(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00 සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති.
එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .
හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද ඉන්දියාවේ බලා පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.
ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති