IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි

ලෝකයේ මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වත රටවල් ආශ්‍රිතව ජාත්‍යන්තර පර්යේෂණ ආයනයක් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව ෂරීයා නීතිය තම රටේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ .

ජාත්‍යන්තර පිව් පර්යේෂණ ආයතනය විසින් 2008 හා 2012 යන වසර වල රටවල් 39 ක   38000 ක් දෙනා සහභාගි කරවාගෙන මෙම සමීක්ෂණය පවත්වා තිබේ.  ඒ අනුව ටියුනීසියාවේ සියයට 56 ක්ද නයිජීරියාවේ සියයට 71 ක්ද ඉන්දුනීසියාවේ සියයට 72 ක්ද ඊජිප්තුවේ සියයට 74ක්ද ඇෆ්ගනිස්තානයේ සියයට 99 ක්ද පකිස්ථානයේ සියයට 84 ක්ද ෂරීයා නීතියට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.  කෙසේ නමුත් එම සමීක්ෂණයට අනුව තුර්කියේ සියයට 12ක් පමණක් තම රටේ ජාතික නීතිය ෂරීයා වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි

මොහොමඩ් - බේරුවල Thursday, 02 May 2013 03:32 PM

අනුන්ට වෛර නොකර ඔබ කවුදැයි දැනගන්න. ඔබට අදාල දේ පමණක් තෝරගන්න. ආගම් සියල්ල එකිනෙකට වෙනස් වුවත් එහි පරමාර්ථය එකයි. එක් දෙවියෙකු හෝ 33 කෝටියක් දෙවිවරු ඉන්න බව කිවුවත් මේ දක්වා දැකපු කෙනෙක් නැත. ‍අනෙකාගේ ආගම විහිළුවට ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි බව තේරුම් ගන්න. තම දහමට අනුම ජීවත් වීමට අදිටන් කරගනිමු. ඉන්න ටික කාලය හොදින් ගත කරමු..... (නි)

:       0       0

මංජුල Thursday, 02 May 2013 03:38 PM

මේ දිනවල බෞද්ධයන් විශාල සංඛ්‍යාවකගේ බෙලි කපලා මරණ එකත් ෂරියාවක් තමයි නේද? (නි)

:       0       0

ගනේෂ් Thursday, 02 May 2013 03:45 PM

කව්ද කියන්නේ මැදපෙරදිගට ගැලපෙනවා කියලා. මේක දැන් මුලු ලෝකයටම ගැලපෙනවා. අනික තවත් රටවල් තියෙනවා ඕකට කැමති. (නි)

:       0       0

දම් Thursday, 02 May 2013 04:03 PM

ෂරියා දැම්මත් අපේ ලොකු හොරුන් සාක්ෂි නැති නිසා,අමතක නිසා,අදුනගන්න බැරි නිසා එළියේ .පසුව පෙළපාලියකින් ගෙදරට-ඡන්දයෙන් පාර්ලිමේන්තුවට. (නි)

:       0       0

විරාජ් Thursday, 02 May 2013 04:13 PM

ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළාට කමක් නැහැ කියන මතේ මමත් ඉන්නවා. හැබැයි ෂරියා කියන ගෝත්‍රික නිතිය නෙමෙයි. ගල් ගහලා මරණ, පස් යට කරන, ඇස් උගුල්ලන ඒවා එහෙම නෙමෙයි. (නි)

:       0       0

චූලා Thursday, 02 May 2013 11:43 AM

සමහර නායකයෝ ලගදි කිවුවා බටහිර නිතිය පදනම් වෙලා තියෙන්නේ නිදහස් බටහිර ශිෂ්ටාචාරයේ සහ සංස්කෘතිය මතයි, ඒක වෙනස් කළයුතුයි කියා විශ්වාස කරන මුස්ලිම් සහ අනෙකුත් ජාතින් සිටි නම් බටහිර නීතියේ නිදහස නමැති සංකල්පය පාවිච්චි කර වහාම පිටවන්න කියා... (නි)

:       0       0

මොහොමඩ් Thursday, 02 May 2013 04:23 PM

අනේ සහෝදරවරුනි, මොනවද මේ ජාතිවාද? (නි)

