ඩුබායි, සාජා, ඇමරිකාව සහ කටුනායක සිට ගුවන්යානා හතරක් ලබන 18 වැනිදා මත්තලට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් රත්වත්ත මහතා මත්තලදී පැවසුවේ එයාර් ඇරබියා, ෆලයි ඩුබායි, ශ්‍රී ලංකන් ගුවන්සමාගම සහ මිහින්ලංකා ගුවන් සමාගම මත්තලට පැමිණීමට එකගතාවය පල කර ඇති බවයි. ලෝකයේ තවත් ගුවන් සේවා කිහිපයක් මෙම ගුවන්තොටුපොළ වෙත ගෙන්වාගැනීම සඳහා කටයුතු සූදානම් කර ඇත.
මත්තල ගුවන්තොටුපොළ භාවිතා කරන දෙස් විදෙස් ගුවන් සමාගම් සඳහා තොටුපොළ හා සේවා පහසුකම් ලබා ගැනීමේදී පළමු වසරේදී සියයට පනහක අඩුකිරීමක් සහ ඊලග වසර තුන දක්වා සියයට විසිපහක අඩුකිරීමක් කෙරෙනු ඇත.
එළඹෙන 18 වෙනිදාට ගුවන්යානා ගොඩ බැස්සීම සහ ගුවන්ගතකිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා ගුවන් ගමන් පාලන කුළුන, ගුවන්ගමන් තොරතුරු සේවා මධ්‍යස්ථානය සහ ගගන නාවික තොරතුරු රටවල් අතර ප්‍රකාශ කිරීම සඳහා වූ මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය පිළිබඳ පුහුණුව අවසන් කරන අයුරුද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැඩකටයුතු දැක බලා ගැනීම සඳහා ගිය සංචාරයේදී අපට දැකගන්නට හැකි විය.
මීටර හතලිස් පහක උසකින් යුතු නවීනතම සන්නිවේදන උපාංග වලින් යුතු ගුවන් සංතරණ පද්ධතියකින් යුතු ගුවන් ගමන් පාලන කුළුන මුදුනේ සිට හාත්පස බැලූවිට හරිත පැහැගත් සුන්දර ගුවන්තොටුපොළක අසිරිය මෙන්ම ගුවන් පථය, ගගණාංගනය ඇතුළු මුළු ගුවන්තොටුපොළම හොදින් දර්ශනය වෙයි.
ජ්‍යෙෂ්ඨ ගුවන් ගමන් පාලක එන්.එමි.ටී ප්‍රියංකර සහ අධීක්ෂන නිලදාරී එම්.ඒ.කේ ප්‍රසන්න යන මහත්වරුන් සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා විය.
ඔවුහු අපට ගුවන්ගමන් පාලක කුළුනෙන් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සිදුකරන කරන අයුරු ඉතා සවිස්තරාමක ලෙස පැහැදලි කර දුන්හ.
ඔවුන් ලබා දුන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් සීමාව වර්ග නාවික සැතපුම් පන්ලක්ෂ විසිදහසකි. එයින් මත්තල ස්ථාපනය කර ඇති ගුවන්ගමන් පාලන කුළුන මගින් ගුවන් ගමන් පථයේ සිට නාවික සැතපුම් පනහක ප්‍රදේශයක සහ අඩි දහතුන් දහසක උසක් ආවරණය වන ලෙසින් නව පාලන කලාපයක් ස්ථාපනය කර ඇත.
මෙම කලාපයෙන් යන සහ එන සියළුම ගුවන්යානා ගුවන් ගමන් පාලන කුළුනෙහි පාලනය යටතේ පවතී. එමෙන්ම ගුවන් යානයක් ගුවන්ගත කළ අවස්ථාවේ හෝ ගොඩබෑමේ අවස්ථාවන්හිදී ආරක්ෂිතව හා කාර්යක්ෂමව හැසිරුවීම සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත මෙම පාලන කුළුනෙන් ලබා දෙයි.
