IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට ,පෙතිගමුව  පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවායි.

මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.

පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර , එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන්  එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන්  පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 



අදහස් (0)

පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද වැස්ස නැති දවසක්
2024 දෙසැම්බර් මස 24 16 0

ඌව පළාතෙත් හම්බන්තොට,රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ


පන්දහසක අල්ලසට යට වූ සැරයන්
2024 දෙසැම්බර් මස 24 60 0

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ ස


අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 24 401 0

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හ


ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්
2024 දෙසැම්බර් මස 24 463 0

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙ


හදිසි මරණ වළක්වන්න හොඳ හදිසි ප්‍රතිකාර ඕනේ
2024 දෙසැම්බර් මස 23 380 0

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය


අපනයනවල නොවැම්බරයේ වර්ධනයක්
2024 දෙසැම්බර් මස 23 220 0

මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බව


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 71 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 45 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site