:       0       0

නෙතුමි Thursday, 02 May 2013 11:45 AM

සත්‍ය අසත්‍ය හරිහැටි දැනගෙන සාධාරණ විධිහට නීතිය ක්‍රියාත්මක කරනවා නම්, ක්‍රියාත්මක කළත් කමක් නැහැ රටක් තුල මේ වගේ නීතියක්.. හැබැයි මොනදේටත් කලින් ජාති බේද එන එක වලක්වන්න බැහැනේ. (නි)

:       0       0

අමිත් Thursday, 02 May 2013 11:45 AM

මට නම් මේවා අන්ධ ඇදහිලි (නි)

:       0       0

නිසාර් Thursday, 02 May 2013 11:46 AM

මේක ලංකාවට අදාළ නැහැ. සිංහලවරුන්ටත් අදාළ නැහැ. අපේ දේවල් අපි බලාගන්නම් (නි)

:       0       0

සුරාජ් Thursday, 02 May 2013 11:49 AM

එතකොට ලංකා නිතිය

:       0       0

අහමඩ් Thursday, 02 May 2013 04:39 PM

ශාසනය බැබලුන රජ කාලේ ෂරියා දඩුවම් වලට හපන් දඩුවම් තිබුනා නේද? අනේ ඒවා හරි ක්‍රියාත්මක කරමුකෝ කාගේත් හොදට!(ස)

:       0       0

චින්තක Thursday, 02 May 2013 11:51 AM

එහෙම වෙන්නේ කොහොමද

:       0       0

මොහාන් Friday, 03 May 2013 02:17 PM

ඇහුනේ නැහැ මට (දී)

:       0       0

සම්සුදීන් Thursday, 02 May 2013 11:51 AM

සිංහලයිනි. මෙය ඔබලාට අදාළ එකක් නොවේ. ජාතිවාදී අදහස් දක්වල තේරුමක් නැහැ. මෙය මුස්ලිම් ලෝකය බලා ගනීවි.(ස)

:       0       0

චතුරිකා Thursday, 02 May 2013 11:52 AM

නිසර් ඔබ හරි, මේක මුස්ලිම් රටවල කට්ටිය බල ගනී.(ස)

:       0       0

වන්නි Thursday, 02 May 2013 11:53 AM

මම නම් කියන්නේ ඒ කතාව අනුමත කරන්න බැහැ

:       0       0

සමීර සාලින්ද Thursday, 02 May 2013 11:55 AM

අපි නියම සිංහලයෝ අපිට ඔය නීති වැඩක් නෑ . අපිට මෙහේ පවතින නිතිය සාදාරන එකක් කරලා දුන්නනම් ඇති ඔයි හලාල් නීති අපිට එපා (ස)

:       0       2

පද්ම Thursday, 02 May 2013 11:55 AM

අපේ රටට නීති 2-3 ඕනේ නැහැ (දී)

:       0       0

ඇසළ Thursday, 02 May 2013 04:46 PM

ඔය රටවල් ශරියා නිතිය ඉල්ලන්නේ එක පිරිමියෙකුට විවාහ හතරක් එක පාරටම ශරියා නිතිය අනුව කරගන්න පුළුවන් නිසා. නැතුව අපරාද අඩුකරගන්න නෙමෙයි. (නි)

:       0       0

ශ්‍යාමා Thursday, 02 May 2013 04:48 PM

අපේ ලංකාවට මොනම නීතියක් වත් ඕනෑ නැහැ මිත්‍රවරුනි. මොකද මෙහෙ තියෙන්නේ දේශපාලකයන්ගේ නීතිය. (නි)

:       0       0

අසේල Thursday, 02 May 2013 11:58 AM

අපි විරුද්දයි

:       0       0

සංජීව Thursday, 02 May 2013 11:59 AM

නිසර්, ඔයා බලා ගන්න ඔයාගේ දේවල්, අපිට කමක් නැහැ. පුලුවන් නම් අරාබි රටකටම ගිහින් බලා ගන්න, මේක සිංහල අපේ රට. ඒක මතක තියා ගන්න. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 02 May 2013 04:54 PM

