IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මාධ්‍යය හීලෑ කරන්න හදයි

පසුගියදා පැවැති ජනපතිවරණයේදී නොසිතූ පරිදි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීමත් සමග ඇමරිකාවේ ප‍්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයන්ට දැන් මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකාවේද ප‍්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන ගැන කතිකාවතක් ඇතිව තිබීම අරුමයකි.ඇමරිකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලක්ම පාහේ එක්ව පවසා සිටියේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදිනිය වූ කොන්සර්වටිව් පක්ෂ අපේක්ෂිකා හිලරි රොඞ්හැම් ක්ලින්ටන් ජයග‍්‍රහණය කරනු ඇතැයි කියාය.බොහෝමයක් ආයතනය සහය දැක්වූයේද ඇයටය.නමුත් නොසිතූ විපර්යාසයක් සිදුවීම හමුවේ එම ආයතනයන්ට කොටස් වෙළදපලෙහි තම තමන්ගේ කොටස් වල මිල පහළ යාමේ අවදානමකටද, එල්ල වන විවිධ චෝදනා වලටද මුහුණදීමට සිදුව ඇත.එම ආයතනයන් දැන් කරමින් සිටිනුයේ මෙම තත්ත්වයට මුහුණදීමට හැකිවන පරිදි තම මාධ්‍යකරණ පිළිවෙත වෙනස් කිරීමය.

සමාජ මාධ්‍ය ජාලයන්ට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවීය.නමුත් අසත්‍ය හා පදනම් විරහිත පුවත් ප‍්‍රචාරය කළේ යැයි එම මාධ්‍ය ජාලයන්ට බරපතල චෝදනා එල්ල විය.කොලොම්බියා සරසවියේ කයිල් පෝප් සමාජ ජාල හා පසුගිය ඇමරිකා ජනපතිවරණය අතර තිබූ සබදතාවය සමාන කරනුයේ 1972 දී ඩෙමොක‍්‍රටික් පක්ෂ මූලස්ථානයට කිසිවෙක් අනවසරයෙන් ඇතුල් වී ඇතැයි උද්ගතවූ ආන්දෝලනයත් සමග මාධ්‍ය කි‍්‍රයා කළ ආකාරයට හාත්පසින්ම විරුද්ධ සබදතාවයකටය.වෙස්ට්ගේට් සිදුවීම නම් වූ මෙම ආන්දෝලනයේදී ඔස්සේ කළ හෙළිදරව් නිසා එවක ජනපති රිපබ්ලිකන් පක්ෂ සාමාජික රිචඞ් නික්සන්ට තම ධූරය අත්හැර ගෙදර යාමට පවා සිදුවිය.

ඇමරිකා පරිපාලනයට මුහුණදෙන්නට සිදුව ඇති තවත් ගැටලූවක් වන්නේ අයිඑස්එයිඑස් ත‍්‍රස්ත උවදුරය.ඇමරිකාව දැනට ඉරාක හමුදාවට සහ තුර්කි පෙෂ්මෙග්රා කණ්ඩායම් වලට අයිඑස්එයිඑස් ත‍්‍රස්තයින් මර්දනය කිරීමට සහය දෙමින් සිටින්නේය.සිරියාවේ රජයේ හමුදා රුසියාවේ සහය සමග එරට සැළකිය යුතු කොටසත් තම පාලනයට නතු කරගෙන සිටින අයිඑස් ත‍්‍රස්තයින් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින්නේය.මේ තත්ත්වය හමුවේ දිනපතා සමූහ ඝාතනයන්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරවීම් ආදිය ගැන ඇසෙන, දකින පුවත් වල කිසිදු අඩුවක් නැත.

2015 ජනපතිවරණ හා පාර්ලිමෙන්තු මැතිවරණ වලින් පසු ප‍්‍රධාන තලයේ මැතිවරණයක් ආසන්නයකවත් නොමැති තැන ශී‍්‍ර ලංකා රජයේ අවධානය යොමුව තිබෙනුයේ රටෙහි කි‍්‍රයාත්මක මාධ්‍ය ආයතනයන් කෙරෙහිය.යම් ආකාරයක මාධ්‍ය විනයක් පවත්වාගත නොගතහොත් 2020 ජනපතිවරණය හා පාර්ලිමෙන්තු මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි වනු ඇතැයි රජයේ ඇතැම් සාමාජිකයෝ බියපත්ව සිටින්නෝය.මෙම විනය සමාජ ජාල මාධ්‍යයන්ටද අදාළය.පසුගිය අගහරුවාදා පාර්ලිමෙන්තු සංකීර්ණයේ කමිටු අංක තුන කාමරයේ පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී වැඩි අවධානයක් යොමුවූයේ මෙම කරුණු සම්බන්ධයෙන්ය.

