IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මනස්ගාත චෝදනාවලට‘ ගෝඨා උත්තර දෙයි

ගෝඨාභය රාජපක්ෂ ගැන නොදන්නා කෙනෙක් ශී‍්‍රලංකාවෙන් සොයාගැනීම කළුනික සොයනවාක් වැන්න.හිටපු හමුදා නිළධාරියෙක් වන ගෝඨාභය තම සොහොයුරු මහින්ද රාජපක්ෂ ශී‍්‍රලංකාවේ ජනපතිධූරය හෙබවූ සමයේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස  පත්ව සිටියේය.ඔහු දශක 3 කට අධික කාලයක් පුරාවට ශී‍්‍ර ලංකාව පෙළමින් සිටි එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය විනාශ කරන්නට දියත් කෙරුණු සිව්වැනි ඊලාම් යුද්ධයේ ප‍්‍රධාන  මෙහෙයුම්කරුවෙකුද වේ.

පසුගිය රජය සමයේ බොහෝ දෙනා ඔහුව දැනහදුනාගෙන සිටියේ දැඩි මතධාරියෙකු ලෙසය.එයත්ල ඔහුගේ නිළයත් නිසාම ඔහුට ගෞරවසම්ප‍්‍රයුක්ත බියක් දේශපාලඥයින් මෙන්ම රටේ ජනතාව අතර විය.නමුත් දැන් තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන ඇත.තමන්ට එරෙහිව නැගෙමින් පවතින චෝදනා රැසකට මුහුණදීමට වසර 9 ක් පුරාවට ශී‍්‍රලංකාවේ ආරක්ෂක ලේකම් ධූරය ඉසිලූ ගෝඨාභයට සිදුව තිබේ.ඒවා අතර යුද අපරාධ,ශී‍්‍රලංකාව මිලිටරි පාලනයක් කරා රැගෙන යාමට කළ සැලසුම්,කොළඹ නගරය චීන  ආධිපත්‍ය යටතට පත්කිරීමට දැරූ ප‍්‍රයත්නයන් ආදිය වේ.

එක්සත් ජනපදයේ පුරවැසියෙක් වන ගෝඨාභය 2005 වසරේ දිවයිනට පැමිණියේ එල්.ටී.ටී.ය හා සටන් වැදීමට තම සොහොයුරු මහින්ද රාජපක්ෂට ශක්තියක් වීමටය.මේ  පුද්ගලයා අද දින ශී‍්‍ර ලංකාවේ පාලනය දිනාගෙන සිටින නව රජයේ ප‍්‍රධාන ඉලක්කය වී  සිටී.රාජපක්ෂ පාලන සමයේ සිදුව තිබෙන දුෂණ හා අක‍්‍රමිකතා රාශියක් සම්බන්ධයෙන් චෝදනා නැගෙමින් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිවය.මේ චෝදනා  සම්බන්ධ පරීක්ෂණ ගණනාවක්ද මේ වන විට සිදුකෙවෙමින් පවතී.

රාජපක්ෂ පාලන සමය අවසන්වී හරියටම මසක් ගතවන තැන  පැවැත්වෙන ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව සඳහා ගෝඨාභය රාජපක්ෂ කැමති කරවාගැනීමට රෙඩිෆ් ඩොට් කොම්හි යාවජීව සාමාජිකයෙකු වන නිතින්.ඒ ගෝකාල්ට හැකිවුනි.සම්මුඛ සාකච්ඡාව සිදුකෙරුණේ ඊමේල් මාර්ගයෙන්ය.

මෙම මිනිසා කළ කී දේ සම්පූර්ණයෙන් විස්තර කරන්නට මෙම කෙටි සම්මුඛ සාකච්ඡාව  කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත.මට මේ දවස්වල ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඔහු කිහිප අවස්ථාවකම සඳහන් කළේය.මේ මෙම පුද්ගලයාගේ හැසිරීම හා සිතුම්පැතුම් ගැන කළ විපරමකි.

පසුගිය කාලයේ ශී‍්‍රලංකාවේ ආරක්ෂක කටයුතු මෙහෙයවූයේ ඔබ.රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔබ පත්ව සිටි එම කාලයේ රට තවත් මිලිටරිකරණයට පත්ව ඇති බවට,පමණ ඉක්මවා ආරක්ෂක අංශ වල පිරිස් බලය තර කර ඇති බවට,ඒ කියන්නේ කුඩා රටක් වන ශී‍්‍රලංකාවට නොගැලපෙන තරමේ විශාල ආරක්ෂක සේනායවක් ගොඩනගාගෙන ඇති බවට නැගෙන චෝදනා වලට ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද?

අප රට මිලිටරිකරණය කරේ නැහැ.ඇත්තටම සිදුවුනේ ඒකෙ අනිත් පැත්ත.

ආරක්ෂක සේනා වල පිරිස් බලය වැඩිකිරීම ගැන සදහන් කළොත් ඔව් අපට එසේ කරන්නට සිදුවුනා.මොකද අප යුද්ධයක පැටලිලා සිටියේ.

