IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්දගේ නීතිඥවරු අල්ලස් කොමිසමට එති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු දෙදෙනෙක් අද (22) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියහ.

මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණියේ නම් එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් බව ඔවුහු පැවසූහ. වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ පත්වීමද අනුමත කළ නොහැකි බවත් ජනපතිවරණය කැඳවා තිබියදී තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමැති ධූරය ලබාදීම ජනපති බලතල යටතේ සිදුකළ බවත් ඔවුහු එහිදී පැවසූහ.

නීතිඥ ඇන්ටන් සේනානායක ඇතුළු මහත්වරු එහිදී මාධ්‍යයට අදහස් දැක්වූහ.

 



අදහස් (0)

මහින්දගේ නීතිඥවරු අල්ලස් කොමිසමට එති

සජිත් Wednesday, 22 April 2015 01:40 PM

කවුරු මොනවා කිවුවත් ශාන් කියන දේ හරි (නි)

:       0       0

රසික Wednesday, 22 April 2015 01:51 PM

මහිනද මහත්තයා කළ දේ වැරදියි කියලා කියන්නෙ ජනාධිපතිවරණ පනත අනුවයි. මැතිවරණයෙදි තමන්ට වාසිවෙන විදියටත්, වෙනත් අපේක්ෂකයෙකුට අවාසි වෙන විදියටත් කරන දේවල් වැරදි විදියට සළකන්න පුළුවන්. නැතුව ජනාධිපති ඇමතිකමක් දීම වරදක් කියලා නෙමෙයි චෝදනා කරලා තියෙන්නෙ (නි)

:       0       0

නිරන්ජන් Wednesday, 22 April 2015 02:16 PM

පාලකයෝ හිතන තරම් ජනතාව මෝඩ නැහැ කියලා පාලකයින්ටම අවබෝධ වුණ දිනක, පාලකයින්ටයි ජනතාවටයි දෙගොල්ලන්ටම එකවර සතුටුවිය හැකි සමයක් උදාවේවි. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 10:48 AM

රවිඳුගේ කතාවේ භාගයක් හරි භාගයක් වැරදි. කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට හෝ අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක් තමයි. හැබැයි මෙතන වැරැද්ද කරලා තියෙන්නේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ අල්ලස් කොමසාරිස්වරිය මිසක් හිටපු ජනපතිතුමා නොවෙයි. (ස)

:       0       0

රුවන් Wednesday, 22 April 2015 02:46 PM

මහින්දට හිතවත් උදවිය ඔහුට කුමන තත්වයක් යටතේ හෝ විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා හිතන එක නවත්තන්න අපිට බැහැ. හැබැයි හරියට ආණ්ඩුක්‍රම සහ ව්‍යවස්ථා නීතිය දැනගෙන ඔය තර්ක කරනවා නම් බොහොම හොඳයි. (ර)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 03:59 PM

රවිඳු සහ ශාන්, මෙතන අල්ලස් කොමසාරිස්ගේ වරද නෙවෙයි වැරදි කියලා බහු වචනයෙන් කතා කළ යුතුයි. ඇය පුරවැසියෙක් හැටියට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම වැරදියි, අල්ලස් කොමසාරිස් හැටියට ඇයට අදාළ පනත යටතේ පැවරී ඇති බලතල ඉක්මවා කටයුතු කිරීම වැරදියි එමෙන් ම තමන්ට ලබා දුන්නු තනතුර ලබා දීමට හිලව්වට ඊට මුල් වුණු අයගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමක් හැටියට ඔහුගේ දේශපාලන සතුරන් දඩයම් කිරීමට තනතුරෙහි බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැරදියි. පසුව කියූ වරද ඇයගේ ම නිර්වචනය පරිදි පමණක් නොව රටේ නීතියේ හැටියට ද අල්ලස් ලබා ගැනීමක් වෙයි. මේ සියල්ලටම වඩා ඇය එකම වෙලාවේදී පූර්ණ කාලීන රැකියා දෙකක් සඳහා රජයෙන් වැටුප් ලබාගනිමින් කර ඇති වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ඇය යටතේ ඇති අල්ලස් කොමිසම හමුවේ ඇති බව සැළකු විට මෙම ධුරයෙහි තවදුරටත් රැඳී සිටීමට ඇයට සදාචාරාත්මක අයිතියක් ද නොමැත. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 04:30 PM