පුදුම නමුත් ඇත්තය.මාධ්‍යන්ට එරෙහිව ගන්නා  ඕනෑම පියවරකට තමන් විරුද්ධ බව පවසා සිටියේ එකම අමාත්‍යවරයෙක් පමණය.ඔහු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විය.බලයට පත්ව වසර දෙකක් ගතවීමට මත්තෙන් මාධ්‍ය මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේදැයි, බලයට පත්වීමට පෙර රජය දුන්නේ වෙනත් පොරොන්දු නොවේදැයි, ආදී ලෙස අන්තර්ජාතික ප‍්‍රජාව නගනු ඇති චෝදනා වලට ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙන්නට සිදුවන්නේ තමාට බැවින් ඔහු එවැනි විරෝධයක් මතුකළා විය හැකිය.පසුගිය මැතිවරණ සමයේ එදා විපක්ෂය, මැතිවරණ වේදිකාවේ පුන පුනා කියා සිටියේ මාධ්‍ය මර්දනය, පැහැර ගැනීම්, සුදු වෑන් භීතිකාව ආදිය ගැනය.එම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන බවත්, ඔවුන්ට නිසි දඩුවම් ලබාදෙන බවත්, බියෙන් හා මර්දනයෙන් ජීවත්වූ යුගය නිමා කරන බවත්, ඔවුහු පුන පුනා කීවෝය.

මාධ්‍ය පිළිබද සාකච්ඡුාව ආරම්භ වූයේ දේශීය රූපවාහිනී නාළිකාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදහස් දැක්වීමත් සමගය.පසුගිය මස 11 වැනිදා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සිදුකළ කතාවක් වැරදි අයුරින් අර්ථකථනය කර ඇතැයි අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ චෝදනාවට ලක්වූයේ මෙම ආයතනයයි.තමා ලිපියක් මාර්ගයෙන් එම ආයතනයෙන් කරුණු විමසූ බව කරුණාතිලක පැවසුවේය.ඊට පිළිතුරු ලෙස ලැබුනු ලිපියේ, වැරදි අර්ථකථනයක් සිදුකිරීමේ කිසිදු වුවමනාවක් නොතිබූ බවත්, ජනපතිවරයාගේ කතාව විනාඩි 30 ක් පමණ දිගු වූ නිසා එහි අන්තර්ගතවූ වැදගත් කොටස් වෙන්කර ගැනීමට සිදුවූ බවත්, එම ආයතනය සදහන් කර තිබෙන බව අමාත්‍යවරයා හෙළි කළේය.මේ හමුවේ කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයෝ නිමල් බෝපගේට චෝදනා කරමින්, ඔහු අමාත්‍යවරයාගේ බලය ආරූඪ කරගනිමින් කටයුතු කරන බව පැවසුවෝය.තවත් අය එම මාධ්‍ය ආයතනයට චෝදනා කරමින්, විපක්ෂයේ වුවමනා එපාකම් අනුව කටයුතු කරන තැනකට එය පත්ව ඇතැයි පැවසුවෝය.

සාකච්ඡාව තවත් ක්ෂේත‍්‍ර දක්වා පුලූල් විය.ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් අපහාස කිරීමේ පදනම මත නීතිමය වශයෙන් අදාළ පාර්ශවයට එරෙහිව කටයුතු කිරීමේ අවසරය ලබාදෙන නීතිය නැවත හදුන්වාදිය යුතුව ඇතැයි කීවේය.මෙය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම් කිහිපයේදී ද ඔහු ඉදිරිපත් කළ යෝජනාවකි.නමුත් එයට මෙවර ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි නොවුනි.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදහස් දක්වමින් විද්‍යුත් මාධ්‍ය පමණක් නොව මුද්‍රිත මාධ්‍ය පවා කිසියම් පාලනයකට නතු කළ යුතුව තිබෙන බව කීවේය.

‘‘ පොඞ්ඩක් ඉන්නකෝ, මම කරන්නම් වැඬේ,‘‘ ඔහු පැවසුවේය.

