IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මගේ ගිණුමේ ලක්ෂ 6 ම මහින්දට දුන්නා‘

ප්‍ර.

ජනරාල් සාමාන්‍යයෙන් යුද සම්ප්‍රදායක් තියෙනවා නේද සුදු කොඩියක් අරන් එන කෙනෙක්ව මරන්නේ නෑ කියලා. ඇත්තටම එහෙම සම්ප්‍රදායක් තියෙනවාද?

පි.

අනිවාර්යයෙන්ම. යටත්වන සතුරෙක් ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන්. වෙනත් රටක හමුදාවක සාමාජිකයෙක් වෙන්න පුළුවන්. යුද භූමියේදී යටත් වන කිසිම කෙනෙක් සුදු කොඩියක් ගෙනාවාම නෙමේ එයා සටන අතඇරලා තුවාල වෙලා වැටිලා ඉන්නවා නම් වෙඩි උණ්ඩ ඉවරවෙලා වැටිලා ඉන්නවා නම් අපට වෙඩි තියන්න කිසිම අවසරයක් නෑ. පණ පිටින් අල්ලන්න පුළුවන්නම්, අපට එතන වෙඩි තබා ගැනීමේ සටනක් නැත්නම් අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ඇරගෙන ආරක්ෂා කරන්න ඕන.  අපි ඉතින් ඒක කළා. ත්‍රස්තවාදීන් 12,000 ක් යටත් වුණා. යටත් වුණාම සිවිල් ජනතාව අතරේ හිටියා 6000ක්. ඒගොල්ලෝ අපි ආරක්ෂා කළා. ඒ අයට කෑම දුන්නා. බේත් හේත් දුන්නා. ඒ හැම අවස්ථාවකදීම අපි ආරක්ෂා කළා. යම් කිසි කෙනෙක් යම් කිසි අවස්ථාවක සුදු කොඩි අරගෙන හරි නැති හරි යටත්වන අයට වෙඩි තිබ්බනම් අනිවාර්යයෙන්ම යුද අපරාධයක්. අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතු වරදක්.

ප්‍ර.

අපි දන්නවා ඉතාම වැදගත් කතන්දරයක් තමයි සුදු කොඩි සහ යුද්යේදී විනය. මොකද ජනරාල් පැහැදිලි කරනවා යුද්ධයකදී ආයුධයේ තියෙන මූණිස්සම් ඉවරවුණාම ඔහු වැටිලා හිටියොත් ඔහුට වෙඩි තියන්න බැහැ. ඔහුව පණ පිටින් අල්ලගන්න පුළුවන්නම් ඔහුට වද දෙන්න බැහැ. බැරිවෙලාවත් කිසියම් රටක යුද්ධයකදී ජනරාල්ම අපට පැහැදිලි කරන්න එහෙම වුණානම් ඒ වෙඩි තිබ්බ උදවියට දඬුවම් දෙන එක අදාළ හමුදාවට අපකීර්තියක්ද? දඬුවම් නොදී ඉන්න එක අපකීර්තියක් නොවේද?

පි.

දඬුවම් කරන එක අපකීර්තියක් නෙමෙයි. අපි අතීතයෙත් ලංකාවේ යුද හමුදාවේ එහෙම අපරාධ කරපු අයට දඬුවම් කරල තියෙනවා. ඉතා තදබල දඬුවම් කරලා ඒගොල්ලෝ සිවිල් නීතිය හමුවටත් පමුණුවලා එහෙනුත් දඬුවම් කරලා තියෙනවා. 71 ත්‍රස්තවාදී භිෂණයේදී කතරගම මනම්පේරී රූමතිය ඝාතනය. ඔවුන් එල්ලුම්ගස් නියම වුණා. හමුදා නිලධාරීන් කර්නල්ලා මේජර් කෙනෙක් සාජන්ලා. ඊළඟට ඇඹිලිපිටියේ සිසු ඝාතනය සූරියකන්දේ. හමුදා නිලධාරීන් බන්ධනාගාරවලට ගියා. දඬුවම් වින්දා. ඊළඟට දුෂ්‍යන්ති කුමාරස්වාමි ඝාතනය. ඒකට සම්බන්ධ අය තාම ඉන්නවා වැලිකඩ හිරගෙදර. ඒගොල්ලෝ ඇපීල් දාලා ඉන්නවා. නමුත් එල්ලුම්ගස් නියම කරලා තියෙනවා. ඒක හන්දා අපේ හමුදාවේ අතීතයේත් ඒ කීර්ති නාමය රැකගත්තා. හමුදාවට ගෞරවයක් වෙන්නේ ඒ විනය ඒ වැරදිකරුවන්ට දඬුවම් කිරීම සම්ප්‍රදායක් හැටියට කරන්න ඕන. ඇසින් දුටු සාක්කි පිළිගත හැකි සාක්කි තියෙනවනම් පරීක්ෂණයක් කරන්න ඕන.

ප්‍ර.

ජනරාල් දැන් අපිටත් එක එක චරිත දැක්කාම අපිට හිතෙනවා මෙයා අහිංසකයි. අපිට මතුපිට ස්වරූපයක් තියෙනවා. අපි දැකලා තියෙනවා ඉතාම අහිංසක මූණු තියෙන මිනීමරුවෝ ලෝකයේ ඉන්නවා. ඒ වගේම මිනීමරු පෙනුම තියෙන අහිංසක මිනිස්සුත් අපි දැකලා තියෙනවා. මතුපිටින් කෙනෙක්ව හොයන්න බැහැ. දැන් ජනරාල් ගැනත් රටවැසියන්ට එහෙම එක එක ඒවා තියෙනවා. ජනරාල් හරි උද්දච්ච මිනිහෙක්. මං අහලා තියෙනවා. ජනරාල් බලයට ආවොත් හරි බලය ගත්තොත් හරි ඒකාධිපතියෙක්. ජනරාල්ට පුළුවන් උත්තර දෙන්න. ඒකාධිපතියෙක්ද? උද්දච්ච මිනිහෙක්ද?

පි.