ඔබ මතක තියාගන්න  ඕනේ අප යුද වැදුනේ එසේ මෙසේ කණ්ඩායමක් එක්ක නොවේ කියන එක.ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය පවා අති බිහිසුණු ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වාදී තිබුණු සංවිධානයක ත‍්‍රස්තයින් එක්කයි අප සටන් කරමින් සිටියේ.එවන් සංවිධානයක් පරාජය කරන එක ලෙහෙසි පහසු දෙයක් වුනේ නැහැ.පාබල,නාවික,ගුවන් හමුදාවන් එක්ව දියත්කළ මෙහෙයුමකින් පස්සේ තමයි අප ජයග‍්‍රහණය කළේ.

ආරක්ෂක සේනා වල පිරිස් බලය වැඩිකරගැනීමට එක ප‍්‍රධාන හේතුවක් තමයි අත්පත් කරගත් ප‍්‍රදේශවල වැඩියෙන් හමුදා භටයින් රැඳවීමට අපට වුවමනා වුනු එක.මොකද එතකොට ත‍්‍රස්තවාදීන්ට නැවත වරක් එම ප‍්‍රදේශ යටත් කරගන්න අපහසුයි.අනෙක නව  සාමාජිකයින් විශාල වශයෙන් බදවා ගැනීම සිදුවූයේ යුධ සමයේ පමණයි.පසුව එසේ සාමාජිකයින් බදවා ගැනීමක් සිදුකෙරුණේ නැහැ.

යුධ සමයේ උතුරේ එල්.ටී.ටී.ඊ විරෝධී අවිගත් කණ්ඩායම් කි‍්‍රයාත්මකව තිබුණා.යුද්ධය  අවසන්වූවාට පසු අප මේ කණ්ඩායම් සියල්ල නිරායුධ කළා.

මෙම කණ්ඩායම් වලටත්,දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ කණ්ඩායම් වලටත් දිගටම අවි දරා සිටීමට අවසරය ලබාදෙන්න අපට වුවමනානම් හැකියාව තිබුණා.ඔවුන් සළකා බැලිය යුතු හේතු ඉදිරිපත් කළා.මොකද මේ කාලයේ පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ 

සාමාජිකයින් 11000 ක් අප උතුරට නිදහස් කරලා තිබුණේ.පුනරුත්ථාපනය කර ඇතත්  සතුරු පාර්ශවයේ සාමාජිකයින් නිසා ඔවුන් තමන්ට හිරිහැර කරනු ඇතැයි එල්.ටී.ටී.ඊ විරෝධී කණ්ඩායම් වල සාමාජිකයින් බියෙන් සිටියේ.

මේ පුද්ගලයින්ට අවි දරා සිටීමට අවසරය අප එදා ලබාදුන්නා නම් අද උතුරු හා නැගෙනහිර ඡුන්ද ප‍්‍රකාශනය මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණා.යුද්ධයෙන් පීඩාවට පත්වෙලා සිටි උතුර හා නැගෙනහිරත්, භීතියෙන් මුලුගැන්විලා  තිබුණු රටේ අනෙක් කොටස් වලටත් අවසානයේ නිදහස හිමිවූයේ අප නිසා.

 

අපේ රජයේ කැපවීම නිසා තමයි අද ජනතාවට ඔවුන්ට කැමති පුද්ගලයින් රටේ පාලකයින් හැටියට පත්කරගැනීමට අවස්ථාව හිමිවෙලා තිබෙන්නේ.

රටේ බෙදීමක් ඇතිකළාද?

මා සිතන්නේ නැහැ.අප රජය පාර්ශවයේ සිටියේ.විපක්ෂ දේශපාලඥයින් හා රජයට විරුද්ධ පුද්ගලයින් කොහොමත් රජයේ පාර්ශවය ගැන හොද කියන්නේ නැහැ.එවැන්නක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.අපේ රජය රටේ බෙදීමක් ඇතිකළා කියන්නේ ඔය අතරින් සමහරු.

එල්.ටී.ටී.ය කියන්නේ රටේ දෙමළ ජනතාව නොවේ.අපට එල්.ටී.ටී.ය ට උණ්ඩයෙන්ම පිළිතුරු දෙන්නට සිදුවුනා.කිසිවෙකුට එය ප‍්‍රශ්න කරන්නට බැහැ.නමුත් අප ගැටුනේ  එල්.ටී.ටී.ඊ සංවිධානය එක්ක.රටේ දෙමළ ජනතාව එක්ක නොවේ.

දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ ග‍්‍රහණයෙන් මුදවාගෙන ඔවුන්ට සෑබෑ විමුක්තිය දිනා දුන්නේ අපි.

කොටි සංවිධානය පැවතුනු සමයේ දෙමළ ජනතාවට නිදහසේ ඡුන්දය ප‍්‍රකාශ කළ හැකි වාතාවරණයක් තිබුණාද?

2010 ජනපතිවරණයේදී උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවගේ මනාප විශාල ප‍්‍රමාණයක් දිනාගත්තේ අපගේ රජය සමයේ හිටපු හමුදාපතිවරයා.

