(චමිල් රූපසිංහ,ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් අතුරුදහන් වූ 68 හැවිරිදි පුද්ගලයාගේ මළසිරුර හමුවූ බව පොලිසිය කියයි.
අධික වර්ෂාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රී 10.30ට පමණ මෙම නාය යාම සිදු විය. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අනුර ජයවීර නමැති අයෙකි.
නාය යාමෙන් විනාශ වූ කඩයක් අසල නිදා සිටියදී ඔහු පස් කණ්ඩියට යටවී ඇත.
සිද්ධියත් සමග මහනුවර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර අතර පසුව අලුයම 3.30ට පමණ පස්කණ්ඩියට යටවීමෙන් මියගොස් සිටි ඔහුගේ සිරුර සොයාගැනීමට හැකි විය.
----------------------------------------------
(චමිල් රූපසිංහ)
පේරාදෙණිය නගරයේ වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් නාය නායෑමකින් පුද්ගලයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
පෙරදින මධ්‍යම රාත්‍රී සිදුවූ මෙම නායෑම නිසා වෙළෙඳහලක සිටි පුද්ගලයකු එසේ යටවී අතුරුදහන්ව ඇතැයි ද පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව සිරුර සෙවීමේ කටයුතු සිදු කරයි.
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක
ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පේරාදෙණියේ නාය යාමකින් අයෙක් මරුට
අතුල Wednesday, 22 November 2023 08:56 AM
මහාචාර්ය විතානගේ කියලා තිබුනා මුලු නගරයම වෙනත් තැනකට ගෙනියන්න විශාල අනතුරක් වෙනවා කියලා