ඇත්තටම මම උද්දච්ච මිනිහෙක් නෙමෙයි. මම හරි කැමතියි හැම එක්කෙනා එක්කම ආශ්‍රය කරන්න. හැබැයි ඉතින් අපට අවශ්‍ය ප්‍රමාණයට කාලය නැහැ. දේශලාන රැස්වීමකට ගියත් අඩුගානේ ජනතාව අස්සට ගිහින් අතින්වත් අල්ලල යන්න උත්සාහ කරනවා. ඒ අතින් අපි රැස්වීම්වලට ගියත් කෑම කන්නේ වුණත් බොහෝම සාමාන්‍ය ගෙදරකට ගිහින් ෆ්‍රිජ් තියෙන සොසේජස් චීස් තියෙන ගෙවල්වලින් නෙමෙයි. ඉතින් ඒ වගේ සාමාන්‍ය විදියට ජීවත්වෙන්න ආසයි. හුඟක් තැන්වල හුඟක් තැන්වල පිට්ටු හදල දෙනවා නෙළුම් කොළවල කන්න දෙනවා මයියොක්කා තම්බල දෙනවා. ඒ වගේ දේවල්වලට තමයි අපි කැමති. මං දන්නෑ ඇයි එහෙම හිතනවනම් අපි ආඩම්බරද? එහෙම කට්ටියත් ඉන්නවා දේශපාලනයේ සමහරු ඉන්නවා සමහරු සැන්විච් පැකට් එකක් හදාගෙන තමයි යන්නේ කොහෙවත් යනකොට කවුරුත් දුන්නත් තේ එකක් බොන්නේ නෑ. තමන්ගේ උණුවතුරවලින් තේ පැකට් එකක් දාගෙන හදාගෙන බොනවා. එහෙම කට්ටියත් ඉන්නවා. අපි ඉතින් එහෙම නෑ කිසිම ආඩම්බරකමක් නෑ. එහෙම ආඩම්බරවෙන්න හේතුවකුත් නෑ. අපි රජයේ පඩිගත්තා රජයේ රැකියාවක් කළා. රැකියාවට සේවයක් කළා. දේශපාලනය කරනවා. දේශපාලනයත් මං කරන්නේ හුඟක් වෙලාවට මට පසුගිය අවුරුදු 5ටම කන්න බොන්න දුන්නේ පවා මගේ මිත්‍රයින් සහ නෑදෑයින් ඩීසල් ටික ගහලා දුන්නේ ඒගොල්ලෝ. වාහනයක් අරන් දුන්නේ ඒගොල්ලෝ. ඉතින් අපට ආඩම්බර වෙන්න හේතුවක් තිබුණේ නෑ. හැබැයි අපි හමුදාවේ වැඩකරනකොට සමහර වෙලාවට යම් කිසි නියෝගයක් දෙනවා කාට හරි එයා ගිහින් කරන්න ඕන ජීවිතයත් මරණයත් අතර දෙයක්. දැන් ඔබතුමා යටතේ ඉන්න කණිෂ්ඨ ගුරුවරයකුට හරි ළමයකුට හරි නියෝගයක් දුන්නොත් එතන ඒ වගේ තර්ජනයක් නෑ එයාට. ඒක කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි දෙන නියෝග ඉතාම භයානක එයාගේ ජීවිතේම එතැනින් ඉවරවෙන්න පුළුවන්. ඉතින් ඒවගේ තැන්වලදී අපිට අකමැත්තෙන් වුනත් තදින් වැඩකරන්න වෙලාවල් තියෙනවා. දැන් මං හිතමු සෙබළු 500 ක් බාර දීලා ඉන්නවා නිලධාරියකුට. ඒගොල්ලන්ගේ ජීවිත සුබ සාධනය ඒගොල්ලන්ගේ පවුල්වල සුබසාධනය ඒ හැමදේටම වග කියන්න ඕන අර නිලධාරියා. කර්නල්. එතකොට මේ කර්නල් දුර්වල නම් එයා වැරදි කරනවනම් එයාට තදින්ම ක්‍රියා කරන්න වෙනවා. මොකද එයා කරන වරදකින් හුඟාක් විනාශයක් වෙන්න පුළුවන්. ඒක හින්දා හමුදාවෙදි කරන්න වෙනවා. කැමති හින්දම නෙමෙයි. දැන් මම හොඳ උදාහරණයක් දෙන්නම් මම අණ දෙන කාලෙදි හමුදාවේ 2000 ක් වැලිකඩ හිරගෙදරට ඇරියා මම යුද අධිකරණවලට පමුණුවලා. ඒකට හේතුවුනේ යුද්ධයේ අවසාන මාස 6 විතර වෙනකොට අපි අර කිලිනොච්චියේ පස් කන්ඩිය ගාව හිරවෙලා සටන් කළා මාස 5ක්. ගංවතුර ගලලා ජීවත්වෙන්න අමාරුයි. කන්න බොන්න අමාරුයි. ලෙඩවෙනවා. ඒ කාලේ බයට නෙමෙයි. හුඟක් සෙබළු අවුරුදු 2ක් විතර එක දිගට සටන් කරලා මහන්සියි. පවුල්වල අයත් ඒකාලේ තුවාල වැඩියි මිය යනවා වැඩියි ඒවා ගම්වලට යනවා. එතකොට මේ ගොල්ලෝ නිවාඩු ගියාම ගෙදර අය ආපහු එන්න දෙන්නේ නෑ. එවැනි ප්‍රශ්න ඇතිවුණා. ඉතින් මට මේක නවත්තගන්න ඕන වුණා. ඒක නැවැත්තුවේ නැත්නම් අපේ සටන ගෙනියන්න බැරිවෙනවා. ඉතින් මම තීරණය කළා අකමැත්තෙන් වුනත් දැන් මේ නිවාඩු ගන්නේ නැතිව පැනල ගිහිල්ලා ගෙවල්වල ගිහින් හැංගිලා ඉන්න අය සමහරවෙලාවට ඒ අය බයට නෙමෙයි,  ඒ කාලෙට වඩා දැන් පැනලා යනවා. යුද්දෙකුත් නෑ තණකොළ කපන්න බැරි හින්දා පිඩලි ගහන්න බැරි හින්දා කානු හෝදන්න බැරි හින්දා ඇත්තමයි මං කියන්නේ අතිශයෝක්තියක් නෙමෙයි. දැන් කාලේ පැනලා යන ගාන වැඩියි. ඉතින් අරක නවත්තන්න මම ඒගොල්ලන්ට දඬුවම් කරන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලන්ගේ බිරින්දෑවරුන් පවා සමිතියක් හදාගත්තා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ. හැබැයි ඒක කරපු හින්දා හමුදාවෙන් පැනලා යන එක නැවතුණා. නැවතුන හින්දා මට ඉතිරි මාස 6 සටන කරන්න පුළුවන් වුණා. ඒදේ නොකළා නම් යුද්දේ අනිවාර්යෙන් පරදිනවා. සටන් කරන්න මට සෙබළු නැතිවෙනවා. ඒක හන්දා ඒ කැපකිරීම මට කරන්න වුණා. මම දැනගෙන හිටියා මං ගැන සමහරු නරක කථා කරයි. මට විරුද්ධව සමහරු වෛරයෙන් මං දිහා බලයි. සමහරුන්ගේ දෝෂාරෝපණයට ලක්වෙයි. ඒත් ඒ වගකීම මට ගන්න වෙනවා. තරහකින් කරපු දෙයක් නෙමෙයි.

ප්‍ර.

මේක වීරයෙක් වෙලා ඉද්දි අහන ප්‍රශ්න නෙමෙයි. වීරයෙක් අසරණ වුණාම වේදිකාවට නැග කිව්ව සමහර කතන්දර දැන් මං එහෙම කීපයක් ජනරාල්ගෙන් අහනවා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා සත්‍යය විශ්වාස කරන්නේ නෑ ප්‍රබන්ධය සමහර වෙලාවට විශ්වාස කරනවා. මම මේ ටික ඇහුවම මීට පස්සේ මේකෙ සත්‍යය සහ ප්‍රබන්ධය මිනිස්සු වටහා ගනී. එකක් තමයි මට මතකයි ජනරල්ට විරුද්ධව නඩුව යන වෙලාවේ දැන් ඔය මේ ආණ්ඩුවෙත් ඇති නිලධාරීන් සමහරුන් කියලා තිබුණා අපේ ගෙදර බල්ලට එස්එෆ් කියලා දානව කියලා. මම විශ්වාස කරනවා ජනරාල් මේක අහල ඇති කියලා. ඒවගේම මම අහල තියනවා සොල්දාදුවෙක් ආප්පයක් හදලා දුන්නම අර මැද කහ මදේ හරි නෑ කියලා මේ මනුස්සයට දඬුවම් කළා කියලා. මේ මිනිස්සු කිව්ව එකක් සහ මේවා තමයි මේ කාලේ ප්‍රචාරය වුණේ. ඒ වගේම තව කථාවක් මම අහලා තියනවා නිවාඩුවට ගෙදර ආවම ජනරල් තම බිරිඳව මිදුලේ දණ ගස්සල තියනවා කියලා. ඒ වගේ තව කථාවක් ගියා ඒ කාලේ අඹේපුස්සේ ඉඳන් ජනරල් යනකොට උසස්වීමක් ලබල යනකොට මොකක් හරි සිද්ධියකදී පහනක් පත්තු කරන්න ගිය වෙලාවේදී ඒ පහන පත්තුවුනේ නෑ කියලා පොල්තෙල් බෝතලේම අරගෙන බිරිඳගේ ඔළුවේ ඉඳන් පහළට හැලුවළු. මෙන්න මෙහෙම මනුස්සයෙක්ද මේ දේශපාලනය කරන්නේ කියලා මෙයාද මේ උපාසකයා කියලා පහුගිය කාලේ හරියට කථා කළා. ඔන්න මම කෙලින්ම ඇහුවා ජනරාල්ගෙන්. බිත්තර ආප්පයක් හදපු කෙනකුට ගැහුවද? එහෙම නැත්නම් කොන්ඩෙ කපපු කාගෙ හරි කන කැපුවද? ජනරල්ගේ එස්එෆ් කියලා කැම්පේන් එක දාපුවම ගෙදර බල්ලට එස්එෆ් කියල දානව කියල කී අය හිටිය නේද? ඒ අය දැන් ජනරාල්ට මුණ ගැහෙනවාද? මේක ඇත්තක්ද බොරුවක්ද?