ඔබ කැමති වුණත් නැතත් අපේ රටේ දැනට බලාත්මකව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට ජනාධිපති තනතුරෙහි සිටිමින් ම ජනාධිපති අපෙක්ෂකයකු ලෙසද කටයුතු කිරීමට හැකි ය. එය රටේ නීතියට එකඟ හෙයින් ඔබට එය ප්‍රශ්න කිරීමට නොහැකිය. නාමයෝජනා භාරදුන් දින සිට නව ජනාධිපතිවරයකු පත් වන තෙක් කාලයෙහිදී රට අරාජික වීම වැලැක්වීම මෙමගින් අපේක්ෂා කෙරෙතැයි සිතමි. මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමතිව සිට පක්ෂයේ ව්‍යවස්ථාවට ද පටහැනිව සදාචාර සම්මත වලට ද පටහැනිව තම පක්ෂයට එරෙහිව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු විට සෞඛ්‍ය ඇමති ධුරය පුරප්පාඩු විය. එම පුරප්පාඩුව පිරවීම ජනපති ධුරය දරන්නා විසින් එම අවස්ථාවේ ඔහුගේ රාජකාරිය ඉටුකිරීමක් පමණි. එබැවින් එය අල්ලසක් හැටියට නිර්වචනය කළ නොහැකිය. එබැවින් මෙහිදී අල්ලස් කොමසාරිස්වරිය කටයුතු කර ඇති ආකාරය සාවද්‍ය වෙයි. (ස)

:       0       0

ශාන සෞදි Thursday, 23 April 2015 11:41 AM

මෙතන මොකක්ද අල්ලස් කොමසාරිස්ගේ කාර්ය හා වරද? දැන් වරද හොරු අල්ලන එකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ හොර මැර හොයන වෙලාවට විතරද සුමුදු? රටේ නීතිය වනසලා තමන්ගේ බඩ වඩාගන්න කටයුතු කල උන්ව අල්ලා මහජන දේපල හා ධනය ආරක්ෂා කරලා වැරදි කල උන්ට දඩුවම් කරන එක තමයි අල්ලස් කොමසාරිස්ගේ කාර්යය. නැතිව හොරු පරිස්සම් කරලා උන්ට කත් ඇදලා ජනතාව මහමගට දාන එක නෙවේ. ඡන්දෙ කලේ මහින්දගේ ආණ්ඩුවෙන් මිස අල්ලස් කොමසාරිස් නොවේනේ එකට වගකියන්න ඕනේ හිටපු ජනදිපති හා ඡන්ද කොමසාරිස්. රටක ඡන්දයක් පවත්වන විට පාලන බලය අයිති ඡන්ද කොමසාරිස්ට. බලයේ ඉන්න කෙනෙක් අපේක්ෂකයෙක් උනොත් එවලේ ඉඳලා එයට බලයක් නෑ. පත්වීම් දෙන එක එහෙනම් කරන්න ඕනේ ඊට කලින්. තව දෙයක් මෛත්‍රීපාල මහතා ඇමති ධූරයේ ඉද්දි දුන්න පත්වීම් ජනාදිපති අපේක්ෂක උනගමන් අවලංගු කලේ කොහොමද? එතකොට ඒවත් උත්තරීතරද ? කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක්. වරද වහගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර කරලා අනෙක් වෙලාවට බලු කරන රටක් ලංකාව මිස වෙන කොහෙවත් නෑ. එකට හේතුව ලංකාවේ ඉන්න ඡන්ද දායකයන්ගේ මෝඩකම. අපි රටේ පුරවැසියෝ විදිහට ජනතවගේ පැත්තෙන් බලන්න පුරුදු වෙමු. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 05:04 PM

