IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ප්‍රභූ පරීක්ෂණ ඉබි ගමනේ‘

දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කරන්නේ නම් රාජ්‍ය විමර්ෂණ ආයතනයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන පවසා සිටියේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

ඔහු රාජ්‍ය විමර්ෂණ ආයතනයන් ලෙස හඳුන්වාදුන්නේ පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශ්‍ය, මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය යන පොලිස්පතිවරයා යටතේ කි‍්‍රයාත්මක වන ආයතනයන් ද්විත්වය සහ ස්වාධීනව කි‍්‍රයාත්මක වන අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමයි.

ජනපතිවරයාගේ හඩ ශී‍්‍ර ලංකා පදනම් ආයතන දේශන ශාලාවේ දෝංකාර දුන්නේය.ඔහු එහිදී යුද විරුවන් ගැනද අදහස් පල කළේය.දැන් පෙනෙන්නට තිබෙන්නේ එදා ඔහු බිය වූ දෙය අද සැබෑවක් බවට පත්ව තිබෙන බවය.පසුගිය සිකුරාදා එනම් දෙසැම්බර් දෙවැනිදා, රත්නපුර පැවැත්වුනු පොලිසියේ සැමරුම් උත්සවයකට සහභාගීව එහි ප‍්‍රධාන දේශනය පවත්වමින් සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ දුරකතනය හදිසියේම නද දුන්නේය.දේශනය මදකට නවතා වේදිකාවෙන් අඩි කිහිපයක් ඈත් වූ හෙතෙම ඇමතුම ලබාගත්තේය.පහත දැක්වෙන්නේ ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වූ ආකාරයයි.ඔහුට ඇමතුම ලබාදුන් පුද්ගලයාගේ හඩ ඇසුනේ නැත.

ජයසුන්දර – ‘‘ සුභ උදැෑසනක් සර්.හදිස්සියක්ද සර්? ‘‘

‘‘ ඔව්.ඔව්.එෆ්සීඅයිඞීයේ අධ්‍යක්ෂකට මම කිව්වා ඒ ගැන හොයලා බලලා මට දන්වන්න කියලා.ඒත් ඊයේ මට පොඞ්ඩක් ප‍්‍රමාද වුනා.මට ඒක ලැබුනේ නැහැ.විස්තර ලැබුනට පස්සේ මම ඔබට දන්වන්නම්.ඔව් නිලමෙගේ සිද්ධිය තමයි.නිලමෙගේ.‘‘

‘‘ එන්න කියලා තියෙනවා.අනිවාර්යයෙන් සර්.ඇරෙස්ට් කරන්නේ නැහැ.මගෙන් අහලා අවසර නැතුව ඇරෙස්ට් කරන්න එපා කිව්වා.ඒක සහතිකයි සර්.අනිවාරයයෙන් සර්.ඇරෙස්ට් වෙන්නේ නැහැ.‘‘

‘‘ එහෙම නැහැ සර්.මම අහලා බැලූවා.ඒක සහතිකයි.එයාව ඇරෙස්ට් වෙන්නේ නැහැ.‘‘

‘‘ හරි සර්.‘‘

පොලිස්පතිවරයා දුරකතන ඇමතුම ලබාගන්නා ආකාරය පටිගත කළේ මාධ්‍යවේදියෙකි.ඇමතුමේ අනෙක් අන්තයේ සිටි පුද්ගලයාගේ හඩ නොඇසුනද, ඔහු පවසා සිටියේ කුමක්දැයි දැනගන්නට හැකියාවක් නොතිබුනද, ඔහුගේ අවශ්‍යතාවය වූයේ පොලිස්පති ලවා ‘‘නිලමේ‘‘ නම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වැළැක්වීම බව මනාව පැහැදිලි විය.මෙම අවස්ථාව පටිගත කළ මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනය එම පටය සවස පුවත් ප‍්‍රකාශයේදී විකාශය කළේය.එයත් සමග දැඩි නොසන්සුන්තාවක් ඇතිවිය.

 

ඇමතුම ලබාදුන් ‘‘සර්‘‘ කවුදැයි එකිනෙකා අනුමාන පල කිරීමට පටන්ගෙන තිබූ වාතාවරණයක ජනපති සිරිසේන බ‍්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවේ පෙනී සිටියේය.එදින විවාදයට ගැනෙමින් තිබුනේ ජාතික එකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.මෙම අමාත්‍යංශය ජනපති සිරිසේන යටතේ කි‍්‍රයාත්මක වන්නකි.ජනපතිවරයා පාර්ලිමෙන්තුව අමතා අදහස් දැක්වීමෙන් අනතුරුව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකු පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.පොලිස්පතිවරයා නීතිය ඔහුව වුවමනා විදියට යොදා ගනිමින්, ‘‘නිලමේ‘‘ නම් එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වළක්වමින් සිටින බවට ඔහු චෝදනා කළේය.මෙහිදී පිළිතුරු දුන් ජනපතිවරයා, එම සිදුවීම තමාද රූපවාහිනිය ඔස්සේ නැරඹූ බව පවසා සිටියේය.පොලිස්පතිවරයා එම අවස්ථාවේ කටයුතු කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීම සඳහා ඔහුව පෞද්ගලිකව කැදවීමට කටයුතු කරන බවත්, ජනපති සිරිසේන පැවසුවේය.පසුව පොලිස්පතිවරයා තමා හමුවට කැඳවූ ජනපතිවරයා ඔහුට බරපතල ලෙස අනතුරු ඇගවූයේය.මේ සම්බන්ධයෙන් වෙනම සොයා බැලීමක් සිදුකරන බවද හෙතෙම පැවසුවේය.පැහැදිලිවම, තමාට දුරකතන ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න, පොලිස්පතිවරයා ජනපති සිරිසේන හමුවේ කියා සිටින්නට ඇත.

ජනපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසු නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, පොලිස්පතිවරයා සර් ලෙස අමතන පුද්ගලයා මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාදැයි දැනගැනීමට තමාට අවශ්‍ය බව පවසා සිටියේය.නමුත් එයට ප‍්‍රතිචාරයක් ලබාගැනීමට රත්නායකව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.සර් ලෙස අමතා තිබෙන්නේ සාගල රත්නායකට නොවේනම් ඔහු එය පාර්ලිමෙන්තුවේදීම සහතික කර කියා සිටිය යුතුව ඇතැයි, දිසානායක කීවේය.එයට රජයේ පාර්ශවයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබින.සිකුරදා දිනයේදී ද මෙම පැනයම නැවත වරක් මතු කැරින.එවරද රජයේ පාර්ශවයෙන් නිසි පිළිතුරක් නොලැබින.තමාට සුපුරුදු අයුරින් ඊට පිළිතුරක් ලබා දුන් උසස් අධ්‍යාපන සහ අධිවේගී මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, දිසානායක අදහස් දක්වන්නේ පෞද්ගලිකව ඔහු මෙම සිදුවීම දකින ආකාරයට බව පැවසුවේය.‘‘සර්‘‘ යනු කවරකු හෝ වන්නට හැකි බවද කිරිඇල්ල කීවේය.

සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට මෙම නිලමේ යන පුද්ගලයා අන් කවරකුත් නොව මාතර දෙවිනුවර දේවාලයේ හිටපු බස්නායක නිලමේ තැන වන ඩිල්ශාන් වික‍්‍රමරත්න ගුණසේකරය.පසුගිය රජය සමයේ ඛනිජ වැලි සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු ලෙස මෙන්ම බොහෝ අවස්ථාවන්හිදී එහි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර ඇති හෙතෙම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමිීපතමයකු බවද කියැවේ.ගුණසේකරට එරෙහිව නැගී ඇති වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙමින් තිබෙන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීහු පැවසූහ.එම චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශ කිහිපයක් සටහන් කරගැනීමට නියමිත බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට යන්නේයැයි කටකතා පැතිර යමින් තිබෙන්නේ ඒ නිසා බවත්, ඔවුහු පැහැදිලි කළෝය.

පසුගිය අගහරුවාදා රැුස්වූ කැබිනට් මණ්ඩලය, සර් හා නිලමේ නාටකයට ඉඩ වෙන් කළේ වංචා හා දුූෂණ වලට හවුල්ව ඇතැයි රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබදව සාකච්ඡුා කිරීමෙන් පසුවය.නීතිමය අවශ්‍යතාවක් වෙනුවෙන් භාණ්ඩාගාරයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගෙන් සහ ව්‍යවස්ථා මණ්ඩල වල සේවය කරන වෙනත් නිලධාරීන්ගෙන් මෑතකදී සිදුකර තිබෙන ප‍්‍රශ්න කිරීමක් මෙම සාකච්ඡුාවට මුල් විය.වංචා හා දුූෂණ චෝදනා නැගී ඇති ආයතනයන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයන්ගේ සේවය කළේ යැයි යන පදනමේ පමණක් සිට රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සුදුසු නොවන බව ජනපති සිරිසේන පැවසුවේය.මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දෙසට හැරුනු ඔහු මෙවැනි අදහස් දැක්වීමක ද නිරත විය.

‘‘ මේ වගේ දේවල් වෙනකොට ඔයාට එයාලගේ සහයෝගය ගන්න ගොඩක් අමාරු වෙයි.මේ වගේ දේවල් එක්ක සමහරු රජයට විරුද්ධව කටයුතු කරන්නට පටන් ගෙන තිබෙනවා.ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට බියෙන් සමහර පියවර ගන්නත් ඔවුන් අදිමදි කරනවා.‘‘

 

පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුම මෙරට නීතියේ සහ දේශපාලනයේ සැබෑ යථාර්ථය මනාව පිළිඹිබු වූ අවස්ථාවකි.නීතිය සියලූ දෙනාට සමාන යැයි සැළකුනද, ඇතැමුන් නීතිය ඉදිරියේ වඩාත් සමාන බව මෙම සිදුවීමෙන් තහවුරු විය.මෙම ඇතැමුන් අතර පසුගිය රජය සමයේ නොයෙක් වංචා හා දුූෂණ කටයුතු වල යෙදී චෝදනා ලබා සිටින්නවුන් සිටින බවද දැන් සක්සුදක් සේ පැහැදිලිය.පසුගිය ජනපතිවරණ සමයේ මෙන්ම මැතිවරණ සමයේ ද වත්මන් පාලක පක්ෂය නැවත නැවතත් කියා සිටියේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන බවය.නමුත් දැන් සිදුවෙමින් තිබෙන දේ සැළකිල්ලට ගත්විට, වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම මෙතරම් ප‍්‍රමාද වන්නේ, එම කටයුතු වලට මෙතරම් බාධක පැමිණෙන්නේ, පාලක පක්ෂය හා විපක්ෂය අතර ඇති බව කියන අතයට ගනුදෙනු නිසාදැයි පැනයක් නැගේ.විමර්ෂණ පැවැත්වෙන පුද්ගලයින් සම්බන්ධයෙන් සකස් කැරෙන වාර්තා ඇතැම් දේශපාලඥයින් තමන්ගෙන් ඉල්ලා සිටින බවත්, පසුව එම වාර්තා අදාළ පුද්ගලයින්ගේ අතටම හෝ එම පුද්ගලයින්ගේ හිතසුව වෙනුවෙන් පෙනී සිටින වෙනත් පුද්ගලයින්ගේ අතට හෝ ලැබී තිබෙන අවස්ථා තමන් දැක තිබෙන බවත්, විමර්ෂණ ආයතනයන්ගේ නිලධාරීහු පවසන්නෝය.නීතිමය උපදේශනය සදහා එවැනි වාර්තා ඉදිරිපත් කැරුනු අවස්ථා ද ඇත.

පොලිස්පතිවරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන්ද ඇති ගැටලූ එමටය.පසුගිය සමයේ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් පියවර ගැනීම තවමත් ප‍්‍රමාදය.නැතිනම් එම කටයුතු සම්පූර්ණයෙන්ම අතහැර දමාය.ඉන් එකක් වන්නේ පසුගිය මස හත් වැනිදා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැුස්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් විසිරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් භාවිතා කිරීමේ සිදුවීමයි.මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිල මට්ටමින්ම කමිටුවක් පත් කැරුනු අතර, එම කමිටු වාර්තාවද දැන් ප‍්‍රසිද්ධ කර අවසන්ය.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි පොලිස්පතිවරයා ව්‍යවස්ථා කවුන්සිලය හමුවට කැදවීමට නියමිත අතර, පොලිස් කොමිසමෙන් විශේෂ විමර්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිතය.ව්‍යවස්ථා කවුන්සිල සභාපති කතානායක කරූ ජයසූරිය මහතා, පොලිස්පතිවරයාව තමා හමුවට කැදවා ඔහුගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ඉහළ මට්ටමින් තමාට චෝදනා ලැබී ඇතැයි, අනතුරු ඇගවීමක් සිදුකළේ ද මෑතකදීය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා මෙවැනි අදහස් දැක්වීමක නිතර විය.

‘‘ මේ ගැන ජනපතිවරයා ඊයේ කතා කළා.අගමැතිවරයාත් අදහස් දක්වා තිබෙනවා.අපි ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා පවා හමුවී සාකච්ඡුා කළා.අපි අදාළ අමාත්‍යවරයාවත් හමුවන්නට යනවා.ලබන සතියේ රැුස්වන ව්‍යවස්ථා කවුන්සිලයේ දී අපි මේ ගැන තීරණයක් ගන්නවා.චෝදනා ගොඩක් තියෙනවා.අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, වගේම ඔබගේ පක්ෂ නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකුත්, සිවිල් සමාජ කණ්ඩායම් වල සාමාජිකයනුත්, ව්‍යවස්ථා කවුන්සිලයේ සිටිනවා.මේ පත්වීම ගැන අපි තීරණයක් ගන්නවා.‘‘

කතානායකවරයාගේ ප‍්‍රකාශයට පිළිතුරක් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වූයේය.

‘‘ පොලිස්පතිවරයාට එරෙහිව පදනම් සහගත චෝදනා තිබෙනවා නම් ඒ ගැන අපව දැනුම්වත් කරන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි.දැනට එවැනි චෝදනා නැහැ.ඔහු කරලා තිබෙන්නේ අහපු ප‍්‍රශ්න වලට පිළිතුර දීම විතරයි.මේ දවස් වල මහා පරිමානයෙන් සිදුවන වර්ජන කිහිපකයකට මුහුණදෙන්නට අපට සිදුවෙලා තිබෙන්නේ.ඒ වගේ වාතාවරණයක අපට පොලිස්පතිවරයාගේ බලතල සීමා කරන්නට හැකියාවක් නැහැ.නීතිය හා සාමය කඩාකප්පල් නොවන බව අප සහතික කළ යුතුව තිබෙනවා.

