අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලකයන් ගත් ඇතැම් තීරණ නිසා රජයට අනවශ්‍ය බරක් දරන්නට සිදුව ඇතැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ පැවසුහ.
අනු නා හිමියෝ එසේ කීවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී හමු වී කළ විශේෂ සාකච්ජාවේදීය.
‘ඉස්සර බලයක් නොතිබුණ කාලේ ඔබ අධ්‍යාපනය සම්බන්ධනයෙන් දැක්වූ යහපත් අදහස් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබිම තිබීම ගැන සතුටු වෙනවා.
මේ පහේ ශිෂ්‍යත්වය මහා බරක් වෙලා. එය එකවරම නවත්වන්නේ නැතිව සරල ප්‍රශ්න පත්‍රයක් දෙන ක්‍රමයක් සකස් කරන්න. අද මේ දරුවන්ට මේ තත්ත්වය ගෙනත් තියෙන්නේ ටියුෂන් ගුරුවරු ඒ නිසා දෙමාපියෝ දෙකේ පන්තියේ ඉදලා ළමයි පන්තිවලට එක්ක යනවා. ශිෂ්‍යත්වය කියන්නේ පන්ති වලට යවන්න අදාල විභාගයක් නෙමෙයි.
ඉස්සර අටේ පන්තියේ තිබුණා විභාගය වගේ දෙයකින් යම් පරීක්ෂණයක් පවත්වලා ළමයාගේ කුසලතාවය හදුනාගෙන ඉන් ඔබ්බට යන ක්‍රමයක් වැදගත්.
අද පාර අයිනේ පොඩි, පොඩි කඩ කාමර අරගෙන හදල තියෙන ජාත්‍යන්තර පාසල් වලින් නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ.ඒක නිසා ජාත්‍යන්තර පාසල් රජය පාලනය නොකලත් රජයේ යම් නියාමනයක් කළ යුතු යැයි බෙල්ලන්විල අනු නා හිමියෝ කීහ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කිවේ 2005 වසරේ සිට තමුන් යෝජනා කළ පාසල් පාදක වෘත්තිය අධ්‍යාපන ක්‍රියාවලියත් , වෘත්තිය තාක්ෂණික විශ්ව විද්‍යාලය හරහා උසස් පෙළ අසාර්ථක වන සිසුන්ට තාක්ෂණවේදි උපාධියක් දක්වා යාමට මාවත සැකසීමටත් ,පළමු ශ්‍රේණියේ ප්‍රශ්නය ඇතුළු ජනප්‍රිය පාසල් සොයා යාමේ ගැටලු වලට විසදුම් ලෙස ද්විතික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කරන වැඩසටහනට ක්‍රියශිලිව මැදිහත් වීමට හැකි වීම භාගයක් කොට සලකන බවය.
ජාත්‍යන්තර පාසල් නියාමනය අත්‍යාඅවශ්‍ය බව තමන් පිළිගන්නා බවත්, කාලාන්තරයක සිට මේ සම්බන්ධව තමුන් යෝජනා කළ බවද ඒ සදහා කඩිනමින් පියවර ගන්නා බවත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසා සිටියේය.