රවිඳු, පක්ෂ විනය කඩ කරමින් පක්ෂයේ සාමාජිකත්වයේ සිටිමින් ම පක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු අප්ක්ෂකයාට එරෙහිව තරග වැදීම පිණිස පක්ෂයේ සතුරන් සමග එක් වුණු, ජනාධිපතිවරණයෙන් දිනූ පසු ජනාධිපති බලතල පාවිච්චි කර සදාචාර විරෝධිව පක්ෂයේ නායකකම පොකට් ගැසූ එමෙන් ම ඡන්දයෙන් පත් වුණු බහුතරයේ රජයක් තිබියදී සම්ප්‍රදාය විරෝධිව සුළුතරයේ ආණ්ඩුවක් පත් කර ගත් පුද්ගලයෙකුට මේ සියල්ල කරන්නට හැකි වී ඇත්තේ ඔබ වැනි ඡන්ද දායකයන්ගේ මෝඩකම නිසාය කියා ඔබ ම කියන එක නම් අගෙයි. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 12:42 PM

ශාන්ටත් රවිඳුටත් නොතේරුණාට මේ දින සීයේදී බොහෝ දේ සිදුවුණා (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 April 2015 11:27 AM

ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට කොහෙන්ද බලතල තියෙන්නේ එහෙනම් අපේක්ෂකයෙක් වෙන්න බැහැනේ අනෙක් අය විතරද අපේක්ෂකයෝ මේක මොන නීතියක්ද ? විසිරෙව්වානම් කොහෙද බලතල තියෙන්න ඕනේ ඡන්ද කොමසාරිස් ළග එ්ක එහෙමනම් මෙයා කොහොමද පත්වීම් දෙන්නේ එහෙනම් මෛත්‍රී සෞඛ්‍ය ඇමැති ධූරය නැති වෙන්න බැහැනේ (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 12:55 PM

රවිඳු සහ ශාන්, අපේ රටේ විතරක් නෙමෙයි, ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ එය රටේ මූලික නීතිය වන නිසාත්, හැමවිටම එරට අනෙකුත් සියලු නීතිරීති පරදා ප්‍රමුඛත්වය ලබන නිසාත්ය. එබැවින් ඔබ කරන සඳහන අර්ථවිරහිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන පුද්ගලයන්ට විවේචන තිබිය හැකි අතරම එවැනි ඇතැම් විවේචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට මුල්වෙන්නත් පුළුවන්. එහෙත් විවේචන තිබුණත් නැතත් යම් අවස්ථාවක බලාත්මකව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන හෙයින් එය බලාත්මකව පවත්නාතාක් අපි හැම පුරවැසියන් හැටියට එයට ගරුකිරීමටත් එයට පටහැනිව කටයුතු නොකිරීමටත් බැඳීසිටිමු. එය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. (නි)

:       0       0

අමර Wednesday, 22 April 2015 11:35 AM

මේකත් බලය වැරදි ලෙස භාවිතයක්. මේ රටේ ඉස්සර නීතියක් තිබුනේ නැහැනෙ (නි)

:       0       0

රනිල් Wednesday, 22 April 2015 11:42 AM

දිනූ කෙනා දිවුරුම් දෙනතුරු මහින්ද මහත්මයාට බලය තිබෙනවා නේද? මොකද තව වසර දෙකක් තිබුනනේ (නි)

:       0       0

සමන් Wednesday, 22 April 2015 11:46 AM

කටඋත්තරයක් ගන්නවා කියෙන්නේ වැරදිකාරයා කියලා තීරණය කරන එක නෙමෙයි. මොකටද කලබල වෙන්නේ? (නි)

:       0       0

විජයබාහු Wednesday, 22 April 2015 11:48 AM

ශාන්ගේ දැනුම නම් මාරයි. හරි දක්ෂයි ඔයා නම්. (නි)

:       0       0

ඇසළ Wednesday, 22 April 2015 11:51 AM

ශාන් කතාකරන්නේ මොන නීතිය ගැනද. මේ ශ්‍රී ලංකාව. (නි)

:       0       0

ජාලිය Wednesday, 22 April 2015 11:51 AM

රටේ ඇමතිවරු පත්කරන්න බලය තිබෙන්නේ ජනාධිපතිට විතරයි. කොමසාරිස් ඉන්නේ විධායකයට පහළින්. එහෙම නේද? (නි)

:       0       0

විකුම් Wednesday, 22 April 2015 12:01 PM

මොකද මේ පොඩිදේකට මෙච්චර කලබල වෙලා? (නි)

:       0       0

රොහාන් Wednesday, 22 April 2015 12:01 PM

රටේ නීතිය දැන් හරියට ක්‍රියාකරනවා. ඒකතමයි මේ අයට තිබෙන ලොකුම ප්‍රශ්නය. හිටපු ජනපති අවංක නම් කොමිසමට යන්න ඕනෑ මේ අය නැතුවයි. මේ අය කරන්නේ එතුමාව තව ටිකක් නැතිකරලා දාන එක. (නි)

:       0       0

සරත් Wednesday, 22 April 2015 12:05 PM

ඇසළ, ඔබ හරි (නි)

:       0       0

නාලනී Wednesday, 22 April 2015 12:05 PM

නීතිය දැනගන්න ශාන් චුට්ටක් ඉන්න.මීළඟ ඡන්දෙදි ඔයාට පෙන්නන්නම්. (නි)

:       0       0

රුවන් Wednesday, 22 April 2015 12:07 PM

ජාලිය දන්නා තරම....! (නි)

:       0       0

දිසානායක Wednesday, 22 April 2015 12:09 PM

ශාන්, ඔයා එක එක නම් වලින් අදහස් දැම්මට අපි අහුවෙන්නේ නැහැ (නි)

:       0       0

සඳරුවන් Wednesday, 22 April 2015 12:09 PM

ශාන් සෞදිනේ ඉන්නේ. මේක ලංකාව (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 01:29 PM

රවිඳු සහ ශාන්, අල්ලස් කොමසාරිස්ට හිතුණු දේ කරන්නට බැහැ. වෙනත් ඕනෑම පුරවැසියෙක් මෙන්ම ඇයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බැඳීසිටියි. එමෙන්ම අල්ලස් කොමසාරිස් වූ පමණින් කැමැති කැමැති පරිදි අල්ලසට නිර්වචන සපයා පුද්ගල දඩයමෙහි යෙදීමට ඇයට බලයක් නැහැ.අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පිහිටුවා ඇත්තේ 1994 අංක 19 දරන පනත යටතේයි. එබැවින් ඇයගේ බලතලත් කාර්යභාරයත් පිළිබඳව එකී පනතෙන් දක්වා ඇති සීමාවන්ට යටත්ව ඇය ක්‍රියාකළ යුතුයි. එපමණක් නොව විමර්ශන කටයුතු වලදී අදාළ වන තවත් නීති ඇති අතර ඇය ඒවාටද අනුකූලව කටයුතු කළයුතුය. කොමිසමෙහි නිල වෙබ් අඩවියෙන් ඔබට මේ ගැන වැඩිදුර විස්තර දැනගත හැකිය. නීතිමය කරුණක් පිළිබඳව පසුබිම් තොරතුරු නොදැන අදහස් දැක්වීමට වඩා කරුණු දැන සංවාදයකට එළැඹීමෙන් අපට වඩාත් හරවත් සංවාදයක යෙදීමේ අවස්ථාව ලැබෙනු ඇත. (නි)

:       0       0

විමල් Wednesday, 22 April 2015 12:11 PM

ශාන් නොදන්නා දේශපාලනය හොට නොදා හිටියා නම් හොඳයි (නි)