ලන්ඩනය පදනම් කරගෙන කි‍්‍රයාත්මක වන ඉංගී‍්‍රසි හා සිංහල භාෂා ද්විත්වයෙන්ම වාර්තාකරණයේ යෙදෙන වෙබ් අඩවියක ප‍්‍රධාන සංස්කාරකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකරණ අමාත්‍යවරයා දැනටමත් කටයුතු කර ඇත.එහි ප‍්‍රතිඵලයක් ලෙස ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා මෙම සංස්කාරකවරයා අත්අඩංගුවට ගැනීමේ අවසරය ලබාදෙමින් අන්තර්ජාතික වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේ වගකීම පැවරෙනු ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පිහිටා තිබෙන අන්තර්ජාතික පොලිසියේ ශී‍්‍ර ලංකා කාර්යාලයටය.ප‍්‍රංශයේ ලියොන්හි පිහිටි අන්තර්ජාතික පොලිසියේ මූලස්ථානයට මෙම වරෙන්තුව පිළිබද දැනුම්වත් කිරීමක් සිදුකළ යුතු වනු ඇත.

ගෙවුනු සමයේ අන්තර්ජාතික පොලිසිය එහි මෙහෙයුම් කටයුතු තරමක් වෙනස් කර ඇත.එහි සාමාජික රටක අධිකරණයක්, වෙනත් රටක සිටින පුද්ගලයකුට එරෙහිව අධිකරණ නියෝගයක් දුන් පමණින්, එම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය පෙර මෙන් රතු නිවේදනයක් නිකුත් කරන්නේ නැත.රතු නිවේදනයක් නිකුත් කෙරෙනුයේ පුද්ගලයකු ස්ථීර වශයෙන්ම වරදකරු යැයි අධිකරණයෙන් තීන්දු කළහොත් පමණකි.එසේ නොවන අවස්ථාවක දැන් අන්තර්ජාතික පොලිසිය නිකුත් කරන්නේ නිල් නිවේදනයකි.මිග් 27 යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ වලට පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට අවශ්‍යව සිටින උදයංග වීරතුංගට එරෙහිවත් අන්තර්ජාතික පොලිසිය නිකුත් කර ඇත්තේ නිල් නිවේදනයකි.රතු නිවේදනයක් මෙන් නොව නිල් නිවේදනයක් නිකුත් කර ඇතැයි, එම නිවේදනයට අදාළ වන පුද්ගලයා ඔහු දැනට වාසය කරන රටෙන් ශී‍්‍ර ලංකාව වෙත පිටුවහල් කළ යුතුවීමේ නියමයක් නැත.සිදුවන එකම දෙය වන්නේ නිල් නිවේදනය හමුවේ දැනට වාසය කරමින් සිටින රටට පමණක් සීමා වීමට ඔහුට හෝ ඇයට සිදුවීමය.මේ අනුව පෙර සදහන් කළ පුවත්පත් සංස්කාරකවරයාටද බි‍්‍රතාන්‍යයේ සිට වෙනත් රටකට යාමට හැකියාවක් නොමැත.

මාධ්‍ය මර්දනයකට එරෙහිව දැඩි අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂයේ සිටියදී මාධ්‍ය මර්දනයට එරෙහිව, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ආකාරය සිහිපත් කළේය.පසුගිය රජය සිදුකරමින් සිටි මාධ්‍ය මර්දනයට එරෙහිව කටයුතු කරන බවට දුන් පොරොන්දු සිහිපත් කළේය.නමුත් මාධ්‍ය, රජය දැඩිව විවේචනය කරමින් හා සාවද්‍ය චෝදනා එල්ල කරමින් සිටින්නේ නොවේදැයි කැබිනට් මණ්ඩල සාමාජිකයෝ විමසූ විට සමරවීර ඔවුන්ට දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘‘ ඇයි ඒ අයටත් ඒ විදිහටම උත්තර දෙන්නේ නැත්තේ.එහෙම තමයි විය යුත්තේ.වෙන දේවල් කළොත් අපිටමයි වරදින්නේ.‘‘

මාධ්‍ය පාලනයක් හදුන්වාදිය යුතුයැයි අධිකරණ අමාත්‍යවරයා දැක්වූ අදහස් හා එකගවූ ජනපති සිරිසේන සමාජ ජාල මාධ්‍යයන් පිළිබදවද සැළකිලිමත් විය යුතුව ඇතැයි පැවසුවේය.රජයට අයත් මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් පෙර අවස්ථාවක දැක්වූ අදහස් නැවත සදහන් කළ හෙතෙම, රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් අපේක්ෂිත පරිදි රජයේ කටයුතු ආවරණය නොවන බව පැවසුවේය.මාධ්‍ය ඇතැම් විට වගකීමකින් තොරව කටයුතු කරන බවත්, නිසි තොරතුරු මත පදනම් වන වාර්තාකරණයක නොයෙදෙන බවත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරියේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද සැළසුමක් සකස් කරගනු වස් සාකච්ඡා පැවැත්වීමට ජනපතිවරයා හා අගමැතිවරයා එකග විය.මෙම සැළසුම කුමක්දැයි දැනගැනීමට තවමත් හැකියාවක් නැත.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සදහා පැවැති මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් සදහනක් කෙරුනේ නැත.නමුත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අදහස් දක්වමින්, මාධ්‍ය ආයතන සදහා ස්වාධීන නියාමන කොමිසමක් පිහිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම පිළිබද කැබිනට් පති‍්‍රකාවක් තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව පැවසුවේය.