මෙහිදී මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත " ඉස්කෝල හංදිය " ග්‍රන්ථය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ට පිළිගැන්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ඕනේ නෑ. විභාග බර පොඩ්ඩක් අඩු කරන්න (80/90 දශකයේ තිබුන වගේ). ඒ වගේම එක විෂයකට ලකුණු 50% ක් තියනවා නම් සමත් කියල ළමයින්ට ප්‍රතිපල දෙන්න. එතකොට ළමයි මානසික පීඩාවට ලක් වෙන්නෙත් නැහැ. ඉහල ලකුණු ගන්න අයට ගැටළුවකුත් නැහැ. (ස)
දානපතියෝ දුප්පතා වට්ටන්න හදනවා (නදී)
අන්න නියම කතාව.නියම කෙනාට කියලා තියෙන්නේ.ඕක කරනවා නම් කරන්න පුලුවන් දර්ශනයක් හැකියවක් තියෙන්නෙ මොහාන් ලාල් ග්‍රේරු වගෙ කෙනෙක්ට කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ළමයි දෙමාපියෝ එකතු වෙලා මේ විභාගය කර ගනීවි. මෙපමණයි දුප්පත් ළමයින්ට තමන්ගේ මොලය බුද්ධිය ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යන්න තියෙන්නේ. (ස)
මේ තරම් රටේ දරුවන්ට ආදරෙයි නම් අර රතුපස්වල අසරණ දරුවන් ඇසිඩ් වතුර බීල ලෙඩ රෝග හදා ගන්නවා. ඒක වලක්වන්න පුළුවන්නේ.හැමදාම මින්ස්සු ගොන්නු කරන්න බැහැ. (ස)
පුදුම රටක් මේක, නිදහස් අධ්‍යාපනය බාර දුන්නෙ ටියුෂන් දෙන දෙන්නෙක්ට. දෙයියන්ගෙම පිහිටයි! (ස)
අවසරයි හාමුදුරුවනේ, මාත් ඔය ශිෂ්යත්වේ 1990 පාස් වෙලා ආපු කෙනෙක්. එදා අපිට තිබුනේ බුද්ධි පරීක්ෂණය, ගණිතය හා සිංහල විතරයි. ඒත් අද විෂය නිර්දේශය දැක්කම ළමයින්ට බර වැඩියි. ඒක නිසා ශිෂ්යත්වේ බර වැඩි කල අය හොයල බලන්න. "පය බරවායට පිටිකර බෙහෙත් බදින්න යන්න එපා" ඉගෙන ගන්න පුලුවන් දරුවෙකුට පහසුකම් තිබෙන පාසලක් හා මූල්‍යාදාර ලැබෙන අවස්ථාවක් ඒක. (ස)
මේ ශිෂ්‍යත්ව විභාගය මේ ආකාරයටම තියන්ඩ. මෙය ඉතා හොඳ කඩඉම් විහාගයක්, මේ විභාගය අහෝසි කිරීම යනු දුප්පත්, දක්ෂ ළමයින්ට කරන අසාධාරණයක්. මේ ශිෂ්‍යත්ව විභාගය බරපතල කරන්නේ දෙමාපියන් ( විශේෂයෙන් අම්මල) සහ අපේ ඉහල නිලධාරින් කීප දෙනෙකි. උදාහරණයට, විභාග ප්‍රතිපල දිනය වෙනස් කිරීම, නිවැරදි විදිහට වෙලාවට විභාග නොපැවැත්වීම. 5 ශිෂ්‍යත්ව විභාගයට ලියන දෙමව්පියන් සඳහා අනිවාර්ය දේශණ මාලාවක් අධ්‍යාපන විශේෂඥයින්, මනොවිද්‍යා වෛද්‍යවරුන් ලවා, සහ පාසල් ගුරුවරුන් ලවා පැවත්වීමෙන් ළමයින්ගේ අසහනය නැති කල හැකි. කරුණ කර අන් අයගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. (ස)
