IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ


(යොහාන් භාසුර)
අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ එම පක්‍ෂයේ තරුණ සංවිධානයේ කාර්යාලය විවෘත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.  අලුත් රටවක් වෙනුවෙන් තරුණයක් මෙහෙයවනවා මිස රට ගිනි තැබීමට තරුණයක් ක්‍රියාත්මක නොකරන බවත් ජනාධිපතිතුමාට හිතෙනවා නම් ඔවුන්ගේ මන්ත්‍රීවරු 159 න් වැඩකක් නෑ කියා අවුරුදු දෙකහමාරෙන් ආණ්ඩුව විසුරුවා හැකි බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අලුත් ගමනක් යායුතු යැයි විශ්වාස කරන නිසා තරුණ පෙරමුණ ලෙස ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යෑම ආරම්භ කළ බවත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සංවිධානයට නව කාර්යාලයක් විවෘත කළ බවත් ඒ මහතා පැවසීය‍ෙ

ආර්ථික, සාමාජීය සහ දේශපාලන ප්‍රතිත්තියක් සමඟ දේශපාලනය කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබෙන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ඇතමුන් මැතිවරණ කාලයේදී තරුණයන්ට අසීමිත බලාපොරොත්තු දෙන බව ද සඳහන් කළේය.

ෙයහපාලන ආණ්ඩුව නංගිට තෙමෙන්නෙ නැතුව යන්න පුංචි කාර් එකක් දෙන්න පොරොන්දු වුණත් අවසානයේ නංගිට බස් එකේ යන්න බැරි තත්වයට ආර්ථිකය වැටුණු බවත් වර්තමාන ආණ්ඩුව ලක්‍ෂ 12 කට කාර් එකක් දෙන්නේ යැයි පොරොන්දු වූ බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.ො

රැකියා සහ කාර් පෙන්වා තරුණ පරම්පරාව නොමඟ යවන දේශපාලන සංස්කෘතියක් ඇති බවත් එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවට ඩිජිටල්කරණය ආරම්භ කර ඉදිරියට යෑමට සිදුවෙන්නේ නාමල් රාජපක්‍ෂ ඩිජිටල් අමාත්‍යවරයා නැවතූ තැනින් බවත් 2002 වසරේ යූඅයිඩී එකේ ටෙන්ඩර් පටිපාටියත් ආරම්භ කර ඉන්දියාව ඩොලර් මිලියන 80 ක ආධාරයක් ද දුන් බවත් අරලයත් සමඟ අප්‍රේල් මස තමන් ඇමති ධූරයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩපිළිවෙළ ද අවසන් වූ බවත් ඒ මහතා කීය.



අදහස් (14)

මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ

පොඩිඑකා Sunday, 23 February 2025 03:48 PM

අම්මපා ඇත්ත නේන්නං…, හිටියේ මාධ්‍යවේදීන්, රගර් ක්‍රීඩකයන් ඝාතනය කරන හමුදාවක් කියලා කවුදෝ කිව්වා…!

:       15       79

ප්‍රියන්ත Sunday, 23 February 2025 03:51 PM

තජුඩීන් ලා, ලසන්ත ලා, එක්නැලිගොඩලා ඉබේ මැරිලා…!

:       13       73

පිටිගල මිලානෝ Sunday, 23 February 2025 03:53 PM

මතකද බේරෙ වැවේ “බැස සීතල ගගුලේ පීන පීන නාමුකෝ සුදෝ…”

:       12       64

Mahajanathawa Sunday, 23 February 2025 03:56 PM

අපි ඉතිහාසය අමතක කරනවා කියලා ඔයා හිතනවාද? කිසිම අවස්ථාවක් නැහැ.

:       11       68

Charith Nimalaweera Sunday, 23 February 2025 04:11 PM

තිබ්බත් කියයියෑ...!

:       8       44

Rata Perata Sunday, 23 February 2025 04:13 PM

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැනත් මතක් වුණා.

:       7       46

sachith Sunday, 23 February 2025 04:42 PM

සමහර කතා තියෙනවා ඇත්තක් වුණත් කියන කෙනා නිසා බොරුවන් වන... මේකත් ඒ වගේ...

:       4       29

Pankumburage Sunday, 23 February 2025 05:15 PM

මොලේ හොඳටම කචල් වෙලා. වැලිකඩ යන්න කලින් අංගොඩ යන්න වෙයි වගේ.