 

ඒ නිසා මම මේ ගැන ව්‍යවස්ථා කවුන්සිලයේ සාකච්ඡුා කරන්නේ පොලිස්පතිවරයාට එරෙහිව පදනම් සහගත චෝදනාවක් තිබෙනවා නම් පමණයි.එහෙම නැත්නම් මේක ව්‍යවස්ථා කවුන්සිලය හමුවට ගෙන එක එකේ කිසිම තේරුමක් නැහැ කියලා මම පැහැදිලිව කියනවා.වෙන තැනකදී අපට විසඳුමක් හොයාගන්න පුලූවන්.මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුන නිසා මෙතන ගැටලූවක් තිබෙනවා කියලා හිතන්න වුවමනාවක් නැහැ.ඔහු කිව්වේ අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණයට චෝදනා ගොනු කරන දිනයේදීම අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ කියන එක පමණයි.මොකද ඒ සඳහා මේ පුද්ගලයාගෙන් යම් යම් වාර්තා ලබාගැනීමේ වුවමනාවක් තිබෙන නිසා.මේ ගැන ගන්නා ඉදිරි පියවර මොකක්ද කියන එක තීරණය වෙන්නේ එම වාර්තා ලබාගෙන, එවා අධ්‍යනය කිරීමෙන් පසුව බව, පොලිස්පතිවරයා මා සමග පැවසුවා.‘‘

අගමැති වික‍්‍රමසිංහගේ මෙම අදහස් දැක්වීම සහ ජනපති සිරිසේනගේ අදහස් දැක්වීම පරස්පර විරෝධීය.බ‍්‍රහස්පතින්දා පාර්ලිමෙන්තුව අමතමින් ජනපති සිරිසේන පවසා සිටියේ පොලිස්පතිවරයා එම ආකාරයෙන් කටයුතු කිරීම වරදක් බවයි.

මෙවැනි සිදුවීම් වලින් හානියට ලක්වන්නේ රජයම බව අමුතුවෙන් කිවයුතු නොවේ.අපරාධ ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබියදී, නීතිය හා සාමය වල් වැදෙමින් තිබියදී, මේ සියල්ල නිවැරදි මාර්ගයට ගැනීමට නිසි ප‍්‍රතිපත්ති සකස් කළ යුතුව තිබියදී, අනෙක් පසින් රජය පැටලී සිටින්නේ වෙනත් ගැටලූ ගොන්නකය.විශේෂයෙන් එකක් පසු පස එකක් පැවැත්වෙමින් තිබෙන වැඩ වර්ජනත්, ඒ සමග රටේ ආර්ථිකයට එල්ල වන මරු පහරත්, රජයේ අවධානය වෙනතක යොමුකර ඇත.මෙම තත්ත්වයන්ට මුහුණදීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, දවසට ගැලපෙන පරිදි ප‍්‍රතිපත්ති සකස් කරමින් කටයුතු කිරීමට මුල් පුටුවල සිටින්නවුන් පෙළඹිී සිටින බව පොලිස් ආරංචි මාර්ගයක් පවසා සිටියේය.

හම්බන්තොට වරාය සංවර්ධනයට මේ දිනවල ශී‍්‍ර ලංකා ආර්ථික ක්ෂේත‍්‍රයේ හිවි තිබෙනුයේ ඉහළ ස්ථානයකි.මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සදහා වන කටයුතු දැන් පවතින්නේ අවසන් අදියරේය.2017 ජනවාරි මස 7 වැනිදාට හෝ ඊට පෙර ගිවිසුම අත්සන් තැබිය යුතුව ඇති බවට අගමැතිවරයා උපදෙස් දී ඇත.ගිවිසුම සකස් කිරීමේ කටයුතු වලදී අවධානයට ලක්කළ යුතු කරුණු හයක් ගෙන හැර දක්වමින් සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළදාම සදහා වන අමාත්‍යංශය විශේෂ පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙන්නේ මෙවැනි වාතාවරණයකය.ගිවිසුමේ අවසන් කෙටුම්පත මෙම කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමෙන් පසුව සකස් කැරෙනු ඇත.

 

පහත දැක්වෙන්නේ එම කරුණුය.

 

x          හම්බන්තොට වරායේ සිට කිලෝමිීටර 200 ක දුරක් ඇතුළත සිදුවන සංවර්ධන කටයුතු වලට සීමාවක් පැනවිය යුතුයැයි, චීනය නව කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.චීනයේ වැඩි අවධානය ගාලූ වරාය සංවර්ධනය කිරීමටය.මෙම කොන්දේසිය යටතේ හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු වලට බලපෑම් එල්ල වනු ඇත.

 

x          වරාය හා නෞකා ගමනාගමන අමාත්‍යවරයා සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ශී‍්‍ර ලංකා වරාය අධිකාරී පණත සහ ජාතික ආරක්ෂාව ගෙන හැර දක්වමින්, වරායේ ආරක්ෂාව ගැන සදහන් කරයි.රැුකියා සහ වෘත්තිය සමිති හමුවේ උද්ගත විය හැකි තත්ත්වයන් අරබයා ආරක්ෂක විධිවිධාන පවත්වාගත යුතු වීමේ වැදගත්කම ගැනද සදහන් කරයි.නමුත් වරාය අධිකාරිය ඉදිරිපත් කරන මෙම කරුණු වල තර්කානුකූල භාවය අපැහැදිලිය.එනිසා ඒකාබද්ධ සන්ධානයක් යටතේ ආරක්ෂාව සැපයීම සදහා වරාය අධිකාරයේ එකගතාවය ලබා ගැනීමට අවධානය යොමුකළ යුතුය.

