IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්

 

(අංජුල මහික වීරරත්න)

මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්  මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි.

ඒ අනුව මහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසිමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex) යන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු විධිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ලැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත් ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරාගත නොහැකි ඉදිකිරීම් වී ඇති බවත්, මෙලෙස අවිධිමත් කටයුතු ආරම්භ කර තිබීම රජයටත්, සෞඛ්‍ය සේවාවටත්, රටටත් විශාල බරක් බවට පත්ව තිබෙන බව ද  අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

කෙසේ වුව ද, ව්‍යාපෘති ආරම්භ කර තිබීම හේතුවෙන් එහි නිමාවක් දැකිය යුතු බවත් එබැවින් සිදු කරමින් පවතින ඉදිකිරීම් කටයුතු යම්තාක් මට්ටමකට හෝ අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය. මහනුවර ජාතික රෝහල සඳහා සකස් කර ඇති සැලැස්මට අනුව අවශ්‍ය කරන අනෙකුත් මුදල් ප්‍රතිපාදන ක්‍රමණුකූලව ඉදිරියේ දී වෙන් කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.



අදහස් (0)

මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සුජීවගේ පෙත්සම විභාගයට අවසර
2025 පෙබරවාරි මස 13 215 0

නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම


’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’
2025 පෙබරවාරි මස 13 250 0

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත


මංගල අයවැය ලබන සඳුදා
2025 පෙබරවාරි මස 13 260 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


නොරොච්චෝලෙන් සුබ ආරංචියක්
2025 පෙබරවාරි මස 13 953 1

නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පුංචි ඡන්දයේ උසාවි මතය හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 13 176 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත


ඩෑන්ට - අම්මාට ඇප
2025 පෙබරවාරි මස 13 983 1

ලොකු අම්මා සමග ආරවුලක් ඇතිකරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 151 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site