IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ප්‍රේමලාල්ගෙන් යළිත් කරනමක්

(යොහාන් භාසුර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හෙට (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එකතුවීමට නියමිතය.

‘චොකා මල්ලි’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන ප්‍රේමලාල් ජයසේකර මහතා පොහොට්ටුවේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දක්වන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය. 



අදහස් (25)

ප්‍රේමලාල්ගෙන් යළිත් කරනමක්

Jayarathna Monday, 12 August 2024 05:24 PM

අම්මෝ ලොකු දෙයක් 2015 මැතිවරණය වෙලාවේ මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීම් ස්ථානයේ සංවිධාන කටයුතු කළ කෙනෙක් මරාදැමීමට ඔහුගේ සහභාගිත්වය තිබුණා... එහෙම තියෙද්දී ඔහු රනිල්ට සහාය දෙනවිට පාක්ෂිකයින්ට ඉවත්වෙලා ගිහිල්ලා රනිල්ට පරාජය උරුම කරන්න පුළුවන්... ඒ නිසා උන්දෑට රට කන්නන්ගේ පිලට යන්න කියන්න...

:       10       115

sukitha Monday, 12 August 2024 05:26 PM

කෙසෙල් ඉඩමේ කොස් ගහක්...

:       6       56

Gunendra Monday, 12 August 2024 05:37 PM

මතකද? වසන්ත සේනානායක...!

:       4       65

මහසෙන් Monday, 12 August 2024 05:56 PM

ඇත්තටම මෙහෙම එහාට මෙහේට පනින අයට කියන්න ගෙම්බා හැර වෙනත් වචන තියෙනවද?

:       6       60

C.K.Lankaputhra Monday, 12 August 2024 06:24 PM

ගෙම්බා නොවෙයි මහසෙන් මල්ලි, එයාට රිලාප්‍රේම් කියමු. රිලාසිරි සතෙකුත් දියවන්නා කැලේ ඉන්නවානේ...

:       3       38

සෑම් Monday, 12 August 2024 06:31 PM

මිනීමරුවෙක් හින්දා අනිත් හොරු ටික රනිලාට කියන්න ඇති මෙයාව එළවන්න කියලා. ඒ හින්දා මහ ගෙදරට ගිහිල්ලා අරයාගේ කකුල් ශක්තිමත් කරන්න ආවා කියලා වොයිස් කට් එකක් දෙන්න.

:       13       57

sarath Monday, 12 August 2024 06:41 PM

මෙයාට යන්තමට හරි මොලේ පෑදිලා වගේ... ඒකයි. දන්නවා කොහොමත් නාමල් දිනනවා කියලා... දැන් ඉතින් අනිත් ගෙම්බන් ටිකත් දෙපාරක් හිතනවා ඇති. වරෙන් මචෝ.. අපි කොහොමත් දිනනවා.

:       41       19

WCA Monday, 12 August 2024 06:42 PM

රත්නපුරේ අයට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද කියලා ඡන්දෙදී බලමු...!

:       3       44

අරවින්ද මොනරවිල Monday, 12 August 2024 06:51 PM

මොවුන් දැන් පිස්සු වැටිලා ඉන්නේ, කොයි පැත්තට යන්නද කාහට උදව් කරන්නද කියලා. තනතුර වරප්‍රසාද සහ වරදානවලට වැඩිය ඉදිරියේදී එන ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් යටතේ තමන් කළ අපරාධ වංචා හා දූෂණ වලට නඩු වැටෙන හැටි හා දඩුවම් ලැබෙන හැටි හීනෙනුත් පෙනෙනවා ඇති...!

:       83       73

සෙනෙවිරත්න Monday, 12 August 2024 08:37 PM

මොනව වුණත් කෙලෙහිගුණ දන්නා මිනිහෙක්. මහින්දගේ පොටෝ පෙන්නලා බලයට ආපු අය, මාවිල් ආරු රක්ෂණ වන්දි, වංචා කරලා ඒක ගොඩදාගෙන හිටපු එකත් පිටුපෑවා. අනිත් අයත් එහෙමයි...

:       0       0

Thushara Monday, 12 August 2024 08:47 PM

File එක උඩ අරන් බය කරලා වත්ද?

:       0       2

ටෝයිබය්යා Monday, 12 August 2024 08:53 PM

එල්ලුම් ගහට නියම වෙච්චි කට්ටිය ඉන්නවා නම් කියන්න ජනාධිපති සමාව අරගන්න පුළුවන්. මේ කාලේට විශේෂයි...!

:       0       3

chandima Monday, 12 August 2024 09:12 PM

මාලිමාවේ රැස්වීම් වලදී ජනතාවට කියන්නෙත් ඔය ටිකමනේ. ගිහින් දෙන දෙයක් අරන් ආපහු එන්න. ඔන්න බලන්න ඒක කරන විදිහ..