:       0       0

ප්‍රනීත් Wednesday, 22 April 2015 12:11 PM

ශාන් වගේ ව්‍යවස්ථාව අකුරටම දන්න අයත් ඉන්නවානේ? (නි)

:       0       0

සමන්ත මිලානෝ. Wednesday, 22 April 2015 12:16 PM

මේ උගත් නීතීඥ මහතා දේශපාලන කතා කියමින් ප්‍රතිඋත්තර බැඳීමක් කරනවා මිස මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හා දූෂණ කොමිසමට නොපැමිණීමට ඇති අයිතිය පිළිබඳ නීතිමය කාරණා කිසිත් කියන්නේ නැහැ නේද? ජනතාව ගොඩාක් බුද්ධිමත් මහත්තයෝ. (නි)

:       0       0

විමල් Wednesday, 22 April 2015 12:16 PM

ශාන්, නොදන්නා දේශපාලනය කතානොකර හිටියා නම් තමයි හොඳ (නි)

:       0       0

චානක Wednesday, 22 April 2015 12:16 PM

නාලනී , ඔව් ඔව් පෙන්වන්නකො බලන්න. දවල් හීන බල බලා ඉන්න ඉතින් (නි)

:       0       0

ඉන්දික Wednesday, 22 April 2015 12:23 PM

ශාන්, එතකොට ඒ කාලේ රට අරාජිකයිද? (නි)

:       0       0

ගැමුණු Wednesday, 22 April 2015 12:33 PM

ශාන්,බලයේ සිටින ජනාධිපතිවරයෙකුට මැතිවරණයට තරඟ කරන්න පුළුවන් විදියටයි, එවකට 78 දී රජය මේ ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. තර්ක තිබුනත් ඇත්ත ඒකයි. (නි)

:       0       0

මනම්පේරි Wednesday, 22 April 2015 12:36 PM

අනේ ශාන්,නව ජනපති දිවුරුම් දෙනතෙක්ම හිටපු ජනපතිවරයෙකුගෙ ධූරය අහෝසි වෙන්නෙ නැහැ. සෞඛ්‍ය ඇමතිධූරය හිස්ව තියන්න බැහැ. ඒකට තව කෙනෙක් දාන්න කිසිම බාධාවක් නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 22 April 2015 12:41 PM

ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට කොහෙන්ද බලතල තියෙන්නේ? එහෙනම් අපේක්ෂකයෙක් වෙන්න බැහැනේ. අනෙක් අය විතරද අපේක්ෂකයෝ? මේක මොන නීතියක්ද? විසිරෙව්වා නම් කොහෙද බලතල තියෙන්න ඕනෑ? ඡන්ද කොමසාරිස් ළඟ. එ්ක එහෙමනම් මෙහෙම කොහොමද පත්වීම් දෙන්නේ? (නි)

:       0       0

කුමාර Wednesday, 22 April 2015 12:43 PM

මේ ප්‍රශ්නය දුරදිග යනවා වැඩියි (නි)

:       0       0

රවිඳු Wednesday, 22 April 2015 12:44 PM

කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක්. ශාන් කියලා තියනවා නිවැරදි දෙය. ඒක තේරුම්ගන්න බැරි අයට මොළය දෙන්න නම් අපිට පුළුවන්කමක් නැහැ. (නි)

:       0       0

නදිනි රණවීර Wednesday, 22 April 2015 12:51 PM

මැතිවරණයක් ප්‍රකාශ කළාට පසු ඡන්ද අපේක්ෂකයෙක් කාව හෝ තනතුරකට පත්කළා නම්, ඒ ගැන අමුතුවෙන් තර්ක කරන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

හිමාලි Wednesday, 22 April 2015 12:56 PM

අල්ලස්දීම හෝ ගැනීම බරපතල වරදක්. දෙදෙනාම වැරදිකරුවෝ. සමහරුන්ට වැරදි කරනකොට හොඳයි වැරද්දක් කළා කියලා පිළිගන්න ලැජ්ජයි. මේවා අහලා අපිට ලැජ්ජයි!! (නි)

