මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වෙනම අධිකරණයක් පිහිටවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (16) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එය මැතිවරණ පොරොන්දුවක් බවත් මූල්‍ය චෝදනා සම්බන්ධ පරීක්ෂණ සාමාන්‍ය අධිකරණවල විභාග කිරීමෙන් අනෙක් නඩු කටයුතු ප්‍රමාදවන බවද කී මන්ත්‍රීවරයා මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට වෙනම අධිකරණයක් පිහිටුවීමට අගවිනිසුරුගේ හා අධිකරණ ඇමැතිගේ අවදානය යොමු විය යුතු බවද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවල දින දෙද්දි මාස 4-5 කල් යන ක්‍රමය නිසා තමයි කල් අදින්න ඕනෑ අය එය ඉත්තෙක් කරගන්නේ. බොරුවට කල්ගත්තත් ඊළඟ නඩු දිනය ළඟ දිනක් දුන්නා නම් කල් අදින එක තේරුමක් නැහැ. කොහොමත් අහුවෙනවා කියලා දන්නවා නම් අනවශ්‍ය කල් ඇදිම ටිකක් හරි නතර වෙනවා. රාජ්‍ය දේපොල වංචා ගැන හොයන්න වෙනම අධිකරණයක් පිහිටුවන එක හොඳයි. (නි)
අවුරුදු 10-5 ට වැඩි නඩු ඉක්මන් කරන්න ගිහින් අවුරුදු 2-3 නඩු කල්යවලා නම් වැඩක් නැහැ. මොකද එතකොට ඒවත් 10-5 ගොඩට වැටෙනවා. සමහර නිතිඥවරු බොරුවට කල්ගන්න එක වළක්වන්න නම් කළයුත්තේ එසේ කල්ගත්තොත් මාස ගානකින් පස්සට නොදා ළඟ දින දෙන්න. එහෙම කල්ගන්න බව විනිසුරුවන්ට පෙනෙද්දී අවවාද කළා නම් එවිටත් කල්යාම නවතිනවා. (නි)
රටම මුල්‍ය වංචා වලින් පිරිලා තිබුනු නිසා සහ ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් එයත් වළක්වන්න එක්ක මේ සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන එක හොඳයි. ඒත් එක්කම සෑම උසාවියකම දික්කසාද නඩු විසඳීමටත් වෙනම ඒකකයක් පිහිටුවන්න. සාක්ෂි විමසිම් කරනවිට මාස ගනන් කල් නොයවා එක දිගට එක් දිනක් හෝ ගෙන සාක්ෂි අවසන් කළොත් අනවශය කල්ඇදීම සෑහෙන දුරකින් අවම වෙනවා. අද තියෙන තත්වය අනුව විනිසුරුවරුන්ට මතකත් නැහැ, නීතිඥයන්ට මතකත් නැහැ මොනවා කිව්වද කලින් පාර කියලා. (නි)
නඩු කල්යන්නේ නීතියේ ඇති හිඩැස් නිසා, නීතිඥයින් උවමනාවෙන් කල් ඇදීම නිසා, බොරුවට කල්ගන්නා බව දැන දැනත් විනිසුරුවරුන් අවවාද නොකිරීම නිසා, පළිගැනිමේ චේතනාවෙන් හා වරද තමන් අත බව දන්නා පාර්ශ්ව විසින්ම තමන්ගේ නඩු කල්ඇදීමට නිතිඥවරුන්ට උපදෙස් දීම නිසා ආදී හේතු මතය (නි)
ඕනෑම නඩුවක් කල්යාමේ වාසිය ඇත්තේ වැරැද්ද කළ පාර්ශවයටයි. එහි පාඩුව ඇත්තේ සාධාරණය ඉටුකරවා ගැනිමට බලාසිටින අනෙක් පාර්ශ්වයටයි. මෙය විනිසුරුවරුන්ට නොතේරීමට හේතුවක් නැහැ. මේ නිසා හැකිතාක් ඉක්මනින් විමසිම් කර නඩු අවසන් කළයුතුයි. (නි)