මහත්වරුනි, මෙම විභාගය නම් අහෝසි කරන්ඩ එපා. මේක දුප්පත් දරුවන්ට, මධ්‍යම පන්තිකයින්ට ඉහලට යන්ඩ තිබෙන හොඳ අවස්ථාවක් නැති කිරීමක්. එහෙත් අම්මලගේ,තාත්තලාගේ මොලේ නම් හදන්ඩ වෙනවා. මම මේ මොකවත් නැතුව අපොස සාපෙළ පාස් වෙලා අද රුපියල් ලක්ෂ දෙකකට වැඩ පඩි ගන්න , වැඩකරන මිනිහෙක්. ඒ එදා තත්වේ. අද එහෙම නෙමේ , මේ විභාගය ඉතා වැදගත්. මෙයට ඉංග්‍රීසි විෂයත් ඇතුල් උනොත් තවත් හොදයි. (සරල ප්‍රස්න පත්‍රයක්) කරුණාකර විභාගය අහෝසි කිරීමෙන් දුප්පත් හා මධ්‍යම පන්තින්කයින්ගේ වල කපන්ඩ නම් එපා.(නදී)
විභාගය වෙනස් කරනවානම් 2016 හෝ 2017 දී වෙනස් කරන්න. හේතුව දැනට 3 වැනි පන්තියේ ඉන්න ළමයි ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කොට වැඩ පටන් ගෙන අවසානයි. කරුණාකර දෙමාපියන් දැනුම්වත් කලොත් මේ අසහනය නැවැත්විය හැක. 5 ශිෂ්‍යත්වය අසමත් වන අය සඳහා අවශ්‍ය නම් 8 වසරේදී නැවත විභාගයක් තියන්ඩ. තව ගානක් පාස් වේවි. මෙයට අමතරව, එක නගරයකට එක බැගින්,අලුත් අංග සම්පුර්ණ පාසලක් ගොඩ නගන්ඩ, මේවයේ ඉගෙනීම සඳහා සාදාරන මුදලක් අයකරන්ඩ ඕනා. එතකොට දුප්පත්ම ළමයින්ට රජයේ පාසල් වලට ඇතුල් විය හැකියි. විභාගය ගැන අම්මාවරු දැනුවත් කිරීමෙන් අසහනය නැති කල හැකිය.(නදී)
"උසස් පෙළ අසාර්ථක වන සිසුන්ට තාක්ෂණවේදි උපාධියක් දක්වා යාමට..." රටේ ප්‍රතිපත්ති හදන්නේ මොන වගේ අයද කියල ඒකෙන්ම පේනවා. තාක්ෂණ උපාධියක් කියන්නේ රටක ඉන්න හොඳම මොළ වලට ගන්න තියන උපාධියක් මිසක් විභාග අසමත් වෙන අයට තියන විකල්පයක් නෙවෙයි. ලෝකේ දියුණු රටවල් දිහා බැලුවම ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද රටක අනාගත දියුණුව තීරණය වෙන්නේ තාක්ෂණය මත. (ස)
පිස්සු කෙලින්න නම් එපා. හැමෝටම පාස් වෙන්න බෑ තමයි. ඒත් ඒ හින්දා ගමේ ඉන්න දක්ෂ දුප්පත් ළමයකුට මග නැති කරන්න එපා. මෙතැන ඕක එපා කියල කෑ ගහන්නේ එක්කෝ පාස් වෙච්ච නැති කට්ටිය නැත්තන් සල්ලි වලින් කොළඹ පාසලකට දා ගන්න පුළුවන් කට්ටිය. පුළුවන් නම් මේක නැති කරන්නේ නැතිව අම්මලාගේ ඔලුව හදන්න (නදී)
මෙන්ඩිස් මහත්තයො...විභාග ප්‍රතිපල වලින්ම මිනිස්සුන්ගෙ හැකියාවන් මනින්න බැහැ.මේ විදිහෙ ක්‍රමයක් අපේ රටෙ නොතිබීම ලොකු අඩුවක් වෙලා තිබුනෙ.මොනව උනත් ග්‍රෙරු කියන්නෙ හොඳ දැනුමක් අනගතය දකින්න පුලුවන් කෙනෙක්.ඔබ තුමා ගෙ උත්සහයට රටෙ ජනතාව දවසක සතුටු වෙවි.විභාගය තමයි අපේ අභාගේ කියපු දරුවන්ට හොඳ අනාගතයක් හදන්න දරන උත්සාහයට ගරහන්න එපා. (ස)
අනේ අපොයි...... මේක නම් හොද වැඩක්. මනො විදායත්මකව 5 පන්තියේ ලමයි ලොකු පිරිහිමකට ලක් වෙලා. ලමයව ලොකු ඉස්කොලෙකට දාගෙන අම්මලා එයාලගෙ නම්බුව පෙන්වන්න එකේ පන්තියෙ ඉදන් පන්ති ගෙනියන්නෙ. මේක අහෝසි කරල ගමෙ ඉස්කොල ටික හැදුවා නම් වටිනවා. ඉස්කොල 1000 වැඩේ නම් හොද දැක්මකින් පටන් අරගෙන වගේ. සුභ පැතුම්. (නදී)
