IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි

(ප්‍රසාද් රුක්මල්)

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර  බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැවසීය .

බදුල්ල දිස්ත්‍රික්කයේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර දුම්රිය මාර්ගයට ඉකුත් 25 වන දින විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මේ වනවිටත් මුලුමනින්ම ඇණ හිට තිබේ .

නානුඔය දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් අද  (28) පස්වරුවේ මෙම ස්ථානය ට පැමිණ පරික්ෂා කරමින් එම පස්කදු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූහ.

කෙසේ වෙතත්  එම දුම්රිය මාර්ගය ට කඩා වැටී ස්ථානයයේ ජල පහර ක් තවමත් ගලා යමින් නාය යාම සක්‍රීය මට්ටමේ ඇති බවත් , එම පස් ඉවත් කිරිමේදී තව දුරටත් පස්කදු කඩා වැටෙන බවත් දුම්රිය බලධාරීන් කීහ.

දැනට බැකෝයන්ත්‍රයක් මාර්ගයෙන් මෙම පස් ඉවත් කරන බවත් ,එම ස්ථාමයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඉවත් කරන පස් දැමීමට එම ස්ථානයේ ඉඩකඩ නොමැති නිසාවෙන් පස් වෙනත් ස්ථානය කට රැගෙන යාමට සිදුව ඇති බවද පැවසීය.

එමෙන්ම විශාල පස්කන්දක් කඩා වැටී ඇති හෙයින් එම ස්ථානය ට ලගා වීමට වෙනම ගල් අතුරා මාර්ගයක් සකස් කිරිමට සිදු වූ බවත් , උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරිමට තව දින කීපයක් ගතවන බවද දුම්රිය බළධාරීන් සදහන් කළහ.



අදහස් (0)

බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 21 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 297 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 283 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 219 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 236 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 953 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site