(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයද නිකුත් කෙරිණ.
මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මාස 14 පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 4-11 අතර සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව කැඳවීම දිනය වන්නේ නොවැම්බර් 21 යි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසිවී යන්නේය.
ජනාධිපතිවරයා විසින් මෙසේ විසුරුවා හැරුණේ මෙරට නව වැනි පාර්ලිමේන්තුවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ අත්සන් තැබීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබුවේ නම් එහි කටයුතු ලබන වසරේ අගෝස්තු මාසය දක්වා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් දින දහයකින් පසු දින හතක් ඇතුළත නාම යෝජනා කැඳවිය හැකිවේ. එමෙන්ම ගැසට් නිවේදනය නිකුත් කර දින 52ත් 66ත් අතර කාලයේදී මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන්වේ.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර්ලිමේන්තුව විසුරුවයි