 

x          අමාත්‍යවරයා වසර 45 - 50 කට බලපැවැත්වෙන සහන කාලසීමාවක් ගැන සදහන් කරයි.වරාය අධිකාරියේ සභාපතිවරයා (අමාත්‍යවරයාගේ සොහොයුරා* වසර 99 ක සහන කාලයක් ගැනත්, අවශ්‍යතාව අනුව තවත් වසර 99 ක් දක්වා දිගුවක් ලබාදීම ගැනත්, සදහන් කරයි.නවතම කෙටුම්පතට අනුව සහන කාලසීමාව අවුරුදු 99 කට සීමා වන අතර, දිගුවක් අවශ්‍ය නම් එය අනෙේ‍යා්න්‍ය අවබෝධය යටතේ සීමාවකට ලඝු වීමකින් තොරව ලබාදිය හැකිය.මෙයට වරාය සභාපතිවරයා එකගවන්නේ නම්, ඉතිරිවන්නේ අමාත්‍යවරයාගේ සහ වරාය අධිකාරියේ සභාපතිවරයාගේ එකගතාවය ලබා ගැනීම පමණකි.

 

x          වරායට ඇතුල්වන නෞකාවක ප‍්‍රමාණය හා ධාරිතාවය අනුව අය කැරෙන ගාස්තුව, (හාර්බර් ටොනේජ්* එකතු කර ගැනීම ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ පැවැතිය යුතු බව වරාය අධිකාරියේ සභාපතිවරයාගේ මෙන්ම අමාත්‍යවරයාගේ ද මතයයි.ඔවුන් මෙම මතය දරන්නේ වරායේ හිමිකරු වන්නේ වරාය අධිකාරිය බැවිනුත් (හම්බන්තොට වරාය ජාතික වරායක් ලෙස ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතට පත්කර ඇති නිසා, බද්ධ ව්‍යාපාරයක්යටතේ පවතින ඉඩම හැර වරායේ අනෙක් සම්පත් චීන සමාගම යටතට පත් කෙරෙන්නේ බදු පදනම යටතේ පමණක් වන නිසා* , දියකඩනයේ, හැරවුම් කලාපයේ (ටර්නින්ග් බේ*, පිවිසුම් මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකරන්නේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වන බැවිනුත් නිසාය.

 

x          වරායේ කාර්යක්ෂම කි‍්‍රයාකාරීත්වයට මෙම අංශ වල මනා පැවැත්ම ඉතාම වැදගත්ය.එසේ නොවුනහොත් වරායේ මෙහෙයුම් කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැක.මෙම පහසුකම් සියල්ල ඇති කිරීම සදහා යෙදැවුනු ආයෝජනය දැන් බද්ධ ව්‍යාපාරයක මට්ටමෙහි ලා සැළකෙන හෙයින්ද, මෙම බද්ධ ව්‍යාපාරය ඇති කරගෙන තිබෙන්නේ වරාය සදහා ලබාගත් ණය, එයට ලැබෙන ආදායමෙන් නැවත පියැවීමට හෙයින්ද, වරාය සභාපතිවරයා පෙන්වා දෙන්නේ වරායෙන් ලැබෙන ආදායම ද බද්ධ ව්‍යපාරයට එළැඹෙන දෙපාර්ශවයෙහිම වගකීමට යටත්විය යුතු බවය.එය සාධාරණ සහ යුක්තිසහගතය.මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සහ වරාය අධිකාරියේ සභාපතිවරයාගේද කැමැත්ත ලබා ගැනීම අවශ්‍යය.

 

x          නෞකා හැසිරවීම සම්බන්ධ වගකීම්ද වරාය අධිකාරිය යටතේ පැවතිය යුතු යැයි අමාත්‍යවරයා තර්ක කරයි.නමුත් මෙයද වරායක කාර්යක්ෂම කි‍්‍රයාකාරීත්වයට ඉතාම වැදගත් වන ක්ෂේත‍්‍රයකි.වරාය සභාපතිවරයාගේ අදහස වන්නේ මෙම ක්ෂේත‍්‍රයට අදාළ වන වගකීම්ද බද්ධ ව්‍යාපාරය යටතේම පැවතිය යුතු බවයි.

 

x          මාගම්පුර වරාය කළමණාකරන ඒකකය දැනට කටයුතු කරන අයුරින් දැනට වරායේ කටයුතු සිදුකරගෙන යාමට ඉඩදීමට වරාය සභාපතිවරයා එකගය.වරාය අධිකාරියට සිදුකළ යුතු වන ගෙවීම් සිදුකිරීමටද වරාය සභාපතිවරයා එකගය.නමුත් මෙම එකගතාවය කෙටි කාලීනය.ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව බද්ධ ව්‍යාපාරය පවත්වාගැනීමට නම් දීර්ඝ කාලීන දැක්මක් පෙරදැරිව යම් යම් සංශෝධනයන් අදාළ ආඥා පණත් වලට සිදුකළ යුතුය.මේ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ සහ වරාය අධිකාරියේ සභාපතිවරයාගේ කැමැත්ත ලබාගැනීම අවශ්‍යය.