ඒ වගේම 2015 ජනපතිවරණයේදී එම ජනතාවගේ වැඩි මනාපය හිමිකරගත්තේ් පසුගිය යුධ සමයේ හිටපු ජනපතිවරයා දිවයිනෙන් බැහැරව ගොස් සිටි අවස්ථාවක ඔහුගේ අඩුව පුරවමින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කැබිනට් අමාත්‍යවරයා.

අපි රටේ බෙදීමක් ඇතිකර නොමැති බව පෙන්වා දෙන්න මේ කරුණුම ප‍්‍රමාණවත්.

මේ නැගෙන චෝදනා වලට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

ශී‍්‍ර ලංකාව කිසිම විටෙක ආඥාදායකයෙක්ට යටත්වෙලා තිබුණේ නැහැ.

මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්.මා සේවය කළ රජය සමයේ තමයි ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර නිදහස්ම හා සාධාරණමය මැතිවරණයන් පැවැත්වුනේ.

2005 වසරේ අපේ රජය බලයට පත්වූදා පටන් වසරක් පාසාම මැතිවරණයන් පැවැත්වුනා.ඒ සෑම මැතිවරණයක්ම පැවැත්වුනේ නිදහස්ව හා සාධාරණව.

2015 ජනාධිපතිවරණයෙන් අප පරාජය වුනෙත් අපේ රජය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඉඩදීලා තිබුණු නිසා.

රාතී‍්‍ර කාලයේ කඩාපැනලා සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙනවාය කියලා නැගිලා තිබෙන චෝදනාවට මට කියන්න තියෙන්නේ යුධ සමයේ ඒ වගේ සෝදිසි මෙහෙයුම් සිදුවන්නට ඇතත් පසුව නම් ඒ වගේ කිසිම දෙයක් සිදුවුනේ නැහැ කියලා තමයි.සමහර පුද්ගලයින් දවස ගතකරන්නේ කොහොමද කියලා අප සෝදිසියෙන් හිද තිබෙනවාය,එවැනි පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වලට රහසේ සවන්දී තිබෙනවාය කියමින් අපට චෝදනා නගන අයට ඒවා ඔවුන් මවාගෙන තිබෙන මනස්ගාත යැයි කියනවා හැරෙන්නට වෙන කියන්න දෙයක් මට නැහැ.

පසුගිය රජයේ පාලන සමයේදී කිසිදු විපක්ෂ දේශපාලඥයෙක්ට හිරිහැර කිරීමක් හෝ අනිසි බලපෑම් කිරීමක් හෝ සිදුවූයේ නැහැ.

ඇත්තටම අපේ ජනපතිවරයා හා විපක්ෂය අතර තිබුණේ ඉතාම හොද සබදතාවක්.ජනපතිවරයා හා  ඕනෑම වෙලාවක සම්බන්ධවීමට විපක්ෂ මන්තී‍්‍රවරුන්ට අවස්ථාව තිබුණා.ඒ නිසාම තමයි ගෙවුනු කාලයේ වරින් වර විපක්ෂ දේශපාලඥයින් රජය හා එක්වූයේ.

අපේ රජය ප‍්‍රබලව විවේචනය කරමින් සිටි මංගල සමරවීර පවා අප හා එක්වීමේ සූදානමින් සිටියේ.අපේ රජයයි විපක්ෂයයි අතර වෛරී සබදතාවක් තිබුණේ නැහැ  කියලා පෙන්නවන්න ඒක හොදම උදාහරණයක්.

සිව්වැනි ඊළාම් යුද්ධය නිමවෙලා වසර 6 කට ආසන්න කාලයක් ගතව ගොසින්.ආපසු හැරී බලද්දී එදා ගත් තීරණයක් ගැන අද දිනයේ පසුතැවෙන අවස්ථාවක් ඔබට  තිබෙනවාද?

නැහැ.

ආරක්ෂක ලේකම්වරයා හැටියට ඔබේ තීරණයට අනුව ගෙවුණු දශකයක පමණ කාලයේ ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වලට අවශ්‍ය යුධ උපකරණ බොහෝ විට මිලදී ගැනුනේ චීනයෙන්.එය ඔබ සිතාමතාම ගත් තීරණයක්ද නැතිනම් ඉන්දියාව ඔබට වැඩි සහයක් නොදුන් නිසා අකමැත්තෙන් හරි චීනයේ සහය පතන්න සිදුවුනාද?

1980 වසරේ යුද්ධය ආරම්භ වූ කාලයේ පටන්ම ශී‍්‍රලංකාවේ බලයට පත්වූ රජයන් සියල්ලක්ම පාහේ අවි හා උණ්ඩ සපයාගත්තේ චීනයෙන්.අපත් කළේ එයමයි.

යුද්ධයේ අවසන් අදියර ආරම්භ වුනු 2006 වසරේදී තමිල්නාඩුවෙන් එල්ල වන්නට ගත් පීඩනය නිසා අපට අවි විකිණීමේ හැකියාවක් ඉන්දියාවට තිබුණේ නැහැ.