අපට අපේ ර‍ටේ තියෙන මේ නීතිය හොදටම ප්‍රමාණවත්, ඒක හරියට ක්‍රියාත්මක කරනවා නම්. ආගමක් කියන්නෙ මිනිසුන් තමන්ගෙ ස්ව කැමැත්තෙන් අදහන්න තියෙන දෙයක්. ඒක බලහත්කාරයෙන් නීති මගින් පවත්වාගන්න ගියොත් එය එහි ශාතෘ වහන්සේලාට පවා කරන අපහාසයක්. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 02 May 2013 12:00 PM

තුර්කියට ජයවේවා.. ! (ස)

:       0       0

කසුන් Friday, 03 May 2013 08:57 AM

අමානුෂික, ස්වාභාව ධර්මයාගේ ධර්මතාවයන්ට පටහැනි, ආත්මාර්ථකාමී නීතියක්. (නි)

:       0       0

අජිත් Thursday, 02 May 2013 05:33 PM

මිනිස්සු අතින් වැරදි වෙනවා තමයි. ඒකට ශරියා නීතියෙන් දඩුවම් දෙන එක මුස්ලිම් රට වල කරගත්තට කමක් නැහැ. ම‍ගේ රට බුදුන්ගේ රටයි (නි)

:       0       0

සඳුන් Thursday, 02 May 2013 12:14 PM

ලංකාවෙත් සමහර ප්‍රදේශ වල නොනිල වශයෙන් ෂරිය නීතිය ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

දයාන් Thursday, 02 May 2013 05:38 PM

ස්ත්‍රී දුෂණ හා වංචාවන් දවසකට සිය ගණනින් අරාබියේ වෙනවා.එහෙත් ඒවා මාධ්‍යයෙන් හෙලි වෙන්නේ නැහැ. ෂරියා නීතිය අතීසාරේට අමුඩ ගැසීමක් පමණි. (නි)

:       0       0

ගිම්හානි Thursday, 02 May 2013 12:24 PM

මෙයාල දෙවියන් අදහන අය නෙමේ හිත් පිත් නැති කුරීරු මිනිස්සු නැත්නම් කොහොමද මිනිසුන්ගේ බෙල්ල කපන්නේ මිනි මරන්න කියල දෙවියන්වහන්සේ කොහෙද කියලා තියෙන්නේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 12:39 PM

නිසාර් සහ සම්සුදීන්, අපි බලාගන්නම් කියන්නෙ ඔයාල ලංකාවෙ නෙමේද. එහෙනම් මෙතන සිංහලෙන් නෑතුව මුස්ලිම් භාශාවෙන් අදහස් දක්වන්න (නි)

:       0       0

අජිත් Thursday, 02 May 2013 12:50 PM

තව අවුරුදු 10 කින් විතර මේ ඉල්ලීම ලංකාවෙත් සිද්ධ වේවි. (ස)

:       0       0

සිහළ Thursday, 02 May 2013 12:51 PM

සහෝදරයනි, ඔබේ දේවල් ඔබ බලගත්තට කමක් නැහැ..නමුත් බලාගත යුත්තේ ලංකාව තුලදී නම් නොවෙයි. (ස)

:       0       0

ශීහාල් Thursday, 02 May 2013 12:51 PM

මුස්ලිම් සහෝදරයනි, ඔබේ දේවල් ඔබ බලාගත්තාට කමක් නැහැ.නමුත් බලාගත යුත්තේ ලංකාව තුලදී නම් නොවෙයි (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 02 May 2013 01:00 PM

මේ නීතිය හරි යන්නේ මැද පෙරදිගට පමණයි....(ස)

:       0       0

මොහාන් පිරිස් Thursday, 02 May 2013 01:02 PM

අනේ මේ අදහස් දක්වන ජනතාවනි, මේවා මුස්ලිම් රටවල්වල කරපු සමීක්ෂණයක් ඔවුන් වෙනුවෙන්. ඇයි ඔබලා කලබල වෙන්නේ අපේ රටේ වෙන්න එපා කියලා. ඔබල වගේ නිකන් කුපිත වෙන අය නිසා තමයි අපේ රට මෙවන් ජාතිවාදී තත්වයකට පත්වෙලා තියෙන්නේ. කරුණාකරලා අපි අපේ ආගම හරිහැටි පිලිපදගෙන ඉදිමු. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 02 May 2013 01:05 PM

