IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


'පිලිප් මාක්ස් වාදයේ පියා නම් ෆෙඩරල් වාදයේ පියා බණ්ඩාරනායකයි'

නිදහසින් පසු ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ ෆෙඩරල් ක‍්‍රමය යටතේ බලය බෙදීමේ සංකල්පයට හිමිව ඇත්තේ අශුද්ධ ස්ථානයක් බව කීමේ වරදක් නැත.ෆෙඩරල් සංකල්පය දෙස රටේ සිටින සියලූ ප‍්‍රධාන ජනකොටස් බලනුයේ වපර ඇසිනි.ජාතිමාමක සිංහල ජනතාව ෆෙඩරල් ක‍්‍රමයක් හදුන්වාදීමෙන් රට බෙදෙනු ඇතැයි විශ්වාස කරති.අනෙක් පසින් දෙමළ ඊළාම්වාදී දෙමළ ජනතාව ෆෙඩරල් ක‍්‍රමයක් හදුන්වාදුනහොත් වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීමේ සිහිනය බොඳවී යනු ඇතැයි බියෙන් සිටිති.උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි වෙසෙන මුස්ලිම් ජනතාව ෆෙඩරල් සංකල්පය හමුවේ බියපත්ව සිටිනුයේ එවැන්නක තමන්ට හිමිවනු ඇත්තේ තැනක්දැයි නොදැනය.මෙනිසා ෆෙඩරල්, බලය බෙදීම යන වදන් ශී‍්‍රලංකා දේශපාලන පරිසරයේ ඇසැබි යැයි සැළකෙන වදන්ය.

කාලීන දේශපාලන ප‍්‍රගමණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස අද ෆෙඩරල් සංකල්පය බොහෝ දෙනා සළකනුයේ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාත්මක කරගැනීමට ආධාර කරගත හැකි මෙවලමක් ලෙසය.නමුත් සැබෑවටම ෆෙඩරල් යන සංකල්පය ශී‍්‍රලංකාවට හදුන්වාදුන්නේ සිලෝනය ලෙස ශී‍්‍ර ලංකාව හැඳින්වුනු බි‍්‍රතාන්‍යය යටත්විජිත සමයේදී සිංහල නායකයින්ම වීම විශේෂය.සිංහල නායකයින් ෆෙඩරල් සංකල්පයක් කි‍්‍රයාවට නැංවීමට කැමැත්ත පලකළද එදවස කිසිදු දෙමළ දේශපාලන නායකයෙක් එයට සහය නොදැක්වීමද මෙහිලා සදහන් කළ යුතුමය.

නමුත් නිදහසින් පසු තත්ත්වය වෙනස් විය.දෙමළ දේශපාලන නායකයෝ ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඉල්ලා සිටියහ.මේ දුටු සිංහල නායකයෝ තම අදහස් වෙනස් කරගත්හ.ෆෙඩරල් ක‍්‍රමයක් යටතේ බෙදීමක් ඇතිවන්නේයැයි වැරදි අදහසක් පැන නැගීම නිසා බහුතර දෙමළ ජනතාවද එය ප‍්‍රතික්ෂේප කළහ.මේ සියල්ල හමුවේ එල්.ටී.ටී.ඊ යේ අවිගත් අරගලයට තටු ලැබිණ.

රටක් ලෙස එක්සත්වීමට ඇති එකම මාර්ගය වන්නේ එකිනෙකාගේ විවිධත්වය හඳුනාගනිමින් ඒ ඔස්සේ එකිනෙකා සමග එකමුතුවීම බව ෆෙඩරල් ක‍්‍රමයකට පක්ෂ පාර්ශවයේ අදහසයි.නමුත් විරුද්ධ පාර්ශවයේ අදහස වනුයේ ශී‍්‍ර ලංකාව එක්සත් කිරීමට ඇති එකම විසදුම වන්නේ එකීය රටක් යන සංකල්පය බවය.ඔවුන්ට අමතක වී ඇති කරුණක් මෙහිදී මතක් කළ යුතුය. ඒකීය රටක් යන සංකල්පය මුලින්ම හදුන්වාදුන්නේ බි‍්‍රතාන්‍යය යටත්විජිතවාදීන්ය. ඔවුහු උඩරට, පහතරට හා වෙරළබඩ කලාප සියල්ල එකම පාලන ව්‍යුහයක් යටතට ගෙන ආහ.පැවති පරිපාලන ඒකක 32 පළාත් පහකට ගොනු කළහ.දශක කිහිපයකට පසුව මෙම පළාත් පහ පළාත් නවයක් බවට පත්විය.

 

ෆෙඩරල් ක‍්‍රමයේ පියා

බි‍්‍රතාන්‍යය පාලනය යටතේ ලංකාව ස්වයං පාලනයක් කරා යොමුවෙමින් සිටියදී බලය විමධ්‍ය ගතව තිබීමේ වෙනසක් සිදුකිරීම නැතහොත් බලය බෙදා හැරීමේ ක‍්‍රමවේදයක් ඇතිකිරීම මෙම කටයුතු වල පෙරමුණේ සිටි සිංහල හා දෙමළ දේශපාලන නායකයෝ වටහාගෙන සිටියහ.මේ සදහා ගැලපෙනුයේ ෆෙඩරල් ක‍්‍රමයක් බවට මුලින්ම යෝජනාව ඉදිරිපත් කළේ අන් කිසිවෙක් නොව සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකය.ඔහුගේ උපන්දිනය පසුගිය 8 වැනිදාට යෙදී තිබිණ.බොරලූගොඩ සිංහයා යැයි විරුදාවලිය ලත් පිලිස් ගුණවර්ධන මාක්ස්වාදයේ සමාජවාදයේ පියා ලෙස සැළකිය හැකිනම් ෆෙඩරල්වාදයේ ෆෙඩරල් ක‍්‍රමයේ පියා ලෙස සැළකිය හැක්කේ එස්.ඩබ්.ආර්.ඩී වය.

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හි ක‍්‍රයිස්ට් චර්ච් විද්‍යාලයේ විශිෂ්ට ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම අවසාන කර 1925 වසරේදී බණ්ඩාරනායක යළි දිවයිනට පැමිණියේය.යටත්විජිත පාලනයන්ට අභියෝග කරමින් යටත්විජිත බවට පත්ව තිබූ රටවලින් ක‍්‍රමයෙන් කරළියට පැමිණෙමින් සිටි නව අදහස් දැරූ තරුණ කණ්ඩායමේ ඔහුද එක් සාමාජිකයෙක් විය.බණ්ඩාරනායක දිවයිනට පැමිණියේ තම රටට හා ජනතාවට සේවය කිරීමේ පරම අභිලාෂයෙනි.ස්වයං පාලනයක් සදහා මාර්ගය විවර කරගැනීමේ අරමුණින් ඔහු සිලෝන ජාතික කොංග‍්‍රසය් සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතරම ජාතික ප‍්‍රගමණ පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගත්තේය.

