු වචන භාවිතා කොට චෝදනා පත‍්‍රයක් එවා තිබෙනවා. ගරා වැටුණු පරණ අබලන් දුම්රිය පොළක් ලෙසට තිබුනු මෙම ස්ථානය පිරිසිදු කරගෙන යනවා. අනෙක් තානාපති කාර්යාල හා සසඳන කල අපේ තානාපති කාර්යාලයේ තත්වය අපේ රටට එතරම් නොගැලපේ. තානාපති කාර්යාලයේ තීන්ත ගෑම, මේස පුටු ගැනීම, බුමුතුරුනු ඇසිරීම තානාපති ලෙස මට අයත් කාර්යක් නොවේ. ඒ සදහා වූ අය එම කටයුතු සිදුකරති. ඔවුන්ගේ අතින් යම් අතපසුවීම්, අඩුපාඩු සදහා ආයතනයේ ප‍්‍රධානියා ලෙස වගකිව යුත්තේ මම නම්? ඒ තර්කය මත ඈත පිටිසර ගමක සෙබෙලෙක් හෝ දෙදෙනෙක් විසින් කරන ලද අපරාධයකට රටේ ප‍්‍රධානියා වූ ජනාධිපති වගකිව යුතුය මන්ද? ඔහු සේනාධිනායකයා වන බැවිනි. මෙවැනි චෝදනාවල අර්ථය එයයි. අනෙක මෙම චෝදනාවේ බොහෝම දරුණු වචන පාවිච්චි කර තිබෙනවා. මුදල් වංචාව, ආණ්ඩුවේ ගමනට යටින් අකුල් හෙලීම වැනි දේවල් හා මෙතන වංචා වූ මුදල් ප‍්‍රමානයක් සදහන් කර නැත. අකුල් හෙලීම ගැන පැහැදිලි කිරීමක් නැත. ඒ වගේම මම වෙනත් සමහර තානාපති වරුන් මෙන් නිල නිවසේ නොසිට මිලියන් ගනන් ගෙවමින් සුපිරි හෝටල් වල ලැගුම් ගෙන මහජන මුදල් නාස්ති කර නැත.අනෙක තානාපති කාර්යාලයට බඳවා ගත් ශ්‍රී ලාංකික දරුවන් ගැන, ඔවුහු ප‍්‍රංශයේ විශ්ව කීර්තියට පත් සෝර්බෝන්, සයන්ස් ෆෝ වැනි සරසවි වල පශ්චාත් උපාධි හිමිකර ගත් භාෂා කිහිපයක් කථා කරන දක්ෂයෝ. අනෙක් කරුන මෙම අලූත් වැඩියා සදහා වැයවන මුදල රුපියල් වලින් මහා විශාල ලෙස ගෙනහැර දැක්වීම. ප‍්‍රංශයේ වෙළඳ පොල හා සේවා දාායකත්වය සිදු වන්නේ රුපියල් වලින් නොව යුරෝ වලිනි. යුරෝ එක හෝ ඩොලරය රුපියලෙන් වැඩිකර දක්වන සංකේත මුදල විශාල වීම රුපියලේ ප‍්‍රශ්නයක් මිස මගේ ප‍්‍රශ්නයක් නොව. ඩොලරයට හෝ යුරෝවට සාපේක්ෂව රුපියල පහත වැටීම මගේ ප‍්‍රශ්නයක් නොවේ. ඉහත සියල්ලේ චෝදනා සාරාංශය දරුස්මාන් හා චැනල් ෆෝ චෝදනා හා සමානය. ඒ නයින් දරුස්මාන්, චැනල් ෆෝ අසත්‍ය නම් ඉහත චෝදනාත් එසේ විය යුතුය. එසේ නොවේ නම් දරුස්මාන් හා චැනල් ෆෝ වැනි බේගල් සත්‍ය වියයුතුය.  නමුත් මට විරුද්ධ ෆැක්ස් චෝදනාව දරුස්මාන් හා චැනල් ෆෝ වැනි බේගල් වලින් පිරි අසත්‍ය පුජණීය ස්ථාන වලින් නිර්මාණය වූ ඒවා බව පැහැදිලිව කිව යුතුය. ප‍්‍රශ්නය මෙම චෝදනා වල සත්‍ය තත්වය කුමක්ද?. පිලිතුර කිසිම සත්‍ය බවක් නැත. දරුස්මාන් හා චැනල් ෆෝ යම් සේද? මෙම චෝදනාද එසේමය. ප‍්‍රශ්නය ප‍්‍රංශයේ තනාපති තනතුරෙන් ඉවත් කිරීමට යන බවක් මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුනා. පිලිතුර 2009දී සතුරු බලවේග වලට විරුද්ධ ජිනීවා සටන ජයගත් පසු ඉන් ටික දිනකට පසු එම තනතුරෙන් මා ඉවත් කළා. එදා සිට අද වනතුරු කිසිවකු එම ජයග‍්‍රහානය ගැන අසා නැත. එවැනි ජයකින් පසු සිදුවූ එම