(නිමල් ජයරත්න)
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය, යන ආසන තුනේ ඡන්ද මධ්‍යස්ථාන 292 ක් පිහිටා තිබූ අතර එම ඡන්ද මධ්‍යස්ථානවල සිට සියලුම ඡන්ද පෙට්ටි මේ වනවිට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ගණන් කිරීම මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් පවතින බව සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීය.
දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සවස 4.15 ට ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.
එහි ප්‍රතිඵලය රාත්‍රී 8 වනවිට පමණ ලබාදීමට හැකියාව තිබෙන බවත්, සාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වීමට පෙර ලබාදීමට හැකියාව තිබෙන බවද සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලීය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ චන්ද ගණන් කිරීමේ ශාලා හතළිස් අටක් පිහිටා තිබෙන අතර, ඉන් තැපැල් ඡන්ද ගණන් කිරීමට ශාලා 15 ක් ද, සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමට ශාලා 33 ක් යොදා තිබෙන බව ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලොන්නරුව සියයට 78යි