:       0       3

sam Tuesday, 13 August 2024 05:32 AM

හිරේ ඉන්න ඕනේ කෙනෙක්... කවදාහරි ජම්පරේ අයිතිවෙයි. නීති විරෝධී දේවල්...

:       0       2

Shubhashinie Tuesday, 13 August 2024 06:25 AM

පින්තූරය බැලුවාම ලස්සනට හිනාවෙලා ඉන්නවා. ඒත් හිනාවෙන් හෝ කතාවෙන් බැහැ.. මනින්නට මිනිහා කියන්නේ උඩින් ඔපේ යටින් හපේ වගේ ඇතුලේ තියෙන්නේ අලුගෝසු අදහස් පමණයි.. නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා මහ දවාලේ රත්නපුර නගරයේදී එවකට අමාත්‍යවර ගාමිණී අතුකෝරළ මරන්න ගියේ මොහු තමයි... ඒවාට ඉතින් මිනීමරුවෝ සිටින පක්ෂයේ නායකයෝ සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ...

:       0       2

Nimal 1 Tuesday, 13 August 2024 07:59 AM

ලණු පොට උඩ නටති කෙල්ලෝ, මාරක පිමි පනිති කොල්ලෝ...!

:       0       3

Deepthi Tuesday, 13 August 2024 08:55 AM

කොහේ ගියත් මෙයාලාගේ කාලේ ඉවරයි....!

:       0       3

Nalaka Tuesday, 13 August 2024 09:01 AM

මිනීමැරුම් නඩුවක ඇප පිට ඉන්නේ... දූෂිත මිනිස්සු ඔක්කොම රනිල් ළඟට...

:       0       2

Bunny Preena Tuesday, 13 August 2024 10:36 AM

කරනම් ගහන ශූරයෝ ඉන්නේ ඉතින් පාර්ලිමේන්තුවේ විතරමයි

:       0       5

harsha Tuesday, 13 August 2024 11:01 AM

රනිල් මෙයාව ගන්න බෑ කියලා

:       0       15

samanTuesday, 13 August 2024 11:30 AM

උන් ඹක්කොම යාලුවෝ

:       0       9

Saduni hirunika Tuesday, 13 August 2024 02:22 PM

පේමලාල් සර් අපේ ගමේ ඇමැති තුමා. ඇත්තටම කව්රු මොනවා කිව්වත් එතුමා කවදාවත් රුපියලක්වත් සොරකම් කරලා ඇරන් නැහැ අනිත් ඇමැතිවරු වගේ. එයා හදාගත්ත දෙයක් නෑ ඇත්තටම ඇමැති කමක් තිබ්බා කියලා. හොරා හොරා කියන්න කලින් හොරකම් කරපු දෙයක් තියෙයි නම් ඔප්පු කරලා පෙන්නලා හොරා කියන්න. පැත්තක් ඇරන් කියනවා නෙමෙයි ඇත්ත කියන්නේ. මිනී මැරුවද නැද්ද කියලා අපි දන් නෑනේ දැක්කේ නෑනේ. හැබැයි රත්නපුරේ මිනිස්සු කව්රු ඡන්දේ ඉල්ලුවත් දෙන්නේ මෙයාට මොකද කිසිම ලොකු කමක් නැති නිහතමානී මනුස්සයෙක්...

:       10       1

Piyasena Tuesday, 13 August 2024 05:42 PM

එක රුපියලක් අරගෙන හල්කඳලිය පැත්තේ කෙල්ලන්ට ලොකු වුණාට අපිට නම් මොනවාවත් කරන්න වටිනා මුදලක් නොවෙයි... සඳුනි චොකාගේ තාත්තා ගම්මුළාදෑනිගේ කාලේනම් රුපියලක් කියන්නේ වටිනා මුදලක් තමයි..!

:       1       1

ArunaThursday, 15 August 2024 05:33 PM

ඔව්, ඉඳලා හිටලා වෙඩි තියලා කෙනෙක්, දෙන්නෙක් මරලා දැම්මාට, චොකා මල්ලි හරිම අහිංසකයි නේද අනේ..?

:       0       4

බද්රානි Tuesday, 13 August 2024 02:58 PM

මොහු, ඔහුට සුදුසුම තැන හා ගැලපෙන පුද්ගලයා තෝරාගෙන තියනවා... මිනීමරුවන්ට මේවගේ පිළිගැනීමක් තියන මිලේච්ජයෝ වෙසෙන ලෝකයේ එකම රට.... ඇත්තම කියනවා නම් වනයේ වෙසෙන වල සත්තු හා මුර්ගයින්ට ලංකාවේ මිනිස්සුන්ට වඩා බුද්ධියක් තියනවා.... නැත්නම් මෙහෙම එවුන්ව පාර්ලිමේන්තු යවයිද මොලේ කලඳක් තියන එවුන්...

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 506 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 411 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 723 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2252 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 983 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
2024 සැප්තැම්බර් මස 12 1274 1

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 11 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site