සිදුවීම අනුව මෙවරද එවැනි දෙයක් සිදුවුවොත් ඒ ගැන මම එතරම් පුදුම වන්නේ නැත. එසේ වුවොත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන බවට මෙය හොදම සාක්ෂියක් වේවි.. ප‍්‍රශ්නය ප‍්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ ඉල්ලීමක් පරිදි ප‍්‍රංශයේ නේවාසික බලයලත් ශ්‍රී ලංකා රියදුරු බලපත‍්‍රය හිමි ශ්‍රී ලාංකිකයින් සදහා ප‍්‍රංශ රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට කල ඉල්ලීමක් විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරා මහතා මගින් ජනාධිපතිට දක්වා දැනුවත් කර ඇති බව එම ඉල්ලීම භාරගත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ගාමිනි විජිත් විජයමුනි සොයිසා මහතා ලිඛිතව එම පක්ෂ ශාඛාවට දන්වා තිබෙනවා. ග‍්‍රීසිය හා ඉතාලිය යන රටවල ශ්‍රී ලාංකිකයන් මෙම සහනය දැනටමත් භුක්ති විඳිනවා. මේ ගැන සම්බන්ධව රාජ්‍ය මට්ටමෙන් මේ වනවිට ඔබතුමා දැනුවත් කර තිබේද? පිලිතුර මෙතෙක් ඒ ගැන නිල දැනුම් දීමක් කර නැත. නමුත් මේ ඉල්ලීම කෙරෙහි මා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන අතරම ඒ සදහා අවශ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇත්තෙමි. මෙම කරුණ ගැන අදාළ සංගම් සමග ද සාකච්ඡා කළා. ඒ සදහා ශ්‍රී ලංකා රජයෙන් කළයුතු වැඩ කොටසක්ද ඇත. එය සිදුවන තුරු මෙම කටයුතු ඉදිරියට ගෙන යෑම අපහසුය. ශ්‍රී ලංකා ප‍්‍රතිචාර ලැබෙන තුරු අපි බලා සිටින්නෙමු. ප‍්‍රශ්නය තනාපති කාර්යාලය මගින් සිදු කරන දෛනික කලමනාකරන කටයුතු බොහෝ අලස කලකිරීම, කෝපය, ප‍්‍රමාදය වැනි දේවලට සම්බන්ධව සිදුවන බවට අතීතයේත්, වර්තමානයෙත් තනාපති කාර්යාලයට සේවය බලාපොරොත්තුව පැමිනෙන ශ්‍රී ලාංකිකයෝ  චෝදනාවක් කරති. මේ ගැන ඔබතුමා දැනුවත් වී තිබේද?. පිලිතුර අතීතයට වඩා තරමක් හොද තත්වයක් වර්තමානයේ ඇතිවී තිබෙන බව කිවයුතුයි. මින් පෙර මෙහි අකටයුතුකම් සිදුවී ඇති බවද මට දැන ගන්න ලැබුණා. ඉතින් මේ සියලූ දේ සලකා බලා ලංකාවේ නීති උපාධිධාරී විදේශ සේවයේ සුදුසුකම් ලැබු භාෂා තුනටම දක්ෂ තරුණ නිලධාරියකු යටතේ කළමනාකරනය පෙළගස්වමින් ඉතා යහපත් සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.



අදහස් (0)

පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 217 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 811 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 540 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 220 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 836 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 196 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site