‘‘ යෝජනා ඉදිරිපත් කර මේ සංවාදයට සහය දක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා දැන්වීම් පළ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.දෙසැම්බර් 21 වැනිදාට පෙර යෝජනා භාර දිය යුතුයි.දෙසැම්බර් 31 වැනිදා වන විට ජනතාවගේ අදහස් විමසීම් අවසන් කරන්නට අපි අදහස් කරගෙන සිටිනවා.‘‘

‘‘ මාධ්‍ය සම්බන්ධ නීති හා ප‍්‍රතිපත්ති සකස් කිරීමේ බලය රජයට තිබෙනවා.නමුත් නියාමන යාන්ත‍්‍රණයක් කා මතවත් බලයෙන් පටවන්න වුවමනාවක් අපට නැහැ.මේ නියාමන කොමිසම පිහිටැවෙන්නේ අදාළ සියලූම පාර්ශවකරුවන්ගේ, මාධ්‍ය සගයින්ගේ සහ ජනතාවගේ අදහස් විමසීමෙන් පසුවයි.මාධ්‍ය නිදහස පමණක් තිබීම ප‍්‍රමාණවත් නැහැ.මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ ආයතන වල ඉදගෙනත් නිදහසේ කටයුතු කරන්නට අවස්ථාව තිබිය යුතුයි.මෙම කොමිසම හරහා එම අවස්ථාව ලැබෙන බවත් සහතික වනවා.‘‘

විදුලිය හා සමව සිකුරාදා දිනය වන විට අදාළ දැන්වීම පුවත්පත් වල පළව තිබින.කරුණු හතක් සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ඉන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබින.එම කරුණු හත අතරින් මාධ්‍ය අයිතීන් සම්බන්ධයෙන් වූ ප‍්‍රධාන කරුණු තුනක් පහත දැක්වේ.

x              පුවත් හා තොරතුරු එකතු කිරීම හා බෙදා හැරීම

x              ජනතාවට වැදගත් වන කරුණු හා සිදුවීම් සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදීම

x              ජනතා මතය හැඩගැන්වීම් කටයුතු වලට දායකත්වය ලබාදීම

තවත් වැදගත් කරුණක් ලෙස කිසියම් මාධ්‍යවේදියකු වගකිවයුතු ලෙස පුවත් හා තොරතුරු එක්රැුස් කිරීමේ යෙදෙන්නේ නම් එයට බාධා පමුණුවන කවරකුට වුව එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සදහා ඇති කරන්නට යන අවකාශය පෙන්වා දිය හැකිය.මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව ප‍්‍රවර්ධනය කැරෙන පද්දතීන් ඇති කිරීම, තම තමන් තොරතුරු ලබාගන්නා මූලාශ‍්‍රයන් හෙළි නොකිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය තහවුරු කිරීම, එවැනි තවත් කරුණුය.

නමුත් දැන්වීමේ සදහන්ව තිබූ කරුණු දෙකක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළ යුතුය.

දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් මාධ්‍ය අයිතීන් හා තත්ත්වයන් හදුන්වාදීම - මෙය වැඩිදුර සාකච්ඡාවට ලක්කළ යුතු කරුණකි.

අන්තර්ජාතික තත්ත්වයන් මත සකස් කැරෙන කි‍්‍රයාකාරකම් ක‍්‍රමවේදයන් සකස් කිරීම හා ඒවා සංවර්ධනය කිරීම සිදු කැරෙන, මාධ්‍ය ආයතනයන් එම ක‍්‍රමවේදයන් යටතේ කි‍්‍රයාත්මක වීමට යොමු කරවන, ස්වාධීන කවුන්සිලයක් පිහිටැවීම - අන්තර්ජාතික තත්ත්වයන් ගැන සදහනක් කරමින් ජනතාවගෙන් මෙවැනි දෙයක් සම්බන්ධයෙන් අදහස් විමසීම වැඩකට නැති දෙයකි.අන්තර්ජාතික තත්ත්වයන් ඇති කිරීමට යන්නේ යැයි රජයම තීරණය කර අවසානය.ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීමක් සිදුකිරීමේ වැදගත් කමක් නැත.

රජයේ අවධානය යොමුව ඇති තවත් කරුණක් වන්නේ දිනෙන් දින නැගෙමින් පවතින ආගමික අන්තවාදයයි.පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දිගුවක් සටහන් කරමින්, මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡුා පැවැත්වින.ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට, අගමැතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍ය සාගල රත්නායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යන මහත්වරුන් ද, පොලිස්පති, ති‍්‍රවිද හමුදාපතිවරුන් සහ රාජ්‍ය බුද්ධි අංශ වල ප‍්‍රධානීන්ද සුපුරුදු පරිදි සහභාගීව සිටියේය.රැස්වීම සදහා එක්වන ලෙසට, පාඨලී චම්පික රණවක, රිෂාඞ් බදියුඞීන් යන අමාත්‍යවරු ද කොළඹ හිටපු නගරාධිපති ඒ.ජ්.එම්.මුසාමිල් මහතාද, පාර්ලිමෙන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන ස්වාමිීන් වහන්සේද, ආරාධනා ලැබ සිටියෝය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවීර මහතාගේ අදහස් දැක්වීමක් සමග රැුස්වීම ආරම්භ විය.විවිධ ජාතීන් නියෝජනය කරමින් දිවයිනේ දැනට අන්තවාදී සංවිධාන 20 කට අධික සංඛ්‍යාවක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවත්, එම අන්තවාදී සංවිධාන සියල්ලක්ම ජාතීන් අතර සංහිදියාවට ප‍්‍රබල තර්ජනයක් බවත් ඔහු අනාවරණය කළේය.නම් වශයෙන්ම එම කණ්ඩායම් හදුන්වාදුන් ඔහු එතැනින් නොනැවතී ඒවායේ නායකයින්ව ද නම් වශයෙන් සදහන් කළේය.ඇතැම් බෞද්ධ හිමිවරුන්ගේ සහ මුස්ලිම් කණ්ඩායම් වල කි‍්‍රයාකාරකම් ගැන ජයවීර විශේෂයෙන් සදහන් කළේය.මුස්ලිම් කණ්ඩායම් අතරින් තවුහීඞ් ජමාත් සංවිධානයට ඔහුගේ වැඩි අවධානය යොමු විය.අයිඑස් සංවිධානයට බැදීමට ඇතැම් මුස්ලිම් පවුල් දිවයිනෙන් පිටත්ව ගොස් ඇතැයි ද බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා හෙළි කළේය.

මෙම සියලූ කණ්ඩායම් ඉතා දැඩිව විවේචනය කළ ගරු අතුරලියේ රතන ස්වාමින් වහන්සේ, බුදු සසුන නියෝජනය කරන්නේ යැයි පෙනී සිටින බොහෝ දෙනා බුදු දහම අවබෝධ කරගෙන නොමැති බව පැවසූහ.මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ගැන අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ කීහ.දහම ප‍්‍රචාරය කිරීමේ මුවාවෙන් මෙරටට පැමිණෙමින් සිටින අයිඑස්එයිඑස් අන්තවාදීන් ගැන සදහනක් නොකළේ මන්දැයි රතන ස්වාමිීන් වහන්සේ, බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාගෙන් විමසූහ.මෙහිදී අදහස් දැක්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා, මෙම කණ්ඩායම් පසුගිය රාජපක්ෂ රජය සමයේ ඇති කැරුනු ඒවා බවත්, ඒවා පවත්වාගෙන ගියේ එම රජයේම විවිධ නිර්නාමිකයන් යටතේ බවත් පැවසුවේය.

ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පසු එළැඹි දිනයේ (නොවැම්බර් 18) පාර්ලිමෙන්තුව ඇමතූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශී‍්‍ර ලංකා පවුල් හතරක සාමාජිකයන් 32 නෙක් අයිඑස්එයිඑස් සංවිධානය හා එක්ව ඇති බව පැවසුවේය.මෙම කණ්ඩායම අයිඑස්අයිඑස් සංවිධානය හා එක්ව ඇති බව අලූත් පුවතක් නොවේ.2017 දෙසැම්බර් මස 27 වැනිදා සන්ඬේ ටයිම්ස් පුවත්පතහිම වෙනත් තීරුවක ඒ පිළිබදව විශේෂ සදහනක් තිබින.

