(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශ නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම පාර්සල් ප්‍රංශය , ඇමෙරිකාව ,කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර , මීගමුව , ජා ඇළ , වැල්ලවත්ත , නුගේගොඩ , තංගල්ල , මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන්ට භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණි .
මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාළය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , පසුගිය 19 දින ඒවා විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත.
එහිදී ඒවායින් පාර්සල් 14 ක '' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ '' මෙතැම්පටමයින් '' මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .
සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට ඇති රෝහල්වලට බාධාවන අයුරින් මාර්ගය අවහිර කළ බව කියන සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්වරයා සහ අන්තර් වි
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ
ජගත් Friday, 21 March 2025 02:46 PM
මේවා නවත්තන්න අවශ්‍යනම් මුලින්ම කරන්න ඕන ඔය ස්තාන වල වැඩකරන සේවකයන් මාරු කරන්න ඕනෑ. ඒ අය තමයි ඔතැනින් ඕවා එළියට අරන් දෙන්න කටයුතු කරන්නේ... ඔය පාර්සල් ඒ විදිහට නිදහස් කරගන්න බැරි වුණු නිසා ඒ අයම බාරකරුවන්ට කියනවා එන්න එපා මේවා මෙතැනින් අහුවෙලා තියෙන්නේ කියලා. මොකද නිදහස් කරගන්න ආවගමන් ඒ අයව නීතියෙන් අල්ලාගන්න නිසා. ඔය තැන්වලට බුද්ධි අංශ අනිවාර්යයෙන් අනුයුක්ත කරන්න ඕනෑ.