IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි

(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුල් ආහාර නිශ්පාදන ආයතනයක් කිසිදු ආයතනයක බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අදාල කර්මාන්ත ශාලාව නිසාවෙන් පාදුක්ක උඩුමුල්ල එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ දරුවන්ට ඉගෙනීමට බාදා වන බවට සහ එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වෙන දුර්ගන්ධය නිසාවෙන් පාසල් දරුවන් සහ දෙමාපියන්ට මුහුණ පෑමට සිදුව තිබූ ගැටළු සහගත තත්වය පිලිබදව පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට යොමු කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකල ක්ෂේත්‍ර පරික්ෂාවකින් පසු මෙම තීරණය ගත් බවද එම අධිකාරිය සඳහන් කරයි.
.
සිදුකළ ක්ෂේත්‍ර පරික්ෂාවේදී දුර්ගන්ධය නිසාවෙන් මහජන පීඩාවක් සිදුවන බවටත්   ජනනය වන දුර්ගන්ධය පාලනය කිරීමට අදාළ උපකරණ සවිකර නොතිබීමත් අදාළ කර්මාන්ත ශාලාවේ ස්ථාපත කර ඇති ඩීසල් ටැංකියට සමාන දෙවන රැඳවුම් ටැංකියක්  ඉදිකර නොතිබීමත් එමෙන්ම

කර්මාන්ත පරිශ්‍රය සඳහා ලබාගත් ගිනි ආරක්ෂණ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ආයතනය අපොහොසත් වීමත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබීමත් යන කරුණු මත ජාතික පරිසර පනත මත මෙවැනි ආකාරයේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමට දින 14 ක් තුල කටයුතු කරන ලෙසත් දන්වමින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම ආයතනය වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇත.



අදහස් (1)

මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි

Kamal Koyrala Sunday, 23 February 2025 12:59 PM

මෙකී කර්මාන්ත ශාලාව කොපමණ වසරක් පවත්වාගෙන ගියේද? කියා පරිසර අධිකාරිය දන්නේ මේ පැමිණිල්ලෙන් පසුවද? පරිසර අධිකාරියෙන් දින 14ක කාලයක් දීම නොවේ දෙන දඬුවම මොකක්ද කියන්න... එමෙන්ම කර්මාන්ත ශාලා ස්ථානගත කිරීමේදී අවට පරිසර තත්වයන් නොවිමසුවේ මන්ද? එමෙන්ම පීරියඩික් ඔඩිටින් නොකළේ මන්ද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි
2025 පෙබරවාරි මස 23 491 0

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ


සංජීව ඝාතනයේ තිදෙනකු රඳවා ප්‍රශ්න කරනන අවසර
2025 පෙබරවාරි මස 23 334 0

ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙ­නෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැක


මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ
2025 පෙබරවාරි මස 23 1058 10

අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාද


සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 23 2466 0

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පො


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්
2025 පෙබරවාරි මස 23 488 3

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍


පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි
2025 පෙබරවාරි මස 23 231 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 160 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 405 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site