පාර්ලිමෙන්තුවේ තවදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

‘‘ ක‍්‍රමයෙන් අන්තවාදයට නැඹුරු කෙරෙන මුස්ලිම් කණ්ඩායම් අයිඑස්එයිඑස් සංවිධානයේ ආධාරකරුවන් බවට පත්වෙමින් සිටින බවට රාජ්‍ය බුද්ධි අංශය අනතුරු අගවා තිබෙනවා.මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනපතිවරයාට සහ අගමැතිවරයාට යොමුකර ඇති අතිශය රහසිගත වාර්තාවක සදහන් වෙනවා.මෙවන් වාර්තාවක් සකස් කෙරෙන්නේ ශී‍්‍ර ලංකාවේ අයිඑස්අයිඑස් කි‍්‍රයාකාරකම් මතුවෙමින් තිබෙන බවට විදෙස් රජයන් දෙකකින්ම අපට දැන්වීම් ලැබිලා තියෙන පසුබිමක.‘‘

‘‘ ඉතාම දරුණු සටන් පවතින සිරියාවට පවුල් නවයකට අයිති ශී‍්‍ර ලංකා ජාතීන් 45 දෙනෙක් ගොස් තිබෙනවා කියා රජයට දැනගන්නට ලැබී තිබෙනවා.තුර්කියට ගොසින්, දේශසිීමාව ඔස්සේ ඔවුන් සිරියාවට පැනගෙන තිබෙනවා.තවත් අය ගොස් තිබෙන්නේ පකිස්තානය හරහා.ඒ තමන් යන්නේ කොහෙද කියන එක සගවන්න.මේ සමහරු සටන් වලට යොදවලා තිබෙනවා.තවත් අය යෙදිලා ඉන්නේ ප‍්‍රවාහන ආදී කටයුතු වල කියාත් අපට දැනගන්නට ලැබී තිබෙනවා...‘‘

රටේ ඇතිවෙමින් තිබෙන වාතාවරණය අනුව දැනට බල රහිත කර ඇති ත‍්‍රස්ත මර්දන පණත නැවත බලාත්මක කිරීමට සිදුවනු ඇතැයි අධිකරණ අමාත්‍යයා පැවසුවේය.ඔහුගේ අමාත්‍ය සගයින් දරන්නේ ද මෙම අදහස දැයි පැහැදිලි නැත.බ‍්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේදී කැබිනට් නිල ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙවැනි අදහස් දැක්වීමක නිරත විය.

‘‘ මෑත කාලයේ එවැනි පිරිසක් අයිඑස් සංවිධානය සමග එකතුවෙලා කියලා කිසිම සදහනක් නැහැ.ඔය පවුල් ගිහිල්ලා තියෙන්නේ ගොඩ කාලයකට ඉස්සෙල්ලා.ඒ වගේම ඔවුන් ගිහිල්ලා තියෙන්නෙත් මෙහෙ ඉදන් නෙවෙයි.‘‘

අධිකරණ අමාත්‍යවරයාගේ අදහස් පෞද්ගලික මට්ටමින් පළ කෙරුණු ඒවා මිස ඒවායින් රජයේ ප‍්‍රතිපත්තිය නිරූපණය නොවන බවද සේනාරත්න අවධාරණය කළේය.

නමුත් හානිය සිදුව හමාරව තිබින.වත්මන් රජය බලයට පත් කිරීමට කි‍්‍රයාකාරීව මැදිහත් වුනු මුස්ලිම් සංවිධාන කිහිපයක්ම රජය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කිරීමටත්, විරෝධතා දැක්වීමටත් පටන් ගෙන තිබින.ජාතික ආරක්ෂක කවුන්සිල හමුවේදී, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දෙමින් ජනපතිවරයා කියා සිටියේ ජාතිවාදය අවුලූවන, ප‍්‍රකාශයන් සිදුකරන හා කි‍්‍රයාකාරකම් හි යෙදෙන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසය.මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන ලිපි මගින් දැනුම්වත් කර අවසන්ය.

චෝදනා විභාග කිරීම සදහා විශේෂ අධිකරණ ඇතිකිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව ද පසුගිය සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට බදුන් විය.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා සිටියේ, විශේෂ අධිකරණ ඇතිකිරීම පිළිබදව වන යෝජනා ඇතොත් ඒවා තමාට යොමුකරන ලෙසය.රාජිත සේනාරත්න අදහස් දක්වමින් චෝදනා විභාග කිරීම සදහා සාමාන්‍ය අධිකරණයත් ඉතා විශාල කාලයක් වැය කරන බව පැවසුවේය.පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අදහස් දක්වමින් කළ යුතු දෙයක්, ඉදිරි මැතිවරණයට පෙර සිදුකළ යුතුව ඇති බව අවධාරණය කළේය.මහා පරිමාන වංචා හා දුූෂණ වලට සම්බන්ධව සිටියවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුවම තිබෙන බව ඔහු පැවසුවේය.