මීට අමතරව ගුවන් යානයක් අනතුරකට ලක්වීමක් හෝ එවැනි අවදානමක් ඇති නම් ඒ පිළිබඳ දත්ත ලැබෙනුයේ ද පාලන කුළුන වෙතය. ගගණාංගනය සහ ධාවන පථය අතර ඇති බාධක වලින් තොරව, නිවැරදි කාලගුණික තත්ත්වයන් යටතේ සහ උපකරණ දෝෂ රහිතව ගුවන්ගතකිරීම සහ ගොඩබෑමත් මෙහි පාලනය යටතේ සිදුවේ.
මත්තල සිට ගුවන්ගතවන ගුවන්යානා මත්තල නව ගුවන් කලාපය ඉක්මවූ පසු එහි ගමනාන්තය අනුව රත්මලාන පිහිටි ප්‍රධාන ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයෙන් හෝ කටුනායක රේඩාර් මධ්‍යස්ථනෙයක් පාලනය වෙයි.
ශ්‍රී ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාවය ඇති වූයේ ඇයි? ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති රත්වත්ත මහතා හමුවූවෙමු.
ඔහු පවසන පරිදි ලොව ඹ්නෑම රටක ගුවන්යානයට මත්තලට පැමිණ තමන් කැමති ඕනෑම ගමනාන්නතයකට යාමේ නිදහස සහ විවෘත අහසක් ලෙස භාවිතා කල හැකිවීම මත්තල ගුවන්තොටුපොළෙහි ඇති ප්‍රධාන විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර ගුවන්ගමන් සිදුකරන විට එම රටවල් දෙක අතර ගිවිසුම්ගත ගමනාන්තයට යායුතුය. උදාහරණයක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉන්දියාවේ සිට ගුවන්යානයක් පැමිණියහොත් ආපසු ගිවිසුම් ගත ගමනානත්තය ලෙස ඉන්දියාව නම්කර තිබුණේ නම් එය ආපුසු යායුත්තේද ඉන්දියාවටමය.
මත්තලට එසේ ගිවිසුම් ගත ගමනාන්තයක් නැතිව ඔිනෑම ගුවන්යානයකට පැමිණීමේ නිදහස මෙන්ම තමන් කැමැති ගමනනාන්තයට පියාසර කිරීමේ නිදහස ඇති ගුවන්තොටුපොළකි. නමුත් ඒ සඳහා මෙරට සිවිල් ගුවන්සේවා අධිකාරියට දැන්විය යුතුය.
2001 වසරේදී ත්‍රස්ත කලබල හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දින කිහිපයක් වසා තැබීම නිසා විදේශීය ගුවන් යානා පැමිණීම නතර වී ඇත. නමුත් එම අවස්ථාවේ අපට තවත් ගුවන්තොටුපොළක් තිබුණා නම් ඒ වෙත එම ගුවන් යානා බැස්සීවිය හැකිව තිබණ බවද කීය.
එසේම කටුනායක ප්‍රදේශයේ ගංවතුර වැනි හදිසි ආපාදා තත්ත්වයන් ඇති වූ විටෙක එම ගුවන් යානා ආපසු හරවා යැවීම වෙනුවට මත්තල වෙත හරවා යැවිය හැකි බවද ඔහු කීය. හමිබන්තොට වසරේ වැඩි කාල සීමාවක් වියළි කාලගුනයක් තිබීමේ වාසියද මෙහිදී වැදගත් වෙයි.
ගුවන්පථයේ බාධක තිබූ අවස්ථාවලදී එනම් ගුවන් යානයේ රෝදයක් ගැලැවී ධාවන පථයෙන් පිටතට තටුවක් යන අයුරින් ගොඩබෑමක් සිදුවූ අවස්ථාක එම බාධක ඉවත්කරන තුරු ළගම පිහිටි ඉන්දීයා ගුවන්තොටුපොළකට හරවා යැවූ අවස්ථාද තිබූ බවද ඒ මහතා කීය. මත්තල විවෘත වූ පසු එසේ යැවීමේ අවශ්‍යතාවයක් අති නොවන බවත් එමගින් රට සල්ලි විශාල ප්‍රමාණයක් ද ඉතිරි කරගත හැකි බවත් කීය.