ඉන්දියාවෙන් අවි මිලදී ගැනීමට හැකියාවක් තිබුණානම් අප නොඅනුමානවම එසේ කරන්නට තිබුණා.මේ සම්බන්ධයෙන් මා එවක ඉන්දියාවේ ආරක්ෂක ලේකම් විජේ සිං නවදිල්ලියේදී හමුවෙලා කරුණු පැහැදිලි කර දුන්නා.

ශී‍්‍ර ලංකාව පත්වෙලා හිටපු තත්ත්වය අනුව කවුරුන් හෝ කැමැත්තෙන්ම අවි සපයනවානම් ඒවා මිලදී ගන්නවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් අපේ රටට  නොතිබුණු බව ඔහු තේරුම් ගත්තා.

2006 - 2008 කාලයේදී ඔබේ රජයත් ඉන්දියා රජයත් අතර තිබුණේ ඉතාම සමිීප සබදතාවයක්.නමුත් යුද්ධයේ අවසාන භාගයේදී එම සබදතාවය බිද වැටෙන ලකුණු  පෙනෙන්නට ගත්තා නේද?

මොකද ඇත්තටම වුනේ? ඔබට මදක් පැහැදිලි කරන්නට හැකිද?

මා නම් කියන්නේ අප හා ඉන්දියාව අතර තිබුණු සබදතාවයේ කිසිම වෙනසක් සිදුවුනේ නැහැ කියා.යුද්ධයේ අවසානයේදීත්,ඉන් පසුවට එළැඹුනු කාලයේදීත් අප දෙරට අතර හොද සබදතාවක් පැවතුනා.

නමුත් ශී‍්‍රලංකාව හා චීනය අතර ඇතිවුනු මිතුදම ඉන්දියාව වරදවා වටහා ගෙන තිබෙන බවක් පසුගිය අවුරුදු කිහිපයෙහි වුනු සිදුවීම් දිහා බැලීමේදී පෙනෙනවා.

අපට චීනය සමග එදා සිටම සබදතා තිබුණා.දැනට අප රටේ ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක වනවා චීනයෙන් ලබාගෙන තිබෙන සහනදායී ණය වැඩසටහන් යටතේ.

මා සිතන්නේ ඉන්දියාව මේක දැක්කේ ශී‍්‍රලංකාව චීනයට ගැති වීමක් විදිහට.

එල්.ටී.ටී.ය හා කළ සටනට ඉන්දියාවේ සහය කොපමණ වැදගත්වූවාද?

යුධ සමයේ ශී‍්‍රලංකාවේ උද්ගතව තිබූ වාතාවරණය ඉන්දියාව තේරුම් ගෙන තිබීම අපට ඉතාම වැදගත් දෙයක් වුනා.

අප දෙරට අ‍න්‍යොන්‍ය අවබෝධතාව මත දෙරටේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නිළධාරීන්ගෙන් සැදි කණ්ඩායම් දෙකක් සාදා ගත්තා.අප මෙම කණ්ඩායම් හැදින්වූයේ ට්‍රොයිකා නමින්.ඉන්දියාවේ කණ්ඩායමේ සාමාජිකයින් වූයේ එරට විදේශ අමාත්‍යවරයා,ආරක්ෂක  ලේකම්වරයා හා ජාතික ආරක්ෂකඋපදේශකවරයා.අපේ ශී‍්‍රලංකාවේ කණ්ඩායමේ සාමාජිකයින් හැටියට සිටියේ ආරක්ෂක ලේකම් වන මම,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති උපදේශකයෙකු වුනු මගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ.

මේ ට්‍රොයිකා කණ්ඩායම් දෙකේ සාමාජිකයින්ට දිවා? දෙකෙහෙිම ඔවුනොවුන් ඇමතීමට පහසුකම් සපයා තිබුණා.මේ විදිහට ඉන්දියාවේ ට්‍රොයිකා කණ්ඩායම සමග සබදතා  පැවැත්වූ බැසිල් ශී‍්‍රලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මොනවාද යන්න ගැන දිනපතාම ඔවුන්ව දැනුම්වත් කළා.

එල්.ටී.ටී.ඊ ය තමන්ටත් තර්ජනයක් බව ඉන්දියාව දැන සිටියා.මේ නිසාම මේ වගේ සබදතා පවත්වාගැනීම ඉන්දියාවේත් හිතසුව පිණිස වුනා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ශී‍්‍රලංකාවට එරෙහිට පෙනී සිටි අවස්ථාවේ ඔබ කළකිරීමට පත්වූවාද? ?

මා සිතන හැටියට ඉන්දියාව ශී‍්‍රලංකාව වෙනුවෙන් පෙනී සිටිය යුතුව තිබුණා.මොකද වෙනත් රටකට එරෙහිව ගෙන එන යෝජනාවකට සහය පළ කිරීමෙන් වැළකී සිටි ප‍්‍රතිපත්තියක් ඉන්දියාව එදා සිටම අනුගමනය කළා.