ශී‍්‍ර ලංකාව ෆෙඩරේෂනයක් බවට පත්විය යුතුයැයි බණ්ඩාරනායකගේ මතය විය.ජාතික ප‍්‍රගමණ පෙරමුණු පක්ෂ ව්‍යවස්ථාවේ ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඇතිකිරීම සදහා බණ්ඩාරනායක ඉදිරිපත් කර තිබූ යෝජනා අන්තර්ගත කැරිණ.උඩරට සිංහලයින්,පහතරට සිංහලයින් හා දෙමළ ජාතිකයින් ලෙස ප‍්‍රධාන ජනකොට්ටාශ තුනක් සිලෝනයේ වෙසෙන බවත්,රට පළාත් 9 කට බෙදා එම එක් එක් පළාතට ස්වයං පාලන බලතල ලැබෙන පරිදි ෆෙඩරල් පාලන ක‍්‍රමය සකස්විය යුතු බවත් ජාතික ප‍්‍රගමණ පෙරමුණේ මතය විය.මෙයට අමතරව පාර්ලිමෙන්තුවක් හා සෙනට් සභාවක් පිහිටැවිය යුතුව ඇතැයිද යෝජනා කැරිණ.එක් සාමාජිකයෙක් හැර ජාතික ප‍්‍රගමණ පෙරමුණේ සියලූම සාමාජිකයෝ ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිහිටුවීම අරබයා බණ්ඩාරනායක ඉදිරිපත් කර තිබූ යෝජනා වලට සහය පළකළහ.සහය ලබානොදුන් එම එක් සාමාජිකයා වූයේ බණ්ඩාරනායකගේ ළගම මිතුරෙක් හා සහායකයෙක් හා පිළිගත් විද්වතෙක් වූ ජේම්ස් ටී. රත්නම්ය.

සිලෝන් මෝර්නින්ග් ලීඩර් පුවත්පතේ ලිපි හයක් පලකරමින් ෆෙඩරල් ක‍්‍රමයක් පිහිටුවීම අරබයා තම දැක්ම එස්.ඩබ්.ආර්.ඩී ජනතාව අතරට ගෙන ගියේය.පළමු ලිපිය පලවූයේ 1926 මැයි මස 19 වැනිදාය.පහත දැක්වෙන්නේ එම ලිපියේ මුල් ඡෙද කිහිපය අතරින් උපුටාගත් කොටසකි.

ස්වයං පාලනයක් සදහා වන වුවමනාව ක‍්‍රමයෙන් නැගෙමින් පවතින හා ඒ සදහා අවශ්‍ය වන මූලික වෙනස්කම් සිදුකෙරෙමින් පවතින මෙම අවදියේ සැළකිලිමත්ව හා වුවමනාවෙන් යුතුව අවධානය යොමුකළ යුතු ගැටලූ දෙකක් පැන නගින ලකුණු පෙනෙන්නට ඇත.පළමුවැන්න වන්නේ සිලෝනයේ බාහිර කටයුතුය.එනම් ජාතියක් ලෙස අනෙක් රටවල් හමුවේ ඇයට හිමි තැන පිළිබදවය.අනෙක වන්නේ සිලෝනයේ අභ්‍යන්තර කටුයුතුය.එනම් විවිධ කොටස් නියෝජනය කරන ඇයගේ ජනතාවගේ එදිදෙනා වුවමනා එපාකම් සපුරාදිය හැකි පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම පිළිබදවය.මෙම ගැටලූ විසදීමට කිසිදු උත්සාහයක් මෙතෙක් ගෙන නැත.කොටින්ම කියතොත් මෙවන් ගැටලූ පවතින බවක් ඇතැමුන් තවමත් නොදනී.

දේශපාලකයින් සියලූදේ සාමාන්‍යකරණය කිරීමට කැමතිය.නිතරම කියවෙන බරපතල ස්වරූපයෙන් යුතු වදන් වෙනසක් නොමැතිව ලෝකය පුරා දේශපාලකයෝ භාවිතා කරන්නෝය.එම වදන්ම පසු අවස්ථාවක ඔවුන්ගේ විනාශය කැදවා ඒමේ සමගත්ය.මෙම තත්ත්වය ශී‍්‍රලංකාවේද දැකගත හැකිය.සහයෝගය ස්වයං පාලනය කැබිනට් රජයක් වැනි වදන් මෙරට දේශපාලකයින් භාවිතා කරනුයේ ඒවායේ නියම තේරුම ගැන අදහසක් නොමැතිවය.මෙම වදන් වලින් කියැවෙන සංකල්පයන් කුමන අයුරකින්,කුමන තත්ත්වයක් යටතේ අපටම අනන්‍ය ගැටලූ විසදා ගැනීමට යොදාගත හැක්කේ කෙසේදැයි අවබෝධයක් ඔවුන්ට නැත.මෙම ගැටලූ විසදාගැනීමට ඇති එකම විසදුම ඇත්තේ ෆෙඩරල් පාලන ක‍්‍රමයක බව ලියුම්කරුගේ විශ්වාසයයි.මෙම ලිපි පලකෙරෙන්නේ එවන් පාලන ක‍්‍රමයක් සම්බන්ධ මූලික හදුන්වාදීමක් සිදුකිරීමේ අරමුණෙන්ය.

ෆෙඩරල් ක‍්‍රමයක් පිිළිඹද බණ්ඩාරනායකගේ අදහස් මහා රළපහරක් මෙන් නොව කුඩා දිය රැල් ලෙස එදවස ශී‍්‍රලංකා දේශපාලන වෙරළ තීරයේ ගැටුණු බව සදහන් කළ හැකිය.සිංහල හෝ වෙනත් ජන කොට්ටාශ කිසිවක් ඔහුගේ ක‍්‍රමවේදය ප‍්‍රතික්ෂේප නොකළහ.බණ්ඩාරනායකගේ අදහස් අරබයා ප‍්‍රබලම විවේචන ඉදිරිපත් කළේ සිංහල ජාතිකයෙක්ද නොව දෙමළ ජාතිකයෙක්ය.සිලෝන් මෝර්නින්ග් ලීඞ් පුවත්පතෙහිම ලිපි පලකළ ජේම්ස් රත්නම් ඔහුගේම මිතුරා වූ බණ්ඩාරනායකට එරෙහිව අදහස් දැක්වූයේය.ඔහු සහය පළකළේ එකීය රාජ්‍යයක් පදනම වන ව්‍යවස්ථාවක් ඇතිකිරීමටය.ෆෙඩරල් ව්‍යවස්ථාවකින් ජනතාව අතර බෙදීම් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇතැයි ඔහු අනතුරු ඇගවූයේය.තවත මුස්ලිම්, බර්ගර්, මැලේ වැනි සුලූ ජාතීන්ට සිංහල හෝ දෙමළ ජාතින් හමුවේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයිද හෙතෙම කීවේය.මෙනිසාවෙන්ම සම්පත් බෙදාගැනීම අරබයා ජන කොටස් අතර ගැටුම් ඇතිවනු ඇතැයිද,කාලය ගතවත්ම මෙම ගැටුම් තවත් වර්ධනය වනු ඇතැයිද ඔහු මත පළකළේය.නමුත් වසර 30 කට පසු රත්නම් තම අදහස වෙනස් කරගත්තේය.1926 දී ෆෙඩරල් ක‍්‍රමයට විරෝධය පලකළ ඔහු 1956 දී එයට සහය දැක්වූයේය.

