IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට

(රංජන් කස්තුරි)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ  ගුරුවරියන් පිරිසක්  විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්‍යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය.

පාසල් පැවැත්වෙන දිනයක් හෙයින් පාසලේම කොටසක පවත්වාගෙන යන විභාග පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් පැමිණිය යුත්තේ සාරි ඇඳගෙන ආ බවත් පහසු ඇඳුමකින් පැමිණි අය ගේට්ටුවෙන් ඇතුළට ගැනීමට නොහැකි බවත් පාසලේ ආරක්ෂක නිලධාරීන් තරයේ ප්‍රකාශ කිරීම නිසා දෙපිරිස අතර ඉතා උණුසුම් තත්ත්වයක්ද හට ගැණිනි.

පාසලක විනයක් ඇති බවත් එම නිසා ගුරුවරියන් සාරි ඇද පාසල් භූමියට ඇතුළු විය යුතු බවත් තමන් ක්‍රියාත්මක කරන්නේ විදුහල්පතිනියගේ නියෝගය බවත් එම ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබිණ.

එහිදී පිළිතුරු පත් ඇගයීමට පැමිණි ගුරුවරියන් සඳහන් කර ඇත්තේ විභාග පිළිතුරුපත් ඇගයීමේ මධ්‍යස්ථානයක පාලනය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සතුවන හෙයින් ඒ පිළිබඳව විදුහල්පතිනට වගකීමක් නොමැති බවය.

කෙසේ වෙතත් දෙපිරි අතර තර්ක විතර්ක උණුසුම් වෙමින් පැවති අතර එය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.

පොලිසිය මැදිහත් වුවද දෙපිරිස් අතර සමථයක් ඇති නොවූ හෙයින් විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබුණේ එම විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමන ලෙසයි.

 



අදහස් (27)

ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට

මැක්ස් Thursday, 16 January 2025 09:54 PM

පාසල පැවැත්වෙන දිනයෙක රජයේ පාසලකට ඇතුලු වීමේ දී කාන්තාවන් සේ ම පිරිමි අය ද තමන්ගේ ඇඳුම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙම සිදුවීමේ දී විදුහල් පතිනියගේ ක්‍රියාව එම සම්ප්‍රදායයට එකඟ වග.පෙනේ. ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරියන් උද්දච්ච විලාසයෙන් හැසිරී ඇති බව පෙකේ.

:       13       35

Nandalal DE SILVA - France Thursday, 16 January 2025 10:47 PM

ඔවැනි තීරණයක් ගන්න තිබුනේ එම ටීචර්ලා ගවුම් නැතුව හෝ 'මිනි' ගවුම් ඇඳගෙන ආවා නම් විතරයි. මේ අය හියුමන් රයිට්ස් කොමිෂන් එකට ගියොත් මොකද වෙන්නේ ?

:       26       12

Chinthaka Friday, 17 January 2025 10:48 AM

මානව හිමිකම් එකට ගියොත් මොකුත්ම වෙන්නේ නැහැ. මොකද රජයේ සේවයට පත්වීමක් ලබද්දී ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසි සහ ඒවා සංශෝධනය කරන චක්‍රලේඛ වලට අනුව කටයුතු කිරීමට එකගවෙලා අත්සන් කළාම තමයි සේවයේ යෙදීමට හැකිවෙන්නේ. එහෙම නම් ඔය ඔක්කෝමලා ඒකට එකඟවෙලා තියෙනවා. ඊළඟට රජයේ සේවයට බැඳෙන සෑම කෙනෙක්ම පවරන කටයුතු ඉටුකිරීම කරන්න ඕනෑ.. ඒ නිසා එම නීතී නොදැන මානව හිමිකම් යන්න බැහැ. ඊළගට නීතිය නොදන්නවා කීම පිළිගන්නෙ නැහැ නේද?

:       4       11

Lalla Thursday, 16 January 2025 11:20 PM

ඉස්කෝලෙ කොල්ලන්ට ඇඟ පෙන්නන්න ආස හිතිල නේද?

