IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.

ලබන අප්‍රේල් 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරය සිහිපත් වන බව කී ජනාධිපතිවරයා එදිනට පෙර ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය.

වංචා දූෂණ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.

වංචා දූෂණ අපරාධ ආදියට සම්බන්ධ හිටපු ඇමතිවරුන් තුන්දෙනකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර ඉදිරියේදී එවැනි තවත් ගොඩක් ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

පාර්ලිමේන්තුවේ හිටපු අය ගැන ලැයිස්තු ගණනාවක් ඉදිරි දිනවලදී දැනගැනීමට ලැබෙනු ඇතැයි කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය මහජන දේපොළ නාස්ති කරන සංස්කෘතියට තිත තබා තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් දෙයියන්දර පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 



අදහස් (12)

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 30 March 2025 08:15 PM

ඉස්සර කිව්වෙ "සිත නිවන කතා " දැන් අප කියන්නේ " ජන්ද හිඟන කතා " කියලා .

:       7       19

prasanna Sunday, 30 March 2025 08:59 PM

බයිලා තමයි... ශානි ආරක්ෂා කරගෙන, වෙනත් දේශපාලන පලිගැනීමකට තමයි ඔයා සරසන්නේ. මෙවර පළාත් පාලන චන්දේ ජනතාවට තිරණාත්මක එකක්... යුද්ධය දිනාපු හමුදාප්‍රධානින් බේරගැනීම ජනතාවගේ වගකීමක්.

:       39       20

ගුණරත්න Sunday, 30 March 2025 09:59 PM

බුහ හ හ, අපි කවුරුත් දන්නවා ඕකට වගකිවයුතු මරාගෙන මැරුණු කාලකන්නි ත්‍රස්තවාදීන් කියල. මට තේරෙන්නේ නැත්තේ ඇතැම් පිරිස් කොහොමද මේක වෙනස් විදියකට දකින්නේ කියල. සල්ලි දීලා මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරවන්න කාටවත් බැහැ, මොකද මළොත් සල්ලි මොනවා කරන්නද? ඉතින් එහෙම කරන්න පුළුවන් උපරිම මොළ සේදීමක් කරලා විතරයි, ආගමික අන්තවාදීන් එහෙම කරනවා, කොටි ත්‍රස්තවාදීන් එහෙම කළා.

:       52       22

Wanidu Sunday, 30 March 2025 10:24 PM

පෙම්ලොවෙදී දුටු ඔහුමද මේ .ඔබටද මා අන්ද උනේ

:       3       10

පිටිගල මිලානෝ Sunday, 30 March 2025 10:54 PM

ගෝටාට මෙට්ටයක් ඕන වෙයිද….? චාමරයගේ පැදුරේ අයිනක් දෙනවාද…..?

:       17       6

එක මිටට... Sunday, 30 March 2025 11:14 PM

නැගිටපල්ලා නැගිටපල්ලා, සැවොම බලා සිටි පුනරුදය ඇවිල්ලා... සොරුන් අල්ලා ගෙලෙන් සොලවා, දමයි දඟගෙයි චන්දයට පසුදා...

:       3       18

Nandalal de Silva - France Monday, 31 March 2025 12:55 AM

රටක ජනාධිපතිවරයකු දේශපාලන, මැතිවරණ වෙදිකා වලදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකද, නීත්‍යානුකූලද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා. කූල් රූම් එකට පිංසිදු වෙන්න කළු කබායට රිංගා ගත් අර මැදමුලන නාමල් නාම්බා වගේම මටත් නීතිය පිළිබඳව දැනුමක් නැති නිසා, මෙම ප්‍රශ්නයට පිළිතුරක් දන්න කෙනෙක් ඉන්නවනම්, කරුණාකර පොඩි කොමෙන්ට් එකක් දාන්න... ස්තූතියි !!!

:       4       6

Gamini Monday, 31 March 2025 01:36 AM

අම්මෝ උදේට දැක්කොත් කැදත් නෑ

:       4       16

ඩොන්ග එස්. මුදියන්සේ Monday, 31 March 2025 01:43 PM

ඔයා උදේටත් බලනවද ඒක...?

:       1       1

රටාවැසියෙක් Monday, 31 March 2025 08:33 AM

ශ්‍රීලංකා අපිට ඕවා වැඩක්ම ඇති කතා නෙමෙයි. ඔය වැඩ පොලිසියටය්, අපරාධ අංශයටයි බාරදෙන්න. ඔබතුමාගේ කාරිය හරියට කොරන්න.

:       3       17

prasanna Monday, 31 March 2025 10:26 AM

මේක කරේ අර ගෙවල් සහ දේපොල ගිනිතියාපු මොංගල් සංවිධානයේ සෙට් එක.

:       24       13

නන්දන පනා-මිලානෝ Monday, 31 March 2025 11:38 AM

ගුණරත්න…. පාස්කු මහ මොළකරුවන් කලේ පල්ලමේ නවත්වලා තිබ්බ කාර් එකක බ්‍රේක් බුරුල් කරලා මාරුවුණා වගේ වැඩක්… ඔහේ හිතනවාද බෝම්බ බැඳගෙන ගියේ සලේයි, ගෝඨාභයයි කියලා අපි හිතනවා කියලා…?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 254 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 295 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 995 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 298 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්
2025 අප්‍රේල් මස 01 225 0

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කි


මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි
2025 අප්‍රේල් මස 01 159 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 131 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 728 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 762 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site