ලබන 18 වෙනිදායින් පසුව මත්තලට පැමිණෙන ගුවන් මගීන් ගුවන්හමුදාවේ ගුවන් යානා අභ්‍යන්තර ගුවන් සේවාවක් ලබා දෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට පියාසර කිරීමටද සැලසුම් කර ඇත. මීට අමතරව කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන් සේවයක් ඇරඹීම සඳහා හෙලි ටුවර්ස් සමාගම සමග සාකච්ඡා කොට ඇත.
හෙක්ටෙයාර දෙදහසක් වූ විශාල භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙහි පලමු අදියර යටතේ හෙක්ටෙයාර අටසීයක ඉදිකිරීම් කරනු ඇත. දෙවැනි අදියර යටතේ හෙක්ටයාර් 1200 ක් සංවර්ධනය කිරීමට නියමිතය.
වසරකට ගුවන් මගීන් දස ලක්ෂයකට පහසුකම් සැපයිය හැකි ගුවන් මගී පර්යන්තයක්ද මෙහි ඉදිවී ඇති අතර ගුවන් මගීන්ට ගුවන්යානයෙන් පහසුවෙන් නැගීමට සහ බැසීමට හැකිවන අයුරින් නවීන තාක්ෂනයෙන් යුතු ගුවන් පාලම් දෙකක්ින්ද යුක්ත වේ.
ගුවන්තොටුපොළ මගී පර්යන්තය ඇතුළත ආගමන විගමන පෙදෙස, රේගු පරිශ්‍රය වෛද්‍ය ඒකකය, සත්ත්ව සහ ශාඛා නිරෝධායන මධ්‍යස්ථාන ශිතාගාර පහසුකම් සියල්ලෙහි වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇත.
ලොව විශාලතම ගුවන්යානා වර්ගයට අයත් ඒ 380 වර්ගයේ දැවන්ත ගුවන්යානා ගොඩ බෑමට හැකි ධාවන පථයකට සහ ඝගනාංගනයකට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උරුම කම් කියයි.
මෙම ධාවන පථයේ විශාලත්වය දිගින් මිටර් 3500 ක් වන අතර පළල මීටර් 75 කි. එමෙන්ම වර්ග මීටර් 735 කින් යුතු ගුවන්යානා නවතා තැබීමේ ගගණාංගනයකින් යුතු මෙහි වරකට ගුවන්යානා 10 ක් නවතා තැබිය
ඉන් පසු අප ගියේ ගිනි නිවන හමුදා ඒකකය වෙතයි. හදිසි අවස්ථාවකදී මුහුණ දීම සඳහා ගිනි නිමන ඒකකය සියළු කටයුතු සූදානමි කර ඇත. ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත රොසේම්බර් වර්ගයේ ගිනි නිවීමේ නවීනතම රථ තුනක් සහ ගිලන් රථ දෙකක් සූදානම් කර තිබූ අයුරු අපිට දක්නට ලැබිණි.
මෙම ගිනි නිවන රථ හදිසි ගින්නක් ඇති වූ විට විනාඩි එකයි තත්පර හතලිස් හයකින් ධාවන පථයේ කෙළවරට යා හැකි යන අයුරින් අපි සූදානම් බව ගිනි නිවන නිලධරයෝ කීහ. එලෙස ඉක්මනින් ධාවන පථය වෙත ගමන් කිරීම සඳහා ගිනි නිවන හමුදා ඒකකය ඉදිරියෙන් මාර්ගයක් සකස් කර ඇති අතර හැම විටම එක් ගිනි නිවන රථයක් එම මාර්ගයට මුහුණලා ස්ථානගත කර ඇත.
ගිනි නිවන හමුදා ඒකකය අසල ගුවන් යානා ඉන්දන සැපයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත. මෙය විශාල භූගත ටැංකි තුනක් ඉදිවන අතර එහි ධාරිතාවය ලීටර් ලක්ෂ තිහක් ගබඩා කර තබා ගැනීමේ පහසුකමි සහිතය.
මේ වන විට ලීටර දෙලක්ෂ පනස් දහසක් රැස්කර තබා ගැනීමේ පහසුකම් සලසා ඇත. මෙහි ගොඩබාන ඕනෑම ගුවන්යානයක ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට තමන් සූදානම් බව එහි නිලධරයෝ කීහ.
