(සුජිත් හේවාජුලිගේ සහ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ.
මේ තොරතුරු අනාවරණය වූයේ අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් ඕෆ් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදීය.
එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට උපදෙස් දුන්නේ ලේකම්වරයා බවත් ලේකම්වරයාට උපදෙස් දුන්නේ කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා බවත් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
ඒ සැපයුම්කරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යෝජනාවක් දී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
වෛද්‍ය සැපයුම් මංශයේ ඖෂධ 151ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5278ක් ශූන්‍ය මට්ටමක පවතින බවට තොරතුරු තිබුණේදැයි කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය
ranjith Friday, 28 March 2025 06:45 AM
කෙහෙළිය හිරේ යැව්වෙත් සිවිල් ක්‍රියාකාරීන් .එහෙම උනේ නැත්නම් කෙහෙලියත් තවම දේශපාලනයේ ඉන්නවා .හොරු ඇල්ලිල්ල එහෙම තමා
බටලන්දේ ප්‍රේමවතී Friday, 28 March 2025 11:56 AM
සිවිල් සංවිධානවල අය කවුරු බලයේ ඉන්න කාලෙද පණ බේරගන්න රටෙන් පැනල ගියේ කියල මතක් කරගන්න.
සියාතු Friday, 28 March 2025 06:50 AM
මූව හිරේ දාලත් මදි. මෙහෙව් වින කරපු උන්වනේ අපේ බදු සල්ලි වලින් පඩිත් ගෙවල, වාහනත් දීලා, ඉන්ඩ බංගලාත් වෙන් කරලා දීගෙන නඩත්තු කරල තියෙන්නේ.
අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 28 March 2025 07:00 AM
නිලධාරීන් ඉන්නේ දේශපාලකයින් කියන හැම දේම කරන්න නොවේ. නීත්‍යානුකූල දේවල් කරන්න විතරයි.දැන් දකුණු පළාතෙ ආන්ඩුකාරයා කියන කියන ඒවා නිලධාරින් කරනව නම් මොකටද පරිපාලන සේවයේ අය ඒඒ තනතුරැ වලට පත් කරන්නේ. ඒ නිසා 2023 අංක 9 දරන දූෂන විරෝදී පනතතේ 111 වගන්තිය අනුව නිලධාරීන් කිසිවෙකුට වත් මේ දූෂණ වලින් ගැල වෙන්න බැහැ. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා දැන් වසර 20 කට වඩා ඒ පාසලේ ඉන්නවා. මිනිහ පාසලට ලමයි දාල ගන්න මුදලින් කොටසක් ආණ්ඩුකාරයාටත් පුධාන ලේකම්ටත් අද්‍යාපන ලේකම් ටත් ආදි වශයෙන් හැරමෝ ම අතරෙබෛදා ගන්නවා. කෙහෙලියත් ඔය මුදල් නිලධිාරීන් අතර බෙදා ගන්න ඇති. මේ =ඔක්කොම සංවිධානාත්මක අපරාධ කාරයෝ . මේ රටේ ගරැ අධිකරණය පමණයි තමවත් විශ්වාස කල හැක්කේ . ඔය උඩින් තියෙන මගේ නම හරිම පුසිද්ධයි. සීඅයි ඩී එක මගේ ලගට එව්න්න මම ලග තියෙනව දකුණේ අපරාධ කාරයො ගැන ඔක්කොම තොරතුරැ. දැන් දේශපාලන අධිකාරියක් මේවට හවුල්. මේව නතර කරන්න කිසිම උවමනාවක් නැහැ. වගකීමෙන් කියන්නේ. මම ජයවීර
බේරේ ගඳ නෑරේ Friday, 28 March 2025 07:14 AM
මේකටත් බයියො කෙඳිරිගායි දැන්. බයි වීරයෝ ඔක්කොම මේ ජාවාරමට අත උස්සලා ජාවාරමාව බේරගන්න ඡන්දෙ දුන්නා. හොරු අදහන බයියන්ට මේවා වීර ක්‍රියා.
FMG Fernando Friday, 28 March 2025 07:51 AM
ඔවුන්ට අත සෝදා ගැනීමට හැකියාවක් නැත. නිශ්චිත සිදුවීම ඇද නොගෙන "කෙහෙළිය යක්ෂයාට" සහ අනෙකුත් වැරදිකරුවන්ට දඬුවම් (ජීවිතාන්තය දක්වා සිර දඬුවම්) ලබා දීමට රජය සහ අදාළ බලධාරීන් වහාම පියවර ගත යුතුය.