රටේ පැවති දේහපාලනමය වාතිවරණය නිසා වුණ සිද්ධින් සහ රට හොඳට ඇති කාලෙක දේශපාලන බලය හේතුවක් කරගෙන කළ පුද්ගලික වංචාවල් එක ගොඩකට ලා මිනිය නොහැකියි. (නි)
කාගෙහරි ඉඩමක් බලෙන් අල්ලාගෙන හරි පාරක් බලෙන් අල්ලාගෙන සිටින අයම තමයි නඩු කල් අදින්නේ. මොකද ඇදෙන තරමට මේ අයට දවසක් හරි අනුන්ගෙ දේවල් භුක්ති විඳින්න පුවවන්. ඉඩම තමන්ගෙ කෙනා බලන්නෙ හැකිතාක් ඉක්මනට නඩුව අවසන් කරගෙන තමන්ගෙ අයිතිය ලබාගන්න. නමුත් අද යන විදියට ඉඩම් නඩු නිසා හරි අයිතිකරුවො බලවත් අසාධාරණයකට ලක්වෙනවා. මෙය නැති කිරීමටත් විනිසුරුවරුන් ක්‍රියා කළයුතුයි. (නි)
මේවා ගැන හොයන්න කලින් මීට වසර 20 ට පමණ පෙර ඒවා හොයන්න කියලා කියන්නේ මේවා වහන්න ඕනෑ නිසයි. (නි)
ඉඩම් නඩු දාන තරමක් දාන්නෙ වැරැද්ද කරන පාර්ශවයයි. නඩු දැම්මොත් ඇදෙන බව දන්න නිසා අයිතිකාරයා බලන්නේ ගොඩින් බේරාගන්න. වැරැද්ද ඇති අයම තමයි ඉස්සර වෙලා නඩු දාලා කල් අද්දවන්නේ. මේක ප්‍රසිද්ධ රහසක්. මේකට විසඳුමකුත් අත්‍යවශ්‍යයි. (නි)
පසුගිය ආණ්ඩුව කාලේ කළ හොරකම් හොයන්නත් සෑහෙන වෙහෙසක් ගන්න ඕනෑ. 88/89 දේශපාලනමය හේතු නිසා වුණ දේවල් 2016 දි හොයලා දඬුවම් දෙන්න පුළුවන් කියලා දහම් හිතනවද? (නි)
අපේ අායු කාලය වසර 500 ක් විතර නොවන නිසා දික්කසාද නඩුත් ඉක්මනින් අවසන් කරන ක්‍රමයක් හදන්න. මේවා ඇදෙන්නේ දැනට තියෙන නීතිය අනුව දික්කසාදයක් ගන්න ඇති හේතු ක්‍රිස්තු පූර්ව ගණන් වල ඒවා නිසා. කසාදය හා දික්කසාදය අතිශය පුද්ගලික එකක් නිසා මේවා ලිහිල් කළයුතුයි. මානව හිමිකම් රැකිය යුතුයි. (නි)
දියුණු රටවල දික්කසාද ප්‍රශ්න විසඳන්නේ “පවුල් අධිකරණ“ විසිනි. මේ නිසා දෙපාර්ශවයට කරුනු පහදා සමථයන් මාර්ගයෙන් සමාදානයෙන්, කාලය මුදල් බොරුවට වැය නොකර දික්කසාද විය හැකියි. (නි)
කම්බා හොරු නම් කැමති ඇති මේවා හොයන්නෙ නැතුව පරණ කුනුම ඇද ඇද සතපහක වැඩක් නැතුව ඉන්නවා නම්. හැකිතාක් ඉක්මනිට විශේෂ අධිකරණයක් පිහිටුවා මේ හොරු නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි. දේපොල රාජසන්තකකල යුතුයි (අ)
ඒ ඒ විශේෂ කරුණු වලට වෙනම ඒකක ඇත්නම් කාර්යක්ෂම වෙනවා පමණක් නොව එකි විනිසුරුවරුන්ටද විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබිමත් සිදුවේ. ප්‍රශ්න වවාගෙන කෑමට කැමති වැරදි කළවූවෝම වෙති. සාධාරණ මොන මනුස්සයද අකැමැති ප්‍රශ්නය ඉක්මනට අවසන් කරගන්න. (නි)
අධිකරන ගණන වැඩිකළාට පමණක් වැඩක් නැහැ. කල් ඇදිමට ඇති නීතියේ හිඩැස්, නිතිඥවරුන්ගෙන් වන හිඩැස්, වැරදිකරුවන් කල් ඇදිමට ගන්නා ක්‍රම වැසිය යුතුයි. ඒවා නැතිකොට අධිකරණ ගණන වැඩි කළොත් ඉක්මන්කළ හැකිවේවි. (නි)
ඉතාම හොඳයි (නි)
