IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැකියැයි පාර්ලිමේන්තු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ  අමාත්‍යාංශයීය උපදේශක අනු කාරක සභාවේ දී ආබාධ සහිත වුවන්ගේ නියෝජිතයෝ පැමිණිලි කළහ.

බස්රථ වල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව ද ආබාධිත සංවිධන වල නියෝජිතයෝ  කාරක සභාවට පෙන්වා දුන්හ. 

මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන  ආකල්ප යහපත් මට්ටමටකට ගෙන  ඒමේ අවශ්‍යතාවයද ඔවුහු අවධාරණය කළහ. 

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස් විය.

මෙම  රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික  පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද සහභාගී විය.

බස්රථ වල සහ දුම්රියවල  ආසන, නීතියක් මඟින්ම  ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන්  සන්නිවේදන පහසුව උදෙසා සකස්  වියයුතු දේ පිළිබඳව  මෙන්ම ඔවුන්ට බලපා  ඇති තවත් බොහෝ ගැටලු  පිළිබඳව  මෙහිදී සාකච්ජා කෙරිණි.



අදහස් (0)

මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 313 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 410 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 226 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 733 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 404 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 233 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site