IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි

(රෝෂන් තුෂාර)

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන් අමරසේන මහතා නියෝග කළේය.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීී පොලිසිය අධිකරණයේ පෙනී නොසිටීම ඇතුළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය.

අයිස් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන සැකයට සැකකරු පසුගිය නොවැම්බර් 24 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට පත්වීමෙන් පසුව රැඳවුම් භාරයේද සිට ඇති අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කිසිදු පොලිස් නිලධාරියකු අධිකරණයෙ පෙනී සිටීනු දක්නට නොලැබිණ.

එම අවස්ථාවේදී විමර්ශන ගොනුව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ගොනුවට සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් නොකිරීම , අත්අඩංගුව ගත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු නොකිරීම සම්බන්ධයෙන් සටහනක් පැමිණිලි ගොනුවෙ නොමැති බව නිරීක්ෂණය කළේය.

සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල පියවර නොගන්නේ නම් සාක්ෂි නොමැති සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කරන බවට නියෝග කළේය.

අදාල නඩු කටයුත්තෙන් සැකකරු නිදහස් කළද සැකකරුට එරෙහිව තවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් නඩු ගණනාවක් පවතිනි බැවින් තවදුරටත් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බව බන්ධනාගාර නිලධාරියෙක් එසැන සමග පැවසීය.

 



අදහස් (3)

පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි

පිටරටවැසියා Thursday, 02 January 2025 09:39 PM

පොලිස්පති, පොලිස් කොමිසම, පොලිස් ඇමැති, මෙවැනි අකාර්යයක්ෂම නිලධාරීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරමි. රටකාපු හොරු අල්ලුවාමත් ප්‍රතිඵලය මෙවැනි දෙයක් නොවේවා...!

:       0       11

Ahmed (Gulf) Friday, 03 January 2025 12:20 AM

පොලිසිය හොඳට ජරාව කාලා වගෙයි

:       0       9

Perera Friday, 03 January 2025 09:09 AM

පොලිසිය නොපමීනි සිටින්න හොඳ ගාණක් කඩාගන්න ඇති සැක කාරයන්ගෙන්

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ- වීඩියෝ යවලා
2025 ජනවාරි මස 05 325 0

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්


ව්‍යාජ නෝට්ටු සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 05 124 0

දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකක


ගිනි අවියක්- මැගසීනයක්-උණ්ඩ රෙදි සෝදන යන්ත්‍රයකින් මතුවෙයි
2025 ජනවාරි මස 05 524 0

මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්,


දිවයිනේ බොහෝ ප්‍රදේශයට වැස්ස නෑ
2025 ජනවාරි මස 05 97 0

සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කළුතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බ


දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්
2025 ජනවාරි මස 05 475 0

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති


ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ
2025 ජනවාරි මස 05 1118 0

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම ක


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 417 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 204 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site