පසුගිය මස කැබිනට් මණ්ඩල හමුවකදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ සංවර්ධන කෙටුම්පත (විශේෂ අවස්ථා) රජයේ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රසිද්ධියට පත් කිරීමටත්, පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.ජනපති සිරිසේන මෙන්ම, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ වරාය හා නෞකා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගෙන මෙම කෙටුම්පතට සිදුකළ යුතු වන වෙනස්කම් කමිටු අදියරේදී සිදු කැරෙනු ඇත.තවත් යෝජනා වේ නම් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරුන්වද දැනුම්වත් කර ඇත.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීමට අදාළ වන සියලූ විශයයන් අදාළ වන පරිදි ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම සදහා පහසුකම් සැළසීම, මෙම කෙටුම්පත හරහා ඇතිකිරීමට යන නව නීතියෙහි අරමුණයි.විෂය භාර අමාත්‍යවරයාට ( මෙම අවස්ථාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට) අදාළ පළාත් සභා මහ ඇමැතිවරයාගේ උපදේශනය යටතේ, ආර්ථික සංවර්ධන කටයුතු සදහා එම පළාතෙන් කුඹුරු හැර  ඕනෑම ප‍්‍රදේශයක් වෙන් කරවා ගැනීමේ අවසරය මෙම නව නීතිය යටතේ හිමි වේ.මෙසේ වෙන් කර ගන්නා ප‍්‍රදේශ  නිශ්පාදන, සංචාරක, විද්‍යාව හා තාක්ෂණ, ප‍්‍රවාහන, ව්‍යාපාර හා සේවා, උසස් තාක්ෂණ විධි භාවිතා කැරෙන මසුන් මැරීම, උසස් තාක්ෂණ විධි භාවිතා කැරෙන කෘෂිකර්මය, ආදී ක්ෂේත‍්‍ර වෙනුවෙන් යෙදා ගැනෙනු ඇත.මෙසේ ප‍්‍රදේශයක් වෙන් කරවා ගැනීමට පාර්ලිමෙන්තු අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය.

මෙම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම සදහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමේ අවසරයද නව නීතිය මාර්ගයෙන් විෂය භාර අමාත්‍යවරයාට හිමි වේ.එම මණ්ඩලය ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අදහස් විමසමින්, ජාතික ප‍්‍රතිපත්තිය සකස් කරනු ඇත.මේ සදහා,

x              ගොලීය ආර්ථීක, දේශපාලනික, සමාජීය සහ පාරිසරිකමය ප‍්‍රගමණයන් අධ්‍යනය කිරීමට හා ඒවායින් ශී‍්‍ර ලංකාවට එල්ල වන බලපෑම නීර්ණය කිරීමට

x              ශී‍්‍ර ලංකාවේ දැනට පවත්නා ප‍්‍රතිපත්ති අධ්‍යනය කිරීමට, නව ලොව අභියෝග හා ගැලපෙන පරිදි එම ප‍්‍රතිපත්ති වලට අදාළ වෙනස් කම් සිදුකිරීමට

x              රජයේ අරමුණු අනුව ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වන බව සහතික කිරීමට

ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් ද ඇති කිරීමට නියමිතය.

තවත් සංවර්ධන අරමුණු 16 ක් මුල් කරගෙන කි‍්‍රයාත්මක වන සංවර්ධන ඒජන්සියක්ද මෙම නව නීතිය යටතේ ස්ථාපිත කිරීමට නියමිත අතර, අදාළ අරමුණු අනුව එහි කටයුතු විවිධ විෂයන් භාර අමාත්‍යවරුන්ට පැවරෙනු ඇති බව පැහැදිලිය.අපනයනය සංවර්ධන මණ්ඩලයට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියට, සිවිල් ගුවන්සේවා අධිකාරියට, වරාය අධිකාරියට, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට, සංචාරක ප‍්‍රවර්ධණ මණ්ඩලයට, සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත්තේ මෙම ඒජන්සියයි.ඊට අමතරව ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයට හෝ සංචාරක සංවර්ධන අධිකාරියට, දිවයිනේ  ඕනෑම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයක යම් සංවර්ධන කටයුත්තක් දියත් කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම් ඒ සදහා අවශ්‍ය අනුමැතිය මෙම ඒජන්සියෙන් ලබාගත යුතුය.