පි.

ඉස්සල්ලා මම අර ගෙදර බල්ලට මගේ නම දානව කියපු එක ගැන මම උත්තර දෙනවා. එතුමා දැන් ඇත්තටම මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙක්. මට ඔය කථාව ආරංචි වුනෙත් මම හිරේ ඉඳලත් ආවට පස්සේ. එතකොට ඒ කථාවේ උණුසුමත් ගිහිල්ලා. එතකොට මේ පාර මැතිවරණය ජයග්‍රහණය කරලා අපි දවස් 2කට පස්සේ මම හිටියා ගරු අගමැතිතුමාගේ කාර්යාලයේ එතුමා එක්ක සාකච්ඡාවක් කරල මම දොරගාවින් එළියට එනකොට එතැන හිටියා චරිතයක් කාන්තාවකුත් හිටියා මට පස්සේ දැනගන්න ලැබුණා ස්වාමිපුරුෂයා හා බිරිඳ කියලා. ඉතින් මම ඒගොල්ලන්ට ඔබතුමා හම්බුණාම කවුරු හම්බුණාමත් වගේ ආයුබෝවන් කිව්වා. එතකොට එතුමාත් ආයුබොවන් කිව්වා. ගරු අගමැතිතුමාගේ කාර්යාලයේ දොරින් එළියේ දැන් තව එළියෙත් වාඩිවෙලා හිටියා 25 ක් විතර. ඊළඟට මම එතුමාගෙන් ඇහුවා ඔබතුමා කවුද කියලා? එතකොට එතුමා මම දිහා අමුතු විදියට බලලා මගෙන් ඇහුවා ඔබතුමා මාව අඳුරන්නේ නැද්ද කියලා ඇහුවා. මම කිව්වා නෑ මම අඳුරන්නේ නෑ එතකොට මම අහවලා කියලා නම කිව්වා. නම කිව්වාම මම කිව්වා, ආ ඒ ඔයාද? ඔයා නේද ඔයාගේ ගෙදර බල්ලට මගේ නම දානවා කිව්වේ කියලා මම ඇහුවා. එතකොට එයාටත් හුඟාක් ලැජ්ජා හිතුණා. එයාගේ බිරිඳටත් ලැජ්ජා හිතුණා. එහෙම කියලා මම හිනාවුණා. එතකොට එයා කිව්වා නෑ ඒ ඒ කාලේ කිව්ව කථානේ කියලා කිව්වා. කිව්වාම හොඳයි හොඳයි මම ගිහින් එන්නම් කියලා ගියා. වටේ හිටපු අයත් හුඟක් හිනාවෙනවා මම දැක්කා. ඒ වගේ හුඟක් විනෝදයක් ලැබුවා. මේ දේශපාලනයේ එවැනි දේවල් කිව්වාම චරිත ඝාතනය කළාම දවසක ඒගොල්ලන්ටම ඒ වචන ගිලගන්න වෙනවා.

ප්‍ර.

බිත්තර ආප්ප කථා?

පි.

ඔව් දැන් ඒක උපුල් ඔය කථා ගොඩක් තිබ්බනේ. ඔය කියපු දේවල් ඇත්තටම හමුදාවේ වෙලා තියෙනවා. ඒවා හදපුවාම නෙමෙයි. හමුදාවේ නිලධාරියෙක් හිටියා අපට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨයි එයා. අපට වඩා අවුරුදු 10 කටත් වැඩිය වගේ ජ්‍යෙෂ්ඨයි. ඔහුත් ජනරාල් කෙනෙක් වෙලා විශ්‍රාම ගියා. ඔහුට මේ වගේ ඉතාම විකෘති මනසක් තිබුණා. ඔහු නමුත් ඉතා දුර්වල චරිතයක්. ක්‍රීඩා පිටියකටවත් යන්නේ නෑ. මිතුරෝ ආශ්‍රය කරන්නෙත් නෑ. අර නිලධරි නිවෙස් වල පොඩි තැබෑරුමක් තියෙනවානේ හවසට යාළුවෝ එකතුවෙනවා. ඒ වගේ එකකටවත් යන්නේ නෑ. එහෙම චරිතයක්. ඔහුගේ බිරිඳ ගුරුවරියක් හැටියට හිටියේ. ඒ බිරිඳගේ තාත්තත් හමුදාවේ හිටියා බ්‍රිගේඩියර් කෙනෙක් හැටියට. ඒ බිරිඳ අන්තිම කාලේ පාසල් බස්රථයේ හිටපු කොන්දොස්තරත් එක්ක එයා ගියා. එවැනි ජීවිතයක් ගත කළේ. ඒ නිලධාරියා ඔය කියපු දේවල් කළා. ඒ කාලේ මුළු හමුදාවෙම ඔය කට්ටිය දන්නවා ඒක. අපට වඩා අවුරුදු 10 ක් මම හිතන්නේ එයා ජනරල් වෙනකොට මම ලෙෆ්ටිනන් කර්නල් කෙනෙක්. ඒ නිලධාරියා ඕවා කළා. ඊට අමතර ඒවත් එයා කළා. වේටර් කෙනෙක් අත හෝදන්න ගෙනාපු වතුර කෝප්පේ රස්නේ වැඩිවෙලා ගානට නිවිලා තිබුනේ නැතුව බලෙන් අල්ලන් අත දාගෙන ඉඳලා තියෙනවා එයා වේටර්ගේ අතේ දිය බුබුළු එනකල්ම. ඒවගේ ඒක තිබුණේ නෑ ඔය පොතේ. ඒවගේ කථා 5ක් 6ක්ම තිබුණා. ඇත්තටම සමහර ඒවනම් ඔය පොල්තෙල් කථාව නම් මම අහල තිබුණේ නෑ. ඒක මං හිතන්නේ අනික් අය දැනන් ඉන්න ඇති. බිරිඳ දණගස්සගෙන හිටපු එක. මිදුලේ නෙමෙයි එයා බොනකන්ද කොහෙද. බොනකොට ඒ වගේ හිරිහැර කරලා තියෙනවා. ඊට පස්සෙත් මම සමෘද්ධි නිවාසවල ඉන්නකොට කනිෂ්ඨ නිලධාරියෙක් හැටියට ඒ නිවාසවල හිටියා. එතකොට බිරිඳ ඒ නිලධාරියා අතහැරලා ගිහිල්ලා. අපට ඇහෙනවා සමහර වෙලාවට, ඒ නිලධාරියාට ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ විතර දුවක් හිටියා. ඒ දුවටත් දරුණු විදියට කථා කරනවා ඇහෙනවා අහල ගෙවල් වලට. හැබැයි මේ නිලධාරියා ගැන එකක් මම කියන්න ඕන. හැමෝම මේවා දැනගෙන හිටියා මේ බිත්තර ආප්ප කථාව ඔය ඔක්කොම. ඒ නිලධාරියා මේ රටේ කලින් හිටපු ජනාධිපතිගේ හොඳම යාළුවෙක්. ඒ නිලධාරියා හමුදාවෙන් විශ්‍රාම ගියාම මේ රටේ කලින් හිටපු ජනාධිපතිතුමා කර්මාන්ත ඇමැති. එයා ගාවට ගිහිල්ලා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවෙලා හිටියා. මෙයා යටතේ එයාගේ හොඳම යාළුවෙක්. එයත් ඔය කථා ඔක්කොම දැනගෙනත් ඉන්න ඇති. ඒවා සිද්ධවෙන තැන්වල ඉන්නත් ඇති. ඒ ආකාරයට තමයි ඔය කථා ටික එළියට එන්නත් ඇත්තේ. ඉතින් අපට මඩ ගහනකොට දන්න ඔය ඔක්කොම අතන වෙන මෙතැන වෙන ජරා කථා තව හුඟාක් ඒව තිබුණා අර පොතක් මම ගාව තාම තියනවා. ඒ පොත මුද්‍රණය කරලා ළඟදී පළාත් සභා ඡන්ද කාලේ නුගේගොඩ මුද්‍රණාලයේදී අපි පොත් 10000 ක් විතර මුද්‍රණය කරනකොට ඇල්ලුවා. අදත් ඒ පොතේ කොපියක් ගෙනාවා එක්කෙනෙක් ඒ නඩුව ගැන කථා කරන්න.