:       0       0

විල්සන් Wednesday, 22 April 2015 01:02 PM

අල්ලස්, දූෂණ, චංචා... හැමතැනම. අහලා එපාවෙලා (නි)

:       0       0

නවෝද් Wednesday, 22 April 2015 01:06 PM

අපි නම් මැතිවරණය කාලෙම ඕක දැනගෙන හිටියා. ශාන් කියලා තියනවා නිවැරදි දේ. (නි)

:       0       0

නෙතුක Wednesday, 22 April 2015 01:14 PM

අපිට ඉතින් තියෙන්නේ බලාගෙන ඉන්න තමයි (නි)

:       0       0

කරුණාපාල Wednesday, 22 April 2015 01:14 PM

මේ ඊයේ පෙරෙයිද ඉඳලා සමහර ටිකිරි මොළ වලින් හිතන්න පෙළඹිලා තියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ විශාල රැල්ලක් බිහිවෙලා තියනවා කියලා. ඕක අර ඡන්දෙ කාලෙත් අපි දැක්කනේ. ඒ රැල්ල එහෙම තමයි. සද්දේ වැඩියි. රැල්ල උසයි. හැබැයි බුද්ධිමත් රැල්ල නිහඬයි. හරියට ගැඹුරු මුහුද වගේ.... (නි)

:       0       0

ප්‍රියනාත් Wednesday, 22 April 2015 01:20 PM

බලාගෙන ගියාම මැතිවරණ නීතිය අමුඅමුවේම උල්ලංඝනය කරලනේ. හැබැයි ඒ කාලේ, මැතිවරණ න‍ීතිය නෙමෙයි මොන නීතියක්වත් රටේ ක්‍රියාත්මක වුණේ නැහැනේ. (නි)

:       0       0

නිර්මලා Wednesday, 22 April 2015 01:29 PM

මම නම් කියන්නේ හිටපු ජනාධිපතිතුමා වැරැද්ද පිළිගන්නවා නම්, මේ අල්ලස් චෝදනාවෙන් නිදහස් කරන්න ඕනෑ. කොහොමත් එතුමා හිටපු ජනාධිපතිතුමානේ. මැතිවරණ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකිරීම ගැන එතුමා මෙන්ම ජනතාවත් දැනුවත් කිරීම අනාගත දේශපාලකයින්ටත් හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 22 April 2015 01:34 PM

කතාකිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබුනත් නීති ප්‍රශ්න ගැන කතා කළයුත්තේ ඒ විෂය දන්නා අය පමණයි. ජනාධිපති කෙනක් තමන්ගේ සේවා කාලය නියමිත දිනයට කලින් අවසන් කර අලුතින් ජනාධිපති වෙන්න තරඟ කරනවා කියන්නේ නීතියට අනුව පමණක් නොව සදාචාරයට අනුවත් තනතුර තිබුනත් බලය රහිත පුද්ගලයෙක්. ඒ නිසයි තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය බලය හා සම්පත් යොදාගැනීම තහනම් වන්නේ. ඒ තුළින් අනික් අපේක්ෂකයින්ට වන අසාධාරණය වළක්වන්නයි මැතිවරණ නීති ඒ ආකාරයට සකස් කරලා තියෙන්නේ. (නි)

:       0       0

මනෝජ් Wednesday, 22 April 2015 01:37 PM

අල්ලස්දීම දෙයාකාරය. 1. වැඩක් කරගන්න කලින් දෙන අල්ලස 2. වැඩේ කරගත්තාට පස්සෙ දෙන අල්ලස (නි)

:       0       0

රිස්මි Wednesday, 22 April 2015 01:38 PM

ඕවා ඉතින් අපිට කියලා වැඩක් නැහැ (නි)

:       0       0

සිරිසේන බලන්ගොඩ Wednesday, 22 April 2015 01:38 PM

කොයි දේශපාලකයාද කිව්වේ ඔහු වරදක් කරලා තියෙනවා කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 56 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 231 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 130 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3969 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site