IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී  පැවැත්වීමට නියමිතය

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වෙති.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන  මැතිවරණයේ  නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන  අබේ රත්න මහතා පැවසීය

පළාත් පහළ මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක් රජයෙන් දැනටමත් ඉල්ලීම් කර ඇත.

පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසම විසින්  අත්හිටවනු ලැබීය.

මේ අතර පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව එම මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු කීවේය.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ  අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත්ව  සිටියහ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.

නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර අපේක්ෂකයන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී  පක්ෂ මාරු  කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණයවීඇත.

ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.



අදහස් (0)

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 1726 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 1657 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1137 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 526 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 671 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 415 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 592 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 800 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site