:       8       16

pj Friday, 17 January 2025 12:28 AM

සිස්ටම් ඡේන්ජ් තුළින් පුනරැදයට........ගවුම් අදින විනය ගරැක කාන්තාවන් ඒමටය....වැඩ අවසන් වූ පසු රස්තියාදු ගැසිමට ගවුම පහසු ඇඳුමකි

:       11       17

වල්බූරූ නිදහස Friday, 17 January 2025 01:04 AM

මේ ගුරුවරුන්ව බලෙන්ම මුස්ලිම් කරන්න ඕනෙ .නැත්නම් ඉස්සරහට නාන ඇඳුමෙන් එන්න පුළුවන්

:       12       9

මිලානෝ වැසියා Friday, 17 January 2025 01:57 AM

නියමයි. ඒ විදුහලිපතිනියට හද පිරි උත්තමාචාරය. රැඩිකල් කුහක හැත්ත රටේ අනාගත පරපුර ඉදිරියේම රටේ හැදියාව සභ්‍යත්වය සංස්කෘතිය විනාශ කරනවා. මේ රැඩිකල් කුහකයින්ට ඉඩ දීලා ගියොත් තව අවුරුදු 10ක් 15ක් යද්දි සෝම්බි ලංකාවක් තමා ඉතිරි වෙන්නේ. ඒ නිසා විදුහල්පතිනිය ගත් ක්‍රියාමාර්ගය අගයනවා.

:       14       23

Ahmed (Gulf) Friday, 17 January 2025 02:03 AM

අපේ අගමැතිතුමා පන්ජාබි ඇඳුමෙන් ඇවිත්, මේ මෝඩ ප්‍රධාන ගුරුවරයා මොනවා කරන්නද යන්නේ?

:       13       6

චතුරි Friday, 17 January 2025 05:35 AM

මේ වගේ උන් නිසා තමයි දරුවොත් හදා ගන්න. බැරි. පගාව දීලා පත්වීම් ගත්තු කට්ටිය කිසිම උගත් කමක් නැති. ඉදිරියේදි පාසැල් චාරිකා යනකොට බිකිනි අරගෙන එයි නාන්න. අද දඩුවම් නුදුන්නොත්

:       8       15

Gisha Jayamannna Friday, 17 January 2025 06:29 AM

මාර වැඩක් නේ මේක

:       2       5

Thennakoon Friday, 17 January 2025 06:57 AM

ඔව් ඒක හරි .විනය තමයි මුලින්ම

:       4       17

ඉඳිපරපේ ධම්මසිරි හිමි Friday, 17 January 2025 07:12 AM

එම ආරක්ෂක නිලධාරීන්ට අපගේ ගෞරවනීය ආචාරය. රටේ විනය හදන්න පාලකයො මාරු කරල බෑ. රටවැසියන් විනයගරුක, නීතිගරුක විය යුතුයි. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන අයට සහාය දිය යුතුයි.

:       6       19

Kumara Friday, 17 January 2025 11:10 AM

හාමුදුරුවනේ, එතකොට පිරිමි ගුරුවරුන් ජාතික ඇඳුම නේද අඳින්න ඕනෑ...? සාරියෙන් කොහොමද විනය රැකෙන්නේ කියලා පැහැදිලි කරන්න පූළුවන්ද?

:       4       6

සාලිය Friday, 17 January 2025 07:28 AM

පිස්සු තමා, මෙච්චර කල් සාරි ඇදලා වෙච්චි හොදක් තියනවා ද?

:       16       15

සංජීව Friday, 17 January 2025 07:46 AM

අපි හැමදාම කලේ රෙද්දෙන් විතරක් විනය හදන එක. ගවුම කියන්නේ අසංවර ඇඳුමක්ද? ඔය විදිහට විනය හදන්න ගිහින් තමයි ලංකාවේ පාරවල් දිගට කුණුමළු වීසිකරල තියෙන්නෙ..

:       12       15

Lalla Friday, 17 January 2025 10:54 AM

නෑ. විදුහල්පතිනිය කියලා තියෙන්නේ ගවුම පස්ස පලලා කොටට අවයව පේන්න ඇඳල වරෙල්ලා කියලා...

:       2       4

ස්ටැන්ලි Friday, 17 January 2025 11:06 AM

සංගමේ එකා ශ්‍රී ලාංකික වුණාට සිංහල සංස්කෘතිය විනාශ කරන්න සිටින කෙනෙක් තමයි. මෙහිදි ඒකා කරන්නේ සිංහල සංස්කෘතිය විනාශ කරන අතරේ ඒවා මේවා එළිදැක්වීමට කැමැති පිරිසට අවස්ථාවක් ලබාදීමේ උපක්‍රමයක් තමයි... මේ නිසා මින් ඉදිරියේදී ඔසරිය හෝ සාරිය ඇඳීමට කැමැති තරුණියන්ටත් පාසැලේදීත් පිරිමි අයට ටීසර්ට් ඇදීම තහනම් බවත් පැවිදි අයට ඒ අයගේ ඇඳුමත් ඇදීම අවශ්‍යයි කියලා අයැදුම්පත් කැඳවීමට කටයුතු කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඕනෑතරම් පිරිස් ඉදිරිපත් වේවි...!