 

එකම විසදුම ෆෙඩරේෂනයක් ඇතිකිරීම

යාපන තරුණ කොංග‍්‍රසය ලෙස පසු අවස්ථාවක නම් වෙනස් කෙරුණු යාපන ශිෂ්‍ය කොංග‍්‍රසය 1926 දී බණ්ඩාරනායක ඉදිරිපත් කළ ෆෙඩරල් පාලන ක‍්‍රමයට විරෝධය දැක්වූහ.යාපනයේ විශාල පිරිසක් අමතමින් දේශනයක් පවත්වන ලෙසට ලැබුණු ඉල්ලීමක් පිළිගත් බණ්ඩාරනායක යාපනය බලා පිටත්විය.දේශනය පැවැත්වුණේ 1926 ජූලි මස 26 වැනිදාය.ආචාර්ය ඊසාක් තම්බියරාජාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එහි ඉතාම උද්යෝගීව අදහස් දැක්වූ තරුණ බණ්ඩාරනායක අපගේ දේශපාලන ගැටලූ වලට විසදුමක් ගෙන ආ හැකි එකම ක‍්‍රමය වන්නේ ෆෙඩරේෂනයක් ඇතිකිරීමයි මැයෙන් තම දේශනය පැවැත්වූයේය.ජාතීන් අතර ගැටලූ අවම කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ ස්වයං පාලන ක‍්‍රමයක් ඇතිකිරීම බවට ඔහු තර්ක කළේය.පැමිණ සිටියේ ඔහුගේ අදහස් හමුවේ පැහැදීමට හෝ කලකිරීමට හෝ පත්නොවුණහ.දේශනය අවසනායේ ෆෙඩරල් ක‍්‍රමයක් සිලෝනයේ ක‍්‍රියාත්මක කළ හැක්කේ විමසමින් නැගුණු ප‍්‍රශ්න තොගයකට පිළිතුරු දීමට බණ්ඩාරනායකට සිදුවිය.ඔහු සාර්ථකව පිළිතුරු දුන් නමුදු එදවස යාපන දෙමළ ජනතාවට ෆෙඩරල් ක‍්‍රමයක් පිළිබද කැමැත්තක් ඇති නොවුණි.නමුත් බණ්ඩාරනායක තම මතයේම සිටියේය.

මේකට විරුද්ධව නොයෙක් දේ කියන්න පුලූවන් බව ඇත්ත.නමුත් විරෝධතා ටිකෙන් ටික අඩුවෙන කොට ගැටලූවට එකම විසදුම වන්නේ කුමන හෝ ස්වරූපයකින් යුතු ෆෙඩරල් රජයක් බව සියලූදෙනා වටහාගන්නා බව මට විශ්වාසයි. ඔහු පැවසුවේය.

ෆෙඩරල් ක‍්‍රමයක් යනු දේශපාලනමය වශයෙන් රටට නොගැලපෙන්නක් ලෙස සිලෝනයේ දෙමළ ජනතාව සළකද්දී අනෙක් පසින් තවත් ජන කණ්ඩායමක් ෆෙඩරල් ක‍්‍රමයක් රටට හදුන්වාදිය යුතුව ඇතැයි මන්ත‍්‍රයක් සේ නැවත නැවතත් කියමින් සිහියහ.විසිවැනි ශතවර්ශයේ ගෙවෙමින් තිබූ විසිවැනි අවුරුදු කිිහිපයේදී උඩරට රදළ පැළැන්තිය නියෝජනය කළ උඩරට සිංහල ජනකොටස් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඇතිකළ යුතුයැයි මතයක පිහිටා කටයුතු කළහ.මෙයට ප‍්‍රධානම හේතුව වූයේ පහතරට සිංහල ජනතාව උඩරටට පැමිණෙමින් සිටීම නිසා ඔවුන් හමුවේ තම ආධිපත්‍ය වියැකී යනු ඇතැයි උඩරට රදළයින්ට තිබූ බියයි.1927 දී ඩොනමෝර් කොමිසම ඉදිරියට ගිය ඔවුහු රට කොටස් තුනකට බෙදෙන පාලන ක‍්‍රමයක් ඉදිරිපත් කළහ.එහි එක් කොටසක් එවක නුවර බෙදී තිබූ පළාත් 3 ආවරණය වන ලෙසත්,තවත් කොටසක් පහතරට සිංහල ජනතාව වාසය කරමින් සිටි පළාත් ආවරණය වන ලෙසත්,අනෙක් කොටස දෙමළ ජනතාව වාසය කරමින් සිටි උතුරු හා නැගෙනහිර පළාත් දෙක ආවරණය වන ලෙසත් ඇතිකළ යුතුව ඇතැයි ඔවුහු යෝජනා කළහ.

වයිට්හෝල්ගේ නියෝග මත දිවයිනට පැමිණි ඩොනමෝර් සාමිවරයා ප‍්‍රමුඛ සිව්දෙනකුගේ කණ්ඩායම 1927 අගෝස්තු 18 වැනිදා සිට 1928 ජනවාරි 18 වැනිදා දක්වා මාස 4 ක කාලයක් දිවයිනේ රැදී සිටිමින් සිලෝනයට හදුන්වාදියයුතු නව ව්‍යවස්ථාමය වෙනස්කම් මොනවාදැයි යන්න සොයාබැලූහ.රැස්වීම් 34 ක් හා විවිධ ජන කොටස් හා කණ්ඩායම් ආවරණය වන පරදි තනි පුද්ගල සාකච්ඡා 140 කට අධික ප‍්‍රමාණයක් පැවැත්වූ ඔවුහු තොරතුරු රැස්කරගත්හ.පෙත්සම් කිහිපයක් හා ඉල්ලීම් ආදියද සැළකිල්ලට ගැනිණ.අවසන් වාර්තාව 1928 ජූනි මස 28 වැනිදා නිකුත්විය.එයට අනුව වයස අවුරුදු 21 කට වැඩි පුරුෂයින්ට හා කාන්තාවන්ට ඡුන්දය ප‍්‍රකාශය කිරීමේ අයිතිය හිමිවිය.ජනකොට්ටාශ මත පදනම් වූ ජනතා නියෝජනය අහෝසි කර ඒ වෙනුවට කලාපය මත පදනම් වූ ජනතා නියෝජනයක් හදුන්වාදුනි.1931 දී රාජ්‍ය කවුන්සිලය නම් පරිපාලන කටයුතු සම්බන්ධ නව ව්‍යුහයක් ඇතිකෙරුණි.ඡුන්ද විමසීමක් පවත්වා සාමාජිකයින් 50 දෙනෙක්ද,වෙනම තෝරාගැනීම මගින් සාමාජිකයින් අට දෙනෙක්ද ඊට පත්කරගැනිණ.අමාත්‍යංශ 7 ක්ද ඇතිකෙරුණි.

ඩොනමෝර් කොමිසම දිවයිනට පැමිණ සිටි සමයේ විවිධ ජාතීන්,ආගම්,කුල හා සමාජ තත්ත්වයන් නියෝජනය කළ කණ්ඩායම් කිහිපයක්ම එය හමුවට පැමිණ අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.මෙයින් එක් කණ්ඩායමක් වූයේ උඩරට ජාතික සභාවයි.1925 දී සිලෝන ජාතික කොංග‍්‍රසයෙන් බෙදී ගිය උඩරට සිංහල නායකයෝ මෙයට නායකත්වය දුන්හ.ඔවුන්ගේ ප‍්‍රධානම ගැටලූව වූයේ මහා පරිමානයෙන් පහතරට සිංහල ජාතිකයින් උඩරට පළාත් වලට සංක‍්‍රමණය වෙමින් සිටීමයි.උඩරට ජාතික සභාවේ ඒ.ගොඩමුණේ වැනි සිංහල නායකයෝ එස්ඩබ්ලියුආර්ඞී ඉදිරිපත් කර තිබූ ෆෙඩරල් පාලන සංකල්පය පිළිගත්හ.ඒ අනුව ඩොනමෝර් කොමිසමට ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රට ෆෙඩරල් ක‍්‍රමය යටතේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදීමය.ඌව,සබරගමුව හා මධ්‍යම පළාත් වල වෙසෙන උඩරට සිංහලයින් එක පළාතකට අයත් වන ලෙසත්, දකුණ,බස්නාහිර,ඊසාන හා උතුරුමැද පළාත් වල වෙසෙන පහතරට සිංහලයින් තවත් පළාතකට අයත් වන ලෙසත්,උතුරු හා නැගෙනහිර පළාත් වල වාසය කළ දෙමළ ජාතකයින්ට වෙනම පළාතකුත් ලෙස මෙම කොටස් බෙදිය යුතු බව ඔවුන්ගේ යෝජනාව විය.