ශිෂ්‍යත්ව විභාගය අඩු පහසුකම් සහිත පාසල්වල ඉන්න දක්ෂ එහෙත් දුප්පත් දරුවන්ට වඩා පහසුකම් සහිත පාසලක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්. ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ දෙමව්පියන්ගේ. ඔවුන් මෙය වැරදි ආකාරයට යොදාගන්නවා. තමන්ගේ ආශාවන් ඉටුකරගන්න දරුවන්ව මරවනවා. මම ශිෂ්‍යත්ව විභාගය සමත් උනේ නැහැ. අම්ම පාස් වෙන්න කියල බල කලෙත් නැහැ. ඒත් මම සාමාන්‍ය පෙළ උසස්පෙළ ඉහලින් සමත් උනා. අද ඉංජිනේරුවරියක් ලෙස සාර්ථකව ඉන්නවා. මන් මගේ අම්මට පින් දෙනවා මට මගේ ළමා කාලය සැහැල්ලුවෙන් ගෙවන්න ඉඩ දුන්නට. ඒත් මම ඇති දුෂ්කර පාසලක හිටියනම් මට අද සිටින මේ තැනට එන්නට ඉඩ නොලැබෙන්නත් තිබුන. මොකද ශිෂ්‍යත්ව විභාග අසමත් නිසා මට සාමාන්‍ය මට්ටමේ පහසුකම් තිබෙන පාසලකටවත් යාමට අවස්ථාව නොලේබෙන නිසා. ශිෂ්‍යත්ව විභාගය දක්ෂ දරුවනට ලැබෙන හොඳ අවස්ථාවක් නිසා එය අහිමි නොකළ යුතු උවත් ශිෂ්‍යත්ව විභාගය සමත් කරවීමට කියා දරුවන්ගේ වැඩෙන බුද්දිය බලෙන් හසුරුවන්නට ගොස් ඔහුන් මොට නොකිරීමට දෙමාපියන් බුද්දිමත් විය යුතුය. නැතහොත් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඔබ සතුටු උවද අනාගත අභියෝග ඔහුට ජය ගැනීමට අපසසුවනු ඇත. (නදී)
සෑම නගරයකටම අමතර, මුදල් ගෙවා ඇතුල් විය හැකි විදිහට, අලුත් පාසලක් රජයේ පුර්ණ පරිපාලනය යටතේ හදන්න. කැමති අයට සාධාරණ මුදලක් ගෙවා ඒවයේ ඉගෙනීමේ පහසුකම් ඇතිකරන්ද.. ප්‍රශ්න අඩුවේවි. ශිෂ්‍යත්ව විභාගය හොඳයි ප්‍රශ්න පත්‍ර ලිහිල් කලොත් අසහනය අඩුවේවි. (ස)
ජය වේවා! (නදී)
ශිෂ්‍යත්ව විභාගය අම්මලට තියන්න.(දී)
කෙසේ වෙතත් මේ විභාගයට ළමුන් සුදානම් කිරීමෙන් ළමයින් සිංහල බස හරියට ලියන්න ඉගෙන ගන්නවා. එකතු කරන්න,අඩු කරන්න වගේ දේවල් ඉතා හොඳින් ඉගෙන ගන්නවා.ගමේ ළමුන්ට නගරයේ පාසල් වලට එන්න තිබෙන අවස්ථාව නැති කරන එක පාපයක්.විභාගය නැති කරලා මේ හදන්න යන්නේ ආනන්දය,නාලන්දය,රාජකීය,විශාකාව වැනි පාසල් වලට දොර ඇරලා ගමේ ළමයාට උඩට යන්න තිබෙන පාර වහන එක (නි)
ශිෂ්‍යත්වය ඕනෑ වසරක තිබුනත් කමක් නැහැ. ජාත්‍යන්තර ළමා දිනයට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නොදී ඉන්න. ළමයින්ට හිනාවෙන්න තිබෙන දවසට අඬන්න ඉඩ තියන්න එපා. හැමෝටම පාස් වෙන්න බැරි එක ඇත්ත. එහෙත් වැඩි දෙනා අසමත් වෙලා අඬවන එක වෙන දවසකට දාගනිමු. එතකොට ළමා දිනේටවත් ළමයි සතුටින් ඉඳීවි. (නි)