:       3       4

ජගත් ලියනගේ Friday, 17 January 2025 08:30 AM

ගුරැවරැන් අනිත් අයට ආදර්ෂමත් විය යුතුයි.

:       4       15

janahitha Friday, 17 January 2025 09:24 AM

ගහලා පන්නන්න ඕන ඔය අම්මන්ඩිලා පෘතුගිසි ඇදුම් ඇදන් පාසල ඇතුළට එන අය එලවන්න ඕනෑ

:       5       10

දිමුත්Friday, 17 January 2025 03:05 PM

හැබැයි ඔය සාරිය, ඔසරිය ඉන්දියන් ඇඳුම්. අපේ ඇඳුම රෙද්දයි, හැට්ටෙයි.

:       0       0

චීටර් සංගමය Friday, 17 January 2025 09:28 AM

ටීචර්ලගෙ කතාව ඇත්ත‍. සාරි ඇඳන් ආපුවහම හොඳට හුළං වදින්නෙ නැති හින්දා මොලේ රත්වෙලා සංයුක්ත ගනිතය වගේ විශයවල උත්තර පත්තර බැලීම වැරදෙන්න පුලුවනි. ඒ නිසා මොලේට හොඳට හුලං වදින්න ගවුම් ඇඳගෙන ඒම කිසි වරදක් නෑ. මොලේ තියෙන තැන අනුව කල්පනා කරන්න විදුහල්පතිතුමිය.

:       2       10

Chinthana Friday, 17 January 2025 10:14 AM

උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ලබා දෙන උපදෙස් වල ඇඳගෙන ආ යුතු ඇඳුම නියම කරලා නැත්තම් එහෙම බලෙන් සාරි අන්දන්න බැහැ . මානව හිමිකම් නඩුවක් ගියොත් විදුහල්පතිනිය හොම්බෙන් යන්නේ

:       12       12

Rupika Friday, 17 January 2025 11:12 AM

රටේ සංස්කෘතිය සදාචාරය විනාශකරන්න කැමැති කෙනෙක් මානව හිමිකම් බලන්න හිටියොත් නම් සුළු පිරිසකගේ ඉල්ලීම ඉටුකර විශාල පිරිසකගේ හිමිකම් උල්ලංඝනය කරාවි...!

:       3       2

රම්බොඩ Friday, 17 January 2025 10:30 AM

ගුරුතුමිය කියන ගෞරවණීය ආදරණීය චරිතය පිරිහෙන්න දිය නොහැකියි. විනයක් නැති, දැක්මක් නැති හුදෙක් දේශපාලන මතයක් විතරක් දරන හීන ජනකොටස් වලට නම් දිව ඇඹරී යන තරමට මීට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් ඒ හීන ජන කොටසට සමස්ත සමාජයක් විනාශ කිරීමට ඉඩ දිය නොහැක. හොඳ කොන්දක් ඇති ඒ විදුහල්පති තුමියට සමස්ත ගුණගරුක, හොඳ ප්‍රජානනයක් ඇති සමාජයේම ගෞරවය සහ ආචාරය හිමිවේ...

:       2       3

විපිරමා Friday, 17 January 2025 10:48 AM

විදුහල්පතිනම් නියම කොන්දක් තියෙන කෙලින් කෙනෙක් මම ඔබට සුබ පතනවා. නියමයි නියමයි...!

:       4       3

අරවින්ද මොනරවිල Friday, 17 January 2025 11:45 AM

මෝඩ, උද්දච්ච පසුගාමී අදහස් තියෙන මිනිස්සු තවමත් නලියනවා. මේ විසි එක්වන සියවසේ කාන්තාවකට තමන් කැමැති ඇඳුමක් අඳින්න තරම් නිදහස් නැති ගෝත්‍රික අදහස් වලින් පිරුණු සමාජයක් මේක. අනිත් අය අඳින්න ඕන අපි කැමැති ඇඳුමක් විතරයි කියලා තීරණය කරන්න හදන අය හිතාගෙන ඇත්තේ ඔවුන් සර්වබලධාරී දෙවියන් කියලා වෙන්න ඇති...

:       4       10

Rohana Friday, 17 January 2025 03:24 PM

සාරිය රටේ සභ්‍යත්වයේ සංකේතය නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 17 239 0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදි


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 1062 1

විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2025 ජනවාරි මස 17 201 0

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ ක


රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්
2025 ජනවාරි මස 17 779 0

රත්මලාන ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස ප


ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි
2025 ජනවාරි මස 17 299 2

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


චීනයේ සතුටුම නගරයට ජනපති යයි
2025 ජනවාරි මස 17 1079 3

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 313 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 582 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site