කුලසිංහ , අය පෘතුගීසි කාලයේ කරන ලද මිනී මැරුම්, හොරකම් ,, ඉංගිරිසීන් කලදෙවල් හොයන්න ඕනේ නැද්ද ? ජවිපේ එක ගැන කැමැත්තක් නැතත් ඒගොල්ල ඔය කියන දේ හරුනම් පිළිගන්න . නිකන් කුහක නොවී. ඔය කුහක කම තමයි අපේ රට විනාස කරලා තියෙන්නේ. අනාගත පරපුරවත් මේ වගේ කුහක නොවේවා . (අ)
අනේ මහත්තයෝ, ඔයාලට ඕවා දැවෙන ප්‍රශ්න වුණාට අපිට ඔයිට වඩා ප්‍රශ්න තියනවා හිතන්න, බදු අහස උසට, බඩු ගිනි ගණන්, ලයිට් කපනවා! (නි)
සමීර 1950 ගණන් වල අට විතරක් සමත් කෙනෙකුට හොඳ දැනුමක් තිබුන වීශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව. ඒකාලේ 8 සමත් වුනාම ජුනියර් ස්කූල් සෙටිෆිකට් කියන සහතිකය ලැබෙනවා රැකියාවල් ගණනාවකට යන්න පුළුවනි නමුත් අද ලොකු කියන විභාග පාස් කළ ඔබට ඒකාලේ ගැන හිතන්න වත් දැනුමක නැහැ නේද එකයි වෙනස (බ)
1987 සිට 1994 කාලය තුල රටට කළ විනාශය , රජයේ දේපල වලට කළ විනාශය සහ මිනිස් ජීවිත විනාශය නිසා සිදුවූ පාඩුව ගණන් බල ජනතා විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රී වරුන්ට සහ බටලන්ද වදකාගාරය, මහව ප්‍රේමදාස අඹවත්තේ සිදු වූ මිනිස් ඝාතන සියල්ල ගැන පරීක්ෂණ ආරම්භ කර මරණීය දණ්ඩනය දෙන්න(බ)
මුල්‍ය ප්‍රශ්නය විතරක් නොවේ, ලංකාවේ සෑම අධිකරණයකම තිබෙන රථවාහන, සුළු අපරාධ, මිනීමැරුම්, ඉඩම් නඩු වෙන් වෙන්ව කොටස් වලට බෙදා ඒවා ඇසීමට වෙනම විනිශ්චකාරවරු පත් කිරීමෙන්, ක්‍රමවත්ව නඩු අසා ඉක්මනින් තීන්දු දිය හැකි අතර, දිනපතා ලංකාවේ උසාවි වල රස්තියාදු වන ලක්ෂ ගණනක් වන ශ්‍රම බලකාය රටේ දියුණුවට යොදා ගත හැක. (නි)
ආණ්ඩුව ගෙනෙන්න කඩේ යනකොට ඕවා කිවේ නැහැ. දැන් එනවා මෙතන පිස්සු කෙලින්න (අ)
කුලසිංහ 1971, 1987 -88 යන කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ සිදු වු දේශපාලන අරගලවලදී වූ මනුෂ්‍ය සංහාරයන් වලට ජ වී පෙ , ශ්‍රී ල නි ප , එජාප යන ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම සම්න්බන්ධ නමුත් යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් කරන ප්‍රගතිශීලි යෝජනා නිතරම පක්ෂ දේශපාලන කෝණයකින් නොබලන්න , 71 සහ 88 ජවිපෙ ක්‍රියා කල ආකාරය මම තරයේ ප්‍රතික්ෂේප කරන අතර දැනට අවරුදු 26 පමණ සිට ප්‍රචණ්ඩත්වය අතහැර සාමකාමී දේශපාලනයක යෙදී සිටින ඔවුන්ට දොර වසා දැමීම නොකළ යුතුය (අ)
කුලසිංහ ඇයි කියන්නේ නැත්තේ 1971න් පටන්ගමු කියලා. පක්ෂග්‍රහී නොවී රටගැන හිතනවානම් අපේ රට ගොඩක් ලස්සන කරගන්න එක අමාරු වැඩක් නොවෙයි. කව්රු කළත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුළුවන් සමාජයක් බිහිවුණදාට අපිත් දියුණු රටක් වෙයි. (අ)