ගමේ කොල්ල කිව්වම මතක් උනේ..ඇත්තටම නරකද ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දීල ඔය විබාගේ අම්මලට තියල අම්මල ගන්න ලකුණු අනුව ළමයින්ට ඉස්කෝල දුන්නනම්..කොහොමත් ඉතින් මේක අම්මලාගේ විභාගයක්නේ..පොඩි වෙනසයි කරන්න තියෙන්නේ...පොඩි එව්වෝ ගොඩේ ගොඩ..(නදී)
ජනක පින්වත් වෛදවරයා , ඔබගේ බුද්ධිමත් ප්‍රකාශයට අනුව ශිෂ්‍යත්වය අසමත් වෙන හැමෝම අද කිතුල් මල කපමින් රා බීගෙන කුලීවැඩ කරමින් ගතකරන ජීවිතය ගැන මම දුක්වෙමි! ඒ වගේම එවැනි කම්කරු රෝගීන් අමාරුවේ වැටෙන විදිහට වැඩ වර්ජනය නොකරනු ඇති කියා සිතමි!(නදී)
හරි දැන් ඉතින් පහේ ශිෂ්‍යත්වය බරක්’කියල ඒකටත් කෙලින්නයි හදන්නේ. එතකොට දුප්පත් පාසල් වල දුප්පත් දෙමවිපියන්ගේ දරුවන් නන්නත්තාරම වෙලා යනවා. දුප්පත් දරුවෙකුට ජීවිතේටවත් කොලඹ පාසලකට යන්න ලැබෙන්නේ නැහැ.(නදී)
මම ඔය විභාගය සමත් වුනේ මීට අවුරුදු 35 ක ට කලින්. අපේ අම්මට අද කාලයේ අම්මලට වගේ විභාග පිස්සුවක් තිබුනේ නැහැ. මම හරිම ප්‍රීතිමත් ළමා කාලයක් ගත කරමින් ඉතා ඉහලින් ශිෂ්‍යත්වය සමත් වුන. නමුත් අද කාලයේ වගේ අපේ නම් පත්තරේ ගියේ වත් මාධ්‍ය වලින් අපිව රටට ම පෙන්නුවේ වත් නැහැ. අද මම උසස් අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවක් කරමින් යහපත් මානසික තත්වයකින් ජීවත් වෙන්නේ මගේ බුද්ධිමත් අම්ම පින් සිද්ධ වෙන්න. අද කාලයේ අම්ම්ම ල වගේ මව මේ රචේ එකේ එදා ඇදගෙන ගිය නම් මම අද මානසික රෝගියෙක්. නැති නම් විෂාදයට ලක් වුනු සහතික ටික විතරක් ඇති ජීවත් වීමේ කලාව දන්නේ නැති මෝඩයෙක්.(නදී)
දක්ෂ ගම්බද සිසුන්ට නගරයේ උසස් පාසලකට ඇත්ල් වීමට ඇති එකම අවස්ථාව 5 ශිෂ්‍යත්වය වන අතර අද ශ්‍රී ලංකාවේ සියලුම උසස් නිල දරන්නන් එසේ පැමිණි පුද්ගලයන් වේ. පහේ ශිෂ්‍යත්වය මහා බරක් වෙලා යන්නට මුවා වී නැවත බමුණු කුලය රජ කරවීමට දරන උත්සාහය පිළිකුලෙන් හෙලා දකින තරමට එය සමානවනුයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අද්‍යාපනය ලබා දීමේදී එස්ඩබ්ලිව්ආර්ඩී ඉංග්‍රීසිය ඉවත්කර සිංහල භාෂාව මුල්තැන දී මහජනතාව ගොනාට ඇන්දවීමට වේ. මේ නිසා ගම්බද දක්ෂයන්ට ලෝකයට යන මාර්ගය වසා දම එය එස්ඩබිල්ව් ආර්ඩී බමුණු කුලයට සීමා විය.(නදී)
පහේ විබාගය හතට ගෙනියන්න යෝජනාවක් තියෙනවා දැක්ක පත්තර වල..මේක කලොත් පොඩි එව්වෝ තවත් අනාතයි..මොන්ටිසෝරියේ ඉදල පහට දුවල යන්තම් හති ඇරපු එකත් නැතිවෙලා උන්ට හත වෙනකම් දුවන්න වෙනවා..රජය මේකෙන් මොන දේ අදහස් කලත් දෙමව්පියෝ කරන්නේ තව අවරුදු දෙකක් වැඩිපුර පොඩි එකාව හෙම්බත් කරවන එක.හොදම දේ පුලුවන්නම් ඔයිට වඩා සරල විබාගයක් 2.3 පන්ති වලදී තියල දක්ෂයෝ හදුනාගෙන පහ වසරෙන් පස්සේ එම විබාගයේ ලකුණු අනුව පාසල් ලබා දීම.(නදී).
