IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්



(අරුණ ශාන්ත කුමාර, කිත්මි චේතාරි, ඉන්දිකා රාමනායක, තරිඳු ජයවර්ධන සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිතොමුල්ල  කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත. කුණු කන්ද කඩා වැටීම නිසා ගෙවල්  100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇතැයිද වාර්තාවේ.

⁣නිවාස කිහිපයක් මුළුමනින්ම විනාශ වී තිබෙන අතර තවත් නිවාස රැසකට අර්ධ වශයෙන් හානි වී තිබේ.

මීතොටමුල්ල කුණු කන්ද එතැනින් ඉවත් කරන⁣ ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය නිතිඥ නුවන් බෝපගේ මහතා කියා සිටි⁣යේ නිවාස 100 කට වඩා යටවී ඇති බවට සැක කරක බවයි. විපතට පත්වූවන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ කරමින් සිටින බවත් ඒ  මහකි පැවසීය .

මේ වන විට තුවාලකරුවන් හය දෙනකු බේරාගෙන රෝහලට ගෙනගොස් ඇතැයි පොලිසිය කියයි. 
පොලිසි සහ සෙසු පිරිස එම ප්‍රදේශයේ  නිවෙස්වල ජනතාව ඉවත් කරමින් සිටිති.

විපතට පත්වූවන්ට සහන සලසන ලෙස ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමදාවට නියෝග කර තිබේ.

තත්ත්වය එසේ තිබියදී ජනතාව බලධාරින්ට චෝදනාකරමින් විරෝධතාවේ නිරත වෙමින් පසු වන අතර බැකෝ යන්ත්‍රයකට ද ගිනි තාබා ඇතැයි වාර්තාවේ. කුණු කන්දේ කොටසක්  අසල ඇල මාර්ගයටද කඩා වැටි තවත් නිවෙස් කිහිපයක් ජලයෙන්ද යටවි ඇත. 



අදහස් (11)

මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්

lakmal Friday, 14 April 2017 01:07 PM

මගේ අදහස නං පොලිතින් සදහා බද්දක් පැනවීම මගින් දිනකට එකතුවන කසල ප්‍රමාණය සැහෙන්න අඩු කල හැකි බවයි. ටිකක් අපහසු වුනත් මේ මිනිස්සු ගැන හිතල බත් පාර්සලය වෙනුවට කෑම පෙට්ටියක් ගෙනියන්න පුළුවන් නං. කඩේට යනවිට මල්ලක් අරන් යන්න පුළුවන් නං හොදයි.

:       3       180

pradeep Friday, 14 April 2017 01:33 PM

මෙසේ එකතුවෙන කුණු වලින් ප්‍රයෝජනයක් ගන්න බොහෝ යෝජනා ගෙනාවත් හැමදාම සිදුවෙන සේ දේශපලයකයන් තමන්ගේ වාසිය පිණිස විරුද්ධ වුණා. එදත් අදත් එහි වෙනසක් නැහැ. එසේම අපි ජනතාව විදියටත් මෙහි ඇති බැරෑරුම්කම තේරුම් අරන් නැහැ.. එය හුදෙක් තම කුණුමල්ල ගෙදරින් එලියට විසිකිරීමට සිමා වෙලා.

:       0       23

sarath Friday, 14 April 2017 01:44 PM

ජපානේ එහෙම ,පොලිතින් වෙනම ,බීම බෝතලයක් උනත් හෝදලා තමයි කුණු කුඩයට වෙන්කරලා දමන්නේ. ආණ්ඩුවට කිසිම කොන්දක් නැහැ පොලිතින් භාවිතයට බද්දක් හෝ වගකීමක් පොලිතින් ප්ලාස්ටික් වල කෑම ඇසුරුම් කරන සුපර් මාර්කට් ,බීම බෝතල් හදන,හෝටල් වලට දෙන්න.මිනිස්සුත් කිසිම වගකීම නැතිව කුණු එලියට දමනවා,මිනිස්සුන්ටත් වගකීමක් දෙන්න ඕනේ තමන් භාවිත කරන දේ අපද්‍රව්‍ය විදියට බැහැර කරන ප්‍රමාණය පාලනය කරන්න. ඉගෙන ගන්න,ප්‍රායෝගිකව ක්‍රියාකරවන්න නම් ඕනේ තරම් දේවල් ලෝකෙන් තියෙනවා ,එත් පාලකයින් හොරු නම්,තමන්ගේ සුඛ විහරණය පමණක් හිතනවානම් මෙවැනි සරල දේවලුත් අමාරු කාර්යයන් වෙනවා.