 

x          වරායේ කටයුතු වලට හවුල්වීමට ඉඩ ලබාදීම අරබයා චීන සමාගමෙන් වරාය හා නෞකා අමාත්‍යංශයට හා ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට ගෙවීමක් සිදුකළ යුතුයැයි අමාත්‍යවරයා මෙන්ම වරාය අධිකාරියේ සභාපතිවරයා නැවත නැවතත් පවසා සිටී.දෙපාර්ශවයේම එකගතාවය මත ඇතිකරගන්නා තත්ත්වයක් දක්වා වරායේ කි‍්‍රයාකාරීත්වය ඉහළ දැමුනු පසු, උපයන ආදායම හුවමාරු කරගැනීමේ පදනමක සිට එසේ ගෙවීමක් සිදු කිරීමට වරාය සභාපතිවරයා කැමැත්ත පලකර ඇත.අවබෝධතා ගිවිසුම අරබයා පැවැත්වෙන සාකච්ඡුා වලදී මේ පිළිබදව එකගතාවක් ඇතිකරගත යුතුය.

 

මෙම කරුණු වලට අමතරව බද්ධ ව්‍යාපාරය ඇති කරගැනීම සදහා වැදගත් වන සියලූ ලියකියවිලි ඉක්මනින් සම්පූර්ණ කිරීමට සිදුව ඇතැයිද, එය ශී‍්‍ර ලංකා පාර්ශවයට පීඩනය එල්ල කිරීමට වුවමනාවෙන්ම ඇති කළ තත්ත්වයක් ලෙස සැළකිය හැකියැයිද, සංවර්ධන මුලෝපායන් සහ අන්තර්ජාතික වෙළදාම අමාත්‍යංශ පති‍්‍රකාවේ වැඩිදුරටත් සදහන්ය.

 

පවත්නා තත්ත්වය හමුවේ සහ සිදුකළ යුතු සාකච්ඡුා, එළැඹිය යුතු එකගතාවන් හමුවේ ලබන වසරේ ජනවාරි මස හත්වැනි දිනට පෙර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිය හැකිවනු ඇතිද යන්න ගැටලූවකි.

 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය රපියල් බිලියන හතරක මුදල් අවභාවිතා කිරීමක් හා බැදුනු ව්‍යාපෘතියක් ගැන විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.ඒ සම්බන්ධයෙන් දැනටමත් කතිකාවතක් ඇතිව තිබේ.පසුගියදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බදවාගැනීමේ වැඩසටහනකට එක්වෙමින් ජනපති සිරිසේන සදහන් කළේ 2012 වසරේ මුදල් අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතියට රුපියල් බිලියන එකක මුදලක් වෙන්කර තිබෙන බවය.2015 වසරේ දී නැවත වරක් රුපියල් බිලියන තුනක මුදලක් වෙන්කර ඇත.මෙතරම් මුදලක් වෙන් කෙරුනද, නිල්වලා ගග සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හදුන්වාදී ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පස් පිඩක් හෝ පෙරළා නැතැයි ජනපතිවරයා පැවසුවේය.මෙම ව්‍යාපෘතියට සම්බන්ධව ඇත්තේ චීන සමාගමකි.

 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධරයෝ, දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්න කළහ.එයින් එක් අයෙක් වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ නිලධරයෙකි.අනෙකා අමාත්‍යංශයේ නිලධරයෙකි.ව්‍යාපෘතිය භාර චයිනා සීඒඑම්සීඊ ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඞ් සමාගමට රුපියල් ලක්ෂ 400 ක අත්තිකාරම් මුදලක් ගෙවා මාස හයක් ගතවූ තැනද ව්‍යාපෘතියට අදාළ කිසිදු කටයුත්තක් ආරම්භ කර නොමැති බව එම නිළධරයෝ පැවසූහ.රුපියල් ලක්ෂ 29720 ක මුළු මුදලක් අදාළ සමාගම වෙත ගෙවා තිබෙන බව ඔවුහු පසු අවස්ථාවක කීහ.නමුත් එම ගෙවීම් සිදුකිරීම අරබයා ගිවිසුම් අත්සන් තැබීමක් සිදුකර නැත.ගෙවීම් සිදුකිරීම සාධාරණීකරනය කිරීමට නිසි කි‍්‍රයාමාර්ගයක් හෝ අනුගමනය කර නැත.

 

නමුත් වාරිමාර්ග සහ ජල කළමණාකරන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ජූලි මස හත්වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පති‍්‍රකාවක සදහන් වන්නේ වෙනත් දෙයකි.

 

හම්බන්තොට ප‍්‍රදේශයට ජලය සැපයීම සදහා නිල්වලා සහ ගිං ගංගා ඉහළ ප‍්‍රදේශයන්හි මධ්‍යම හා මහා පරිමාන වැව් ඉදිකිරීමට යෝජනා වී තිබුණද, එය ප‍්‍රායෝගික නොවන බවත් එයට ප‍්‍රධානම හේතුව වන්නේ එම වැව් ඉදිකිරීමට යෝජිත ප‍්‍රදේශයන් දැනටමත් මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතීන් සදහා යොදාගෙන තිබීමත් බව, එම පති‍්‍රකාවේ දැක්වින.

