(යොහාන් භාසුර)
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15 ත් 20 ත් අතර කාල වන විට පෝලිම අවසන් කළ හැකි යැයි අධ්‍යක්‍ෂවරයා දැනුම් දුන් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති පෝලිම නැති කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව කී විජිත හේරත් මහතා ඒ අනුව එම යෝජනා ලැබුණු පසු විකල්ප වෙත යන බව ද සඳහන් කළේය.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
de silva Wednesday, 25 September 2024 03:48 PM
විකල්ප යෝජනා නොවේ.. මෙහෙම වෙන්න හේතුව කුමක්ද කියලා, සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 1500 පමණ නිකුත් කරනවා. මසකට දින 24 පමණ වැඩ කරනවා. මාසෙකට පාස්පෝර්ට් 36000ක් පමණ නිකුත් කරනවා. මාසේ 1 වෙනිදා ඉදිරි මාස 3 අවශ්‍ය ගමන් බලපත්‍ර ගබඩාවල තිබෙනවාද කියලා පරීක්ෂා කර බලා නොමැති නම් වහාම ඇනවුම් කරන්න කියලා ආගමන විගමන පාලකට නියම කළ යුතුයි.. මේ පෝලිම් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට ඉන්න නිලධාරීන් අල්ලස් ගැනීම සඳහා කෘතිමව හදපු බව පෙනී යනවා. රියදුරු බලපත් ප්‍රශ්නෙත් මේ සමගම හොයා බලන්න. ඔය රියදුරු බලපත් මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් කරන්න.
fairoos Wednesday, 25 September 2024 05:32 PM
ඒ කියන්නේ ඔබතුමන්ලා ළඟ විසඳුම් නැද්ද?
Banda Wednesday, 25 September 2024 05:35 PM
ගබඩා චෙක් කරන්න. අල, ළූණු, සීනි විකුණන තොග ගබඩාවක් නෙවෙයි. පාස්පෝට් ඔෆිස් එකේ පරිගණකවලින් වැඩකරන තැනක්. දිනපතා නිකුත් කරන කොට ස්ටොක් එක අප්ඩේට් වෙන්න ඕනෑ.