සම්සුදීන්, සිංහලයන්ට මෙය අදාල නැති බව ඇත්තකි. මෙහි අප කර ඇත්තේ පුවත සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් පමණි. ඔබලාගේ මුස්ලිම් රටවල දේ අපට අදාල නැත්තම් සිංහල අපගේ රටේ හලාල් වැනි දෑ හදුන්වාදීමට උත්සාහ නොගන්න. මෙය සිංහලයාගේ රට බව මතක තබා ගන්න. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Thursday, 02 May 2013 01:09 PM

රටක තිබිය යුත්තේ හැම ජන කොටසකටම එකම නීතියක්.ජාතිවාද මතු නොවෙනවානම් තියන නීතිය කාටත් ඇතිනේ. මොන නීතිය ගෙනාවත් වැරදි කරන කෙනා කරනවමයි. මුස්ලිම් රටවල් ඒව සම්මත කර ගන්න එක එයලාගේ දෙයක්. අපටනම් වැඩක් නෑ තමා.ඒත්.....??????(ස)

:       0       0

ආසිරි Thursday, 02 May 2013 01:15 PM

ඒ කියන්නේ අජිත් තව අවුරුදු 10 කින් මුස්ලිම් වෙනවා කියල නේද. ඒ ගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ බලාගනීවි අපි අපේ පාඩුවේ හිටියනම් කිසිම ප්‍රස්නයක් නැහැ බොරුවට අවස්ථාවාදීන්ගේ උගුල්වලට අහුවෙන්නේ නැතුව. (ස)

:       0       0

සනත් Thursday, 02 May 2013 01:19 PM

එව්ව අදාල රටවල් බලා ගනී... ශ්‍රී ලංකාවට අදාල දෙයක් නෙවෙයි.(ස)

:       0       0

අචිනි Thursday, 02 May 2013 01:21 PM

ලංකාවට අවශ්‍ය නෑ.(ස)

:       0       0

සෆීන් Thursday, 02 May 2013 01:22 PM

මෝඩ වෙන්න එපා. ශරීහා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉස්ලාමිය රජයකට පමණයි. නිකන් බොරු අදහස් නොදමා බුද්ධියෙන් කල්පනා කර බලන්න. දන්නෙ නැති දෙයක් තියෙනවා නම් නියමාකාරව කරුණු විශ්ලේෂණය කර නිගමනයකට එළඹිය යුතුය. නැත්නම් නොදන්නා දේ ගැන ඇසු පමණින් මෝඩයෝ වගේ අදහස් දෙන්න එපා. (නි)

:       0       0

නිශාන්ත Thursday, 02 May 2013 01:43 PM

ලංකාවට අදාළ නීතියක් තියෙනවා

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 02 May 2013 01:43 PM

අවම වශෙයෙන් අවුරුද්දක් මේ නීතිය ක්‍රියාත්මක කරලා බලන්න, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ඇතුළු දරුණු අපරාධ වල අඩුවීමක් එහෙම තියනවද කියල. වෙනත් ආගමකට හරියන නීතියක් කියන මතයෙන් මදක් එලියට ඇවිත් පොදුවේ අවම වශයෙන් රටකට යහපතක් සිදුවෙනවාද කියන විමර්ශනයක් සදහා. (ස)

:       0       0

රිම්ෂාන් Thursday, 02 May 2013 01:52 PM

නොදිය්නු සමාජයක් පැවති අරාබිකරයේ ශරියා නිතිය එදාට ගැලපුනත් අදට එය නොගැලපෙන බව මගේ හැගිමයි. (ස)

:       0       0

රෑපවතී Thursday, 02 May 2013 02:10 PM

ගිම්හානි ..?ලංකාවේ දැනට පවතින බෙලි කැපිලි ,මිනි මැරුම් වලට ඔයා මොනවගේ පිළිතුරක්ද දෙන්නේ ...?තම දරු පව්ල පිටින්ම මරල ගිනි තියන , අසමජ්ජාතියක් දැනට ලංකාවේ වාසයකරන්නේ ? ඒ හැමට එකහා සමාන මරණ දඩුවමක් ක්‍රියාත්මක කලයුථුඉ ?. අපේ මතු පරපුරට යහපත් සමාජ වටපිටාවක් ඇතිකරන්න නම් ...?(ස)

:       0       0

නසර් Thursday, 02 May 2013 02:11 PM

පන්සිල් පද රකින්න බැරි අයට අනිවාර්යයි. (ස)