Dutugemunu Friday, 28 March 2025 08:21 AM
පෙර රජය කිසිදු ලැජ්ජාවකින් තොරව විශ්වාසභංග යෝජනාව ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට ශාපයක්. නාමල් බබා සහ සාගර දැන් කියන්නේ කුමක්ද?
janahitha Friday, 28 March 2025 08:31 AM
කෙහෙල්මල් කමිටු වාර්තා උන්ව අල්ලගෙන එල්ලුම් ගහේ දමපියව් අහිංසක පාසල් දැරියක් නැති උනා. තවත් අය සිය ගණනක්ගේ ඇස් අන්ධ උනා. මුන්ට හෙන ගහන්න ඕනේ
රටවැසියා Friday, 28 March 2025 09:38 AM
මේ පොදු ව්‍යාපාර විගඩම මහ සද්දෙට පෙන්වන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි! - කරුමේ කියන්නේ, මේ විගඩම කරන්නේ ආණ්ඩුවෙන්, රාජ්‍ය නිළධාරීන් මේ විගඩමට ගෙන්වල ඔහුන්ට සද්දේ දාමින් දේශපාලකයෝ මාධ්‍ය ඉස්සරහද "පොරවල්" වෙන්න හදනව! මෙය වසර ගනනක් තිස්සේ කරගෙන යනව, රටට වෙච්ච සෙතක් නම් - අල්ලපු හොරෙක් නම් නැ! රටට දීපු ආදර්ශයකුත් නැ! අන්න කෙහෙලිය රඹුක්වැල්ල බාල බෙහෙත් බීල ගෙදර දොයි!
අරවින්ද පෙරේරා Friday, 28 March 2025 09:38 AM
ඖෂධ ගැන්වීම, රඹුක් වැල්ල, සෞඛ්‍ය අංශු, ඕෆ් කමිටුව, කෙහෙළිය රඹුක්කැල්ල ......බලන්න කොතරම් දෝෂ තිබෙනවාද කියා මේවා හොයා බලන්න කවුරුවත් නැද්ද ?
පිටරටවැසියා Friday, 28 March 2025 09:42 AM
රටේ ජනතාවගෙ බදු සල්ලි කෝටි-ප්‍රකෝටි ගණන් හොරකාල, දැන් වගකියන්න එකෙක්වත් නෑ. නිලධාරීන් කියනවා ලේකම් කියලා, ලේකම් කියනවා හිටපු ඇමති කියලා, දැන් හිටපු ඇමති කියයි ලේකම් සහ නිලධාරීන් කියලා. හැබැයි මේ ඔක්කොම හොර තක්කඩින්ට රෙදි නැතිව කඩේ යන්නනම් කට්ටිය ඕසේට ඉන්නවා.
පිටිගල මිලානෝ Friday, 28 March 2025 12:54 PM
මෙය සමූහ ඝාතනයක් සේ දරුණු ක්‍රියාවක්. මේ මෘගයාට මරණ දඩුවම ලැබේ යැයි අපි විශ්වාස කරමු….
beau Friday, 28 March 2025 03:15 PM
මුන් ඔක්කොටම චීනය වගේ දූෂීතයින්ට දෙන දඬුවම දිය යුතුයි.... එහෙම නැතුව අපේ රටේ හැදන්න බෑ
Nandana Friday, 28 March 2025 06:01 PM
බයවෙන්න එපා මල්ලි... එයාට මුකුත් වෙන්නේ නෑ.
බකල ජයාFriday, 28 March 2025 08:33 PM
දිවි නසාගන්න එකකුත් නැද්ද? බැල්කනියකින් පැනලා..?
ගමේ එකාලා Saturday, 29 March 2025 04:47 AM
බාල බෙහෙත් දීලා අහිංසක ලෙඩ්ඩුන්ට කරපු අපරාදෙට, ඊට සම්බන්ධ වූ හැම එකාටම සාපවෙනවා. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙයි.
Mali Saturday, 29 March 2025 01:11 PM
ඉහත ලියලා තියනවා ජයවීර කියලා මහත්තයෙක්. ඒ කාරණා 100% සත්‍ය, මොකද වත්තල පොලීසියේත් ඉන්නවා. දැන් අවුරුදු 15 කට වඩා ඉන්න නිලධාරියෙක්. පගා මරුවෙක්. මෙයාගෙන් එතැන ඉන්න ලොක්කටත් ගාණක් යනවාද මංදා... හැම දේකටම යවන්නේ මෙයාව. හැමදාම එකම පොලිසියේ වැජඹෙන රහස මොකක්ද?