ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහකන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහකන්ද බැලුවා හොරැහින් මදෙස
වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකියු රහස හඳ උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
සංගීතය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගේය පද - සුනිල් සරත් පෙරේරා
මානව ප්‍රේමය ඉතාමත් උත්තරීතර සබැඳියාවකි. මානවයන් දෙදෙනකුත් අතර ඇති විය හැකි පරමානන්දකර සබැඳියාව, ළබැඳියාව එයයි.මේ නම් ප්‍රේමයේ වියෝගය දනවන අපුරු ගී මිණකි. බෞද්ධ දර්ශනයට අනුයමින් ජිවිතයේ දුක , අනිත්‍ය, අතිරබව සුවිශද කිරිමට කවියා ප්‍රයත්න දරයි. මේ ගීතයේ කථකයා සෞන්දර්ය ලෝලයෙකි. සොබාදහමත් මානව සමාජ සබඳතාවත් එක හුයකට අමුණමින් රචකයා අප ඉදිරියේ අපුරු වචන පෙළක් දිග හරියි. ගීතයේ ස්ථායි කොටසෙහි සංකේතය මහකන්දකි. මහකන්ද වු කලී කාලයත් අවකාශයත් සංකේතවත් කරන ප්‍රපංචයකි. පෙම් යුවළක් අතර ඇති වී නැති වී යන ආදර අන්දරය නොසැලි බලා සිටිනුයේ මේ මහකන්දයි.
කාලයත් අවකාශයත් අපරිමිතයි. පෙම් බැදුම් පරිමිතයි. මිනිසාට සොබා දහමත් සමාජ සබඳතාවත් දමනය කිරිමට නොහැකිය. සොබා දහම මර්දනය කරමින් මිනිසාට නැඟි සිටිය හැකි ද? එබඳු ප්‍රයත්නයක අවසාන ප්‍රතිළුලය වනුයේ විනාශයයි. සොබාදහම පාලනය කිරිමට හෝ මඟ හැරිමට තැත් කිරිම ද නුනුවණකමකි. විප්‍රලම්භ ශෘංගාරය උපරිම අයුරින් විඳිය හැකි මෙබඳු ගීත අපගේ ප්‍රියතම ගීත වනුයේ එහි ඇති කරුණ රසය නිසා නොවේ ද? කරුණ රසය උපදින්නේ ශෝකය මුල් කොට ගෙනය. මේ ගීතයේ අන්තර්ගතය ද සංයෝග- වියෝගයකි. මේ ගීතයේ යොදා තිබෙන කාව්‍යමය යෙදුම් බීඳී ගිය ප්‍රේමය ආවර්ජනය කර ගැනිමට පවත්නා අභිලාෂයේ සුන්දරත්වය හඟවයි.
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහක්නද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහකන්ද බැලුවා හොරැහින් මදෙස
දෙදෙනා ප්‍රේමයෙන් වෙලී ගිය එදවස සොඳුරුමය. සොබා දහමේ අනුහස ද ඊට ලැබුණූ බවට මහක්නද දෙස් දෙයි. මහකන්ද ඒ සියල්ල උපේක්ෂාවෙන් බලා සිටි බව ද හඟවයි. මෙහිදී දෙදෙනාගෙන් එක් කෙනකුන් අනෙකා අත හැර වෙන නුවරක යෑමක් ගැන ද කියවෙයි. සියල්ල විඳ දරා සිටි මහකන්ද පවා ඉන් සසල වු බව කථකයා කියයි. සම්ප්‍රයෝග විප්‍රයෝග පිළිබඳව කීමට කවියා යොදා ගෙන තිබෙන සංකල්ප රූප මංජරිය සුවිශිෂ්ටය.
වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි
වැව් දිය මත සුපුෂ්පිත සුදු නෙළුමක් මඳ පවනේ සැලෙයි . ජලතලය නිලවර්ණය. එහෙත් සොබා දහමේ මේ සොඳුරු දසුන දුටුවිට කථකයා තුළ ඇති වුයේ සුඛස්පර්ශය නොව දු:ඛස්පර්ශයයි. නෙළුම් මලේ සුද වු කලී ශෝකයේ වර්ණයයි. මේ නම් මොනතරම් ඖචිත්‍ය කාව්‍ය ප්‍රයෝගයක්ද? සුදු නෙළුමේ සුගන්ධය මඳ සුළඟේ ඇදී ආවද කථකයා සිටිනුයේ වියෝ දුකිනි. එහෙත් ඔහුට ප්‍රේමාස්වාදයේ ඒ සොඳුරු මතකයන් එකිනෙක සිහියට නැඟෙයි.
කළුවර මහ රැයක පාළුවෙන් , කාන්සියෙන් ළතැවෙන කථකයාට කිරලකුගේ තීව්‍ර වු ද දිර්ඝ වු ද රාවය ඇසෙයි. පරිසරයේ නිහැඬියාව දැදුරු කරන කිරලාගේ හඬ ශෝකාලාපයක් වැනිය. වියෝගයේ එකලාව, ශෝකය තීව්‍ර කිරිමට කවියා යොදා ගත් සංකේතය අපූරුය. කිරල් හඬ යකු හඬක් සදිසි යැයි වරෙක අලගියවන්න මුකවැටි කවීන්ද්‍රයාණෝ කීහ. හදවතේ තෙරපෙන්නේ වියෝගයෙන් උපන් ශෝකයයි. එය දියුණූ තියුණූ කිරිමට කිරලා ද උදව් වී ඇත. වාන් දැමීම නම් වැව් බැමි සිමාවේ රැඳිය නාහැකි ජලය ඉතිරිමයි. වියෝගය ද හදවතේ සීමාව පැන යෑමට තෙරපෙයි. එය වැවක් මෙන් වාන් දමන බව කීම මොනතරම් අපුරු කාව්‍යෝක්තියක්ද?
මිනිසාගේ සෑම පැතුමක්ම ඉටු නොවීම ලෝකස්වභාවයයි. ඔමාර් ඛයියාම් කවියා වරෙක මෙසේ කීය.
නිතියෙන් නඟින හද තුළ ආසා
සැණෙකින් හළු වී යයි නොව සේයා
මෙසේ පැතුම් ඉටු නොවී යෑම මහත් දුක් ගෙන දෙයි. එහෙත් ඒ එම අවස්ථාවට පමණි. ජිවිතේ මතු යම් දවසක අතීතාවර්ජනයක නියැළෙන විට ඒවා සුව දනවයි. ප්‍රේමයේ වියෝගයත් එවායේ සැමරුම් වලත් සැටි මෙසේය. ඒ එසේ වෙතත් මතක වස්තු තුරුලු කරගෙන ජිවත් වීමට ඇතැමෙක් ප්‍රිය කරති. මේ නම් වු කලී එබඳු කථකයෙකි. සොඳුරු පෙම් බැඳුමක් අවසන් වු සැටි කෙතරම් සෝබරද?
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහකන්ද හෙල්ලු ප්‍රේමය
ජයත් Monday, 08 February 2016 02:00 PM
දැන් කොකිලයෝයි කියල හිතාගෙන කාක්කෝ කුණුහරුප කියල යටිගිරියෙන් කෑගහන කාලයක් තියෙන්නේ එහෙම කලෙක මේවගේ ප්‍රයත්නයක් ඉතාම වටිනවා (අ)