IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බිත්තරයක් 30ට බහියි

(දිනේෂ් උපේන්‍ද්‍ර)

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

ඒ මහතා අද (25) කුලියාපිටිය රුවිනී ලෙෂර් පාක් ආයතනයේ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.     

එහිදී වැඩිදුර අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේද පැවසීය.           

ඉකුත් කාලයේ බිත්තරයක් රුපියල් 65-70 අතර ගියා. එහෙත් සංගමයක් විදිහට මේ කර්මාන්තයත් ආරක්‍ෂා කරගන පාරිභෝගිකයාටත් බිත්තරයක් රුපියල් 45 අගයට ලබාදෙන්න අපි අපමණ වෙහෙසක් ගත්තා. බිත්තර මිල අඩු වැඩි වෙන්නේ අපි ඕන ඕන විදිහට කරන දෙයක් නිසා නෙවෙයි. අදවන විට බිත්තරය ගොවිපොලෙන් රුපියල් 30 සීමාව දක්වා අඩුවෙලා තියනවා. ඉදිරියෙදී මේ මිල තවත් අඩුවේවි කියලයි අපිට පේන්නෙ.   

මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මව් සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්‍ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුලුවන් වුණේ. එහෙත් මේ වනවිට මවු සතුන් එක්ලක්‍ෂ හතලිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්‍ෂ හත හමාරක් වුවත් එහිදී පැටවු ලක්‍ෂ 12ක් පමණ බිහිවෙනවා. ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 බැගින් වැඩිවෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනේ. ඉකුත් ජනපතිවරණ සමයේ දී පාක්‍ෂිකයන්ට දෙන ආහාර වේලට පක්‍ෂ ප්‍රතිපක්‍ෂ කවුරුත් බිත්තර එකකාසු කිරීම නිසා බිත්තර අලෙවිය වැඩිවුණා. දැන් ඒක නැවතුන නිසා බිත්තර අතිරික්තයක් පවතිනවා. ඒ නිසා තමයි බිත්තර මිල අඩුවෙලා තියෙන්නේ.    

අනිත් කාරනාව අද වනවට බිත්තර කර්මාන්තයට නව ව්‍යවසායකයින් එකතුවුණා. එය හොඳ තත්වයක්. ඒ අයත් නිෂ්පාදන කාර්යාවලියට ඒ විදිහට එකතුවුණ නිසා කොහොමත් මසක බිත්තර ප්‍රමාණය ලක්‍ෂ5කින් පමණ වැඩිවුණා. මේ සෑම හේතුවක්ම බලපානවා බිත්තර මිල සඳහා. අපිත් කැමති අපේ නිෂ්පාදන පාරිභොගිකයින්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලබාගන්නවාට. එහෙත් කර්මාන්තයක් විදිහට මේක වැටෙන්න දීලා බැහැ. එහෙම වුණොත් කුඩා පරිමාණ ගොවීන් මේ කර්මාන්තය අත් හරිනවා. එතකොට බිත්තර ප්‍රමාණය අඩුවෙනවා. අන්න මිල ඉහළහා හැකි හේතු.

ඒ වගේම අපි ගැබිණි මව් පෝෂණ මල්ලට බිත්තර නොමිලයේ දුන්නා. පාසල් සිසුන්ටත් නොමිලයේ දුන්නා. ඒ වගේම සහනදායී මිලට අපි පාසැල් සිසුන්ට බිත්තර දුන්නා. අපි ඒ දේවල් සමාජය වෙනුවෙන් සිදුකළා. ඒ නිසා රජය වැඩ පිළිවෙලක් සකසනවානම් අපිට හැකියාව තියනවා ළමා මන්දපෝෂණය තුරන්කිරීම වෙනුවෙන් පාසැල් සිසුන්ට රුපියල් 30කට බිත්තරයක් අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරලා දෙන්නත් යැයි පැවසීය.



අදහස් (4)

බිත්තරයක් 30ට බහියි

Ajantha Wednesday, 25 September 2024 02:59 PM

ඔයාලා බයවුණේ එහෙම නෑනේ...

:       0       36

Hasitha Wednesday, 25 September 2024 03:11 PM

බිත්තර මිල කොච්චර අඩු වුණත් කෑම වර්ග වල කිසිම අඩුවක් නෑ බිත්තර 65 තිබ්බ කාලේ කේක් බිත්තර රෝල් කොත්තු බිත්තර ආප්ප රෝටි තිබ්බ ගානමයි තාමත්.. මේ රටේ ඉන්න ඔක්කෝම නැති මිනිහා සූරා කනවා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.

:       1       39

RishadWednesday, 25 September 2024 03:57 PM

ඔව් එකඟයි අපිත්...

:       0       8

Bokka Wednesday, 25 September 2024 03:45 PM

සීනි වන්චාව කළ ගෝඨාභයව අල්ලන්න...

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 36 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 279 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1480 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1635 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 572 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1817 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24404 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site