මම 1985 ශිෂ්‍යත්වය ලිව්වේ. අදටත් ලකුනු ගනන කීයද කියලා දන්නේ නැහැ. හැබැයි එක ළමයෙක්වත් පාස් වුනේ නම් නැහැ. 1996 මම ජපුරේ විශ්ව විද්‍යාලයට ඇතුල් වුනා.
දුප්පත් ළමයින්ට තමයි ඒ විභාගේ වටිනාකම තියෙන්නේ (දී)
එහෙම කියන්න එපා ඔය තියෙන්නේ අම්මලාගේ විභාගේ (දී)
මම පහ වසර ශිෂත්වය සමත් වුනේ 1990. ලකුණු 145. මට හොද ඉස්කෝලෙකට යන්න මග පෑදුනේ එකෙන්. අපේ අම්මලට ලොකු ඉස්කෝලවලට දන්නා සල්ලි තිබුනේ නැහැ හොස්ටෙල් එකේ නෙවතිලා දුක් විදගෙන ඉගෙන ගත්තේ .මම අද වෛද්‍යවරයෙක් .ශිෂත්වය නැති වෙන්න මම අද කිතුල් මල් කපන රා බීගේන කුලී වැඩ කරන මිනිහෙක්. (දී)
දුප්පත් ළමයි කොළඹ කොලීජියට එන පාර වහල දැම්මොත් අපේ බේබි හාමුලට කරදරයක් නැතුව රෝයල් එක්ට යන්න පුලුවන් වෙනවා.(නදී)
වර්තමානයට ගැලපෙන නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් හදන්න අවංක උත්සහයක් ගත් බවක් අදටත් පෙනෙන්න නැහැ. 1997 දී ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් පුස්සක් උනා.(නදී)
අද්‍යාපනය කියන්නේ උගතුන් මෙන්ම පින්පියන් බෝකරන තෝතැන්නක් (නදී)
ශිෂ්‍යත්වය පාස් වුනත් නැතත් ප්‍රාථමික පන්තිවල ළමයිගේ සිංහල දැනුම වැඩිවෙන්නේ මේ විභාගය නිසා. ශිෂ්‍යත්වය රටට සම්පතක් (නදී)
පහේ ශිෂ්‍යත්වය හරි වෙන නමකින් හරි තිබිය යුත්තේ ළමයි මරවන, අම්මලා හෙම්බත් කරවන විභාගයක් නෙමෙයි. ක්‍රමික ඇගයුමකට දරුවන් ලක් කරල ඒ අනුව ඉහල පාසල්වලට ඇතුළුවීමට ඉඩ සලසා දීමක්. ඒ වැඩේ එක කඩ ඉමකින් කරන්න යාම නිසා තමයි මේ උග්‍ර තරඟය. දක්ෂ දරුවෙකුගේ හැකියාව එක විභාගයකින් මනින්නේ ඇයි? 3, 4, 5 වසරවල දරුවාගේ කාර්ය සාධනය ඇගයීමක් කරල ඕනනම් 5 දී "මාරාන්තික නොවන" කඩඉම් විභාගයක් තියන්න බැරිද? ග්‍රේරෝ ඇමතිවරයාට යම් ප්‍රයෝගික විසඳුමක් තිබෙන බව ඔහු කියන දෙයින් පේනවා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නටත් ඔහුට හැකිවේවා. (නදී)
දන්නා දෙයක් කතා කරන්න .......(නදී)
ජනක ඔබගේ අවංක අදහස් වලට ගරු කරන අතරම ඇත්තටම අද මේ තියෙන ශිෂ්‍යත්වය දරුවන්ට දරුවන්ගේ ළමා කාලය කා දාන ශාරීරික වියායාම අඩු කරන දරුවෝ ලෙඩ කරන විබාගයක් , අපිත් ඔය කියන විබගය කොලා මේ වගේ තරඟයක් තිබුනේ නැහැ , අපිට අපේ ළමා කාලෙත් හොඳට විඳින්න ලැබුන . ඒ නිසා දරුවන්ගේ මානසික මට්ටමට ගැලපෙන වෙහෙසකර නොවන අම්මලාගේ නොවන ශිෂ්‍යත්වයක් ඇති කොලොත් හොඳයි (නදී)