 

උඩරට ජාතික සභාවේ නායකයින්ට අනුව උඩරට සිංහලයින් යනු සුවිශේෂී ජාතිකයක් වූහ.

අපි බිම් කොටසක් ඉල්ලා හෝ කිහිපදෙනකුගේ වුවමනා එපාකම් මත හෝ මෙම ඉල්ලීම නොකරන්නෙමු.අපට අවශ්‍ය ජාතියක් ලෙස අපට වුවමනා විදිහට ජීවත් වීමටත්, අපේ අනාගතය අපට වුවමනා විදිහට හැඩගස්වා ගැනීමටත්ය.මේ සදහා අප යෝජනා කරනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඇතිකිරීමය.එක් එක් පළාත් වල ජනකොටස් වලට, ඔවුන්ගේ පාලන ඒකකයන්ට අනවසරයෙන් පිවිසෙන්නන්ට මාර්ගය වසා දැමිමටත්, ඔවුන්ටම අනන්‍ය ජාතිකත්වය ගොඩගනා ගැනීමටත් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් යටතේ අවස්ථාව හිමිය.

 

ෆෙඩරල් පාලන ක‍්‍රමයක් යෝජනා කළ උඩරට සිංහලයෝ

ආචාර්ය රොහාන් එදිරිසිංහගේ ෆෙඩරල්වාදය - මිත්‍යාව හා යථාර්ථය යන කෘතියේ මෙසේ සදහන් වේ.

දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ෆෙඩරල්වාදය අනුගමනය කිරීමට ප‍්‍රථමයෙන් 1920 මැද භාගයේදී තරුණ බණ්ඩාරනායකත් 1920 අවසන් භාගයේදී ඩොනමෝර් කොමිසම හමුවට ගිය උඩරට සිංහල ජන නායකයනුත් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ශී‍්‍රලංකාවට සුදුසු බවට යෝජනා ඉදිරිපත් කළහ.උඩරට සිංහල ජන නායකයෝ රට ප‍්‍රධාන කොටස් තුනකට බෙදෙන ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඉදිරිපත් කළහ.මෙනිසා උඩරට සිංහල ජන නායකයෝ දෙමළ ජන නායකයින්ට ප‍්‍රථමයෙන් ෆෙඩරල් ක‍්‍රමයක් අනුගමනය කිරීමට පෙළඹුණු බව සේම නව පළාත් ක‍්‍රමය යටතේ උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට සියල්ලටම ප‍්‍රථමයෙන් යෝජනා කළ බවද පැහැදිලිය.උඩරට සිංහල ජාතිකයෝ තමන්ව ජාතියක් ලෙස හදුන්වාගත්හ.ජාතියක් ලෙස පෙනී සිටීමේ උත්සාහය අරබයා ඔවුන් සකස් කර තිබෙන ලිපි ලේඛණ හා ජාතිය හා භාෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් සංවිධානයව සිටි ආකාරය මෑත අතීතයේ දෙමළ ජාතිකවාදීන්ගේ හා දෙමළ දේශපාලන පක්ෂවල කි‍්‍රයාකාරීත්වයට අතිශයින්ම සමානය.උඩරටට ඇතුලූවෙමින් සිටි පහතරට සිංහලයින් අරබයා ඔවුහු බියපත්ව සිටියහ.

ෆෙඩරල්වාදය මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ සිංහල ජන නායකයින් බව මෙයින් පැහැදිලිය.එවක සිංහල ජන නායකයින් අතර බුද්ධිමත්ම වූ එස්.ඩබ්.ආර්.ඩී ශී‍්‍රලංකාවට ෆෙඩරල් පාලන ක‍්‍රමයක් සුදුසුයැයි යෝජනා ඉදිරිපත් කර ඇත්තේ 1926 තරම් ඈත අවදියකදීය.දෙමළ ජාතිකයින්ට, පහතරට සිංහල ජාතිකයින්ට හා උඩරට සිංහල ජාතියින්ට එක් එක් කොටස බැගින් වෙන්වන පරිදි කොටස් 3 කට රට බෙදෙන ෆෙඩරල් පාලන ක‍්‍රමයක් සම්බන්ධ යෝජනාවක් උඩරට සිංහල නායකයෝ ඉදිරිපත් කර ඇත්තේ 1927 දීය.එවක දෙමළ දේශපාලඥයෝ මේ අවස්ථාව ග‍්‍රහණය කරගනිමින් උතුරු හා නැගෙනහිර පළාත් ෆෙඩරල් පාලනයකට යටත්කරන ලෙස බි‍්‍රතාන්‍යය පාලකයින්ගෙන් ඉල්ලා සිටියේනම් එය එළෙසම ඉටුකරගන්නටද ඉහළ හැකියාවක් තිබිණ.එසේවුනි නම් උඩරට සිංහල නායකයින්ට හා දෙමළ නායකයින්ට එකට එක්ව නව පාලන ක‍්‍රමයට එකගතාවය පලකරන අයුරින් පහතරට සිංහල නායකයින්ව කොටුකිරීමටද හැකියාව තිබිණ.නමුත් එවැන්නක් සිදුවූයේ නැත.බි‍්‍රතාන්‍යය පාලන සමයේදී ෆෙඩරල් පාලන ක‍්‍රමයක් තබා වෙනම රාජ්‍ය සංකල්පයක් වුවද දෙමළ ජනතා නායකයින්ගේ සිත්හි නොතිබිණ.ඔවුන් සියලූ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට ගත්තේ බි‍්‍රතාන්‍යයෝ රටින් නික්ම ගියායින් පසුවය.

1927 දී ඩොනමෝර් කොමිසම දිවයිනට පැමිණි සමයේ දෙමළ ජනතාව නියෝජනය කිරීමට සුදුසු ශක්තිමත් දේශපාලන නායකයෙක් නොසිටියේය.පොන්නම්බලම් අරුනාචලම් 1924 දී අභාවප‍්‍රාප්ත විය.අරුනාචලම් පිහිටැවූ දෙමළ ලීගයේ නායකත්ව වගකීම් කරට ගෙන කටයුතු කරමින් පක්ෂය නැවත ශක්තිමත් කළ ඔහුගේ වැඩිමහලූ සොහොයුරා වූ පොන්නම්බලම් රාමනාදන් දෙමළ ජනතාව වෙනුවෙන් ඩොනමොර් කොමිසම හමුවට ගියේය.අනෙක් දෙමළ සංවිධානත් ඔහුව අනුගමනය කළෝය.ෆෙඩරල්වාදයට හෝ වෙනම රාජ්‍යයකට කැමැත්ත නොදැක්වූ ඔහු ඉල්ලා සිටියේ රාජ්‍ය කටයුතු වලදී දෙමළ ජනතාවට වැඩි දේශපාලන නියෝජනයක් ලබාදීමට කටයුතු කරන ලෙසය.ජන කොට්ටාශ මත පදනම් වන ජනතා නියෝජනයට සහය දැක්වූ ඔහු කලාපය මත පදනම් වන ජනතා නියෝජනයට සහය දැක්වීම ප‍්‍රතික්ෂේප කළේය.