සිල්වා බර්ලින් . ඔයාට ටික වෙන්න පිස්සු වගේ, අට විතරක් සමත් කෙනෙක් වගේ. (අ)
කුලසිංහ මම ඔබ සමගයි. මේගොල්ලෝ නෙලුම් මලෙන් උපන් කුමාරයෝ වගේ කතාව. (බ)
කුලසිංහගේ යෝජනාව හොඳයි හැබැයි මුල්‍ය වංචාවල චෝදනා සාක්ෂි ඇතිව ඉදිරිපත්කරන ජේවීපියට මරණීය දණ්ඩනය නියම කළොත් එම නඩු පවත්වාගෙන යන්න බැරිවෙනවා. ඒ නිසා කුලසිංහගේ 1987-1994 වැඩේ ටිකක් කල්දාමු. (බ)
කතාව සහතික ඇත්ත , ලෝකයේ දියුණු රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (බ)
ජේ වී පී එක මේ රටට කළ විනාශය හොයන්න අති විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි. මේ ගෝනි බිල්ල අහිංසක කොල්ලෝ කී දෙනෙකුට ජීවිත අහිමි කළාද. මෙන්න මේවා හොයල මුන්ට හොද දඩුවම් දෙන්න ඕනේ. (බ)
කුලසිංහට අමතක වෙලා මහින්ද 2005 දී ඔතනට ගෙනාවේ කවුද කියලා. 88, 89 ගැන කතාකරන්න කලින් එම තත්වය නිර්මාණය කරපු අය ගැන හොයලා බලන්න (නි)
දහම් මහතා කියන විදියට ජේ. වී. පි. එක රටට කළ විනාශයත්, පසුගිය පාලනය රාජ්‍ය දේපළ අවභාවිතය මඟින් කළ විනාශය සහ සුදුවෑන් සංස්කෘතිය හරහා කළ ක්‍රියාවන් අතර යම් මිම්මක් බැලුවොත් ගෝනිබිල්ලා කව්ද යන්න හොඳින් තේරුම් ගත හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී කියමින් ධනපති කොටස් දෙකක් රට සූරාකමින් යන ගමනේදී පීඩිත පන්තියේ ඉවසීමේ අවසානයත් අපි බලාපොරොත්තු වියයුතුය. (නි)
මෙසේ කළයුතුයි. නැත්නම් කාලයේ පමාවෙන් හුඟක් අය ගැළවෙනවා. අනික මේ නඩු අහනන් ගියාම සාමාන්‍ය මනුස්සයාගේ සිවිල් නඩු කල් යනවා. කරුමය ගෙවන්නන් වෙන්නෙ අපිටමයි. (නි)
ඒ කාලේ වැරදි හොයන්න තිබුනේ ඒ කාලෙ පත්වුණ ආණ්ඩු විසිනුයි. ඒවා හොයන්නෙ නැතුව ඉඳලා දැන් අවුරුදු ගානක් ගිහින් ඒවා හොයන්න බැහැ. සාක්කිත් නැහැ. බෙහොමයක් අය මැරිලා. ඒවට සල්ලි නාස්ති කරලා වැඩක් නැහැ. ඇස් පනාපිට පේන ආසන්නතම ඒවා හොයන්න පුළුවන්. සාක්කිත් තියෙනවා. දේපොල/මුදල් රාජසන්තක කරන්නත් පුළුවන්. එයයි කළයුත්තේ. බොරුවට හොයනවා හොයනවා කියලා අතගගා ඉන්න එක නෙමෙයි. (නි)
දහම්, 88/89 කාලෙ තිබුනු ආණ්ඩුවට හරි ඊට ආසන්නයෙන්ම පත්වුණ ආණ්ඩුවට හරි ඕක කරන්න කියලා කිව්වෙ නැත්තෙ ඇයි? දැන් හොයලා වැඩක් නැහැ. හොයන්නත් අමාරුයි. හෙව්වයි කියලා දඬුවම් දෙන්න අයත් නැහැ. මේ ඊයෙ පෙරේදා රටේ සල්ලි හොරකම් කරපුවා නම් ඇල්ලුවොත් රාජසන්තක කළහැකියි. (නි)
ජවිපෙ කාලේ වුණේ දේශපාලනමය හේතුන් නිසා. පහුගිය කාලේ මුදල් හොරකම් කරලා තියෙන්නේ පුද්ගලික හේතුන් වලට. (නි)
ජේ වී පී එකේ වැරදි හොයන්න අතිවිශේෂ අධිකරණයක් පිහිටුවන යෝජනාව කරන්න ඔයා 2016 වෙනකම් හිටියෙ මොකද දහම්? (නි)