(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය.
අදාල පාස්කු කොමිෂන් සභා වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා කීය.
"2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් ගනිමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් පැමිණියා.එහි වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලේ නෑ. සමහර කොමිෂන් වාර්තා කොටස් සඟවා තිබුණා.අද පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු සැඟවූ ලේඛන පවා විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා.හොඳට කියවා විමර්ශනයක් කරන ලෙස මා පැවසුවා.
ප්‍රහාරය පිළිබඳ තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ තැනට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද?අප ඒ සැක තැන් ඔක්කොම නිරාකරණය කරමින් පරීක්ෂණ ඉදිරියට ගෙන යනවා.පාස්කු ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් හෙළිදරව් කිරීමේ වගකීම අප දරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට