IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ  සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ජනාධිපතිවරයාට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.



අදහස් (8)

පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති

Prabha Saturday, 27 July 2024 03:37 PM

තම ස්වාමියා වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන කෙනෙක් දැක්කාමයි.

:       55       19

ගමේ එකාලා Saturday, 27 July 2024 04:56 PM

පොදුජන පෙරමුණේ නායකයා රටම හොරාකාලා විනාශ කරපු කෙනෙක්. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කපටි කයිරාටික කම්වලින්, බල තණ්හාවෙන් නම් උත්තරීතර වෙලා ඉන්නේ...!

:       54       28

Aruna Saturday, 27 July 2024 05:12 PM

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ...?

:       39       26

අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 05:17 PM

හිරේ යන්න අකැමැති නිසා සහය දෙන්න කැමැති වෙයි...

:       57       29

රටවැසියා Saturday, 27 July 2024 05:46 PM

ඔය කවුරු ගිවිසුම් ගැහුවත් රටවැසියන් තීරණය කරලා ඉවරයි. ඔබලාට ඡන්දෙ නොදෙන්න !!! නුඹලා හොරු, මිනීමරුවෝ...

:       59       40

සාගත මුදළි Saturday, 27 July 2024 06:02 PM

ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් වඩා ලොකුයි කියන්නේ ඔය නිසා තමයි. බැසිල් පළාත් පාලන ආයතන වලින් 90% සහ පළාත් සභා හා පාර්ලිමේන්තුවේ 70% ක් ඉල්ලද්දී මොකටද ඔය හොරු ළඟට යන්නේ සාගත ලොක්කා. ඇත්තටම ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?

:       52       32

Ariyathilaka Saturday, 27 July 2024 07:41 PM

එදා සිට දේශපානය කරන මේ සියලු දෙනා ම වීර්ය කරන්නේ රටේ ජනතාව සැපවත්ව තැබීමට යි. තරුණ කාලයේ සිට වල පයයි ගොඩ පයයි වෙනකම්මත් දේශපාලනය කළේ ඒ බව කියමින්.. ජනතාවට හොඳ ජීවන තත්වයක් සැපවත් ජීවිතයක් ළඟා කර දීමටයි ඒ අය වීර්යය කළේ. කවදාවත් හොරකමක්, වංචාවක් කරන්නේ නැතිව තමන්ගේ අතින් වියදම් කරගෙන ජනතාවට කැපවීම පුදුමයක්...! සමහර දේශපාලනයෙහි හිටිය අයත් එහෙම කර පරලෝකප්ප්‍රාප්ත වුණා.. තවම ඒ දෙපිරිසම රටේ සිටිනවා. දේශපාලනය කරවන අය සහ ජනතාව; පුදුමය නම් තවම ත් දේශපාලන නායකයෝ කොතරම් කැප වුනත් ජනතාව සුඛිත මුදත නැති වීම ය. ඒ වුණාට සක්‍රීයව වරප්‍රසාද ලබමින් දේශපාලනය හොබවන අය සැපතින් සරුව ධන භාග්‍ය සහිතව සිටිත්. ජනතාව “හෙට හොඳ වේවි.. හෙට හොඳ වේවි.. අපටත් හොඳ කලක් කවදා හරි ලැබේවි යයි සිතමින් දුකින් ශෝකයෙන් සිටිත්. ජනතාවට හොඳ වීමට නම් ප්‍රෝඩාතන්ත්‍රවාදය නැති වී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ දවසක රටේ ජනතාවටත් හොඳ කලක් යාවි.. ඒ බව ජනතාව දැන ගන්නවාට ප්‍රජාතත්ත්‍රවාදය කැමැති නැත. ප්‍රෝඩාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගැනීම පහසු නැත. හේතුව ජනතාව ආර්ථික දරිද්‍රතාවයෙහි ගිලී, දැනුමින් සන්නද්ධ වීමේ මඟ ඇහිරීමයි...

:       31       12

පිටරැටියා Sunday, 28 July 2024 02:12 PM

රටට වැඩිය තමුන්ගේ පැවැත්ම සහ බලය ගැන හිතන දුශිත දේසපාලුවෝ ගැන කවර කතාද ?

:       6       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 10 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 598 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 395 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 944 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 264 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 820 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 867 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site