 

දෙමළ ජාතිකයින්ට ෆෙඩරල් ක‍්‍රමයකින් උතුරු හා නැගෙනහිර පළාත් එක්වීමක අදහසක් නොතිබුණි.ඔවුන්ට අවශ්‍ය වූයේ දේශපාලනමය වශයෙන් ඔවුන්ගේ නියෝජනය ඉහළ දමාගැනීමටය.මේ සදහා ඔවුහු දෙමළ ජනතාවට වැඩි නියෝජනයක් හිමිවන ජන කොට්ඨාස මත පදනම්වූ ජනතා නියෝජනයක් ඉල්ලා සිටියහ.අලූතින් පිහිටුවීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ දෙකට එකක අනුපාතයක් හිමිකර ගැනීමට ඔවුහු අදහස් කරගෙන සිටියහ.ආසන තුනෙන් දෙකක් සිංහල ජාතිකයින්ට ලබාදී ඉතිරි තුනෙන් එක තමන් වෙනුවෙන් වෙන්කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය.නමුත් ජන කොට්ටාශ මත පදනම්වූ ජනතා නියෝජනය දේශපාලන ව්‍යුහය විනාශ කරන පිළිකාවක් ලෙස හදුන්වාදුන් ඩොනමෝර් සාමිවරයා ප‍්‍රමුඛ කොමිසම ඒ වෙනුවට කලාපය මත පදනම්වූ ජනතා නියෝජනය හදුන්වාදුන්නේය.මේ ඔස්සේ සිංහල ජනතාවට තම දේශපාලන නියෝජනය ඉහළ දමාගැනීමට වැඩි අවස්ථාවක් හිමිවිය.අතිශයින් කණගාටුවට පත්වූ රාමනාදන් 1930 දී මියගියේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය මෙනෙහි කරමින්මය.ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස පත්වූ ජී.ජී. පොන්නම්බලම් ඩොනමෝර් ව්‍යවස්ථාව සුළගට හසුව ගසාගෙන විත් සිංහල ජනතාව ඉදිරියේ වැටුණු මිහිරි පළතුරකට සම කළේය.

සිලෝනයේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සදහා 1944 දී බි‍්‍රතාන්‍යය තවත් කොමිසමක් පත් කළේය.විස්කවුන්ට් සෝල්බරිගේ ප‍්‍රධානත්වයෙන් යුතුවූ මෙම කොමිසම සෝල්බරි කොමිසම ලෙස පසුව හැදින්විණ.මෙම සමයේ දෙමළ ජනතාව නියෝජනය කළ ප‍්‍රධානම පක්ෂය වූයේ සිලෝන දෙමළ කොංග‍්‍රසයයි. ජී.ජී. පොන්නම්බලම් එහි නායකයා විය.1965 සිට 1981 දක්වා කෝපේ නියෝජනය කරමින් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස කටයුතු කළ එස්.කදිරවේට්පිල්ලේ ගේ පුතණුවන් වූ නීතිඥ එස්.සුවාසුභ‍්‍රමනියම් ලේකම් ලෙස කටයුතු කළේය.කොංග‍්‍රසයේ සිටි තවත් කැපී පෙනෙන දේශපාලඥයෙක් වූයේ එස්.ජී.වී.චෙල්වනායගම්ය.ඔහු 1949 දී කොංග‍්‍රසයෙන් ඉවත්ව ගොස් ඉලංගෙයි තමිල් අරසු කච්චි නැතහොත් ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගත්තේය.

 

සම නියෝජනයක්

නිදහස ලැබීමට පෙර දෙමළ ජනතා නායකයින්ට ෆෙඩරල්වාදී පාලන ක‍්‍රමයක් හදුන්වාදිය යුතුයැයි හෝ වෙනම රාජ්‍යයක් ඇතිකළ යුතුයැයි හෝ අදහස් නොතිබුණු බව සදහන් කළ යුතුය.ඔවුන්ට අවශ්‍ය වූයේ සුලුතරයක් ලෙස සැළකුණු තම ජන කොටසට හා අනෙක් ජන කොටස් වලට බහුතරයක් වුනු සිංහල ජනතාව අතර සැළකිය යුතු නියෝජනයක් ලබාගැනීමය.මෙයින් දෙපාර්ශවය අතර බල තුලනයක් ඇතිකිරීම ඔවුන්ගේ අරමුණ විය.මේ සදහා 50 - 50 නියෝජනය ලෙස වැඩපිළිවෙලක් මහා පරිශ‍්‍රමයක් දරා දෙමළ කොංග‍්‍රසයට ඉදිරිපත් කළේය.එයට අනුව සියයට 50 ක නියෝජනයක් බහුතර සිංහල ජාතියටද සියයට 50 ක නියෝජනයක් සුලුතරය වූ දෙමළ ඇතුඵ අනෙක් ජාතීන්ටද හිමිවිය.නමුත් සුලුතරයකින් කෘත්‍රිම බහුතරයක් මවන්නට යන්නේයැයි කියා සිටි සෝල්බරි කොමිසම මෙම වැඩපිළිවෙල ප‍්‍රතික්ෂේප කළේය.1947 වසරේ සිලෝනයට ස්වෛරීභාවය හිමිවූ අතර 1948 දී බි‍්‍රතාන්‍යයෙන් සම්පූර්ණ නිදහස හිමිවිය.හෙන්ජි මේසන් මොන්ක් මුවර් ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ අතර ඔහු 1949 දක්වා සේවය කළේය.ඔහුගෙන් පසුව පත්වූ සෝල්බරි 1954 දක්වා සේවය කළේය.

නිදහසින් පසු ශී‍්‍රලංකා දෙමළ දේශපාලනයේ මුහුණුවර හා ගමන්මාර්ගය සැළකිල්ලට ගත්විට බි‍්‍රතාන්‍යය යටත්විජිත සමයේ අත්පත් කරගත හැකිව තිබූ ස්වර්ණමය අවස්ථා බොහෝමයක් ශී‍්‍රලංකා දෙමළ ජාතිකයින්ට මගහැරී ගොස් තිබෙන බව හදුනාගත හැකිය.ෆෙඩරල් පාලන ක‍්‍රමයකට කැමැත්ත ලබාදීම මගහැරීම මෙයින් ප‍්‍රධානය.එදවස දෙමළ දේශපාලනය හැසිරවුනේ කොළඹ පදිංචිව සිටි උසස් සමාජ තලවලට අයත් දෙමළ නායකයින් අතින්ය.වැදගත් වෘත්තීන් වල සම තැන දෙමළ ජනතාවට හිමිව තිබූ නිසාවෙන්,රාජ්‍ය සේවයට ඇතුලත්වීමට වරම් හිමිව තිබූ නිසාවෙන්,සිංහල බහුතරයක් සිටි පළාත්වල ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව තිබූ නිසාවෙන් ෆෙඩරේෂනයක් යටතේ මෙම සම්පත් හා ඉදිරියට යාමට තිබූ අවස්ථා වලින් පිරුණු මෙම දිවි පෙවෙත අතහැර උතුරු හා නැගෙනහිර පළාත් දෙකට කොටුවීමට ඔවුන්ට කැමැත්තක් නොතිබුණි.දෙමළ ජනතාව රටේ එක කොටසකට කොටුනොවිය යුතු බවත් රටේ  ඕනෑම තැනක වාසය කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු බවත් මෙම නායකයින්ගේ මතය විය.සිලෝන දෙමළ කොංග‍්‍රසය, සියලූ සිලෝන දෙමළ කොංග‍්‍රසය ලෙස නම් කෙරුණේ මේ නිසාමය.නමුත් නිදහසින් පසු මෙම දෙමළ නායකයින් දුර නොබලා ළග බලා ගත් මෙම තීරණය දෙමළ ජනතාවටම පාරා වළල්ලක් බවට පත්වීමට වැඩි කල් නොගියේය.

