සොයායෑම් හැදෑරීම් තුළින් සිය රංගන හැකියාව මනාව ඔප්නංවා ගත් ඔහු ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය. මෙවර පැවැති දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම විකට නළුවා බවට පත්වූයේද ඔහුය. ඔහු දායක වන නව සිනමා නිර්මාණය වන හොරා පොලිස් සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
මුලින්ම ලැබුන සම්මානය ගැන පැවසුවොත්?
ඕනෑම සම්මානයකින් කියවෙන්නෙ කිසියම් ගරුත්වයක් ලබාදුන්නා කියන එක තමයි. ඒ පිළිබඳ සතුටක් තිබෙනවා. හාස්‍යෝත්පාදක චිත්‍රපට කලාවේ "විකට නළුවා" වගේ සම්මානයකට මාව නොමිනේට් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒගැන මම සන්තෝෂ වෙනවා.
මහේන්ද්‍ර පෙරේරා කියන චරිතාංග නළුවා ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ විකට නළුවෙක් ලෙසද?
සිනමා කර්මාන්තය ගැන හා කලාවේ පැවැත්ම ගැන හිතාගන්න බැරුව ඉන්නේ. මෙය කලාවක් වගේම කර්මාන්තයක්. ඒ තුළ වෘත්තීමය නළුවෙකු වශයෙන් මම කටයුතු කරන්නේ. ඔය කියන්නාවූ ප්‍රබුද්ධ සහ කලාත්මක චිත්‍රපට වගේම වාණිජ චිත්‍රපටත් මට ලැබෙනවා. ඒ හැම නිර්මාණයක් එක්කම වැඩ කරන්න සූදානම්. මට මේ යන ක්‍රමවේදය එක්ක අන්තවාදී ලෙස ප්‍රතික්ෂ්ප කරන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. ජීවිතේ හැලහැප්පීම්වලට අනෙක් අය වගේම, අපිටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒනිසා සිනමා නළුවෙකු ලෙස කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවකුත් තියෙනවා. එහෙත් එකම වර්ගීකරණයකට හසුනොවී නිර්මාණවලට දායක වෙන්න මම උත්සාහ කරනවා.
පසුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගේ "28" කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒක ඔස්ට්‍රේලියාවේ බිස්බේන් සිනමා උලෙළට ඉදිරිපත් කළා. එහිදී එහි හොඳම නළුවා ලෙස මාව නිර්දේශ වුණා. ඒ වගේම පසුගිය කාලෙ එවැනි චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. හැකිතරම් උත්සාහ කරන්නෙ විවිධත්වයෙන් යුතුව රංගනය සිදුකිරීමටයි. මම විවිධත්වය තුළ තිබෙන අපූර්වය විඳින්න තමයි උපරිම උත්සාහ කරනවා වගේම කෘතියට සර්ව සම්පූර්ණ සාධාරණයක් ඉෂ්ට කරන්න.
"28" වගේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්න කලින් "හොරා පොලිස්" වගේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. "කොස්තාපල් පුඤ්ඤසෝම" ලෙසම මෙය ප්‍රේක්ෂකයන් භාරගනීද? "කොස්තාපල් පුඤ්ඤසෝම" චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්වූ චිත්‍රපටයක්. මම "හොරා පොලිස්" එකෙත් පොලිස් චරිතයක් රඟපානවා. එහි ද්විත්ව චරිතයක් නිරූපණය කරනවා. එනිසා සමහර අය මෙය පුඤ්ඤසෝමගේ දිගුවකත් ලෙසින් සිතන්න පුළුවන්.
නමුත් එය එහෙම නෙමෙයි. සම්පූර්ණ වෙනස්ම කතාවක්. ඔබ අහපු "28" ගැන කතාකළාම එම චිත්‍රපටය නිර්මාණය කරලා අවුරුදු තුනහමාරක් වෙනවා. එහෙත් තවම ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. එය ප්‍රසන්න ජයකොඩි හා ඊට දායක වූ අයගේ කරුමයද එසේ නොමැති නම් සිනමාවේ කරුමයක්ද කියලා හිතාගන්න බැහැ. අපි වගකිවයුතු තැන් එක්ක කතා කරලා තිබෙනවා. නමුත් අද වනතුරු එය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් එය අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙලා අවුරුදු තුනහමාරක් වෙනවා.