:       2       37

Sarath R Friday, 14 April 2017 02:13 PM

මීතොටමුල්ලේ කට්ටිය කුරුදුවත්තට මාරු කරලා, කුරුන්දුවත්තේ ජරාව කන කට්ටිය ( හොඳ අයව නොවේ ) එහෙ පදිංචි කලානම්, කාටත් අවබෝධ වෙයි මිනිස්සු විඳින වේදනාව. නැත්නම් තව අවුරුදු 50 කටත් ඔය කුණුගොඩ හෙල්ලෙන්නේ නැහැ.

:       443       31

channa Friday, 14 April 2017 02:30 PM

අපේ කුණු නිසා දුක්විදින ජනතාවට කල හැකි සියලුම දේ කල යුතුයි. දීර්ඝ කාලින පිළියමක් කල යුතුයි.

:       207       20

aravinda Friday, 14 April 2017 02:40 PM

මේ මිනිසුන්ට ජිවත් වීමට වෙන සුදුසු ස්ථානයක් ලබා දිය යුතුයි. මෙය කෙනෙකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් නොවේ. මා සිතන විදියට පරිසරයට සිදුවන හානිය නිසා, පොලිතින් මලු සඳහා බදු පැනවිය යුතු අතර, රටේ ජනතාවත් තමන්ගේ වගකීමක් හැටියට පොලිතින් මලු භාවිතා කිරීම අවම කල යුතුයි.

:       305       226

tikiri Friday, 14 April 2017 02:45 PM

අපේ කට්ටිය නොපෙනෙන කුණු අවුස්ස අවුස්ස හිටිය මිසක් පෙනෙන්න තියන කුණු කන්දට කරන දෙය කල්පනා කලේ නැහැ . ඒකටත් මහින්දව පටලවපල්ලා පුලුවන්නම් .

:       1280       133

Athula Attygalle Friday, 14 April 2017 03:49 PM

දැනට අවුරුදු හතරකට විතර ඉස්සර ඇමරිකන් ආචාර්වරයෙක් ලංකාවට තුන් හතරවරක් ආවා ලංකාවේ කුණු ඔක්කොම මිලයට අරගෙන විදුලිය නිෂ්පාදනය කරන්න. කොළඹ කුණුත් බැලුව නුවර කුණුත් බැලුවා. ලොකු ඇමතුවරු සහ නිලධාරිවරුන් හමුවුණා. (සාක්කි ඇත). එයාගේ ව්‍යාපෘතිය ට සයයෝගයක් ලැබුනේ නෑ. හේතුව කාටත් හිතාගන්න පුළුවන්නේ. එයා කලකිරිලා යන්න ගියා.

:       31       257

janatha anura Friday, 14 April 2017 03:55 PM

කුණු එකතු වෙන්නෙත් අපෙන් මේවට කරන්නේ කුමක්ද කරුණාකර අදහස් දක්වන්න එක්වී ලිපි මගින් දේශපාලකයන්ට දන්වමු

:       225       10

Rajith Friday, 14 April 2017 06:23 PM

ඕක කුණු කන්දක් නෙවෙයි ඡන්ද කන්දක්

:       0       0

ranjith Saturday, 15 April 2017 04:41 AM

ආණ්ඩුව කරවන කට්ටියට බැරිද? මිනිසුන්ට කුණු වෙන්කරලා බැහැර කරන්න පුරුදුකරන්න. කුණු වෙන්කෙරුවොත් ගඳගහන කුණු දැන් තියෙන ප්‍රමාණයෙන් 10%.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 999 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 915 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1597 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 625 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1386 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 699 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site