 

‘‘ ගිං - නිල්වලා ගංගා ආශ‍්‍රිතව වර්තමානයේ මහා පරිමාන සංවර්ධන කටයුතු දියත්ව ඇති නිසා පරිසරයට හා ජනතාවට වන හානිය හැකිතාක් දුරට අවම කරගැනීමේ අරමුණින් එම ගංගාවන්ගේ ජලය වෙනතක හැරවීම සදහා උමං මාර්ග යොදා ගැනීමට යෝජනා විය.මෙයත් සමග මෙම ව්‍යාපෘතිය අතිශයින් සංකීර්ණ සහ වියදම් අධික තත්ත්වයට පත්විය.2009 නොවැම්බර් 26 වැනිදා එවක පැවති රජයේ කැබිනට් මණ්ඩලය චීනයේ චයිනා සීඒඑම්සීඊ ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඞ් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුවේය.ඒ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන කටයුතු වලට සහාය ලබා ගැනීමටය.‘‘

 

‘‘ එම අවබෝධතා ගිවිසුමට අනුව අදාළ සමාගම ප‍්‍රදේශය අධ්‍යනය කිරීම සදහා පමණක් වසර තුනක කාලයක් වැය කළේය.ව්‍යාපෘතියේ සංකීර්ණ භාවය, මෙන්ම ජලය යොමුකළ හැකි ප‍්‍රදේශ සහ ජලය වෙනතක යොමු කිරීම සදහා භාවිතා කළ හැකි මාර්ග පිළිබදව මනා අධ්‍යනයක් සිදුකිරීමට අවශ්‍ය වීම, මේ සා කාලයක් වැයවීමට හේතු විය.මෙම අධ්‍යනයෙන් පසු 2012 වසරේ දී ශඛ්‍යතා වාර්තාවක් ඉදිරිපත් කළ සමාගම හම්බන්තොට සංවර්ධනය වෙනුවෙන් ගිං ගග හා නිල්වලා ගග සිට ජලය යොමුකළ හැකි ආකාරය එහි දක්වා තිබින...‘‘

 

මෙම වාර්තාව, මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යන වාර්තාව සැළකිල්ලට ගෙන, වන සංරක්ෂක දෙපාර්තමෙන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ව්‍යාපෘති ප‍්‍රදේශයේ සිදුකළ ක්ෂේත‍්‍ර චාරිකා ඇසුරින් ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගෙන, 2014 අපේ‍්‍රල් මාසයේ දී යාවත්කාල කෙරුනු බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ සදහන්ය.

 

‘‘ මේ සියල්ලට සමාන්තරව යාවත්කාල කරන ලද වාර්තාව වැඩිදුර අධ්‍යනය කිරීමට සහ තාක්ෂණික මෙන්ම මූල්‍යමය යෝජනා ඉදිරිපත් කිරීමට ව්‍යාපෘති භාර චීන සමාගම වෙත යැවින.චීන සමාගමෙන් ලැබුනු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කැරුනු අතර එයට අනුමැතිය හිමි විය.ඒ අනුව චීන සමාගම සමග ඩොලර් ලක්ෂ 6900 ක් වටිනා ව්‍යාපෘතියකට එළැඹිීමට නියමිත විය.කැබිනට් මණ්ඩලය මෙම අනුමැතිය ලබා දුන්නේ 2014 ඔක්තෝබර් මස 10 වැනිදාය.ව්‍යාපෘති ගිවිසුම සම්බන්ධයෙන් අදහස් හා උපදෙස් ලබාගැනීම සදහා එය නීතිපති දෙපාර්තමෙන්තුව වෙතද යොමු කැරුනු අතර, නීතිපති දෙපාර්තමෙන්තුවේ අනුමැතිය හිමිවූ පසු එය 2014 අප්‍රෙල් මස හතරවැනිදා නැවත අමාත්‍යංශය වෙත යොමු කැරින.‘‘

 

‘‘ ව්‍යාපෘති භාර සමාගම සහ වාර් මාර්ග සහ ජල සම්පත් අමාත්‍යංශය අතර 2014 නොවැම්බර් මස පස් වැනිදා ගිවිසුම අත්සන් තැබින.සමාගම වෙත ගෙවිය යුතු වන මුදල ගිවිසුම ප‍්‍රකාරව වාරික තුනකින් ගෙවිය යුතු විය.ඒ අනුව සියයට 4.35 ක අගයක්, එනම් ඩොලර් 29,989,000 මූලික ගෙවීමක් සිදු කැරින.2014 දෙසැම්බර් මස 31 වැනිදා, 2015 ජනවාරි මස හය වැනිදා, සහ 2015 ජනවාරි මස හත් වැනිදා, එම කාලයන් හිදී බලපැවැත්වෙන පොලී අනුපාතියන්ට යටත්ව ගෙවීම් සිදුකළ යුතු විය.‘‘

 

‘‘ 2015 වසරේ නව රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතිය ආර්ථික කටයුතු පිළිබද කැබිනට් උප කමිටුව යටතේ අධ්‍යනය කැරින.පැහැදිලි කිරීම් සිදුකරගැනීම සදහා කැබිනට් උප කමිටුව සහ ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද නිල කමිටුව අතර සාකච්ඡුා වට කිහිපක්ම පැවැත්වින.‘‘