එම ගැටලුවට අදාළ පාර්ශ්වයන් දැක්වූයේ කුමක්ද?
අදාළ පාර්ශ්වය සමග ප්‍රසන්න ජයකොඩිත්, මමත් ඒ ගැන කතා කරන කොට එක එක වකවානු ගැන කතා කළා. මේ කාලේ ප්‍රදර්ශනය කරන්න මේ කාලේ ප්‍රදර්ශනය කරන්න කියමින්, එයට හේතුව මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මට හිතෙන්නෙ මේ ආයතනවල පිළිවෙළක් නෑ. විදේශ රටක සම්මානයට පාත්‍රවුණ චිත්‍රපටයකට මේ රටේ ඇගයීමක් ලැබෙන් නැත්තේ ඒකයි. ඒ චිත්‍රපටයේ නිෂ්පාදනයට මමත් සම්බන්ධ වුණා. මේ ප්‍රතිපත්ති මුල සිටම සකස් විය යුතුයි කියලා තමයි මට හිතන්නේ.
මෙම චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකාගාරයට බලපෑමක් වනවාද?
යුද්ධයට පෙර ඉතා හොඳ ප්‍රේක්ෂක පිරිසක් සිනමාව තුළ හිටියා. නමුත් මේ දේවලින් පසු සිනමාවෙන් ප්‍රේක්ෂකයන් ඈත් වෙලා ගිහින්. නැවතත් මිනිසුන් සිනමා ශාලා කරා පැමිණෙන තත්ත්වයක් තිබෙනවා. නමුත් එය වර්ධනය කර ගත යුතුයි. හැත්තෑවේ අසූවේ දශකයේ නෙමෙයි අද මිනිසුන් ඉන්නේ. වෙනම තාක්ෂණික දියුණුවක් තිබෙනවා. ඒවා සිදුවෙන්නේ නෑ. "ඇගේ ඇස අග" වැනි චිත්‍රපට තුළ ගැප් එකකට රීලිස් කළ ස්වභාවයක් තිබෙන්නේ. නමුත් හොඳ මිනිසුන් අතරට යා හැකි චිත්‍රපටයක් ප්‍රේක්ෂයාට බලන්න නැහැ. එහෙම වුණාම කොහොමද ප්‍රෙක්ෂකාගාරයක් රඳවා ගන්නේ. ප්‍රේක්ෂකාගාරයේ රසවින්දනයේ මට්ටම දියුණු කරගන්නේ කොහොමද?
මෙම තත්ත්වය බලපා ඇත්තේ අදාළ පාර්ශ්වයන් සිනමාව ගැන අවබෝධයක් නොමැතිකමද?
මේක එන්ටටේට්මන්ට් බිස්නස් එකක්. මේ තුළ එහෙම ව්‍යාපාරික ගනුදෙනුවක් තිබෙනවා. කලාව කලාව සඳහා කරලා මිලක් නැහැනේ. කලාව ජනතාව සඳහා විය යුතුයි. කර්මාන්තයක් ලෙස සැලකුවොත් ඇත්තටම රැකගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කර නැහැ. නිෂ්පාදකයා රැකගන්නේ කොහොමද කියලා හිතන්න ඕන. නිෂ්පාදකයා ලක්ෂ ගණාක් වියදම් කරලා කළ චිත්‍රපටයක ආදායම් ලබන්න පටන්ගත්තම ආදායමෙන් 40% 45%ක් නිෂ්පාදකයාට ගෙවන්නේ. මෙලෙස චිත්‍රපට කරන නිෂ්පාදකවරුන්ට ස්තූතිවන්ත විය යුතුයි. මේ එන්ටර්ටේට්මන්ට් බිස්නස් එක හරියට හඳුනාගත යුතුයි. චිත්‍රපට ප්‍රදර්ශනය කරන ආකාරය ගැන ක්‍රමයක් හදන්න ඕන. නිෂ්පාදකයා ගැන බලන්න ඕන. හැමදේම කරලා අවසානේ පෝස්ටර් පවා නිෂ්පාදකවරයා අතින් ගහන්න වෙනවා. මෙවැනි තත්ත්වයක නිෂ්පාදකයා පවත්වා ගන්නෙ කොහොමද?