වසරකට මෙට්‍රික් ටොන් හතලිස් නමදාහක ධාරිතාවයකින් යුතු ගුවන්බඩු හුවමාරු මධ්‍යස්ථානයක්ද ඉදිවී ඇත’ අතර භාණ්ඩ ප්‍රවාහනයට මුල් තැනක් දෙමින් ආදායම් ඉපදවීම සඳහා එය සැලසුම් කර ඇත. ඒ අනුව මගීන් සියයට හතලිහක් සහ භාන්ඩ ප්‍රවාහනයට සියයට හැටක්ද ප්‍රමුඛතාවය දී ඇත.
බදු රහිත නිෂ්පාදන කළාප, ගුවන් සේවා පුහුණු පාසල්, ගුවන් යානා නඩත්තු කිරීමේ කර්මාන්ත සහ හෝටල් ආශ්‍රීත ආයෝජන සඳහා සැලසුම් සකස් කොට ඇත.
ගුවන් ගතවීම සඳහා පිවිසීමේ දොරටුව පිහිටි ස්ථානයේ දකුණු පළාතට ආවේනික වු අර්ධ මුර්තියක් නිර්මාණය කරමින් සිටින මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා අපට හමු විය. එය මෙරට මැටි සහිත ටෙරා කොටා වලින් නිර්මානය වන විශාලතම අර්ධ මූර්තිය ලෙස ඔහු හැදින්වීය.
ගජමන් නෝනාගේ රුවකින් ආරම්භ කර ඇති මෙම මූර්තිය දකුණට ආෙවිනික වූ වෙස් නැටුම්, කතරගම දෙවියන්, දඹේගොඩ බෝධිසත්ත්ව පිළිමය, යාල කුමන වනෝදයාන ඇතුළු ආකෘති රැසකින් නිර්මාණය කර ඇත.
මෙය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර කළා මහාචාර්ය ඇල්බට් ධර්මසිරි සහ මුර්කි කළා මහාචාර්ය සරත් චන්ද්‍රජීව යන මහාචාර්යවරු දෙපළගේ නිර්මාණයකි.
වර්ණ ගල්වා ඇත්තේ මැටි දියර වලිනි. සීගිරියේ බිතු සිතුවම් වලට නොදැවෙනි ලෙසින් මෙම නිර්මාණ කිරීමට මහාචාර්යවරයා සහ ඔහුගේ පුත් සුරංග රත්නායක හා සිසුන් විසින් ගන්නා උත්සාහය සුළුපටු නොවේ.
ගුවන් මගීන්ගේ පිිටවීමේ දොරටුව අසලින් දඩුමොණරය සහ රාවනා මූර්තියක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා කීවේය.
2009 නොවැම්බර් 27 දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීය.
චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රිාත්කරු වෙයි. මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9කි. මින් චීන රජයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී නයක් ලෙස ලබා දී ඇත. ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය.