නමුත් තමිල්නාඩුවෙන් එල්ල වෙමින් තිබූ පීඩනය නොසළකා හරින්න ඉන්දියා මධ්‍යම රජයට හැකියාවක් තිබුණේ නැහැ.එනිසා යෝජනාවට සහය පළකරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඉන්දියාවට එදා නොතිබුණු බව මා හොදින්ම වටහාගෙන සිටිනවා.

ඉන්දියාවේ සහය හා මිත‍්‍රත්වය ශි‍්‍රලංකාවට කෙතරම් වැදගත්ද?

ඉතාම වැදගත්.නමුත් ඉන්දියාව එසේ නොදකින බවක් පෙනෙන්නට තිබීම කණගාටුවට කරුණක්.

ඉන්දියාව හා චීනය අතර උණුසුම් අවස්ථා පසුගිය දශක කිහිපය පුරාම දැකගත හැකිවුනා.නමුත් ශී‍්‍රලංකාව මේ රටවල් දෙක සමගම සමිීප සබදතා පවත්වාගැනීමට එදා සිටම සමත්වුනා.

ශී‍්‍රලංකාව හා චීනය අතර තිබෙන සම්බන්ධය අතීතයේ මෙන්ම අදත් පදනම් වෙලා තියෙන්නේ ආර්ථික කටයුතු මත.

කොළඹ වරායට චීන සබ්මැරීන පැමිණියේ බඩු බාහිරාදිය පටවා ගැනීමට පමණයි.ඒවා පැමිණිමේ කිසිදු යුධමය හෝ ආරක්ෂකමය හෝ අරමුණක් තිබුණේ නැහැ.

අලූත් රජයක් පත්වීමේ ඵලවිපාක අත්විදීමට හෝ බටහිර රටවල් ඔබ අල්ලා ගැනීමට දියත් කිරීමට ඉඩ තිබෙන මෙහෙයුමක් ගැන ඔබ බිය වී සිටිනවාද?

මා කිසිම දෙයකට බිය නැහැ.ඇතැම් රටවල් වලින් එල්ල විය හැකි තර්ජනයන් දැන දැනම තමයි අප එල්.ටී.ටී.ය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නට කැපවූයේ.

අප යුධ වැදුණේ ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග.අපේ ජනතාව අපට පවරලා තිබුණු රාජකාරිය ඒක.

ඔවුන් අදටත් අප කළ කැපකිරීම් හා අප ගත් අවදානම ගැන සිහිකරන්නේ කෘතඥපූර්වකව,හෘදයාංගමව.

ඡන්දයකින් පත්වීමයි,ඡුන්දයකින් පරාජය වීමයි කියන්නේ වෙනම දෙයක්.දෙවන ලෝක යුද්ධය දින්නත් චර්චිල්ට නැවත වරක් බලය දිනාගන්නට හැකිවූයේ නැහැ.නමුත් එයින් පැවසෙන්නේ බි‍්‍රතාන්‍ය ජනතාව යුධ සමයේදී ඔහු දුන් නායකත්වය අමතක කර ඇති බවක් නොවේ.

දෙමළ ඊළම වෙනුවෙන් කිඹුල් කදුළු හෙළනා පාර්ශවයන්ට එල්.ටී.ටී.ඊ සංවිධානයට පණදී නැවත වරක් ශී‍්‍රලංකාවේ කි‍්‍රයාකාරී වන තත්ත්වයට පත්කරන්නට හැකියාවක් තිබෙනවාද?

අප බලයේ සිටි කාලයේ එවැනි උත්සාහයන් ගැන නිරතුරුව අවධානය යොමු කළා.එම අවධානය ඉදිරියටත් එළෙසම තබාගත යුතුයි.

ඉන්දියාවත් තමිල්නාඩුවේ කි‍්‍රයාකාරකම් ගැන වඩාත් සැළකිලිමත් වෙන්න වුවමනායි.දෙමළ බෙදුම්වාදීන් තමිල්නාඩුව ඔවුන්ගේ ප‍්‍රධාන කදවුර කරගන්නට ඉඩ තිබෙනවා.

දෙමළ බෙදුම්වාදය ශී‍්‍ර ලංකාවට පැමිණියේ තමිල්නාඩුවේ සිට.දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසය සැළකුවත් ශී‍්‍ර ලංකාවට වඩා වැඩි ඉඩක් හිමිවෙලා තියෙන්නේ ඉන්දියාවට.

1980 වසරේදී දෙමළ ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමෙන් ඉන්දියාව කර ගත්තේ විශාල වරදක්.අනාගතයේදීවත් වැරදි පුද්ගලයින්ට වැරදි උපදෙස් දීමෙන් වැළකී සිටින්නට ඉන්දියාව වගබලා ගත යුතුයි.