පැවැති රජයන් මේ සඳහා විවිධ විසඳුම් ගෙන ආවා නේද?
ඒ එකක්වත් වුණේ නැහැ. එදත් වුණේ නැහැ. කිසිම සභාපතිවරයෙක් යටතේ සිද්ධ වුනා කියලා මම හිතන්නෙ නැහැ. එක් එක් සභාපතිවරු විවිධ දේ කරන්න උත්සාහ කළා. ඒ එකක්වත් අද වනතුරු සාර්ථක වෙලා නැහැ.
සිනමාවේ පසුබෑමට එය හදාරන්නට තැනක් නොමැතිවීමත් බලපෑමක් නේද?
හැදෑරීමක් කරන්න ඊළඟ පරම්පරාව සොයාගෙන යන්න ඇකඩමියක් ලෙවල් එකක් නැහැ. ඒක එදා ඉඳන් තියෙනවා. ඒක ඉටුවන එකක් නෙමෙයි. විෂයයන් තුළ හැදෑරීමක් සොයායාමත් නැති වුණොත් ඒ විෂය වර්ධනය වෙන්නේ කොහොමද? වෛද්‍ය වෘත්තීය ගත්තත් ඉංජිනේරු වෘත්තීය ගත්තත් එලෙස සිදුවෙන්නේ. එදා ඉඳන් මෙහි ඇකඩමික් ලෙවල් එකක් ගැන ඔවුන් පණ්ඩිත වාක්‍ය දාලා කතා කරනවා. ඒ සම්බන්ධව කවුරුත් කටයුතු කරලා නැහැ. විදේශ ආධාරත් ලබාගත හැකියි. මම සුදර්ශියේ වැඩමුළුවක් කරනවා. එතනත් එහෙම ඉගැන්විය හැකි පරිසරයක් නැහැ. මම ඉගෙන ගත්තෙ බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය වැනි අය අතර රඟපෑම් ගැන හැදෑරීම් කළ ආචාර්ය සලමන් ෆොන්සේකා. සලමන් ෆොන්සේකා චෙකොස්ලොවැකියවේ වසර දහයක් ඉගෙනගෙන ලංකාවට ආපු කෙනෙක්. ඔහුව හඳුනාගත්තේ නැහැ. ඒක අත්‍යවශ්‍යම කාරණයක්.
ක්ෂේත්‍රය ගැන කලකිරීමකින්ද ඉන්නේ?
කලකිරීමක් ඇති වෙනවා. තවම DCP සිස්ටම් එකට සිනමා ශාලා හදාගන්න බැරිවුණා. ඒ පිළිබඳ කිසිම විදිහක වැඩපිළිවෙළක් හරියට සකස් වෙලා නැහැ. මේ වසරේ අගෝස්තු මාසයෙන් පසු සිනමා දළ සේයාපට නිර්මාණය කිරීම ලෝකයේ නවත්වනවා. එවිට ඩිජිටල් සිනමාවට අපිටත් යන්න සිද්ධවෙනවා. එසේ නොමැති වුණොත් ඊ සිනමාවටත් යොමුවීමට අවශ්‍යයයි. මේ ගැන දන්න අයත් දේශපාලනය ගැන කතා කරමින් ඉන්නවා මිසක්, මේ පිළිබඳ වැඩපිළිවෙළක් ගැන කතා කරගෙන ක්‍රියාවට නංවන උත්සාහයක නැහැ. දැන් චිත්‍රපටයක් චිප් එකකින් කළහැකි මට්ටමට තාක්ෂණය දියුණු වෙලා.
