(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද 18 අලුයම සිට පස්කඳු කඩාවැටී අවහිර වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ස්ථානයෙන් පස්කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි .
බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ස්ථාන කිහිපයකින් පසු කඳු කඩා වැටී අවහිර වී තිබුණි.
කැප්පිටිපොල පිරිවෙන මාර්ගයද පස්කඳු කඩාවැටී අවහිර වී තිබුණි. අවහිර වී ඇති මෙම මාර්ගය සියල්ලේ ම පිළිසකර කිරීම් කටයුතු අද බැකෝ යන්ත්‍ර ආධාරයෙන් සහ සහන සේවකයින් මගින් පිළිසකර කිරීමට කටයුතු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු හා දෙවන මට්ටමේ අවදානම් නිවේදන හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත් ක්‍රියාත්මක බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා පැවසීය.
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා
ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බදුල්ලේ මාර්ග රැසකට පස් කඳු වැටේ