(සන්ඩේ ටයිම්ස්)
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
ලෝක ලේඛනයට මෙම වසරේදී ලෝක උරුම ලේඛන 74 ක් එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේය.
පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති මෙම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් ඇති බව යුනෙස්කෝ සංවිධානය පැවැසුවේය.
ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික භක්තියකයන් අතර සමහිය ඇති කිරීමේ අරමුණින් මෙම ලේඛන නිර්මාණය වී තිබුණු බවද යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය.
මූලධර්මීය කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගොඩානගා ගත යුතු බවට ආගමික නායකයන් අතර හුවමාරු වූ ලිපි මෙන්ම සමස්ත සංවාදයම ඊට ඇතුළත් වේ. පිටු 27 හමාරක් දිග මෙම ලේඛනය තීන්ත භාවිත කරමින් අත් අකුරෙන් පිටපත් කර ඇත.
පානදුර වාද අනුස්මරණ කමිටුව වෙනුවෙන් රන්කොත් විහාරයේ විහාරාධිපති මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලෝක ලේඛනයට මෙම ලේඛන ඇතුළත් කිරීම යුනෙස්කෝව මෙලෙස තීරණය කර තිබේ. ජාතික පුස්තකාල සේවා මණ්ඩලය හරහා මෙම ඉල්ලීම මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
ලේඛන දිරාපත් Monday, 21 April 2025 05:02 AM
ඉතාමත් වටිනකමක් තියෙන මේ ලේඛන ආරක්ෂා කිරිමට හාමුදුරුවො ගත් පියවර අගයමු. ඒවා සංරක්ෂණය සදහා යම් පියවරක් ගන්නවානම් අගෙයි. මේ සමග පැරණි කච්චේරිවල තියෙන වැදගත් ලේඛන සංරක්ෂණය නොකිරීම වගේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාරමේන්තුව යම් ලේඛනයක පිටපතක් ඉල්ලුවාම ලේඛන දිරාපත් කියල දෙන්නෙ නැහැ. ලේඛනාරක්ෂක පනත අනුව ලේඛන සංරක්ෂණය කරන්නෙත් නැහැ .එනිසා වටිනා ලේඛන දැඩිසේ විනාශයට පත්වෙනවා .ඒගැන ජනාධිපතිතුමා හා රාජ්‍ය පරිපාලන ඇමතිගේ අවධානයට යොමුවී සිදුවන විනාශ වීම නැවැත්වීමට කටයුතු කරනවානම් හොදයි