සිංහල දේශපාලන ප‍්‍රතිපත්තීන්ද වෙනසකට කල්වෙමින් තිබිණ.උඩරට හා පහතරට සිංහලයින් අතර පරතරය ක‍්‍රමයෙන් හීන වෙමිනා පැවතිණ.ගොවිගම හා කරාව කුලයන්ට අයත් ජනතාව අතීතයේ මෙන් එකිනෙකා ප‍්‍රතික්ෂේප නොකරන මට්ටමක් ඇතිවෙමින් තිබිණ.පහතරට සිංහල ජනතාව තමන්ට අභිගෝයගන් වනු ඇතැයි බියෙන් සිටි උඩරට නායකයින් හමුවේ ඊට වඩා බරපතල ගැටලූවක් විය.වතු කම්කරුවන් ලෙස මෙරටට පැමිණ සිටි ඉන්දියා දෙමළ ජාතිකයින් ඔවුන්ව බියගන්වමින් උඩරට පෙදෙස්හි ස්ථාවර වෙමින් සිටියහ.දෙමළ ඇතුලූ සුලූතර ජාතිකයින්ව බහුතර ජාතිය වූ සිංහලයින් හමුවේ කරට කර තැබීමට ජීජි ගත් පියවර ප‍්‍රමාණවත් නොවීම නිසාවෙන් බහුතර සිංහලයින් උඩරට හා පහතරට ලෙස ඔවුනොවුන් අතර තිබූ වෙනස්කම් අමතක කර ජාතියක් වශයෙන් එකමුතු වෙමින් සිටියේය.සිංහල නියෝජනය මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉහළ ගියේය.පහතරට සිංහලයෙක් ලෙස නිදහස් ශී‍්‍රලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස පත්වූ ඞී.එස් සේනානායක උඩරට ස්ථාවර වෙමින් සිටි ඉන්දියා දෙමළ ජාතිකයින්ගේ ශී‍්‍රලංකා පුරවැසිභාවය හා ඔවුන්ට හිමිව තිබූ ඡුන්ද අයිතිය අහෝසි කිරීමත් සමග උඩරට - පහතරට සිංහල සබදතාවය තවත් ශක්තිමත් විය.අතීතයේ උඩරට නායකයින් රට බෙදීමක් සම්බන්ධයෙන් කටයුතු කළ බවත්,උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් කළ බවත් අද දින උඩරට වැසියකු හා කීවොත් එය ඔහුට හෝ ඇයට මහත් කම්පනයක් වනු ඇති බවට සැක නැත.

බණ්ඩාරනායක ගැන සදහනක් කරන්නේ නම් මේ අවදියේදී ඔහුගේ ෆෙඩරල් දැක්මට නොයෙක් ආකාරයේ වෙනස්කම් සිදුව තිබිණ.රාජ්‍ය කවුන්සිලයේ පළාත් පාලනය පිළිඹද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු ෆෙඩරල්වාදී අදහස් ක‍්‍රමයෙන් බැහැර කර බලය බෙදීමේ ක‍්‍රමවේදයක් ඇතිකිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළේය.සැබෑවටම ෆෙඩරල්වාදයට එම සමයේ වැඩි තැනක් හිමිව නොතිබුණි.සිංහල මහ සභාව ඔස්සේ තම දේශපාලන ස්ථාවරත්වය වර්ධනය කරගැනීමෙන් එමගින් පැවතුණු ආණ්ඩු ක‍්‍රමය වෙනස් කිරීමේ උදාර දේශපාලන අරමුණක් ඔහුට තිබිණ.පැවතුණු ක‍්‍රමය වෙනස් කර ස්වයං පාලනයට හා බලය බෙදීමට වැඩි ඉඩක් හිමි නම පාලන ක‍්‍රමයක් ඇතිකිරීම ඔහුගේ අරමුණ විය.

දේශීය පරිපාලන කටයුතු සැළකීමේදී පළාත් පාලන කටයුතු වලට වැඩි තැනක් හිමිවිය යුතු බව ඔහුගේ මතය විය.මේ අනුව ඔහුගේ සැළැස්ම වූයේ ඒ සදහා පළාත් සභා ඇතිකිරීමය.ඔහුගේ අමාත්‍යංශයේ විධායක කමිටුව මෙම පළාත් සභා වලට බලතල ලබාදීම සම්බන්ධයෙන් වූ වාර්තාවක්ද නිකුත් කළේය.1940 දී ආර්.එස්.එස්.ගුණවර්ධන පළාත් සභා ස්ථාපිත කිරීම යෝජනා කෙරුණු කෙටුම්පතක් රාජ්‍ය කවුන්සිලයට ඉදිරිපත් කළේය.එයට රාජ්‍ය කවුන්සිලයේද අනුමැතිය හිමිවිය.නමුත් කවර කරුණක් නිසාහෝ මේ සම්බන්ධ ඉදිරි කටයුතු වලට බණ්ඩානායක හවුල්වූයේ නැත.

 

බණ්ඩාරනායක ඉදිරිපත් කළ පළාත් සභා යෝජනා

ඞී.එස්.සේනානායක යටතේවූ සිලෝනයේ ප‍්‍රථම කැබිනට් මණ්ඩලයේ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බණ්ඩානායකය.රජය ජනතාවට තවත් සමිීප කිරීම අරබයා පළාත් සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තම යෝජනාවලිය ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නොයෙක් වර උත්සාහ දරා ඇතැයි පැවසේ.නමුත් ඔහුගේ කැබිනට් සගයෝ අලූතින්ම ඔවුන් වෙත ලැබී තිබුණු බලය පළාත් සභා වෙත බෙදාදීමට සිදුවේයැයි බියෙන් ඊට අනුමැතිය ලබාදී නැත.මෙය ඇත්තෙන්ම කණගාටුදායක තත්ත්වයකි.ජාතිකත්වය අරබයා වැඩි ගැටලූවක් පැනනැගී නොතිබුණු එම අවදියේ පහසුවෙන්ම මෙම යෝජනාව සම්මත කරගැනීමට හැකිව තිබුණි.

1951 දී බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය අතහැර ගියේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ලෙස ඔහුගේම පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණයට ඉදිරිපත් වූයේය.නමුත් කණගාටුදායක අයුරින් ඔහු දේශපාලන බලය තහවුරු කරගැනීමට තෝරාගත්තේ බහුතර සිංහල ජනතාවගේ මනාපය දිනාගත හැකි කෙටි මාර්ගයකි.එහි පිහිටෙන් ඔහු රටේ අගමැතිවරයා ලෙස පත්විය.පත්වීමෙන් පසු දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දී රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට වෙනස්කම් සිදුකිරීමට ගිය අවස්ථාවේදී ඔහු බලයට පත්කළ සිංහල බලවේග ඊට අවකාශ ලබා නොදුන්හ.එසේම බලය බෙදීම සම්බන්ධයෙන් එදා සිටම තිබූ සංකල්පය කි‍්‍රයාත්මක කිරීමට පළාත් සභා ස්ථාපිත කිරීමට යාමේදී මෙම බලවේගයන්ම ඔහුගේ මග හරස් කළේය.

 

බණ්ඩාරනායක හා උඩරට සිංහල නායකයෝ ෆෙඩරල් සංකල්පය අත්හරිමින් සිටින විට දෙමළ දේශපාලකයෝ එය ක‍්‍රමයෙන් වැළදගනිමින් සිටියහ.දෙමළ දේශපාලනයේ ගමන් මාර්ගය නව අතකට යොමුවන ලකුණු පෙනෙන්නට තිබිණ.සියලූ සිලෝන දෙමළ කොංග‍්‍රසයේ බෙදී ගිය සාමාජිකයෝ නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන සිටියහ.උපායමාර්ගික දේශපාලඥයෙක් ලෙස සියලූදෙනා අතර ගෞරවයට පාත‍්‍රව සිටි ජීජී පොන්නම්බලම් ශී‍්‍රලංකා දේශපාලනයේ සම නියෝජනයක් ලබාගැනීමට නොහැකි බව හදුනාගෙන සහයෝගය දැක්වීමෙන් ප‍්‍රතිඵල ලබාගන්නෙමි යැයි නව ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගත්තේය.

