IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මුත්‍රා ගල් වලින් වළකින්න වැඩිපුර වතුර බොන්න‘

මහනුවර මහ රෝහලේ ජන්‍ය හා මෞත්‍රිලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය - කාංචන  එදිරිසිංහ මහතා 

මූත්‍රා ගල් ඇති වීම සුලභ රෝගී තත්ත්වයකි. ශල්‍ය වාට්ටුවකට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ මෙම තත්ත්වයයි. එබැවින් ඒ පිළිබඳවදැනුවත් වීම සියලු දෙනාටම පාහේ වැදගත් වනු ඇත.

වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ. එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ  කුඩා කැටති ඇතිවේ. මෙම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර විශාල කැටති වකුගඩුවේ ඉතිරිවේ. මෙම කැටති ක්‍රම ක්‍රමයෙන් එකතුවී විශාල ගල් ඇතිවේ. විශාල ගල් මුත්‍රා මාර්ගය අවහිර කරයි.  

 

මුත්‍රා ගල් වර්ග තිබේද ?

මුත්‍රා ගල් එහි සංයුතිය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්.

1. කැල්සියම් සහිත ගල්

මේවා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් වැනි රසායනික සංයුතීන්ගෙන් යුතු වේ. මෙම ගල් වර්ගය X-ray පරීක්ෂණයට හසු වනවා. මුත්රා ගල් වලින් 80% ක පමණම සංයුතිය වන්නේ කැල්සියම් ඔක්සලේට්. ඒ නිසා බහුතරයක් ගල් වර්ග මෙම සරල පරීක්ෂණයෙන් හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

2. යුරික් අම්ල ගල් 

 

අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් පිෂ්ඨය නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි)  මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.

 

3. සිස්ටීන් ගල් 

 

1% ක් පමණ සුළු පිරිසකට මෙම ගල් වර්ගය ඇතිවන අතර වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනා ගමන මාර්ගයේ පරම්පරා ගත රෝගී තත්වයක් නිසා මෙම ගල් වර්ගය සෑදේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතී. දිර්ඝකාලින ප්‍රතිකාර ලෙස වැඩිපුර වතුර බිම, ප්‍රෝටීන් ආහාර පාලනය, රෝගය පිළිබඳව දැනුවත් කිරීම යන දේ කළහැකි අතර ඇතැම්විට ඖෂධ යොදාගනී. 

 

4. අසාදන ගල් 

 

මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ  ඇතිවන පරිසරය ගල් ඇතිවී ඉක්මනින් වර්ධනය වීමට උපකාරීවේ. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන.

 

මූත්‍රා ගල් ඇති වීමට හේතු මොනවාද?

 

මූත්‍රා ගල් ඇති වීමට හේතු වන ප්‍රධානම කාරණාව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම දක්වන්න පුලුවන්. ජලය පානය කිරීම මග හැරෙන සහ වැඩි වශයෙන් තාපයටත් ඉර එලියටත් නිරාවරණය වන රැකියාවන් තවත් සුලභ හේතුවක්. බේකරි කර්මාන්තය මේ සදහා හොඳ උදාහරනයක්. රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා. අනෙකුත්  හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් හදුනාගන්න පුලුවන්.

 

රෝගය ඇතිදැයි දැන ගන්නේ කෙසේද? 

 

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. රෝගලක්ෂණ නොමැතිවිට මෙය බොහෝවිට සොයාගන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණ මගිනි. 

 

එහෙත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. මෙම වේදනාව යටිබඩ දිහාවට විහිදී යන සහ විටින් විට එන යන තද වේදනාවකි. ඇතැම් විට වමනය පවා ඇතිවිය හැක. 

 

ප්‍රධානම රෝග ලක්ෂණය වේදනාවයි. මුත්‍රා ගමන අඩාල වීම නිසා වකුගඩු තුල ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරණය ඇදීමකට ලක් වී වේදනාව ඇති කරනවා.

ගල ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති විය හැකියි.

 

වෙනත් වේදනාවකින් මෙය වෙන් කර හදුනාගැනීමට පහත ලක්ෂණ උපයෝගී වෙනවා .

- ඉතාම අධික වේදනාව

- පැය කිහිපයක් පැවතීම

- ක්ෂනිකව පටන් ගැනීම

- වෙනත් කාර්යකට සම්බන්ධයකින් තොර වීම

- වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම

- දා දිය දැමීම

- වමනය

- මුත්‍රා සමග ලේ වහනය වීම

 

මීට අමතරව , විශේෂ රෝග ලක්ෂණ වලින් තොරව, වෙනත් රෝගයකට සිදු කරන X-ray පරීක්ෂණයකදී මුත්‍රා ගල්ද ඇති බව හදුනා ගත හැකියි.