2010 මාර්තු 16 වෙනිදින සිට මෙම චීන සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නිර්මාණ සැළසුම් කිරීම අරඹා ඇති අතර එම වසරේ නොවැම්බර් මස සිට ඉදිකිරීම් කටයුකු අරඹා ඇති අතර මේ දක්වා දේශීය විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු සිදුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගෙ ප්‍රතිචාර දෑක්කම රටට මෙහෙම වෙල තියෙන දේ ගැන පුදුම නැහැ. අපිට ආඩම්බර වෙන්න තිබුණා මේ ව්‍යාපෘති අපේම මුදල් වලින් කළා නම්. රටේ මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ජිවත් වෙන්නෙ? පවුල් පිටින් දිවි නහ ගන්නවා ජීවත් වෙන්න බැරුව. බඩු මිල, විදුලි බිල.. හැම දේම අහස උසට. අපේ වගේ කුඩා දුපතකට මේ වගේ දෙයකින් ලෑබෙන ප්‍රයෝජනය කුමක්ද? (නි)
අනේ! අපේ පාන් ගෙඞිය ගැනත් ඔය වගේම සැළකිලිමත් වුණා නම් දුප්පත් අපිට ලොකු සහනයක්.... අනේ ප්ලීස්! (නි)
ඒත් සාමාන්‍ය ජනයා ජීවන බරින් මිරිකිලා. (නි)
සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මේ සම්බන්ධයෙන් ආඩම්බර වියයුතුයි. (නි)
මේ ගුවන් තොටුපළේ ලස්සන මමත් දැක්කා. (නි)
මතතල ඉදලා අනුරාධපුරයට යන්න වාහන කුලිය කීයක් වෙයිද දන්නෙ නැහැ. (නි)
මේ වගේ සංවර්ධන වැඩ රටට ඉතා වැදගත්. හැබැයි නිසි පරිපාලනයකින් යුක්තව දක්ෂයන්ට තැන දීලා වැඩ කළොත් තමා මෙහි සාර්ථකත්වය පෙන්නුම් කරන්නෙ. (නි)
පෙර කළ ව්‍යාපෘති අවසානයේ රටේ ආර්ථිකයට සහ මහජනයාට සිදුවූ සෙත නම් අල්පමාත්‍රය. ඒ වෙනුවට අපට ඉතිරිවූයේ අති විශාල ණය මුදලක් සහ අසාර්ථක ව්‍යාපෘති කිහිපයකි. මෙහි තත්වයද එයිට දෙවෙනි වෙතැයි සිතීම උගහටය. (නි)
ලාංකිකයෝ හැටියට අපිට හුගක් ආඩම්බරයි. (නි)
මාතර අපිටත් රැකියාවක් ලැබුනොත් නියමයි... ! (ස)
අපේ සුබ පැතුම් ! ජනාධිපතිතුමනි... අපිට හරි සතුටුයි...(ස)
ඇයි මේ හොද දෙයක් දකිද්දී පාන් වලයි හලාල් වලයි ගණන් මතක් කරන්නේ? (නි)
ඇමරිකන් ගුවන් සේවය දිගටම තියාගත්තොත් එහේ ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රයෝජනවත් වෙනවා. (නි)
රටට මෙවැනි යුගයක් උදා වී ඇත්තේ ජනතාවගේ වාසනාවටයි. (නි)
ජනාධිපතිතුමනි, ඔබට ජය! (නි)
අර රතු පාට වාහන මොනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේවා වැදගත් වෙන්නේ අපිට නෙමෙයි, රටේ අනාගත පරපුරට. (නි)
හොද වැඩක්. අගය කළ යුතුයි. (නි)
ගණන් හිලවු ගැන පුවත්පත් මගින් දැනුවත් කරලා තියෙනවා. රටක් වුණහම කෙමෙන් කෙමන් දියුණු වෙන්න ඕනෑ. (නි)
මට නම් නිකන් පිස්සු වගෙයි. (නි)
ලංකාවට ජයවේවා! (නි)
මමත් මත්තල එන්න ඉන්නේ, ඔය ඉන්නවා කියන කුරුල්ලෝ බලන්න. (නි)
සුභ පැතුම්! (නි)
රට ටිකින් ටික දියුණූ වෙනවා. (නි)
විශිෂ්ටයි අපිට මෙමගින් විදේශ විනිමය උපයන්න පුළුවන් (දී)