දුෂ්කර පළාත් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය වන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ අවකාශයද මෙම නව නීතියෙන් සකසා දේ.එහි කොටස් කරුවෝ වන්නේ ජනපතිවරයා, අගමැතිවරයා, මූල්‍ය කටයුතු භාර අමාත්‍යවරුන්, අන්තර්ජාතික වෙළදාම භාර අමාත්‍යවරයා, කර්මාන්ත, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, පශු සම්පත් ආදී ක්ෂේත‍්‍ර භාර අමාත්‍යවරුන් හා පළාත් භාර මහ ඇමැතිවරුන්ය.ආර්ථික සංවර්ධන කටයුතු සමග මෙම ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු ද සමපාත වන බව සහතික කිරීමට ජනපතිවරයා පියවර ගනු ඇත.

දකුණ, වයඹ, මධ්‍යම, නැගෙනහිර, සහ උතුර යන පළාත් ආවරණය වන පරිදි සංවර්ධන මණ්ඩල පහක් පිහිටුවීමට ද නව නීතියෙන් යෝජිතය.අන්තර්ජාතික වෙළදාම සදහා වන මණ්ඩලයක් පිහිටුවීමට නව නීතිය යටතේ යෝජනාවක් ඇත.ආර්ථික කටයුතු පිළිබද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, අපනයන සංවර්ධණ මණ්ඩල සභාපතිවරයා, තේ මණ්ඩල සභාපතිවරයා, ඇගලූම් අපනයනකරුවන්ගේ ඒකාබද්ධ ෆෙඩරේෂනයේ සභාපතිවරයා, විදේශ අමාත්‍යවරයාගේ නියෝජිතයකු, මුදල් අමාත්‍යංශ නියෝජිතයකු, ඒකාබද්ධ ඇගලූම් අපනයනකරුවන්ගේ සංගම් නියෝජිතයකු, සහ අමාත්‍යවරයා තෝරාගන්නා තවත් සය දෙනෙකු මෙම මණ්ඩලයේ සාමාජිකයෝ වනු ඇත.දිවයිනේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් දැනට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මැදහත් වන අන්තර්ජාතික ආයතනයන් සමග, සෘජුව සම්බන්ධවීම මෙම මණ්ඩලයේ රාජකාරිය වනු ඇත.

දැනට සම්මතව ඇති සැළසුම්, කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වලට බාධා ඇතිවන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙස නාගරික සංවර්ධන අධිකාරියටද, මහවැලි සංවර්ධන අධිකාරියටද, ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටද, තේ මණ්ඩලයද, නව නීතියෙන් නියම කර තිබේ.

මෙම කෙටුම්පත ජනවාරියේ දී පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනෙනු ඇතැයි සිතිය නොහැකිය.එය ගැසට් කිරීමෙන් අනතුරුව, කෙටුම්පත සම්බන්ධයෙන් වන ජනතා අදහස් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට සති දෙකක කාලයක් වෙන් කළ යුතුය.ජනවාරි මස ආරම්භයේ දීම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් වන උප කමිටු හයක වාර්තා දින දෙකක පාර්ලිමෙන්තු විවාදයකට යොමු කළ යුතුය.අනතුරුව පැවැත්වෙනු ඇත්තේ මහ බැංකු බැදුම්කර සිදුවීම පිළිබද පාර්ලිමෙන්තු විවාදයයි.

2017 නව වසර උදාවෙමින් තිබෙන්නේ රජය හා මාධ්‍ය හමුවේ නව අභියෝග ඇතිවෙමින් තිබෙන අවදියකය.මාධ්‍යයන් සම්බන්ධයෙන් රජය ගන්නා තීරණ වල ප‍්‍රතිඵල ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයේදී පිළිබිඹු වනු ඇත.වත්මන් රජයට මාධ්‍යයෙන් විශාල සහයක් ලැබුනු බව රහසක් නොවේ.නමුත් දැන් රජය මාධ්‍යයට සළකන්නේ සතුරකුට ලෙසය.අමාත්‍යවරුන් විවිධ අදහස් දක්වමින්, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කරමින් සිටීම, තත්ත්වය තවත් ඔඩු දිවීමට හේතුවක් වී ඇත.

(සන්ඩේ ටයිම්ස්)



අදහස් (0)

මාධ්‍යය හීලෑ කරන්න හදයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 516 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site