මම 5 ශිශ්ශත්වය අසමත්. එත් මම අද විශ්ව විද්‍යාල ජේෂ්ඨ කටිකාචාර්යවරයෙක්. දැන් ලෝකේ හොඳම තැනක ආචාර්ය (ෆ්ඩ්) උපාධිය කරනවා. උනන්දුව කැපවීම තියෙනව නම් 5 විභාගය අසමත් උනාට අනාගතය ජයගත හැකිය. 5 පස් උන අයට විශ්ව විද්‍යාලෙට යන්නත් බැරි වුන අය ඕනාතරම් ඉන්නවා.(නදී)
මමත් ශිෂ්‍යත්වය අසමත් උන කෙනෙක්. අසමත් උන වෙලාවේ නෑදෑයෝ ඔක්කොම මගේ දිහාව බැලුවේ මුළු පරපුරටම නිග්‍රහ කලා වගේ හැගීමකින්. මධ්‍ය විද්‍යාලයක් නිසා මගේ පන්තියේ බාගයක්ම හිටියේ ශිෂ්‍යත්වය සමත් උන අය. නමුත් පලවෙනි වතාවෙන් විශ්ව විද්‍යාලයට ගියේ මමත් තව තුන් දෙනෙකුත් විතරයි. (නදී)
මට අද වගේ මතකයි මම මුලුන්ම පහේ ඔය විභාගෙට යන දවස. අපේ අම්ම උදේ තමයි කිවේ පුතේ අද විභාගේ ලෑස්තිවෙන්න කියලා. හොදටම වහිනවා මොකද්ද කියලවත් දන්නේ නැහැ අම්ම හොයල දීපු කලිසන් කොටෙත් ඇදගෙන කුඩයක් ඉහලගෙන ලොකු අයියත් එක්ක පාපැදියෙන් ගියා. තිබ්බේ වෙන ඈත පාසැලක ඒ පාසැල ඉස්සරහ කඩ පේලියක් තිබ්බා. අපි ඒ කඩයක් ඇතුලට ගියා මොකද ඒ තරමටම වහිනවා මට මතකයි. ඒ කඩේ හිටිය කෙනෙක් මගේ ටි සර්ට් එක ගලවල වතුර යන්න හොදට මිරිකලා මට ඇදගන්න දුන්නා. කොහොම හරි මන් විභාගෙන් පාස් උනා. ඒ කලේ විභාග දෙකක් තිබ්බ පලවෙනි එකෙන් පාස් උනාම දෙවෙනි එක තියෙනවා . දෙවෙනි එකටනම් ටිකක් ගණන් හැදුව මතකයි ඒකෙනුත් පාස් උනා . දැන් ළමයි හම්බවෙන්න ඉන්න කාළෙ ඉදලා අම්මලා ඔය විභාගෙට සුදානම් වෙනවා ලමයිගෙන් ළමා කාළය විනාශ කරලා අපි ඉස්සර පාසැල ඇරුනම ගෙදර ඇවිල්ලා බත් කනවා විතරයි අම්මල දකින්නේ වත්ත පහලට ගිහින් සෙල්ලම් කරනවා අදුර වැටෙනකම්ම.(නදී)
ප්‍රශ්නය තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය ගැන නොව පහත් මට්ටමකට වැටෙමින් යන වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළයි. දේශපාලනය විසින් අධ්‍යාපනය ගිලගෙන තිබෙන්නේ. ඉතින් කොහොමද බරක් නොවෙන්නේ. (නි)
ළමයි එකේනම කැමති වෙයි. අම්මලට තමයි ප්‍රශ්නේ වෙන්නේ.(නදී)