ප්‍ර.

ඇත්තටම යුද හමුදාවේ යුද හමුදාපති දක්වා යන කෙනෙක් එතැනින් එහාට මේ දේශපාලනයට එනවා කියන්නේ ප්‍රශ්න, ගැටළු හතුරෝ අනෙකා හදාගන්න වෙන කතන්දරයක්. ඇත්තටම ජනරල් මට කෙටියෙන් උත්තරයක් දෙන්න දේශපාලනයට එන්න බලපාපු ආසන්නම සාධකය මොකක්ද?

පි.

දේශපාලනයට එන්න ඇත්තටම හේතුවුණේ මැයි මාසේ යුද්දේ ඉවරවුණා. ඊට පස්සේ නොවැම්බර් වෙනකම් මම හමුදාවේ හිටියා. හමුදාපතිවෙලා ඉඳලා ගිහින් ඊළඟට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හැටියට හිටියා. මේ කාලේ ඇතුළත යුද්දේ ඉවරකරනකොට මම අමුතු ලෝකයක් මවාගෙන හිටියේ. මම හිතුවේ මේ රටට දැන් අපි කැපවීම් කළේ ඒකයි අපේ සෙබළු ආබාධිත වෙලා, 5200 ජීවිතේ පූජා කරලා 27000 ක් තුවාල වුණා. අපි හිතුවේ මේ රට යුද්දේ ඉවරවුණාම සුඛිත මුදිත වෙයි. රටේ ජනතාවගේ ප්‍රශ්න ඉවරවෙයි. කාලා බීලා ඇඳලා පැළඳලා හොඳට වාහන කට්ටක් හරි ඇරගෙන මග හිටින්නේ නැතිව ඩීසල් ටිකක් ගහගෙන යන්න මිනිස්සුන්ට එහෙම ජීවත්වෙන්න පුළුවන් රටක් හැදෙයි කියලා. එහෙම ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕන මේ රටේ තියෙන සම්පත් අනුව. නමුත් මම දැක්කා මේ යුද්දේ ඉවරවුණු ගමන් වැඩිකල් ගියේ නෑ, යුද්දේ තිබුණු කාලේ මේ රටේ දේශපාලනඥයෝ හැසිරුණා හොඳින්. අර ලිහලා දාපු වෘක්කයෝ රැලක් වගේ ඊට පස්සේ ඉබාගාතේ හිතෙන හිතෙන තැන දුවන්න හිතෙන හිතෙන තැන පගා ගහන්න හිතෙන හිතෙන තැන කොල්ල කන්න හිතෙන හිතෙන තැන ස්ත්‍රී දුෂණ කරන්න ජනතාවට පහර දෙන්න කිසිම විනයක් නැතිව පොලිසියේ වැඩවලටත් ඇඟිලි ගහනවා ඊළඟට හමුදාවේ වැඩවලටත් ඇඟිලි ගහන්න එනවා හැම අංශයකින්ම පිරිහිච්ච ක්‍රියාදාමයක් තමයි අපි දැක්කේ. ඉතින් ඒක දැක්කම මට විශාල කලකිරීමක් ආවා. මම දෙතුන් පාරක් සෙබළුන්ගේ සුබ සාධනය ගැන කථා කරන්න උත්සාහ කළා. මියගිය සෙබළුන්ට දෙන වන්දි මුදල් ගැන. ඒවා සත පහකටවත් ගණන් ගන්නේ නෑ. කේන්තියෙන් බලනවා මම දිහා ජනාධිපති. මම යෝජනා කළා මිය ගිය සෙබළකුට 1985 ගෙව්වේ එක් ලක්ෂ පනස් දාහයි. ඒකෙන් ඒගොල්ලෝ ගෙයක් පවා හදාගන්නවා. දැන් දෙන්නෙත් එක් ලක්ෂ පනස් දාහයි. පහුගිය යුද්දෙදි. දැන් ඒක 7000 ගානේ දෙන්නත් මදි. මම කිව්වා මේක ලක්ෂ 5 කට විතර වැඩිකරමු. ඒවගේ දේවල් කියනකොටත් කේන්තියෙන් මට උත්තර දෙන්න පටන්ගත්තා. අපි හිතන විදියට සද්භාවයෙන් බලල කිසිම දෙයක් ගැන උනන්දුවක් නෑ.  ඉතින් ඒක හන්දා මට කලකිරීමක් ඇතිවුණා. පුනරුත්තාපන කටයුතු නැවත පදිංචි කිරීම කූඩාරමක් හරි කොහෙන් හරි ජරාවක් ගෙනැල්ලා ගහනවා. කිසිම දෙයක් ගැන සැලැස්මක් නෑ. අපි මෙච්චර ලේ වැගිරුවා දහදිය වැගුරුවා රටේ ශ්‍රමය ශක්තිය කාලය බලය මේක නවත්තන්නේ කොහොමද? එළීයට ගිහිල්ලා මේ ක්‍රමයට විරුද්ධව නැගිටින්න ඕන කියලා මට හිතුණා.

ප්‍ර.

ඒක තමයි බලපෑම් සාධකය. ජනරාල් දැන් ලංකාවේ දේශපාලකයන්ට ඇඳුමක් තියෙනවානේ. දැන් අපි දන්නවා සමහර දේශපාලකයන් ඉතිහාසයේ කියලා තියෙනවා මම ගෙදරට කලිසම රටට රෙද්ද කියලා. ජනරල් අහලා ඇති මේ කථාව. බණ්ඩාරනායක අඳින්නේ යුරෝපීය ඇඳුම,  හැබැයි මිනිස්සු කියන්නේ 56 සිංහල බෞද්ධයා ජයග්‍රහණය කරගැනීම සඳහා උපක්‍රමයක් විදියට බණ්ඩාරනායක මේ ජාතික ඇඳුම ඇන්දේ කියලා. මම අහලා තියෙනවා එළියේ මිනිස්සු කියනවා අර හමුදා යුනිෆෝම් එක ඇඳලා තොප්පිය දාලා අර කළුපාට ග්ලවුස් එක දාලා ඉන්න ෆොටෝ එකේ තිබුණු පෞරුෂය මේ ඇඳුමේ නෑ කියලා. මේක ජනරලුත් අහල ඇති. ඇයි ජනරල් ජාතික ඇඳුම අඳින්න තීරණය කළේ දේශපාලන වේදිකාවට?