අදහස් (0)

‘මනස්ගාත චෝදනාවලට‘ ගෝඨා උත්තර දෙයි

සූරී Tuesday, 10 February 2015 07:14 AM

ඝෝටාභය රාජපක්ෂ යනු ඉතා නිවැරදි තීරණ ගත් පුද්ගලයකි .ඔහුට අපි සැමදා ගරුකරනෙමු .(හේ)

:       0       0

ලසන්ත Tuesday, 10 February 2015 01:34 PM

ඉවසා බලා හිදිමු නැවත වාරයක් පැමිණෙන තුරු (දිල්)

:       0       0

රොජර් Tuesday, 10 February 2015 07:16 AM

ඔබ තුමාගේ ක්‍රියා කලාපය 99% පමණ මිනිසුන් අනුමත කළ බව මාගේ මතයයි.(හේ)

:       0       0

විශ්ව Tuesday, 10 February 2015 01:48 PM

මෙවන් විරුවෙක් නොසිටින්න අපේ පුංචි රට අද ඊලාම් දේශයක් වී හමාරයි. ඔහුගේ සේවය අගයන්ට නොහැකි වීමම ජාතියේ කරුමයයි.(හේ)

:       0       0

සඳුන් Tuesday, 10 February 2015 02:03 PM

මම චන්දේ දුන්නේ හංසයාට නමුත් ඔබට තිබෙන ගෞරවය කවදාවත් නැති වෙන්නේ නැ..මොකද අපිට ඒ තරම් කුහක වෙන්න බැහැ.අපි ඔබ සමගයි.(හේ)

:       0       0

කින්ස් Tuesday, 10 February 2015 02:05 PM

ප්‍රායෝගිකව යමක් කිරීම සහ කටෙන් දොඩවන එක අතර ලොකු වෙනසක් තියෙනව . ගෝඨාභය ප්‍රයෝගිකව රට වෙනුවෙන් වැඩ කළ මනුස්සයෙක් . දන්නා අය දන්නවා නොදන්නා අය දොඩවනවා . (දිල්)

:       0       0

චතුරිකා Tuesday, 10 February 2015 02:28 PM

බුදුන්ටත් ගල් ගැසූ මිනිසුන් හිටි නේ සිංහල කියමනකුත් තියෙන්නේ පල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා (දිල්)

:       0       0

ලියොන් Wednesday, 11 February 2015 08:58 PM

ඔය එල්ලකරන චෝදනා සියල්ලම 5% ක්වත් නැතුව ඇති.ලංකාවේ තරම් බොරු කියන සහ බොරුකරන දේශපාලකයෝ ඉන්න රටක් ලෝකෙම නැතිතරම්.බලයට එන්නත් ආවාට පසු ටික කලක් යනතුරුත් ඔහොම කියයි. සියලුම දේ සතියෙන් අමතකවෙන අපිට අමතකවීම ගැන මොනවා කරන්නද? කාගේ සරණද? කාට කියන්නද ? (නි)

:       0       0

දහම් Tuesday, 10 February 2015 07:54 AM

සමස්ත ශ්‍රී ලංකා ජනතාව නිදහසේ හුස්ම ගන්නේ මහින්දත් ඔබත් එඩිතර වීරයන් දෙදෙනෙක් වූ නිසා. එය පටු දේසපාලනය නිසා අමතක කළ අයට ඉක්මනින්ම නැවත මතකයට එන බව සහතිකයි.(දිල්)

:       0       0

තුවාන් Tuesday, 10 February 2015 07:56 AM

මා කිසිම දෙයකට බිය නැහැ.ඇතැම් රටවල් වලින් එල්ල විය හැකි තර්ජනයන් දැන දැනම තමයි අප එල්.ටී.ටී.ය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නට කැපවූයේ. ඔබ සිංහයෙක්මයි (දිල්)

:       0       0

ධනුෂ්ක Tuesday, 10 February 2015 02:47 PM

ලංකාවේ මිනිස්සුන්ට බඩ කට පිරෙන්න තියෙනවා නම් රට බල්ලට ගියත් කමක් නැහැ. මොනවා වුනත් පසු ගිය රජය ගැන තිබුනේ ලොකු විස්වසයක්. ආපරදේ හොර වැඩ වලට ඉඩ දුන්නේ. රට බේරාගෙන ඊට පස්සේ හොදට පාලනය කරනම් කොච්චර වටිනවද. (හේ)

:       0       0

රොෂාන් Tuesday, 10 February 2015 02:55 PM

ඔබ තුමාගේ ඍජු නායකත්වය නිසා තමයි අද මේ රට නිදහස් නිවහල් රටක් බවට පත් වුනේ ..පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනිමට කුහක දේශපාලකයෝ ඔබ තුමාට නින්ද අපහස අවලාද කළාට මේ රටේ බහුතර ජනයා ඔබ තුමා සමගි,,(හේ)

:       0       0

අවන්ති Tuesday, 10 February 2015 03:11 PM

සෙන්පති තුමනි.ඔබ තුමා රට වෙනුවෙන් කළ සේවය සදා අමරණීයයි.ලංකා දේශපාලනයේ නොමැකෙන සටහන් තැබූ ඔබ වෙනුවෙන් අපේ සහයෝගය දීමට අපි සුදානම්.ඔබට ජය වේවා.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 10 February 2015 08:10 AM

