(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ට මරු කැදවා 40කට තුවාල සිදු කරමින් වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිදු වූ බස්රථ අනතුරට සම්බන්ධ රියදුරු මේ මස 14 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා මහතා නියම කළේය.
මෙම බස්රථ අනතුරින් රියදුරු බරපතළ තුවාල ලබා දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව බදුල්ල පොලිසිය බදුල්ල අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) බදුල්ල ශික්ෂණ රෝහලට ගොස් සැකකාර බස්රථ රියදුරු පරික්ෂා කර බලා එම රියදුරු බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ශාව යටතේ තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ද නියෝග කළේය.
ගාල්ල දම්මල ඇල්විටිගල ජනපදයේ පදිංචි කේ.ප්‍රසාන්ත කුමාර (41) නැමති රියදුරු මෙසේ රිමාන්ඩ් කෙරිණි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ල බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්
sam Tuesday, 12 November 2024 01:26 PM
තරුණ ජිවිත විනාශ කළ නරුමයා..
Kumara Tuesday, 12 November 2024 09:48 PM
විශ්ව විද්‍යාලයේ පරිපාලනය ඉතාමත් දුර්වලයි. අපරික්ෂාකාරී පාලනයක්... රියදුරාගේ රිය පැදවීමේ බලපත්‍රය අධිකරණය මගින් අවලංගු කර තිබිය දීත් සේවයේ යෙදවීම බරපතල වරදක්...
Gamebas Wednesday, 13 November 2024 06:10 AM
එතකොට විශ්ව විද්‍යාලය පැත්තෙන් මොකුත්ම කරන්නෙ නැතුව ඇති .මොකද එදා එම බසය භාරව ඉහළම හමුදා නිළධාරි කෙනෙකුත් සිසුන් භාරව කෙනෙකුත් ගිහිල්ලා නිසා ඔවුන්ටත් විනයානුකූලව කටයුතු කරන්න වෙන නිසා .මට හිතන්නේ නම් බසය භාරකාර හැටියට (ඉහළම නිළධාරි කෙනෙක් ගියනිසා) යාන්ත්‍රික ඉංජිනේරු කෙනෙක් ගෙනගියා නම් ඔහොම නොවෙයි කියලා (ගමේ ගරාජයේ අත්දැකීම් තියෙන බාස් කෙනෙක් ගියාම හරියන්නේ නැහැ කියලා හිතෙනවා මොකද දැන් කාලයේ අත්දැකීම් කිසිවකු සතයකට ගණන් නොගන්නා නිසා )