 

සොයිසාගේ කැබිනට් පති‍්‍රකාව සමග පැන නගින ගැටලූ කිහිපයකි.එම සමාගම සමගම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු දියත් කිරීමට ඔහු අවසර ඉල්ලා සිටියේය.කොන්ත‍්‍රාත්තුව අදියර දෙකකට බෙදා ගැනීම සදහා එම සමාගම සමග සාකච්ඡුා කිරීමට කමිටුවක් පත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.මේ සියල්ලට අමතරව චයිනා සීඒඑම්සීඊ ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඞ් සමාගමට ගෙවිය යුතු ඉතිරි මුදල වන ඩොලර් ලක්ෂ 45110 මුදල ගෙවීමට සදහාද ඔහු කැබිනට් අනුමැතිය බලාපොරොත්තු විය.

 

මෙම ව්‍යාපෘතිය සදහා යෙදවුනු මුදල් පසුගිය රජයේ මැතිවරණ ව්‍යාපාරයන් සදහා භාවිතා කර ඇතැයි ඇතැමුන්ගේ මතයයි.නමුත් එය සනාථ කිරීමට සාක්කි මෙතෙක් හමුව නොමැත.කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කෙරුනු පති‍්‍රකාවේ මුදල් අවභාවිතා කිරීමක් ගැන සදහනක්ද නැත.මේ සම්බන්ධයෙන් රජයේ ඇතැමුන් දරමින් සිටින මතයන් එකිනෙකට පරස්පර විරෝධීය.ඒ හමුවේ නිතැතින්ම පැන නගින ගැටලූ කිහිපයකි.ඒවා අතරින් ප‍්‍රධාන වන්නේ අතයට මුදල් ගනුදෙනුවක් සිදුවී ඇතිද? එසේ ගනුදෙනුවක් සිදුව ඇතිනම් එයට හවුල්වූවෝ කවුරුන්ද? යන ගැටලූය.

 

චීන සමාගමක කටයුතු මෙසේ විමර්ෂණයට ලක් කෙරෙමින් තිබෙන්නේ හම්බන්තොට වරායේ කටයුතු හා සම්බන්ධව තවත් චීන සමාගමක් සමග ගිවිසුමකට එළැඹිීමට රජය කටයුතු කරමින් සිටින අවධියකය.මේ අරබයා චීන බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇති බව සැක නැත.

 

පොලිස්පතිවරයා සහ දුරකතන ඇමතුම නාටකය රග දැක්වෙන්නේ මෙවැනි පසුබිමකය.ඒ හමුවේ මහා පරිමාන දුූෂණ හා වංචා හා ඒවාට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම අරබයා රජය සැබෑ කැපවීමකින් කටයුතු කරන්නේදැයි යන්න දැන් වඩාත් සැක සහිතය.රජයේ බලවතුන් මෙන්ම විපක්ෂයේ බලවතුන් වේදිකා වල කුමක් කියා සිටියද, ඔවුන් සියලූදෙනාම තිරය පසුපස සිට එකිනෙකා සමග නොයෙක් ගනුදෙනු වල නිරත වන බව දැන් පැහැදිලිය.ඒ හමුවේ රජය කෙරෙහි දැනටමත් දියවී ඇති ජනතා විශ්වාසයට කුමක් සිදුවනු ඇතිදැයි පැහැදිලි කිරීමක් අනවශ්‍යය.



අදහස් (0)

‘ප්‍රභූ පරීක්ෂණ ඉබි ගමනේ‘

පියුමි Sunday, 04 December 2016 09:02 AM

මේ සියලු දෙනාම හොරු.අපේ රටට ආදරය කරන කෙනෙක් නැද්ද මේ රට බේරාගෙන හොරු ටික ගත්ත මුදල් ආපසු රජයට බාරගෙන හොරුන්ව බන්ධනාගාරගත කරන්න. පරණ කට්ටියි , දැන් ඉන්න කට්ටියි ඔක්කොකොම හොරු. මහජනයාගේ වැරැද්ද මුන්ට ඡන්දය දෙනවට. (බ)

:       0       0

නිමල් Sunday, 04 December 2016 04:54 PM

මොනවා උනත් මහින්ද රට අපිව බේරගත්ත රට දියුණු කල බව පිළිගන්න වෙනවා. (ර)

:       0       0

සත්‍යයා Monday, 05 December 2016 01:28 AM

හැම රටකටම කේන්ද්‍රයක් තියෙනවා වගේම ශ්‍රී ලංකාවත් ග්‍රහචාරයේ බලපෑමට යටත්. ශ්‍රී ලංකාවේ පාලනය ස්වදේශිකන් අතට පත්වුණාට පසු පශ්චාත් නිදහස් යුගයේ බොහෝ පාලකයින් මෙන්ම අනුගාමිකයින්ද සාපරාධී ක්‍රියාවල නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානයේ ඒ කර්මය පළදීම ආරම්භ වී තිබෙනවා. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..." (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 6 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 640 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4619 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2018 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8819 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1485 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site