:       0       0

රංජිත් Thursday, 02 May 2013 02:18 PM

තව අවරුදු දහයකින් හෝ පහළවකින් තෙල් ඉවර උනහම, ඔක්කොටම ෂරියා නීතිය මොනවද වෙන්නේ කියල හිතන්දවත් බැහැ. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 02 May 2013 02:27 PM

ෂරියා නීතිය කියන්නේ ආගමක් පදනම් කර ගත් එදා මැද පෙරදිග සමාජයට ගැලපුන නීතියක් . එවැනි නීතියක් අද සමාජයට ගැලපෙන්නේ නැහැ. අනික මේ නීතිය නිසා අපරාධ අඩු වෙනවා කියන එක පිලිගන්නත් බැහැ. අපරාධ අඩු කරන්න නීති තද කිරීමෙන් බැරි දෙයක්. (ස)

:       0       0

සිසිර මිලානෝ Thursday, 02 May 2013 02:35 PM

රන්ජිත්, කවදාහරි තෙල් ඉවරවුනොත් රත්තරන් තියෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව තමන් දියුණු වෙන්න බලන්න. (නි)

:       0       0

සුනිල් විමලසූරි Thursday, 02 May 2013 02:44 PM

ලුම්බිණි ඔයා හරි (අ)

:       0       0

ඉශාන් Thursday, 02 May 2013 02:45 PM

අනුමත කරන්න බැහැ

:       0       0

නිසාර් Thursday, 02 May 2013 02:50 PM

ඔයගොල්ලන්ට කියල නීතියක් ඉස්සරලා තියෙනවාද කියලා බැලුවොත් නරකද? උඩරට නීතියත් හැදුවේ සුද්දෝ. ඔය නීති මුලාශ්‍ර ගැන බැලුවොත් ඒවා ගොඩනැගිලා තියෙන්නේ ආගම් සම්බන්ධ වෙලා. අනික අපේ ගෙදර ඇති ශරියා නීතිය ගැන අල්ලපු ගෙදර සිංහල අයට ඇති ප්‍රශ්නය මොකද්ද? (නි)

:       0       0

ඩීන් Thursday, 02 May 2013 09:22 PM

දයාන්, කොයි අරාබි රටේද මේවා සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

ශාන් Thursday, 02 May 2013 02:55 PM

ලංකාවටත් අවානම් තමයි ‍‍හොඳ. නැත්නම් අපේ රට හදන්න බැහැ. (ස)

:       0       0

ඉෂාර Thursday, 02 May 2013 02:56 PM

මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි. (දී)

:       0       0

ඩීන් Thursday, 02 May 2013 09:23 PM

කවුරු කොච්චර කැ ගැහුවත් මුළු ලෝකයම මේ නීතිය පිළිගන්න බලාගෙන ඉන්නවා (නි)

:       0       0

නසාර් Thursday, 02 May 2013 09:46 PM

මොනවා වුණත් අවංකවම කියන්නම්. මගේ දුවව සෞදි මුස්ලිම් කසාද බදිනවට වඩා මම කැමති වන්නේ යුරෝපියෙක් බදිනවට. (නි)

:       0       0

රූමි Thursday, 02 May 2013 03:19 PM

ෂරියා නීතිය ලංකාවට අවශ්‍ය නැහැ. නමුත් මේ සිදුවන මිනිමැරුම් ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම, ළමා අපචාරවලට දැඩි දඩුවම් ඒ වරද ඔප්පුවුණ ගමන් දෙනවනම් මේවා බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. අද තියෙන්නේ වරදේ හැටියට අඩු දඩුවම්. ඒ වගේම නඩු අහන්න අවුරුදු ගණන් යනවා. මේ තත්වය නැති කල යුතුය. දඩුවම් වලට බය නැති කම වැඩි වෙලා. (ස)

:       0       0

අසන්ග Thursday, 02 May 2013 03:23 PM

ඒවා මුස්ලිම් රටවල් වල තියාගත්තට කමක් නැහැ, ලංකාවේ ඒවා බැහැ. නසාර්ට කියන්න ඕනෑ, අපේ පන්සිල් පද අපි රැක ගන්නම්, ඔයා නිකන් ඉල්ලන් කන්නෙ නැතුව ඉන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 0 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 312 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 307 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 327 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 431 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 717 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site