:       5       36

Chathuri Sunday, 23 February 2025 05:38 PM

කට්ටියම හොඳට වැඩ පෙන්නපු නිසා තමයි බාප්පියි පුන්චියි ඇදුම් ටිකයි හොරකම් කරපු කෝටියයි දාලා උඩුගුවනේ පාවුනේ.. ඊටත් වැඩිය හොඳට නූගත් බේබිලා වැඩ පෙන්නලා දැන් රිපෝට්ස් අරන් උසාවි යනවා. එකෙක් හිරෙත් හිටියා මේ නූගත් බේබිත් ළඟදීම යනවා... ඇයි දන්නේ නැහැ... නේද? රටට වැඩ පෙන්නලා දැන් ර්පෝට්ස් අර්න් උසාවි යන්නේ හිරේ හිටපු බේබි ට මොකටද තුවක්කු? ඔයතරම් එයාට කොහෙන්ද ඒවා කුඹි මරන්න වෙන්න ඇති නේද? ඉඳපන්කෝ මැතිවරනෙත් ඉවර වෙනකම්... ජනතාවගෙ ඉතුරුවැඩ ටික පෙන්වන්න... නූගත් ලෝයර් මල්ලි ලෝයර්ස්ලා හයර් කරනවා... ලෝය ගෙදර ඉද්දි ඔබලාට ගිය රට කිව්වාලු. හිතන් හිටියේ එහෙමයි. ගැහැණු ළමයින්ව හෝටල් වලට අරන් ගිහින් තියන් ඉඳලා නිකම් රජයේ මුදල් අර්න් වැටුප් ගෙවපු අය තවමත් මෝඩයි.

:       5       27

රම්සි Sunday, 23 February 2025 06:10 PM

ලොකු අතුල මලේ කෝමද කියලා අප්පුච්චාගෙන්ම අහගනිං කොලුවෝ…..!

:       4       10

Asela Sunday, 23 February 2025 06:39 PM

NPP පාලනය දැන් බලයේ ඉන්නවා. NPP/JVP නායකයා කිව්වා රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව චෝදනා රැසක් තියෙනවා කියලා. දූෂිත දේශපාලනඥයින් ඇතුළු අයගේ නම් තියෙන ලිපිගොනු 400ක් තියෙනවා කියලා ඔවුන් කිව්වා. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ, අධිකරණයකින් ඔප්පු කරන තුරු චෝදනා ගැන කවුරුත් තැකීමක් කරන්නේ නැහැ. උරුමක්කාර වහලුන් ඔවුන්ගේ ලොක්කන් කියන සියලු කුණුහරප බැරෑරුම් ලෙස සලකනවා. මම පෞද්ගලිකව නාමල්ට බොහෝ හේතු නිසා කැමැති නැහැ. නමුත් ඔහු කියන දේ හරිම නිවැරදියි. කාඩර්වරුන් හෝ ත්‍රස්තවාදීන් පුහුණු කළ එකම දේශපාලන පක්ෂය හෝ දේශපාලන මතවාදය JVP පමණයි. වහලුන් බවට පත් වූ NPP බොහෝ දෙනෙක් එයට කැමති නැහැ.. නමුත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යය නම් 72 කැරැල්ලේදී රාජ්‍යයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව LTTE සංවිධානයට පාඩම් කියා දුන් දේශපාලන පක්ෂය JVP බවයි...

:       8       3

Jay Sunday, 23 February 2025 08:09 PM

කජ්ජ කතා කරයි.

:       1       8

වික්‍රම විදුර Sunday, 23 February 2025 08:22 PM

රටට කෙලපුවාට දඬුවම් 1 ගානේ දැඩිම දඬුවම දුන්නොත් අවුරුදු 76ක් කරපු අයට අපායේ ලොකුම දඬුවමත් මදි...

:       2       8

Nihal Dharmatileke Sunday, 23 February 2025 08:38 PM

එහෙනම් පොහොට්ටුවේ රට බංකොළොත් කරපු අය ඉන්නවද?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පොලිස්පතිගෙන් කොමිසමට දොස්
2025 පෙබරවාරි මස 23 184 0

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රිය


වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා
2025 පෙබරවාරි මස 23 258 0

වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව


මෙට්ටය යට ගිනි අවි,කඩු සැඟවූ කත රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 23 90 0

නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේ


මාගම් වරාය හාරයි
2025 පෙබරවාරි මස 23 508 0

හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.


විදේශිකයනට දේශීය ආහාර වේලක්
2025 පෙබරවාරි මස 23 915 0

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ


තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි
2025 පෙබරවාරි මස 23 1065 0

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 165 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 406 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 174 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site