 

ඔබේ වෛද්යවරයා විසින් පරීක්ෂණ කිහිපයක් මගින් රෝග විනිශ්චයකට එලැබෙනු ඇත..

- මුත්‍රා පරීක්ෂණයක් (urine full report)

- X- ray පරීක්ෂණයක්

- Ultrasound පරීක්ෂණයක් 

වඩාත්ම නිවැරදිව මෙම තත්වය හදුනා ගැනීමට CT පරීක්ෂණය උපයෝගී කරගත හැක.

 

මෙම තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

 

ප්‍රථිකාරය තීරණය කරන්නේ ගල පිහිටා ඇති තැන, එහි ප්‍රමාණය , වකුගඩු වල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය, වේදනාව, ආසාධිත බව, රෝගියාගේ සෞඛ්‍යය, වෙනත් අසනීප , ශල්‍යකර්මයකට යෝග්‍යතාවය වැනි කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.

 

ප්‍රතිකාර ක්‍රම මොනවාද ?

 

1. ස්වභාවිකව පිට වීමට ඉඩ දීම

ගලේ ප්රමාණය 5mm වලට වඩා අඩු අවස්ථා වලදී මුත්‍රා වාහිනී ප්‍රසාරණය වීමට ඖෂධ ලබා දී ගල ස්වභාවිකව පිට වීමට ඉඩ සලසනවා.

 

2. ඖෂධමය ප්‍රතිකාර

ගල් දිය කිරීමේ ඖෂධ ඇති නමුත්මේවා යොදාගත හැක්කේ 10  ක් පමණ වන මුත්‍රා ගල් වර්ග වලින් යූරික් අම්ල ගල් සහ සිස්ටීන් ගල් යන වර්ග දෙකට පමණයි.

 

3. කම්පන තරංග භාවිතය

ECSW (Extra-Corporeal Shockwave Lithotripsy) ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී වකුගඩු සහ මුත්‍රා නාලයේ ඉහල කොටසේ ඇති ගල් කම්පන තරංග මගින් 2mm වලට වඩා  කුඩා කොටස් වලට බිදීම සිදු  වෙනවා. මේවා මුත්‍රා සමඟ පිට වෙනවා.

 

4. එන්ඩොස්කෝප් භාවිතය (Endoscopic methods)

 මෙම ක්‍රමයේදී මුත්‍රා නාලය දිගේ කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුලු කොට ගල ඇති ස්ථානයටම ගමන් කර ගල කොටස් වශයෙන් ඉවත් කරනවා . මෙහිදී ගල සහමුලින්ම ඉවත් වන් බව තහවුරු කල හැකියි.

 

5. ශල්‍ය කර්ම 

වර්ථමානයේ බහුලවම සිදු කෙරෙනේ PCNL (Percutaneous nephrolithotomy)  නම් ශල්‍යකර්මයයි. පැරණි  ක්‍රම වලදී තරම් විශාල කැපුමක් දැන් අවශ්‍යවනේ නැහැ. මෙය 1cm තරම් කුඩා කැපුමකින් සිදු කරන සැත්කමක්. ගල කුඩා කොටස් වලට කඩා කැබලි ඉවත් කිරීමයි මෙහිදී කරන්නේ. සැත්කම සිදු කරන්නේ වේදනා නාශක  ලබා දී පූර්ණ නිර්වින්දනය යටතේයි.  රෝගියාට දින දෙකකින් පමණ රෝහලෙන් පිට විය හැකියි. එහිදී රෝගියාට වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලැබෙනවා. සතියකින් ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. 

 

 සැත්කමින් පසු සති 4කිනුත්, ඉන් පසුමාස 3කට වරක් බැගින් වසරකුත් රෝගියාව සායනයකදී පරීක්ෂා කරනවා.

ප්‍රතිකාර ගැනීමේදී ඔබ විශෙෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

 

ප්‍රතිකාරය ආරම්භ කළ පසු වේදනාව තරමකට සමනය වේ. නමුත් මින් ප්‍රතිකාර සම්පූර්න බව අදහස් නොවේ. එබැවින් වෛද්‍යවරයා පවසන තුරු ප්‍රතිකාරයට සහභාගී විය යුතුයි.

උණ සමග ඇති වන ඇග වෙව්ලීම ආසාදනයක ලක්ෂණ විය හැකියි. එබැවින් මෙවැනි අවස්ථාවකදී නොපමාව වෛද්‍ය  උපදෙස් පැතිය යුතුය.