පි.

මම දේශපාලන වේදිකාවට එන්න තීරණය කළාම පොදු අපේක්ෂකයා විදියට මම ඒ ගැන සාකච්ඡා කළා. ගරු අගමැතිතුමා මට කිව්වේ දැන් එතුමා අඳින විදිහේ ඇඳුමක් අඳින්න කියලා. කලිසම, ටයි එක, කෝට් එක අඳින්න කියලා. මම ඇඳ ඇඳ හිටියෙත් ඒක තමයි. මංගල සමරවීර මහත්මයා කිව්වා කලිසමයි අර එතුමා අඳිනවා වගේ බුෂ් ෂර්ට් එක උඩින් දාලා අඳින්න කියලා. ඊට පස්සේ තව කවුරුහරි කිව්වා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඳින කපටි සූට් එක අඳින්න කියලා. මම තීරණය කළා දේශපාලනයට යනවානම් මම වෙනස් වෙන්න ඕන. හමුදාවේ හිටපු හැටියට ජීවත්වෙලා බෑ ඒ සිරිත් විරිත් එක්ක දේශපාලනය කරන්න බෑ. මම යන්නේ සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනුවක් කරන්න. ඇත්තටම ළඟට ගිහිල්ලා ජනතාව එක්ක ගැවසිලා ආශ්‍රය කරන්න පුළුවන්නම් තමයි සාර්ථක දේශපාලනඥයෙක් වෙන්නේ.

ප්‍ර.

ජනරාල් මම ඇත්තටම ඇඳුම් තුනකින් දැකලා තියෙනවා. එකක් යුද හමුදා ඇඳුම. එකක් දැන් ඔය ඇඳන් ඉන්න දේශපාලන ඇඳුම. කපටි සූට් එකට ළඟ ඇඳුම ඕකට කියන්නේ. අනික් එක ජම්පරය. ඇඟට අමාරු කෝකද? ඇඟට ලේසි කෝකද?

පි.

කලිසම ෂර්ට් එක ඇන්දම හදිසියේ බස් එකකට පැන්නත් හදිසියේ වාහනයකින් එක පාර බැස්සත් ඒකේ පහසුව වැඩියි. මේකෙදි පොඩි අපහසුවක් තියෙනවා. එළියේ යනකොට වාහනවල යනකොට වේදිකාවලදී ප්‍රශ්නයක් තියෙනවා මේ ඇඳුමේ. හැබැයි ඔක්කොගෙන්ම බහසුම ඇඳුම තමයි ජම්පරය. මම තවමත් ගෙදරදී පීටී කරන කොට ඒක තමයි අඳින්නේ.

ප්‍ර.

ජනරල් දේශපාලකයෙක් වුණාම එක එක වචන සමාජයට හුරු කරවනවා. කාටූන්කාරයෝ වචන අඳිනවා. දැන් ඔබ දේශපාලකයෙක් හැටියට මෝරලා නැති හින්දද සමහර මිනිස්සුන්ට සත්තුන්ගේ නම් කියන්නේ. කලවැද්දා කියලා බැන්නා. කලවැද්දා කියලා කාටුනුත් ඇන්දා. අද මේ සාකච්ඡාවේදී වෘක්කයෝ කියලා පාවිච්චි කරනවා. වෘක්කයා කලවැද්දා ඇත්තටම ඇයි ඒ?

පි.

සමහර වෙලාවට අපේ සිංහල ව්‍යවහාරයේ වෘක්කයෝ වගේ කථා කරන ඒවා තියෙනවානේ ත සමහර වෙලාවට හා පැටියෙක් වගේ කියලා කියනවා. දැන් ඔබතුමාට ගිරවා වගේ කියන්න පුළුවන්නේ. චතුර හින්දා. කලවැද්දා කියලා කිව්වේ අපේ හමුදාවේ කෙළෙහිගුණ සලකන්නේ නැති අයට ඔය වචනේ පාවිච්චි කරනවා හමුදාවේ නිතරම. ඔය මිනිහ මහ කලවැද්දෙක් කියලා කියනවා. අපහාසයකින් නෙමේ. තරහකිනුත් නෙමෙයි. කලවැද්දා කියන සතා පූස් පැටියෙක් වගේ සතෙක්නේ. කැලේ හිටියට ඇතිකළොත් ගෙදරක හුරතල් වෙන්නත් පුළුවන්. අර පුද්ගලයට මම එදා කිව්වේ ඒක අන්න ඒ වගේ මතයකින් රූපවාහිනියට ගෙනැල්ලා මට මඩ ගහපු චරිතය උපුල් ඉලංගම්ගේ කියලා.  ඒගොල්ලන්ගේ පවුල අපේ දෙමව්පියෝ යාළුවෝ. අපි ගෙදර ගියාම වැවට යනවා නාන්න. පීනන්න බැරි හින්දා මගේ කරෙත් නැගලා ඉන්නවා. එහෙම අඳුන ගත්ත දරුවෙක්. මෙයාට හමුදාවට එන්න ඕන කිව්වමත් මම උදව් කළා. මෙයා හමුදාවට එනකොට මම කර්නල් කෙනෙක්. අලිමංකඩ බේරාගැනීමේ සටනේදී මම බලසේනාධිපති කෙනෙක් හැටියට ඉස්සරහටම වෙලා හිටියා. මෙයා එතකොට හමුදාවේ නිලධාරියෙක්. මෙයාගේ අතට වෙඩි වැදුණා. ඉස්සෙල්ලම මගේ ගාවට ගෙනාවේ මෙයා කෑ ගහනවා අත අල්ලගෙන බිම පෙරළි පෙරළි. මම ළඟට ගිහින් මගේ ජීප් එකේ දාලා ඇරියා බෙහෙත් කරන්න කියලා. එදා යුද පිටියෙදිත් මම එයාට උදව් කළා. ඊට පස්සේ මෙයා ආබාධිතවෙලා ඉන්නකොට අතේ ප්‍රශ්නේ උඩ කැප්ටන් කෙනෙක් වෙලා ඉන්නකොට ඇමරිකාවේ පාඨමාලාවකට යන්න ආසයි අවුරුදු 3 ක නිවාඩු අරන් දෙන්න කිව්වා. මම මැදිහත්වෙලා මෙයාට අවුරුදු 3ක නිවාඩු අරන් දුන්නා. හැබැයි මම යනකොටත් කිව්වා අවුරුදු 3න් එන්න කියලා වෙලාවට. ඒත් ආවේ නෑ. ඩිග්රිය අරන් එහේ නැවතුණා. මෙයාගේ මවට හෘදය වස්තුවේ අමාරුවක් ආවා. පියා අසාධ්‍ය වුණා. හමුදාවෙන් පැනල ගිය නිසා ලංකාවට එන්න බෑ. ඒ කාලේ ජනරල් බලගල්ල හමුදාපති. එයාට කථා කරලා හමුදාවෙන් නීත්‍යනුකූලව අස්වෙන්නත් හදලා දුන්නා. නැත්නම් හිරෙත් යන්න තිබුණා. එහෙම කරපු මිනිහෙක් තමයි ඊට පස්සේ මගේ බෑණා හිටියේ එහේ මේ ගොල්ලෝ මගේ දුවයි එකට ආශ්‍රය කළේ. එහෙම හිටපු කෙනෙක් මිලියන 60 ක් ද කොහෙද දීලා ලංකාවේ තානාපති කාර්යාලයේ ඇමරිකාවේ එතැන හිටියේ වික්‍රමසූරිය කියල මහින්ද රාජපක්ෂගේ ලේ ඥාතියෙක්. එයා හම්බෙලා මෙහෙම ජනරාල්ලට විරුද්ධව කේළාම් කියන්න කියලා කොළ වගයක් පෙන්නල ලංකාවට ඇවිත් සල්ලි අරගෙන රූපවාහිනියට ගිහිල්ලා මට මඩ ගැහුවා. ඉතින් මේක ගැන මගෙන් මාධ්‍ය ඇහුවා එතැනදී ඕක ගැන ඇහුවම මම හිනාවෙලා කිව්වා මේ කොහෙද යන කලවැද්දෙක්නේ කියලා ඒ පුද්ගලයා කරපු ක්‍රියාදාමය අනුව අර කෙළෙහිගුණ දන්නැති පුද්ගලයෙක්නේ කියන එක තමයි මම කිව්වේ.