ඔබතුමා කවදාවත් දේශපාලනයට එන්න එපා අන්තිමට ඉතුරුවෙන්නේ කලකිරිමක් පමණයි.(හේ)

:       0       0

සොපියා Tuesday, 10 February 2015 03:19 PM

ඔබතුමා රටේ ජනාදිපති විය යුතුයි .(හේ)

:       0       0

අනිල් Tuesday, 10 February 2015 08:12 AM

ඔබ නැති අඩුව කිසිවෙකුට පියවිය හැකි නොවේ (බ)

:       0       0

කුමාර Tuesday, 10 February 2015 08:13 AM

සිංහල දේශයේ ගැලවුම්කරු (බ)

:       0       0

සොපියා Tuesday, 10 February 2015 08:16 AM

දෙමළ ජනතාව දුකින් මුදවා ගත්තේ ඔබතුමාලයි, ඒ බව කවදාහරි ඔවුන් තේරුම් ගනියි (බ)

:       0       0

විල්මි Tuesday, 10 February 2015 04:12 PM

කුමක් කළත් කුමක් කිවුවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ කියන එක අපි කාටත් හොඳ පාඩමක්.කිරි දොවලා දොවලා එකට ගොම බින්දුවක් දැම්මා වගේ වැඩක් වුණේ. (නි)

:       0       0

අදිරි Tuesday, 10 February 2015 08:37 AM

වැරදි පිලි අරන් දේශපාලනයට ආවොත් මිනිසුන් පිළිගනී.. ආයිම කල වැරදි නොකරන බවට විශ්වාසයක් මිනිසුන් තුල ඇති කල යුතුයි..(අ)

:       0       0

අබේ-ටෝකියෝ Tuesday, 10 February 2015 05:15 PM

ඔබ යුග පුරුෂයෙක් . ගුණමකු පුද්ගලයන්ට සියල්ල අමතක වුණත් අපි ඔබ සමඟයි. ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණ සටන්කළ ඔබට අභියෝග කරන්න පුලුවන් කෙනෙක් දැනට ලංකාවේ නැත. අද අපි නිදහසේ ජීවත්වන්නේ ඔබතුමාට පින් සිදුවන්න. (නි)

:       0       0

අර්ජුන රණවන Tuesday, 10 February 2015 08:40 AM

එල්.ටී.ටී හා යුද්ධය හැරුණු කොට අනෙක් සියල්ලටම ඔබට ඔබේ හදවත එකගව කවදා හෝ උත්තර දීමට සිදුවෙනු ඇත . (අ)

:       0       0

රසල් Tuesday, 10 February 2015 08:42 AM

අැත්තටම හොද වැදගත් ලිපියක් (හේ)

:       0       0

සරත් මැදවල Tuesday, 10 February 2015 05:26 PM

ඔබ අපේ මතු ජනාධිපති හැටියට ඔබ තරඟ කළයුතුයි කියා මම යෝජනා කරනවා (නි)

:       0       0

චාමර Tuesday, 10 February 2015 08:39 PM

විජයවර්ධන, විමලසිරි, සලීන්, රටක් බේරාදුන් අභීත නායකයකු ගැන කළගුණ අමතක වුණේ මෙහි අදහස් දැක්වූ අයගෙන් ඔබ තිදෙනාට විතරයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 10 February 2015 09:28 AM

අපි ඔබ සමගයි.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 10 February 2015 11:39 PM

ඔබ රාජකාරිය හරියට කළ නිළධාරියෙක්. ඔබතුමා මගේ මාතෘභූමියට තවත් අවශ්‍යයි. ඔබට ජය! රටට ජය! (නි)

:       0       0

විජයවර්ධන Tuesday, 10 February 2015 10:00 AM

මේ චෝදනා කොහොමද මනස්ගාත චෝදනා වන්නේ? මේවයේ යම් ඇත්තක් තියෙන බව පොඩි ළමයි පවා දන්නවා නීතියෙන් ඔප්පු කිරීම වෙනම කතාවක් (බ)

:       0       0

අර්ජුන Wednesday, 11 February 2015 01:09 AM

බුදුන්ටත් ගල් ගැසූ මිනිසුන් හිටියනේ! සිංහල කියමනකුත් තියෙන්නේ පල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා (නි)

:       0       0

විමලසිරි Tuesday, 10 February 2015 10:06 AM

යුද්දට බයේ රට දාලා පැනල ගියපු කෙනෙක් ලෝකේ කොහේ හරි රටක ආරක්ෂක ලේකම් වෙලා තියෙනවද (දිල්)

:       0       0

ජයත් Tuesday, 10 February 2015 10:10 AM

මෙතුමාගේ නායකත්වය නැත්නම් එදා යුද්දය දිනන්න බැහැ කියන එක මගේ මතය..කොහොම උනත් චෝදනා වලට මුහුණ දීලා තමන්ගේ නිවැරදි භාවය රටට පෙන්නන එක මෙතුමා ගේ වැඩක්.(හේ)