ඔබ ලැබෙන සියලු සිනමා නිර්මාණ සඳහා දායක වුවත් ඔබේ ප්‍රකාශනය සමාජගත කරගත හැකි හොඳම මාධ්‍ය වේදිකාවයි. ඔබ ඉන් ඉවත් වෙනවාද?
වේදිකාව මම අතහැරලා බොහෝ කාලයක් වෙනවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ "යක්ෂාගමනය" තමයි මම අවසන් වරට දායකවූ වේදිකා නාට්‍යය. ඒ පිළිබඳවත් කලකිරීමක් ඇතිව තිබෙනවා. ලයනල් වෙන්ඩට් ශාලාව මේ රටේ හැදුනට පස්සෙ අඩුගාණෙ අද වෙනකම් රටේ ප්‍රධාන නගරවල ලයනල් වෙන්ඩට් එක වගේ ශාලාවන් කීපයක් හදාගන්න බැරිවුණානේ. වේදිකාව වෙහෙස කරයි කියලා දැනුන නිසා මම වේදිකාවෙන් වගේම ටෙලිනාට්‍යයෙනුත් ඉවත්වෙනවා. ඒනිසා මට අන්තවාදී ලෙස සිනමා නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්නෙ නැහැ. රඟපාන්නෙජීවත් වෙන්නද? ජීවත් වෙන්නෙ රඟපාන්නද? කියලා අවසානයේ හිතන්න වෙනවා. රඟපෑම කියන විෂය ආවට ගියාට කළ හැක්ක නොවේ. මේ තුළ හැදෑරීම් සොයායාම් කරනවා. අලුත් වෙන්නෙ කොහොමද කියලා හිතෙනවා. විෂයට ගරුත්වයක් දීලා අභ්‍යාස ගතවෙලා මේ වැඩේ කරගෙන යන්න පිරිසක් හදාගන්න උත්සාහ කරනවා. ඒනිසා හැකි තරම් විවිධ සිනමා නිර්මාණවලට දායක වෙනවා.
නව ශීල්පීන් ක්ෂේත්‍රයට ආගමනය ගැන ප්‍රවීණයෙක් ලෙස ඔබේ අදහස?
නවක ශිල්පීන්ගේ වර්ධනය කරගත හැකි දක්ෂතා තියෙනවා. නමුත් එය වර්ධනය කරගන්න තැනක් නැහැ. ඔවුන්ගේ මඩිය තර කරගන්න කසිකබල් මෙගා ටෙලිනාට්‍ය කරනවා. ඒ තුළින් ඩෙනිම් කලිසම් පට්ටගහනවා වගේ අපේ නළු නිළියන් පට්ට ගහනවා.. දක්ෂතා තියෙන අය ඉන්නවා. සොයායාම, හැදෑරීම කරන්න අවස්ථාව නැතිකම තිබෙන්නේ. ඒනිසා මේ ගැන හැදෑරීමට අවස්ථාව තිබිය යුතුයි. මම අසුභවාදී ලෙස හිතන්න කැමැති නැහැ. ඔවුන්ට නිසි මගපෙන්වීමක් කරන්නේ නැහැ. බෙල්ට් එක අල්ලගෙන එකම පිරිසක් ඉන්නවා.
ඉදිරියේදීත් වැලයන පැත්තට මැස්ස ගහන්නද ඔබේ බලාපොරොත්තුව?
මේ යන විදියට මැස්සක්වත් ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බෙල්ලේ වැල දාගන්න වෙයි. වර්ක් ෂොප් කරන හැමවිටම මට තරුණයන් දකිද්දී ජීවිතේ කොහොමද ගොඩදාගන්නේ කියලා මම හිතනවා. කොතරම් දේ ජීවිතේ තිබෙනවද කරන්න. මම හැමවිටම හිතන්නෙ තමන් විෂයට ගරුත්වයකින් සැලකුවොත් කවදා හෝ විෂය පෙරළා තමන්ට සලකාවි කියන තැන මම ඉන්නවා.
නිදුක් මදුෂික
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහේන්ද්‍ර ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ විකට නළුවෙක් ලෙසද?