ප්‍ර.

ඔබට දේශපාලනයෙන් ඇත්තටම ලැබුණේ මොනවාද? ඉගෙන ගත්තේ මොනවාද?

පි.

දේශපාලනය කියල කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගත්තා. මම 2010 දී රට ගැන කථා කළා. වේදිකාවට ගිහින් කථා කළා ජනතාව හම්බුණේ නෑ. ජනතාවගේ දේශපාලනය කියන්නේ රට ගැන කථා කරන එක නෙමෙයි.  ජනතාවගේ සිතුම් පැතුම් ජනතාවගේ අවශ්‍යතාවයන් ජනතාව ජිවත්වෙන්න කැමති කොහොමද ඒ හැමදේම දැනගෙන ජනතාව වෙනුවෙන් කැපවීමක් කරන එක. ඒකයි මම දකින්නේ දේශපාලනය කියලා. ඒක දැන් මම ඉගෙනගෙන තියෙනවා. ලැබුණු දේ ගැන දැන් මම තෘප්තිමත්. අද වෙනකම් මම ලබපු අත්දැකීම් ගැන. හිරගෙදර හිටපු අවුරුදු 3 ගැනත් මම තෘප්තිමත්. මම දුක් විඳිනවා දරුවෝ දුක් විඳිනවා. බිරිඳ දුක් විඳිනවා. හිරිහැර කරනවා. අපේ ගෙදර හිටපු සුනඛයෝ, පූස් පැටව් පවා දුක් වින්දා. අපට ආදායමක් නෑ. මිතුරෝ යාළුවෝ හිතවත්තු නොහිටියනම් අපට කන්න බොන්නවත් විදිහක් නෑ. මම දැන් දකිනවා ඒ ලබපු අත්දැකීම ඔබතුමාට එවැනි වාසනාවක් තිබිල නැහැ එවැනි අත්දැකීමක් ලබන්න. හිරගෙදරදී මම අඳුනාගත්තා. ඒ අයගේ ජීවිත දැක්කා. ඊට පස්සේ දේශපාලනයේදී හුඟක් දුප්පත් අය ගැන අඳුනා ගත්තා.

ප්‍ර.

ජනරාල් මම ඊළඟ ප්‍රශ්නය අහන්නේ ඍජු උත්තරයක් බලාපොරොත්තුවෙන්. 2005 ජනාධිපතිවරණයේදී ප්‍රධානම ප්‍රතිපාක්ෂිකයෝ දෙන්නා රනිල් වික්‍රමසිංහ මහත්මයයි. මහින්ද රාජපක්ෂ මහත්මයයි. 2005 මැතිවරණයේදී ඔබ මේ දෙන්නගෙන් කාට හරි සල්ලි දුන්නද?

පි.

2005 ඔව්. 2005 මම හමුදාවේ දෙවැනියා. ගෝඨාභය රාජපක්ෂ මම හමුදාවේ දැනගෙන හිටියා ලුතිනන් කර්නල් කෙනෙක් හැටියට. මට වඩා කණිෂ්ඨ බැජ් එකේ. අපට පස්සේ ආපු කට්ටිය. මගේ හිතවත් යාළුකමක් තිබුණේ නෑ. රාජකාරි මට්ටමින් දැනගෙන හිටියා. 2001 මම පාඨමාලාවක් කළා එංගලන්තයේ ආරක්ෂක විද්‍යාලයේ. ඒ කාලේ මට ගෝඨාභය රාජපක්ෂ 2001 නත්තල් දවසේ ඇමරිකාවේදි හම්බුණා. තව හමුදාවේ හිටපු නිලධාරියෙක්ගේ ගෙදරදී. ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ බොහොම දුර්වල නිකන් කවුරුත් ගණන් ගත්තෙත් නෑ. බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන චරිතයක් වගේ හිටියා පැත්තකට වෙලා. මාත් ළඟට ගිහිල්ලා කථා කළා. නමුත් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මම හමුදාවේ 5 වැනියා වෙලා ඉන්න කාලේ ඉඳලා මම ආශ්‍රය කළා. එයා විරුද්ධ පක්ෂයේ නායකයා 2002. එතකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණේ. එයා යාපනේ ආවා ප්‍රනාන්දුපුල්ලේ මහත්මයයි, භාරත ලක්ෂ්මනුයි, ශ්‍රී රංගයි, මහේෂ්වරනුයි එක්ක ආවා. මට එතකොට හිටපු ආරක්ෂ ඇමැති තිලක් මාරපන මහත්මයා මට කෝල් එකක් දීලා කිව්වා අන්න අර මහින්ද රාජපක්ෂ එනවා ඔහේ හෙට, වාහනයක් දෙනවා. හැබැයි තමුසේ එහෙම පළාතේ යන්න එපා. තමුසෙට ගහන ඒවා ඒ මිනිහට වදියි කිව්වා. එතකොට විරුද්ධ පක්ෂේ නායකයා එන්නේ. මගේ වාහනේ විතරයි හොඳ වැදගත් වාහනයකට යාපනේ තිබ්බේ ඒ කාලේ. ඩබල් කැබ් එකක්. මම වාහනය එලවන්නත් ඕන මේ පස්දෙනා වාහනේ දාගෙන මම යාපනේ වටේ අරන් ගියා. ඒවගේ විරුද්ධ පක්ෂයේ අය ආවා කියල මම හැංගුණේ නෑ. ඉතින් ඒ වගේ මම ඒ කාලේ එයාව ආශ්‍රය කළා. අගමැති වෙලා ඉන්නකොටවත් ඒ කාලේ යාළුවෝ වැඩියෝ හිටියේ නෑ එයාට. ඒකාලෙත් මම හිතන්නේ පක්ෂෙනුත් ටිකක් කොන්වෙලා හිටියේ. නවලෝකේ අසනීප වෙලා ඉන්නකොටත් මමයි, ධම්මික ආටිගල, ඩොක්ටර් රණවක කියලා ඉන්නවා ඒ වගේ හතර පස් දෙනෙක් තමයි එයාව බලන්න යන්නේ. එයාගේ මැතිනිය ඇඳ ළඟ වාඩිවෙලා මැස්සෝ එළව එළව ඉන්නවා. කථා කරන්නවත් කවුරුත් නෑ. ඒ වගේ ආශ්‍රය කරල තිබුණා සීමාන්විතව. ඊට පස්සේ තමයි 2005 ඡන්දේ ආවේ. එක දවසක් ගෝඨාභය මගේ ගෙදරට ආවා. හමුදා මූලස්ථානේ ඇතුළේ ගෙදරක මම හිටියේ. හම්බෙන්න ඕන කියලා කිව්වා. එතකොට ඡන්දෙට නාම යෝජනා දීලත් තිබුණා. මම දන්නවා වැරදිලා හරි රනිල් වික්‍රමසිංහ මහතා දිනුවනම් ඒක මගේ හමුදා ජීවිතේ විනාශයට හේතුවක් වෙන්නත් තිබුණා. නමුත් මම කිව්වා හරි කමක් නෑ එන්න කියලා. ඇවිල්ලා බොහොම දුකින් කථා කළා. ඡන්දෙ කරගන්න බෑ ඇස්වල කඳුළු. ආධාර කවුරුත් දෙන්නෑ. මම කිව්වා ඒත් ඔබතුමන්ලගේ ඇඩ්වර්ටීස්මන්ට් එකක්වත් යන්නේ නෑනේ. සල්ලි නැති ප්‍රශ්නෙම තමයි. මොනවත් කරගන්න බෑ. පුළුවන්නම් ආධාරයක් කරන්න සරත් කියලා කිව්වා. මගේ කරන්ට් එකවුන්ට් එකේ ලක්ෂ 6 ක් විතර තිබුණා. මම ඒ ලක්ෂ 6 ම දුන්නා පුළුවන් වෙලාවක දෙන්න කියලා.

