(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් අද (10) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ජයලත් පෙරේරා මහතා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියේය.
එම දෙපාර්තමේන්තුව මෙයට පෙරද ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
පාර්ලිමේන්තුව වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේඛන කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂවරයා යටතේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභා ලේඛන කාර්යාලයේ ප්රධානියාගෙන්ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කළ එම කාර්යාලයේ සේවකයෙකුගෙන් සහ සේවිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
එම දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.
මේ අතර සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන් එහිදී සඳහන් කර ඇත. එම ලේඛනය සභා නායක කාර්යාලයට ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව එම කාර්යාල නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පසුගියදා පැමිණිල්ලක් කළේය.
එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.
මේ සිද්ධිය කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද පසුගියදා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය
ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත
වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්