තව එකක් 2020දි අනුරාධපුරෙ හදනවා. සිංග්පුරුවෙත් 2ක් තියෙනවා, නේපාලෙත් 2කි තියෙනවා, භූතානෙ 3 ක් තියෙනවා. ඉතින අපටත් 3ක් වැඩිද? (නි)
ජය ජය ශ්‍රී ලංකා! (නි)
ලෝක ගුවන් සිතියම වෙනස් වෙනවා ( දී)
සුභ අනාගතයක්! (නි)
තේරුම් ගන්න බැහැ. මේ ගොල්ලෝ කොහේ යනවා ද කියලා (අ)
රංගශානි. ඔය සතුට සැමදා තියේවායි මා ප්‍රාර්ථනා කරනවා (ස)
සිසිර, අනිවාර්යයෙන්ම ඒක එහෙම තමයි. (නි)
ලංකාවට ජයවේවා (දී)
ප්‍රීති.ලස්සන ගෑණු ළමයි ටිකක්? අවුරුදු 40 පැනපු ලස්සන ගෑණු ළමයි ටිකක් (ස)
සමන්.අපේ රට දූෂණයෙන් , වංචාවෙන් , ගසාකෑමෙන් නම් අන්තර්ජාතික මට්ටමට දියුණු වෙලයි තියෙන්නේ (ස)
චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රිාත්කරු වෙයි. එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ (ස)
අසන්ක . රටේ ඉන්න බහුතරයක් මෝඩයෝ නිසා තමයි අද රටට මේ කල දසාව උදාවෙලා තියෙන්නේ. අපේ දරුවන් උපදින්නෙත් ලක්ෂ 3 ක ණයක් මිටමොලවගෙනයි (ස)
කටුනායක දැන් එහි උපරිම සාර්ථකත්වයට ළගා වී අවසානයි. එක එක්කෙනා කියන ලෙසට එය කිසිදා වැසේයැයි කියා නම් සිතන්න බැහැ. (නි)
අනේ අපේ දුප්පත් රටට මොකටද ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක්? (නි)
රජ වැඩක්! (නි)
මේකේ සමහර අදහස් දැක්කම හිනා යනවා. (නි)
මේක විශිෂ්ඨ කාර්යයක්. අපේ රට අන්තර්ජාතික මට්ටමට දියුණු වියයුතුයි. (නි)
අධිවේගී මාර්ග හැදෙනවා, ගුවන් තොටුපළවල් හැදෙනවා, වරායවල් හැදෙනවා, අපි උඩ බලාගෙන ඉන්නවා.... (නි)
මේකත් හම්බන්තොට වගේ වෙයිද? (නි)
මොකක්ද දැන් ඔය ඇමරිකා වල ඉදලා එන ගුවන් සේවය? (නි)
ඇත්තද මේ ගුවන් තොටුපළ පිහිටි ප්‍රදේශය හරහා සංක්‍රමණික කුරුල්ලන් විශාල ප්‍රමාණයක් එනවා කියන්නේ? (නි)
හරිම සතුටුයි.. කොහොමත් අපේ අයට හොද දෙයක් කරන කොට ඒකට මොනවා හරි කියන්න එක විනෝදාංශයක්නේ..!(නු)
සිසිර මොනවාද මේ කියන්නේ.. කටුනායක වහන්නනම් ඇයි අලුතින් අධිවේගීමාර්ගයක් හදන්නේ කොළඹ සිට කටුනායකට.. ටිකක් හිතන්න.. මෙකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන කතාකරන්න මේ වගේ දේවල් ගැන කියන්නේ නැතිව..!(නු)
මේ පහසුකම් සියල්ලම කටුනායකට දුන්නා නම් කොච්චර හොදද? (නි)
සුභ පැතුම්! (නි)
නියමයි. අපේ ශ්‍රී ලංකාවට ජයවේවා! (නි)
දේශීය සිංහල වස්තු විද්‍යාවට ගරුකරමින් අපේම ගොඩනැගිලි විද්‍යාවක් අනුව මෙය ඉදිවී ඇති බව පෙනෙනවා. දශක ගණනාවක මහත් වෙහෙසකින් ගොඩ නගන ලද ලංකික වාස්තු විදදුරන්ගෙන් රටට වැඩක් වෙන යුගය පැමිණ ඇත. මේ තැනට එය ගෙන ඒමෙහි කැපවුන මොරටු සරසවි වාස්තු විද්‍යා පීඨය , ඉංජිනේරු පීඨය ඇතුළු සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය! (නි)