ප්‍ර.

ඊට පස්සේ ණය බේරුවා?

පි.

ණය බේරුවේ නෑ. මගේ විශ්‍රාම වැටුපත් අරගෙන ඉවරවෙලා... (සිනාසෙයි) ඒත් ඒ උදව්ව මම කළා එදා. ඒකාලේ ඒක විශාල ගාණක්. මම 2010 ඉල්ලනකොටත් ලක්ෂ 5 කට වැඩි ආධාරයක් කළේ එහෙමත් කෙනෙක්.

ප්‍ර.

මම ඒ ප්‍රශ්නේ ඇහුවේ සමහර විට ප්‍රේක්ෂකයා හිතයි මේ ලක්ෂ 6ක් දුන්න සිදුවීම ජනරාල් සරත් ෆොන්සේකා මට මේ කථාව කලින් කියලා මම මේක ඇහුවා කියලා. හැබැයි මේ වැඩසටහනට කලින් මම කිසිම හේතුවක් නිසා ජනරාල් සරත් ෆොන්සේකා මුණ නොගැසෙන්න ප්‍රවේශම් වුණා. මම මේක දැනගත්තේ මේ ලක්ෂ 6ක මුදල දුන්නා කියලා සරත් ෆොන්සේකා බොහෝ මිතුරන්ට මේ රහස කියලා තිබුණා. එක මිතුරෙක් තමයි අද වැඩසටහනට එනවා කියලා මට මේක කිව්වේ.

ප්‍ර.

ඔබේ සිරගෙදර ජීවිතය ගැන කෙටියෙන් කියන්න?

පි.

සිර ගෙදර ජීවිතය ඉතාම දුෂ්කරයි. නෑසිය මිතුරන්ගෙන් පවුල්වල අයගෙන් ඈත්වෙලා ඉන්න ඕන. මාව තිබ්බේ තනියම. මට කවුරුත් මුණ ගැහෙන්න දුන්නෙත් නෑ. ඉස්සර බාල දක්ෂ කාර්යාලයේ ඉස්සර විජය කුමාරතුංග මහත්මයාත් හිටියේ.

ප්‍ර.

හැබැයි ඒක වෙන්කරල තිබුණට මම දන්නා තරමට ඒක ටිකක් පහසුකම් සහිත කාමරයක්?

පි.

පහසුකම් කියන්නේ මම යනකොට සියලුම දේ ගලවලා තිබුණේ. ෆෑන් ගලවලා. හුළං එන්නත් මුකුත් නෑ. එකම පහසුකම ඒකට වෙනම බාත්රූම් එකක් තිබුණා. මොකද හිරගෙදර නිවැසියෝ 1000 කට විතර තියෙන්නේ වැසිකිළි 25යි. දවසේ පැය 24 ම ඒගොල්ලෝ පාවිච්චි කළත් එක්කෙනකුට විනාඩි 5 ක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්. එවැනි තත්ත්වයක් එතැන තියෙන්නේ. මට ඇත්තටම වැසිකිළියක් තිබුණු එක අනික් අය හිටපු විදියට මට දිව්‍ය ලෝකයක් වගේ. ඒ පහසුකම මම වින්දා ඒක මට දෙවියෝ දුන්නා වගේ තමයි මම සැලකුවේ. මොකද මම උදේට නැගිට්ටමත් පැය එකහමාරක් විතර නාන්න මූණ සෝදන්න ගත කරනවා.

ප්‍ර.

මට ඊළඟ තොරතුර කිව්වෙත් වැලිකඩ ඔබත් එක්ක එකට හිටපු සිරකරුවෙක්. ඒ තමයි දැන් වැලිකඩ සිරගෙදරට දැම්මාව වෘත්තීය වැඩ අංශයකට දානවනේ. ඒකට දැන් කියන්නේ පාටිය  කියලා. එක එක පාටි තියෙනවා. උයන අයට තියනවා. ට්‍රේලර් පාටියක් තියෙනවා. මේසන් වැඩ පාටියක් තියෙනවා. මේකේ පහත්ම එක වශයෙන් සලකන්නේ මේ අතුගාන පාටිය. ඒක තමයි සිරකරුවකුට දිය හැකි පහත්ම පාටිය. ලංකා ඉතිහාසයේ කිසිම සිරගතවෙච්ච යුද හමුදාවේ සොල්දාදුවෙක්වත් මේ අතුගාන පාටියට දාලා නැහැ. හැබැයි ඔබ දැම්මේ මේ අතුගාන පාටියට. ඒ කියන්නේ තමන්ගේ පෞරුෂය ආඩම්බරය යුද හමුදාපති මේ සියල්ල ඉවරවෙනවා අර සිරකරුවෝ ඉන්න තැන අතුගාන පාටියට දැම්මම. ඔබ හිටියේ අතුගාන පාටියේ. මම කැමතියි ඒ අත්දැකීම දැනගන්න?

පි.

හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක් තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිතිවුණා. මම ඉතින් එතැනට පුරුදුවුණා. බිම නිදාගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේ රෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා. එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන. මේක සමහරවිට අවුරුද්දක්ද දෙකක්ද 10 ක්ද දන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒක හන්දා පළවැනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත් නෑ. දූවිලි පිරිලා සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා ලයිට් ගලවලා ඒවයේ බදාම වැටිලා.

ප්‍ර.

ඔබ යෝජනා කරන්නේ මේ ඔබ යන්න කලින් ඒකෙ කර්ටන් තිබුණා ෆෑන් එකක් තිබුණා. ඔබ යන නිසා ඒක ගැලෙව්වා කියන එකද?

පි.