 

රජය උඩරට දෙමළ ජනතාවගේ පුරවැසිභාවය හා ඡුන්ද අයිතිය අහෝසි කළද ජීජී ඞී.එස් සමග එක්විය.ඔහු ද්‍රෝහියෙක් යැයි හංවඩු ගැසිණ.ධීවර හා කර්මාන්ත අමාත්‍යධූරය ජීජීට හිමිවිය.ඒ මාර්ගයෙන් ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල කර්මාන්තශාලා හා වරාය විශාල ගණනක් ඇතිකළේය.

 

ජීජී ගේ විශ්වාසවන්තම සගයින්වූ එස්.ජේ.වී.චෙල්වනායගම්,සී.වන්නියසිංහම් සහ ඊ.එම්.වී.නාගනාදන් ඔහුට එරෙහිව කැරළි ගැසූහ.වෙන්වී ගිය ඔවුහු නව පක්ෂයක් පිහිටුවාගත්හ.ඉලන්කෙයි තමිල් අරසු කච්චි එහි නම විය.උතුරු හා දෙමළ ජනතාව බහුතරයක් වාසය කරන නැගෙනහිර පළාතේ කොටස් ආවරණය වන වෙනම රාජ්‍යයක් දෙමළ ජාතිකයින්ට අවැසියැයි ඔවුහු කීවෝය.

 

මෙය ශී‍්‍රලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණාවක් ඇති කළේය.ප‍්‍රථම වතාවට ෆෙරඩල් රාජ්‍ය සංකල්පයට දෙමළ දේශපාලන පක්ෂයක් මනාපය දක්වා තිබිණ.නමුත් බණ්ඩාරනායකගේ ෆෙඩරල් රාජ්‍යයක අදහස වූ යහපාලනය,බලය බෙදීම යන සංකල්පයන්ට ඔබ්බෙන්වූ ෆෙඩරල් ක‍්‍රමයක් ඔස්සේ දෙමළ ජාතිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම,ජාතීන් අතර සංහිදියාව ඇතිකිරීම වැනි අරමුණු මෙම නව දේශපාලන පක්ෂයට තිබිණ.නමුත් අදහස් ඉදිරිපත් කිරීම හා ඒවා කි‍්‍රයාවට නැංවීම අතර සැළකිය යුතු තරම් හිඩැසක් විය.මෙනිසා ෆෙඩරල් සංකල්පය රටේ වැඩි දෙනා තේරුම්ගත්තේ වැරදියටය.

 

ෆෙඩරල් රාජ්‍යයකට දෙමළ කොංග‍්‍රසයේ විරෝධය

ඉලංගෙයි තමිල් අරසු කච්චි ෆෙඩරල් ක‍්‍රමය වැළදගැනීමට මුලින්ම විරෝධය පලකළේ දෙමළ කොංග‍්‍රසයයි.සිංහල දේශපාලඥයින් ෆෙඩරල් ක‍්‍රමය සම්බන්ධයෙන් දුර්මත පැතිරවීමට ප‍්‍රථම වැඩ ඇරඹූ දෙමළ කොංග‍්‍රසය ජනතාව බියගන්වමින් නොයෙක් ප‍්‍රචාර ගෙන ගියහ.හදිසියේවත් මෙය කි‍්‍රයාවට නැංවුනහොත් දකුණේ රජයේ සේවයේ නියුතු දෙමළ ජාතිකයින්ට හා ව්‍යාපාර වල නියුතු පුද්ගලයින්ට සියල්ල අතහැර උතුරට පැමිණෙන්නට සිදුවනු ඇතැයි ඔවුහු කීහ.යාල් දේවිය අලිමංකඩෙන් එහාට යන එකක් නැහැ මෙය ජනතාව බියගැන්වීමට දෙමළ කොංග‍්‍රසය යොදාගත් බලවත්ම වැකිය විය.

 

ස්වයං පාලන දෙමළ රාජ්‍යය හා සිංහල රාජ්‍යය අතර සහයෝගීතාවත් පවත්වාගැනීමට ඉලන්ගෙයි තමිල් අරසු කච්චි නායකයින්ගේ අරමුණ විය. ජී.ජී. පොන්නම්බලම් මෙයද ප‍්‍රශ්න කිරීමට ලක් කළේය.සිංහල ජාතිය ෆෙඩරල් රාජ්‍යයකට සූදානම්දැයි ඔහු විමසුවේය.නැගෙනහිර දෙමළ ජාතිකයින්,මුස්ලිම් ජාතිකයින් හා වන්නි දෙමළ ජාතිකයින් ෆෙඩරල් විසදුමකට කැමති වේදැයි සැකද මතුවිය.වතුකර දෙමළ ජනතාවගේ මෙන්ම වාමාංශික දෙමළ ප‍්‍රජාව කෙරේද ෆෙඩරල් පාලනයකට කැමැත්තක් නොතිබිණ.

 

1952 පාර්ලිමෙන්තු මැතිවරණයේදී ඉලන්ගෙයි තමිල් අරසු කච්චි හට  ති‍්‍රකුණාමලය හා කෝපායි ආසන ද්විත්වය ජයග‍්‍රහණය කිරීමට හැකිවිය.එම ජයග‍්‍රහණයද අත්වූයේ අපේක්ෂකයින් වූ රාජවරෝතයම් ගේ හා වන්නියසිංහම් ගේ ජනතාව අතරවූ ජනපි‍්‍රයත්වය නිසා බව කීම නිවැරදිය.චෙල්වනායගම් ,නාගනාදන්, අමිර්තලිංගම්, නවරත්නම්, අරුණාසලම් වැනි නායකයෝ බොහෝ දෙනෙක් පරාජය වූහ.මැතිවරණයේදී දෙමළ ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ ෆෙඩරල් රාජ්‍ය සංකල්පය  ප‍්‍රතික්ෂේප කර තිබිණ.මධයම රජයක් යටතේ සිදුවන පාලනයකට ඔවුන්ගේ කැමැත්ත හිමිබව පෙනිණ.

 

1952 - 1956 සමයේ සිංහල හා දෙමළ දේශපාලන ක්ෂේත‍්‍රයන්හි වෙනස්කම් රැුසක් සිදුවිය.ජාතීකත්වය පෙරටු කොට කටයුතු කළ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය සිංහල භාෂාව රටේ එකම ජාතික භාෂාව බවට පත්කළේය.මේ සමග අනාරක්ෂිත වූ දෙමළ ජනතාවගේ සහය ඉලන්ගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ලැබෙන්නට ගැනීමත් සමග පක්ෂය සවිමත් විය.1953 දී නව අගමැතිවරයා ලෙස පත්වූ සර් ජොන් කොතලාවල ජීජී පොන්නම්බලම්ව කැබිනට් මණ්ඩලයෙන් අස් කිරීම අරබයා බලවත් දේශපාලකයෙක් ලෙස පොන්නම්බලම්ට එතෙක් හිමිව තිබූ ස්ථානයද අහිමිවිය.මේ චණ්ඩ දේශපාලන ප‍්‍රවාහයට හසුවූ ලංකා සමසමාජ පක්ෂය වැනි සමානාත්මතාවය වර්ධනය කළ යුතුයැයි හඩනැගූ පක්ෂ සැගව ගියේය.