ඔය ගුවන් තොට රටට වටිනා සම්පතක් බව අමතක කරන්න එපා. කටුනායකට කොටි ගහපු වෙලාවේ අපි හරිම අපහසුතාවයකට පත් වුණේ. දැන් කොටි නැතත් මත්තල පාරට අලි එන එකටත් පිළියමක් කළොත් හොදා. (නි)
තව දවස් දෙකයි (දී)
සිසිර, පිස්සු දොඩවන්නේ නැතුව වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න. (නි)
මේකේ ගණන් හිලවු ගැනත් සදහන් කරන්නකෝ. (නි)
සිසිර, අපි දැන් තුන්වැනි ගුවන් තොටුපළත් හදන්න පටන් අරගෙනයි තියෙන්නේ. (නි)
මෙච්චර කාලයක් මඩකළපුව පැත්තේ ඉදලා දින දෙකකට විතර කලින් කටුනායකට එන්න ආපු මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. (නි)
ඇයි දීප එක පින්තූරයක් විතරක් දැම්මෙ, කැමර් එකේ බැටරි බැස්සද?.(අ)
අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසනවානම් ඉතා වටිනාවා (අ)
අපිට යාපනයටත් ගුවන් තොටුපළක් අවශ්‍යයි. (නි)
කටුනායක වහනවා කියන කතාව ඇත්තද ? .. එහෙම කලොත් මගීන්ට වෙන අපහසුවට දෙන පිළියම් මොනවාද ? (අ)
කටුනායකට බලපෑමක් වෙන එකක් නැහැ නේද?(නු)
සිසිර ලොකු නින්දක් නිදාගෙන ඉදලා වගෙයි. (නි)
ඇත්තටම හොද වැඩක්. රටක් වුණහම කෙමෙන් කෙමන් දියුණු වෙන්න ඕනෑ, නියම වැඩක් ජනාධිපතිතුමනි! (නි)
මෙන්න ආශ්චර්යය. තව තවත් ඉදිරියට යන්න සුභ පැතුම්! (නි)
අපිටත් හරි ආඩම්බරයි . නැව් එන්නෙ නැති වරායවල්, ටෙලිනාට්‍ය නැති ටෙලි ගම්මාන , වාහන යන්නේ නැති ලේන් හයේ කාපට් පාරවල්, ඒ පාර ගුවන් තොටුපලකුත් දැම්මේ මදිපාඩුවට. මතක් වෙනකොටත් ඇඩෙනවා . (නි)
ඇත්තටම අපට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් සදහා ශක්තිමත් ආර්ථිකයක් තියෙනවාද?(නු)
මේක හම්බන්තොට වරාය වගේ නොවේවා..!(නු)
ලස්සනයි ඔබතුමාට ගොඩක් පිං..!(නු)
කොළඹ ඉන්න අපි මෙහෙම සතුටු වෙනවානම් දකුණේ ඉන්න ජනතාව මොනතරම් සතුටු වෙනවාද ජනපති තුමනි ඔබට ගොඩක් පිං... තෙරුවන් සරණයි..!(නු)
හම්බන්තොට වරාය වගේ වෙන්නේ නැතිව රටේ සංවර්ධනයට දායක වෙනවා නම් හොදයි..!(නු)
වැඩේ නම් හරිම ලස්සනයි. ආරම්භයේ සිටම රැදී සිටි සේවකයින්ටත් මෙම උත්සවයට ආරාධනාවක් කළොත් නේද හොද? (නි)
රටේ මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතිව වහ බොද්දී, කාටද මේවා කියන්නේ? (නි)
ලස්සන ගෑණු ළමයි ටිකක්. (නි)
මගේ උණුසුම් සුභ පැතුම් (දී)
කටුනායත් ප්ලේන් නැතුව වේළෙද්දී මේ තව එකක් හැදුවෙ ඇයි මන්දා? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සිසිරට පිස්සු හැදිලද? (නි)
මේකේ අදහස් දක්වලා ඇති සමහරු හෝඩියේ පන්තියටවත් ගිහිල්ලා නැහැ වගෙයි. (නි)
බොහොම සතුටූයි. සුභ පතනවා. (නි)
දියුණු රටවල නම් කරන්නේ "අහවල් දින සිට මහජනතාව වෙනුවෙන් විවෘතයි" කියලා පත්තරේ හරි ටීවි එකේ හරි ප්‍රචාරක දැන්වීමක් පළ කරන එකයි. (නි)
අනුරාධපුරෙයි, යාපනෙයිත් තව ගුවන් තොටුපළක් දැම්මා නම් කොච්චර හොදද? (නි)
ලංකාවේ අපිට ආඩම්බරයි (දී)