සමහර අවස්ථා වලදී (විශාල ගලක් ඇති විට, මුත්‍රා වාහිනී වලට හානි වූ විට, වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වූ විට, ආසාදනයකදී), සැත්කමකින් පසුව මුත්‍රා වාහිනී තුලට සිහින් ලෝහ නාලයක් (stent) ඇතුලු කරයි. එය තාවකාලික බැවින් මාස 6කින් ඉවත් කල යුතුය. එය සිහි තබාගෙන නිසි කලදී වෛද්‍යවරයා ලවා ඉවත් කර ගත යුතුයි.

 

ප්‍රතිකාර වෙත යොමු වීමේදී ඔබට දැනට ඇති අසනීප, ඔබ ගන්නා බෙහෙත්, දැනට අත් බෙහෙත් හෝ අයුර්වේද ප්‍රතිකාර ගන්නේ නම් ඒවාත්, වෛද්‍යවරයාට නොසඟවා පැවසීම වැදගත් වේ.

 

මුත්‍රා ගල් වලින් ඇති වන සංකූලතා මොනවාද ?

මුත්‍රා සමග ලේ වහනය වීම, ගල්නිසා මුත්‍රා ආසාදන ඇති වීම, ප්‍රතිකාර වලින් පසුවත් ගල් ඉතිරි වීම, නැවත නැවත ගල් ඇති වීමේ අවදානම මෙම තත්වයේ සංකූලතා කිහිපයක්.

 

මූත්‍රා ගල් ඇති වීමෙන් වැලකෙන්නේ කෙසේද ?

 

1. ජලය වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් . දිනකට පානය කල යුතු ජලය පරිමාව එක් එක් පුද්ගලයා මත, කර්යශීලී බව අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පානද භාවිතයට සුදුසුය.

2. ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීම.

3. පෙර සදහන් කරන ලද ඔක්සලේට් අධික ආහාර (රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ)  අවම කිරීම.

4. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම. (කැල්සියම් වැඩි වීමත් අඩු වීමත් යන දෙකම අහිතකරයි)

5. අධික ලෙස මාංශ ගැනීමෙන් වැලකීම.

6. හදුනාගත් රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම.

7. වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය  උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට ලක් වීම.

8. කෙටි අහාර(Fast foods), ලුණු අධික අහාර වලින් වැලකීම.

9. මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.

10. එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න.

 

 

 



අදහස් (5)

‘මුත්‍රා ගල් වලින් වළකින්න වැඩිපුර වතුර බොන්න‘

උදාර Thursday, 21 July 2016 10:25 AM

මගෙ බඩේ ගල් තිබ්බා අවුරුදු දෙකකට කලින්.. දැන් ආයෙත් යටි බඩ කකියනවා...මට කෙනෙක් කිවා අනෝදා ගොඩක් කන්න එතකොට ගල් අඩු වෙනවා කියල..දැන් නම් කැක්කුම ටිකක් අඩුයි..(බ)

:       21       37

අරවින්ද Wednesday, 06 July 2016 06:35 AM

රාබු , කැකිරි , පිපිඤා, අනෝදා වගේ දේවල් වැඩිපුර කන්න කියල සිංහල වෙද මහත්වරු නම් කියන්නේ (බ)

:       11       16

s.c.vithrana Sunday, 01 October 2017 08:27 AM

රාබු , කැකිරි , පිපිඤ්ඤා, අනෝදා වගේ දේවල් වැඩිපුර කන්න කියලා සිංහල වෙද මහත්වරු නම් කියන්නේ මමත් අහලා තියනවා.

:       12       21

Madura Sunday, 20 January 2019 01:56 PM

මුත්‍රා සමඟ ලේ පිට වීමයි, ඒ සමඟ සුදු පැහැ දියරයක් පිටවීමයි දරුවෙකු පිළිසිඳ ගැනීමේ ලකුණක්ද? ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න.

:       5       2

සපුමල් රංගන Wednesday, 17 July 2019 03:09 AM

මටත් මේ ලගදි ඉදන් යටි බඩේ වෙදනාවක් එනවා.... මම ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවා ඒ හැමෝම වගේ කිව්වේ වතුර ගොඩක් බොන්න කියලා, ඒත් ඒක කාලෙකට ආයෙත් මතුවෙනවා. මේක නිසා මගේ ඉගෙනීමේ කටයුතුවලට හරිම කරදරයක් .

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 135 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 623 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1416 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 189 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 92 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site