:       0       0

ජයත් Tuesday, 10 February 2015 10:10 AM

කවුරු මොනවා කිව්වත් මේ මනුස්සය ගැන මගේ හිතේ තියෙන්නේ ගෞරවයක් .මෙතුමාගේ නායකත්වය නැත්නම් එදා යුද්දය දිනන්න බැහැ කියන එක මගේ මතය..කොහොම වුනත් චෝදනා වලට මුහුණ දීලා තමන්ගේ නිවැරදි භාවය රටට පෙන්නන එක මෙතුමා ගේ වැඩක්.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 10 February 2015 10:14 AM

බිහිසුණු දරුණු කොටි ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීමට උරදීම ගැන මුළු රටම ඔබට තුති පුදන අතරම, ඒ අතැර කාලයේම සිදුවුන "මනස්ගාත වැඩකටයුතු" නිසාම ඔබේ ජනප්‍රියත්වය පිරිහුනබවත් අමතක නොකළ යුතුවෙනවා.(හේ)

:       0       0

සංජු Tuesday, 10 February 2015 10:20 AM

දැන් මේ ගැන කිව්වට වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

සඳුන් Wednesday, 11 February 2015 02:00 AM

රට බේරාගත් එක හරි. ඒත් රට නැතිනාස්ති කරන්න දෙන්න බැහැ (නි)

:       0       0

චන්දන Tuesday, 10 February 2015 10:41 AM

ඔබ තුමා කවදාහරි රටේ ජනධිපති වෙන්න ඕනේ. කරන වැඩේ හරියට අවංකව කරන ඔබ වගේ මහත්වරුන්ටත් සමහරු මඩ ගහනවා. සාමාන්‍ය ජනතාව ඔබට බොහොම කැමති. ඔබ මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න කියා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. (හේ)

:       0       0

තුවාන් Tuesday, 10 February 2015 10:45 AM

අපි ඔබ සමගයි.(හේ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 11 February 2015 10:45 AM

සැබෑම සිංහයෙක් (දිල්)

:       0       0

චමින්ද Tuesday, 10 February 2015 10:54 AM

කවුරු මොනවා කීවත් මෙයයි ඇත්ත .. ඇයි මේවා ජනතාවට දැනගන්න කියන්නේ නැත්තේ.. එක ලොකු වරදක් .. අපි මේවා බැලුවට සාමාන්‍ය ජනතාව දකින්නේ නෑනේ .(හේ)

:       0       0

සලීත් Tuesday, 10 February 2015 10:57 AM

හරියට මෙයා ඔක්කොම කරා වගේ. යුද්දේ දින්නා ඒ ගැන සතුටුයි .නමුත් අනික්වා තාම අමතක නැහැ (බ)

:       0       0

කමල් Tuesday, 10 February 2015 11:16 AM

ඉතාම වියක්ත ගාම්භීර ප්‍රකාශයක්.දේශපාලකයන් පැහිච්ච මිනිසුන් වියයුතුයි.මා සිතනවා සන්දාන දේශපාලනයට නායකතවය දීමට ඔහුට සුදුසුකම් ඕනෑවටත් වඩා ඇතැයි කියා.(හේ)

:       0       0

දර්ශන Tuesday, 10 February 2015 06:31 AM

ඔබ දේශ පාලනයට එයි කියා ශ්‍රී ලංකික ජනතාව බලා සිටිනවා .එය ඔබේ වගකීමක්.ජය වේවා ඔබට .(හේ)

:       0       0

අසෝක Friday, 13 February 2015 03:01 AM

ඔබතුමා කවදාහෝ රටේ ජනාධිපති වේවා! මගේ පරම පැතුම එයයි. (නි)

:       0       0

දැරණියගල Tuesday, 10 February 2015 11:32 AM

චෝදනා නැති ඔබේ අවංක එඩිතර චරිතයට අපේ ආචාරය.! ඔබ දේශයට කල සේවය රටේ කොතැනට ගියත් පෙන්න තියෙනවා. ඔබට දිගාසිරි.! (ර)

:       0       0

තුෂා Tuesday, 10 February 2015 11:42 AM

ගෝටාභය මහතාට ජය වේවා.! (ර)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 06:53 AM

2009 මැයි 19 අපිට ජාතියක් ලෙස අමතක කළ හැකිද? අතීතය අවාසනාවට අමතක වෙලා (නදී)

:       0       0

සමන් Tuesday, 10 February 2015 06:56 AM

සිංහල ගුණ මකුවන් (නදී)

:       0       0

චන්දන රණසිංහ Tuesday, 10 February 2015 07:01 AM

මෙවැනි සාකච්ඡා සඳහා පුළුල් ප්‍රචාරණයක් මධ්‍යස්ත මාධ්‍ය මගින් ලබාදිය යුතුය (නදී)

:       0       0

අබරන් Tuesday, 10 February 2015 07:09 AM

අපේ කාලයේ වීරයෙක්. ඔබට එරෙහිව කිසිවෙක්, කිසිම රජයක් කිසි දෙයක් කරන්නේ නැහැ. ජයවේවා ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 0 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 715 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1464 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1347 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 383 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 342 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site