බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අද(20) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.ධුරයට පත්වී දින 44ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි.
ධුරයට පත් වී වසරක් යනතුරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෝ වරියට එරෙහිව විශ්වාසය කඩ කළා යැයි ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි වුවත් ඊයේ(19) රාත්‍රියේ ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ඉල්ලා අස්වෙමින් සිදුකළ ප්රාකාශයත් සමඟ ටෝරි මන්ත්‍රීවරුන් බහුතරය ලිස් ට්‍රස් විශ්වාසය කඩ කළ බවට ලියුම් භාර දීමත් සමග ඇය මෙම තීරණයට එළඹ තිබේ.
ඩවුනින්ග් විදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වේ
saman Thursday, 20 October 2022 08:33 PM
විශ්වාශය කඩ වුනා කියල වචනයකින් කිව්වත් ඉල්ලා අස්වෙන බ්‍රිතාන්‍ය දේශපාලන සංස්කෘතිය. වචනයේ පරිසමාප්තයෙන්ම දියුණු රටවල්. ඒකට ලංකාව. අපරාධකාරයෙක් කියල උසාවියෙන් තීන්දු කලත් පාර්ලිමෙන්තුවෙන්නම් යන්නෙ නෑ. මොකද මේ දේශපාලකයන්ගෙ ආදායම් මාර්ගය තමයි දේශපාලනය. අයින් වුනොත් පාරට වැටෙන සයිස් එකේ හිඟන තුප්පහි දේශපාලකයො තමයි ලංකාවෙ ඉන්නේ. ඉන්නකන් පගා ගන්නව කොමිස් ගහනව රාජ්‍ය දේපල අවභාවිතා කරනව මැරකම් ජඩකම් ටික සේරම කරනව. ඒවායින් උපය ගන්න සල්ලි වලින් තමයි මුනුයි මුන්ගේ ලමයිනුයි හත්මුතු පරම්පරාවමයි ජීවත් කරන්නෙ. ඉතින් හැරමිටිය ගගහ පන ඇද ඇද ගියත් අලුතෙන් නැගිටින්න තමයි හීන මවන්නේ. කිසිම උගත්කමක් නැති මෙලොවටත් පරලොවටත් දෙකටම නැති මේ පිංගුත්තරයෝ ටික පාර්ලිමේන්තුවෙන් එලියට පයින් ගහල එලවපු දවසට මේක සුන්දර රටක් වෙයි.
ganegoda Thursday, 20 October 2022 08:55 PM
මොලේ නැති අයට හරි ඉක්මනට යනවා
විපරමා Thursday, 20 October 2022 09:02 PM
ශිෂ්ට සම්පන්න රටවල ඉල්ලා අස් උනත්, අපේ රටේ දූෂිත නායකයෝ කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්ඩමයි හදන්නෙ ? හැබැයි පහුගිය කාලේ නම් ජනතාව නාකි මයිනෙක්ව එළවලාම දැම්මා .
මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Thursday, 20 October 2022 09:15 PM
ඉහළ, උසස් දේශපාලන සංස්කෘතියක් නඩත්තු කරමින් බ්‍රිතාන්‍ය සිටී....
Desha Friday, 21 October 2022 12:28 AM
ලංකාවේ කවදාවත් වෙන්නේ නැහැ
ජැක්සන් Friday, 21 October 2022 01:21 AM
ඒකට අපේ අය.
sisira Friday, 21 October 2022 04:06 AM
එංගලන්තේ එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ
සුරංග Friday, 21 October 2022 05:18 AM
රැජිනගේ මරණය සිදුවුණේ මැයගේ දිවුරුම් දීමට ගොස් කියලා නේද මුලින් ප්‍රචාරය වුනේ උන්ගෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ලංකාවෙ වගේ ලොකු අවුලක් තියෙනවා කියලා හිතෙනවා
Perera Friday, 21 October 2022 07:51 AM
ගේම් ගහලා තනතුරේ එල්ලිලා ඉන්න ඔය නොදියුණු රටවල්වල අය දන්නේ නැහැ.
Rohana Friday, 21 October 2022 02:06 PM
මෙන්න නියම නායකයෝ. තමන්ගේ වැඩපිලිවෙල අසාර්ථකබව දැනුන විට ඉල්ලා අස්වී කලහැකි කෙනෙකුට භාරගන්න අවස්ථාව සලසා දෙනවා. ඒකට අපේ කට්ටිය බැරි බව දැනදැනත් කොහොමහරි එල්ලිලා ඉන්නයි බලන්නේ. දුම්මල ගහලවත් එලවගන්න බෑ.
Don Friday, 21 October 2022 02:38 PM
ගහලා එලෙවුවොත් හෝ චන්දෙන් පැරැද්දුවොත් විතරයි මෙහෙ .ඉල්ලා අස්වෙනවා කියන වචනේ රජයේ සේවකයෙක්වත් දන්නේ නැහැ
Ranjit Friday, 21 October 2022 02:52 PM
මිලියන 60ක පමණ ජනගහණයකින් යුතු දිවයිනක් ලෝකයේ බලවත් රාජ්‍යයක් කලේ ඉංග්‍රීසි ජාතිකන් විසිනුයි. අදවනවිට එමරටේ ආනයන අපනයන , අධ්‍යාපනය, සෞඛ්‍යය, සිල්ලර වෙළඳාම, කර්මාන්ත, ගේදොර ඉඩ කඩම් වැනි බොහොදේ එරට පදිංචි මෙන්ම ආයෝජනයට එකතුව ඉන්නා අරාබි ජාතිකයින් ප්‍රධාන විදේශිකයින් අත්පත් කරගෙන ඇතිබවක් පෙනෙන්නට ඇත. අද බ්‍රිතාන්‍යයේ සත්වපාලනය, කෘෂිකර්මය, මෝටර් රථ නිෂ්පාදනය, බැංකු පද්ධතිය ඇතුළු ප්‍රධාන පෙලේ කර්මාන්ත සියල්ලම වගේ බංකොලොත් බාවයට පත්ව ඇත. එසේත් නැත්නම් විදේශ සමාගම් විසින් මිලදීගෙන ඇත. වෙළඳ සැලකට ගියොත් අලෙවියට ඇති බඩු භාණ්ඩ වලින් සියයට 99ක්ම ආනයනය කරන ලද ඒවා බව පෙනෙන්නට ඇත. තව ටික දිනකින් ඉන්දියානුවෙක් බ්‍රිතාන්‍යයේ අගමැති වන්නටද බැරි නැත. අද වනවිට බහු ජාතික බහුසංස්කෘතික බහුබූතයා විසින් බ්‍රිතාන්‍යය විනාශ කර ඇත.
බද්රානි Friday, 21 October 2022 03:36 PM
මෙතුමියටත් උනේ අර එක මෝඩ ජනාධිපති කෙනෙක් කළා වගේ, ව්‍යාපාරිකයින්ගෙන් රජයට ලැබිය යුතු ටැක්ස් එක අඩුකරලා රාජ්‍ය ආදායම අහිමි වෙන තැනට කටයුතු කළා. ඊට එරෙහිව පැනනැගුනු දැඩි විරෝධතාව හමුවේ සති හයක් වැනි කෙටිකාලයක් තුලදී අකුලාගෙන ගෙදර යන්න සිද්ධ උනා. තව වසර දෙකක් එහෙම මෙතුමිය බලයේ හිටියානම්, ඉතින් අපිට උන වැඩේම තමයි එංගලන්තෙටත් වෙන්නේ.
Mal Friday, 21 October 2022 06:48 PM
"බොරිස් සමඟ නැගිටිමු" කියනවා ඇහුණා...