IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා

(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ වේදිකාවේ කයිවාරු  ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

මේ වන විට රට  අමාරුවෙන් ක්‍රියාත්මක වන බවත් අනුර කුමාර දිසානායක  ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට දුන් පොරොන්දු අනුව  බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අයි එම් එෆ් සමග සිදු කළ සාකච්ඡා වලින් පසු බදු අඩු වෙයි කියා ⁣අපේක්ෂා කළත් එවැනි දෙයක් නොවු බවත් වැට් බදු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න නොහැකි වු බවත් දෙමටගොඩ දී අද (30) පැවති ජන හමුවකදී ඔහු පැවසීය.

අයි එම් එෆ්  ඊලග සලකා බැලීම කල් දා ඇති බවත් බදු බර අඩුකර රට ඉදිරියට යාමටත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම වෙනස් කිරීමටත් අයි එම් එෆ් සමග සාකච්ඡා කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය .

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට අයි එම් එෆ් සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසු බවත් ඔවුන් එයට එකග වී ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්න පොරොන්දු වු බවත් ඔහු සඳහන් කළේය.

ඒ සඳහා මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ තුළින් නව අයි එම් එෆ් ගිවිසුමකට යා හැකි බවත් ප්‍රේමදාස මහතා  පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අයිඑම්එෆ් ණය ගෙවීම 2028 දක්වා අඩු කර ගිවිසුම් ගතව ඇති බවත් තවත් වසර 4කින් එම ණය ගෙවීම මේ ආකාරයෙන් නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතර ආණඩුවට මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය



අදහස් (6)

බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා

Lakmal - Katunaya Wednesday, 30 October 2024 02:36 PM

පොඩ්ඩක් ඉන්න. තාත්තලා, පුතාලා අවුරුදු 76ක් උලාකාපු රට එක මාසෙන් හදන්න බෑ. මෝඩකම ප්‍රදර්ශනය නොකර මොනවාහරි දෙයක් හරියට ඉගෙන ගන්න.

:       7       27

Jayasekara Wednesday, 30 October 2024 02:36 PM

ඔබතුමාගේ අම්මගේ ඇතුළු පෙන්ෂන් ගිය අය වියදම් අඩුකළාම නිකන්ම රටේ බර අඩුවෙනවා තමයි හලෝ... ආයේ අමුතුවෙන් අඩුකරන්න දෙයක් නෑ.

:       7       21

janahitha Wednesday, 30 October 2024 02:37 PM

හත්වලාමේ උල්කාපාතේ... ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදි ගමේ ගියැයි...!

:       4       16

Pankumburage Wednesday, 30 October 2024 03:37 PM

පොඩ්ඩක් ඉවසන්න හලෝ ඇයි කලබලේ? අනුරට අවුරුදු 5 ක්‌ තියෙනවා. කරලා පෙන්නයි. කසාද බැඳලා ළමයෙක් හම්බවෙන්නත් මාස දහයක් යනවානේ. මෝඩයා කියලා දන්නවා ප්‍රදර්ශනය කරන්න එපා...!

:       2       12

RS Wednesday, 30 October 2024 03:43 PM

මොකද හදිස්සි? ඉවසන්නේ ඔයගොල්ලෝ නිසා තමයි, මෙහෙම වෙලා තියෙන්නේ..! 

:       2       11

Batagoda don simanWednesday, 30 October 2024 06:44 PM

ඒක හරි. මෙයා කියන්නේ එයාගේ පියාණෝ ඇතුළු නඩේ අවුරුදු ගාණක් කාපු රට අනුරට මාසෙන් ගොඩ දාන්න කියලා. පොඩ්ඩක් ඉවසලා ඉඳින් පුතේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය - දරු දෙදෙනා දිවි බේරාගෙන
2024 ඔක්තෝබර් මස 30 57 0

පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදු


සියළු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙයි
2024 ඔක්තෝබර් මස 30 84 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි ක


අම්බර කිලෝ 17ක් සමඟ පහක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 30 135 0

ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැ


දුම්රිය ප්‍රවේශපත් කවුළු වහයි
2024 ඔක්තෝබර් මස 30 96 0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති.


බිරිඳ මැරීයැයි වසර විසි අටකට පසු මරණ දඬුවම
2024 ඔක්තෝබර් මස 30 317 0

මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල


‘උසස් පෙළ කල් දාන්නෙ නැහැ ‘
2024 ඔක්තෝබර් මස 30 248 0

2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 623 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site