 

අනතුරුව ගෙවුනු වසර කිහිපයේදී ඉලන්ගෙයි තමින් අරසු කච්චි පක්ෂය ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ගැන වැඩි අවධානයක් යොමුනොකොට කටයුතු කරනු දැකගත හැකිවිය.වෙනම රාජ්‍යයක් ඇතිවිය යුතුයැයි සංකල්පය මත පි



අදහස් (0)

'පිලිප් මාක්ස් වාදයේ පියා නම් ෆෙඩරල් වාදයේ පියා බණ්ඩාරනායකයි'

ඩිලාන් Friday, 15 January 2016 11:22 AM

මෙහෙම අදහස් කියන්න වත් මහින්ද ඉඩ දුන්නේ නෑ....එ්කට මෛත්‍රී (බ)

:       0       0

සමන්ති Saturday, 16 January 2016 12:47 AM

මෙහෙ ඉන්න සමහරු පය තියන්නේ එංගලන්තේ, පාකිස්තානයේ හෝ ඉන්දියාවේ නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 January 2016 12:54 AM

රටේ වැඩි කොටසකට මේවා තේරෙන්නේ නැති නිසා තමයි අපිට මෙහෙම වුණේ. (නි)

:       0       0

බෙනට් Saturday, 16 January 2016 01:02 AM

මමත් බොහොම කැමැත්තෙන් මේ ලිපිය කියෙවුවා (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 January 2016 01:11 AM

මෙහෙ ඉන්න සමහරුන්ගේ පය එංගලන්තේ, පාකිස්තානයේ හෝ ඉන්දියාවේ තිබුණාට කමක් නැහැ, හිත තිබෙන්නේ ලංකාවේ නම්. (නි)

:       0       0

විදානේ Saturday, 16 January 2016 01:17 AM

බමුණු, ඔයා මොනවගේ කෙනෙක්ද? කොහේද වැඩ කරන්නේ? (නි)

:       0       0

මොහාන් Saturday, 16 January 2016 02:33 AM

බමුණු කියන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ. ඔහු ප්‍රශ්නයක් ඇසුවා පමණයිනේ (නි)

:       0       0

බමුණු Friday, 15 January 2016 12:39 PM

හැකිනම් ෆෙඩරල්වාදයේ ෆෙඩරල් ක‍්‍රමයේ පියා ලෙස සැළකිය හැක්කේ එස්.ඩබ්.ආර්.ඩී වය. කොහොම උනත් සිංහලයා මෙරටේ අබ ඇටයක ප්‍රමාණයක් පිට රටියෙකුට දීමට කැමති නැතිබව තේරුම් ගත නිසා බණ්ඩාරනායක මහතා සිංහල පමණයි කියන යෝජනාව ගේනවා (කෞ)

:       0       0

බමුණු Friday, 15 January 2016 12:34 PM

ඩිලාන් මොකද මේ ෆෙඩරල් අදහස හොඳයිද.? (කෞ)

:       0       0

බමුණු Friday, 15 January 2016 12:43 PM

1959 දී බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කෙරිණ.ශී‍්‍රලංකාවට සුදුසු වන්නේ ෆෙඩරල් ක‍්‍රමයක් බව මුල සිටම විශ්වාස කළ පුරෝගාමි සිංහල නායකයකුගේ ජීවිතය එසේ අවසාන විය. ඔව් ෆෙඩරල් ක‍්‍රමය ගෙන එන්නට කෙනෙක් සූදානම් වෙනවනම් එම අවසානය ගැන ටිකක් සිතන්න. අපේ සිංහල කොල්ලෝ ජීවිත පරිත්‍යාග කලේ කාටවත් රටෙන් කැල්ලක් රිදී බන්දේසියක තියල දෙන්න නොවෙයි. (කෞ)

:       0       0

සේනක Friday, 15 January 2016 12:39 PM

මෙම පරිවර්තනයේ මූල පිටපත වන මෙම ලිපිය සමග කියවීමෙන් වැඩි අවබෝධයක් ලැබෙනු ඇති බව සිතිය හැක. http://www.dailymirror.lk/dbs-jeyaraj-column (කෞ)

:       0       0

බමුණු Friday, 15 January 2016 12:47 PM

සෝල්බරි කොමිසමේදී අපිට නිදහස නොදිය යුතුයි කීවෙත් දෙමල නායකයින් බව මතක්කර ගත යුතුව ඇත. . (කෞ)

:       0       0

බමුණු Friday, 15 January 2016 01:04 PM

සිංහලයින් මෙරටම මිනිසුන්ය. 12% වන විජතියිට රටින් 2/5 දෙන්නේ කොහොමද. පෙඩරල් ක්‍රමය දෙමළ රාජ්‍යයක අරම්බයයි අපි එක මතක තියා ගමු.(කෞ) .

:       0       0

වික්‍රම Saturday, 16 January 2016 04:15 AM

සාර්ථක ලිපියක් (නි)

:       0       0

බමුණු Friday, 15 January 2016 01:12 PM

මේ සිංහල අපගේ රටයි අපි ඉපදී මැරෙන රටයි. මේකේ වෙනකාටවත් ඉඩ නැත. අපිට‍ වෙන කොහෙවත් යන්න ඉඩකුත් නැත. (කෞ)

:       0       0

බමුණු Friday, 15 January 2016 01:08 PM

මේක රැකගන්න අපි මරෙන්න සූදානම් හැබයි ෆෙඩරල් ක්‍රමය දෙන්න යන අය ඉස්සෙල්ල මරාගෙන .(කෞ)

:       0       0

අබය Saturday, 16 January 2016 10:23 PM

බමුණු ආරච්චි මහත්තයා කියන දේ එක්වරක් දෙවරක් නොව නැවත නැවත සිතා බලන්න. කොයි ලෝකේ ජීවත් වුණත් යුදෙව්වෝ උන්ට කියලා රටක් නිර්මාණය කළා. ඒ නිසා තම මව්බිමට ඇති ආදරය භක්තිය ඇත්තේ රට තුල සිටීමෙන්ම නොවේ. රටින් පිටව ජීවත්වෙන පුද්ගලයා ජාති හෝ දේශ ද්‍රෝහියෙකුවත්, රට තුළ ජීවත්වන සැවොම දේශප්‍රේමීන්වත් නොවේ. මෙතෙක්කල් රටේ සිටි දේශපාලකයින්ගේ අමන ක්‍රියා නිසා ආර්ථික වශයෙන් පිරිහුණු රටක ජීවත්වීමේ අපහසුතාවය නිසා පිටරට වල ජීවත්වනවා මිසක් ඒ අපි රටට ඇති අනාදරය නිසා නොවේ. (නි)

:       0       0

චංචලා Sunday, 17 January 2016 12:37 AM

බමුණු තුමා ලංකාවට බැල්ම හෙලන ගොඩක් දෙවිවරු ද්‍රවිඩ නේද ? ඔන්න මරාගෙන මැරෙන්න කියපු තැන්. ගණ දෙවියන්ට පොල් ගෙඩියක් ගැහුවනම් මොලේ පෑදෙනවා.(අ)

:       0       0

ඉන්දික Friday, 15 January 2016 07:55 PM

බණ්ඩාරනායක මහතාට අදටත් අපි දෙවියන්ට වගේ සළකනවා (නි)

:       0       0

සනත් Friday, 15 January 2016 09:21 PM

අනේ මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ටානි Friday, 15 January 2016 09:37 PM

මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)

:       0       0

බටගල Friday, 15 January 2016 10:00 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 166 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 281 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1556 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 55 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12547 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6142 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36621 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site