සියලුම දේ ගැලෙව්වා. මොකද අනික් සිරකරුවෝ ඔක්කොටම ෆෑන් තියනවා. ටෙලිවිෂන් තියනවා. ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදි ඉල්ලිමක් කරල තමයි ඒවා ලබාගත්තේ. පැදුරක් විතරයි තිබුණේ පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ ඇඟේ බෝම්බ වලට අහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිරවෙලා නිදියනකොට. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමට වාඩිවෙනකොට නැගිටිනකොට මගේ කොන්දෙත් තියෙනවා යකඩ කෑල්ලක් ඒ කොන්දෙ අමාරුව ආවා. ඊට පස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක් හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත්වෙන්න සිද්ධ වුණේ. හුදකලා ජීවිතයක් ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නය. ඒ කෑම බිම වුනත් කන්න බෑ හුඟාක් සිරකරුවෝ ලෙඩවෙලා ඉන්නවා. පොල්තෙල් දාලා.

ප්‍ර.

හැබැයි මට ආරංචියක් තියෙනවා ජනරාල් මම මැද්දට පනින්නේ ඒකයි. ඔබ කිව්වා ඔබ යනකොට ඔබට හම්බෙච්ච කෑම එකේ කූඹි වහලා හිටියා කියලා. එතකොට මට ලැබෙන තොරතුරු ටික ඇත්තනම් ඔබට ආහාර වේල පස්සේ එක්කෝ වෙනම එක්කෙනෙක් හදලා දෙන්න හිටියා. එහෙම නැත්නම් බොහෝ වේලාවට ආහාර වේල පිටින් ගෙනිච්චා. ඒක මානුෂික හේතුවක් වෙන්න පුළුවන්. මම අහන්නේ ඒ ගැන නෙමෙයි. මම අහන්නේ දැන් ඔබට යම් කිසි බලයක් ලැබිලා තියෙනවා. ඔබ දැන් ආණ්ඩුව පත්කරන්න මහන්සිවෙලා තියෙනවා. සිරකරුවන්ට මේ අයිතිය ටික ලබාදෙන්න පුළුවන්ද බැරිද?

පි.

එතන මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. පිටින් ගේන්න දෙන්නෑ කෑම. කෑම පිටින් ගේන්න දෙන දවස් තියෙනවා. සිංහල අවුරුද්දට, නත්තල් දවසට. එදාට ගෙනැල්ලා ඒවා කාමරවල තියාගන්න පුළුවන්. රිමාන්ඩ් සිරකරුවන්ට නම් කෑම ගේන්න දෙනවා. අපි ඇතුළෙන් දෙන එක ක



අදහස් (0)

‘මගේ ගිණුමේ ලක්ෂ 6 ම මහින්දට දුන්නා‘

රුචී Tuesday, 24 February 2015 02:57 PM

මෙයා තමයි පොර! අනිත් අය ඔක්කොම දුර්වලයෝ, කනිෂ්ටයෝ. මෙයා තනියම යුද්ද කරආ තියෙන්නේ. ගුවන් හමුදාව නාවික හමුදාව මුකුත් කරලා නැහැ. තනියම පොරවෙන්න හදනවා. මහින්ද රාජපක්ෂ වගේ කොන්ද තියන නායකයෙක් සහ ගෝඨා වගේ එඩිතර තීරණ ගන්න ලේකම් කෙනෙක් හිටියේ නැත් නම් අපිට පාස් පොර්ට් එකෙන් තමි යාපනයට යන්න වෙන්නේ. (අ)

:       0       0

යසංග Tuesday, 24 February 2015 09:36 PM

අනේ මන්දා මේ කතා? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 February 2015 12:29 AM

මෙතුමා යුද්ධය දිනන්න විශාල දායකත්වයක් දුන් බව අපි පිළිගන්නවා. හැබැයි මහින්දට ලක්ෂ 6 දුන්න කතාව නම් පුදුමසහගතයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 09:27 AM

අමතක කරලමු පැරණි කතා- එක්වෙමු ජාතික දියුණ පතා (නදී)

:       0       0

සම්පත් Tuesday, 24 February 2015 09:37 AM

මම මේකට මුකුත් කියන්න කැමති නැහැ. මොකද කිව්වට වැඩක් නැහැ.(නදී)

:       0       0

නාලනී Tuesday, 24 February 2015 10:04 AM

මේවා ඇත්තද අනේ ? (නදී)

:       0       0

අසෝක Tuesday, 24 February 2015 10:42 AM

ඔය වෙලා තියෙන්නේ දිට්ට දර්ම වේදනීය කර්මය පලදීමක් (නදී)

:       0       0

ලෝචන Tuesday, 24 February 2015 10:42 AM

ඔබ ජාතික වීරයෙක් නමුත් දේශපාලන ඇඳුම දාගත්තම කරපු දේ නෙමෙයි කියන්නේ. මහින්ද ජනාදිපති ඔබට අසාදාරනයක් කළා කීවත් ඔබව විශ්‍රාම යවන්න හිටපු ජනාදිපතිනිය තීරණය කරපු වෙලාවේ මහින්දම තමයි ඔබව නැවත සේවයට ගත්තේ. නමුත් දැන් ඔක්කොම වෙලා ඉවරයි,මේ කොමෙන්ට් එක වෙනස් නොකර දාන්න. (නදී)

:       0       0

සුනෙත් Tuesday, 24 February 2015 10:43 AM

ඔය නන් දෙඩවිලි අපිට වැඩක් නැහැ (නදී)

:       0       0

චාන්දනී Tuesday, 24 February 2015 11:15 AM

ලෝචන ඔයා හොඳට මතක තියා ගන්න , අද අපි ජීවත් වෙන්නේ මෙතුමා නිසා කියලා. (දිල්) 

:       0       0

අසංග Wednesday, 25 February 2015 04:40 AM

ඔයවගේ කතාම තමයි කියන්නේ. (නි)

:       0       0

රජා Tuesday, 24 February 2015 11:45 AM

ජනරාල්තුමා සුදු කොඩි කතාව කිව්වට පස්සේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහලයන්ට සෑහෙන ප්‍රශ්න ඇතිවුනා. කොටි හිතවාදීන් ඒ කතාව හොඳට එයාලගේ වාසියට ගත්තා. මම වැඩකරන තැන හිටිය පරණ හමුදා නිලධාරියෙක්. ඔහුත් ඉන්දියානු සම්භවය තියන අයත් ලවා කොටි හිතවාදීන් අපිට බොහොම ප්‍රශ්න ඇති කරා. ඊට පසු මෙතුමා බීබීසී එකට දුන්න රහස් සකච්ඡාවෙනුත් ඒටිකම තමා වුනේ. චන්ද්‍රිකා මැඩම් ගෙදර අරින්න හිටි කෙනෙක්ව උඩට අරන් රාජපක්ෂලා කරේ රටේ හොඳ නමට නරකක් වෙන දෙයකට මුල පිරීමක්. . (නදී)

:       0       0

ජානකී Tuesday, 24 February 2015 12:03 PM

ලෝචන මොනවද මේ කියවන්නේ (දිල්‘)

:       0       0

චමිලා Tuesday, 24 February 2015 12:35 PM

චාන්දනී, මහින්ද මෙයාව නැවත සේවයට ගත්තේ නැත්නම් අද මෙයත් විශ්‍රාමික හමුදා නිලදාරියෙක්. (නදී).

:       0       0

කමනී Tuesday, 24 February 2015 12:45 PM

මෙතුමා කවදත් ජාතික වීරයෙක් විදියට අපේ හදවත් තුල ඉන්නවා. අද කට්ටිය මොනවා දෙඩුවත් අපිට නිදහස ලැබුනේ මෙතුමාගේ මග පෙන්වීම නිසා. . (නදී)

:       0       0

අජිත් Tuesday, 24 February 2015 02:01 PM

ඔබතුමාට පුළුවන් නම් මේ ආණ්ඩුවේ ඉදන් ඔය කියන සෙල්ලන් දාලා පෙන්නන්න? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 634 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1019 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 839 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1610 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site