මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන් මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි
රවින් Thursday, 16 January 2020 01:50 PM
එක එක්කෙනාගේ සේවය අත්හිටුවීම්, රිමාන්ඩ් කිරීම් නොවේ සිදුවිය යුත්තේ... ගරු අධිකරණ ක්ෂේත්‍රයේ මෙවැනි බරපතල බිඳවැටීම් වලට හේතුසාධක ඉවත් කිරීමයි. පහුගිය වකවානුවේ තීන්දු තීරණ ගැනීම් වලදී ගරු අධිකරණයට කොපමණ බලපෑම් එල්ල වූවාද? අධිකරණයට ගල් ගැහැව්වා. ඊට සම්බන්ධ අයවලුන්.. උත්තරීතර යයි කියා ගන්නා තැන... තමන් කැමති විදියට ක්‍රියා කලේ නැහැ. මොකද වුනේ? විනිශ්චයකාරවරුන් කීදෙනෙකුට ස්ථාන මාරුවීම් දුන්නද? කනිෂ්ඨ විනිසුරුවන් උසස් වීම ලැබුවාද? ජේෂ්ඨත්වය නොසලකා හැරියාද? හඬපටවලම තියනවා ඔවුනට අත්වී ඇති ඉරණම. සුදුස්සාට සුදුසු තැන නොලැබීමත්, ගොට්ට අල්ලන්නාට නොසුදුසු තැන ලැබීමත් මෙවැනි බිඳවැටීම් වලට හේතු නොවුවාද?
MaheeThursday, 16 January 2020 02:23 PM
ඔබ සමග 100% එකඟයි. ශිරානි බණ්ඩාරනායක පන්නා දැම්මම නැත්නම් හිරගෙදර යවන්න ඕන කෙනා රජගෙදර යැව්වා කිව්වහම නැත්නම් සර්ට ඕනෑ විදිහට තීන්දු ලියන්නම් කිව්වහම අධිකරණෙ බැබලුනාද? අපේ අධිකරණය සදහටම විධායකය විසින් පාගාගෙන ඉන්නේ. පේනවා නේද දැනුත් එක එක ඇමතිලා අග විනිසුරු වහාම මෙහෙම කරන්න ඕනෑ කිය කියා නියෝග දෙන හැටි? සේවය අත්හිටුවීම් වලින් අධිකරණයේ ගෞරවය ඇතිකරන්න බැහැ. කළ යුත්තේ අධිකරණය විධායකයේ දඬු අඬුවෙන් මුදා හැරීමයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය සැබෑවටම වෙන්කිරීමයි. අපේ වැදි බණ දෙසන්නෝ කවදාවත් ඒක කරන්නේ නැහැ.
ranaFriday, 17 January 2020 04:06 AM
කෙනෙක් උඩ බැලුවම වටපිට අයත් කිසි සෙවිල්ලක් නැතිව උඩ බලා ඉන්න ජාතියට, මොන හේතු කාරණාද?
dilan Thursday, 16 January 2020 02:44 PM
රටේ ජනතාවට එපාම වෙචච වචන සෙට් එක "යහපාලනය" "ජනතා පරමාධිපත්‍ය ඇත කරනවා" "අධිකරණය ස්වාධින කරා" "මාද්‍ය නිදහස ඇතිකරා" කියන මෙන්න මේ වච සෙට් එක.
tissa baba Thursday, 16 January 2020 02:45 PM
අධිකරණය ගැන අපට තියෙන්නේ මහත් ගෞරවයක්. යන්තම් අට පාස් පුද්ගලයකු ඉදිරියේ උගතුන් අපි විස්වාස කරන අය දනින් වැටීම නම් ඉතාම සෝචනීයයි.
Chathuri Thursday, 16 January 2020 05:06 PM
මේ බුද්ධිමතුන් සේවයෙන් නෙරපන එක ආණ්ඩුව මාරු වෙනකොට මේවා නතර කරන්න ඕන. අධිකරණයේ මහ තැනට පුළුවන්නේ. මේක නතර කරන්න රටේ නායකයට කඩේ යන. එක නෙමේ වෙන්න ඕන. වරදට දඩුවම් දුන්නේ අධිකරණයෙන් නම්. ඊට ඉහළින් මොන ලොක්කෙකුටවත් යන්න බැරි විදියට රටේ නායකයින් අධිකරණ වැඩ කටයුතු දන්නේ නැහැ ඇයි අධිකරණය රටේ නායකයින් ප්‍රසිද්ධියේ වැරදි වැඩ කරද්දී නැගී නොසිටින්නේ කොන්දක් නැත්ද? අද කොන්දක් නැති නිසා තමයි කිව්ව ගමන් අකුලන් යන්න වෙන්නේ. අධිකරණය ඇතුළේ දේශපාලනය නතර කරලා සේරම නිතියට ඉහළින් ලොක්කන්ට නොයන්න වැඩ පෙන්වන්න ජනතාව ඔබ සමගයි මෝඩයින් ගෙදර යන්නේ එදාට.
Perera Thursday, 16 January 2020 11:30 PM
අධිකරණය වැනි උත්තරීතර ආයතනයකට පත්වීම් දිය යුත්තේ අධිකරණයේත් එහි තනතුරුවලටත් ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කළ හැකි නීතිය පිලිබඳ මනා දැනුමක් තිබෙන අයවලුන්ට පමණයි. වසර කිහිපයකට පෙර අධිකරණයේ කීර්තියට සහ ගෞරවයට කැලැල් එකතු කරමින් කටයුතු කළ එක්තරා අග්‍රවිනිශ්චයකාරවරයෙක් පත්වීම් ලැබුවාට පසු තමයි ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවේ බොහෝ අය සිතන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂත්‍රය මහත් පරිහානියකට ලක්වීම ඇරඹුණේ. අධිකරණ නිළතල වලට නුසුදුසු පුද්ගලයින් ඔහුගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ කොමිෂන් සභාව මගින් පත්වීම් ලැබුවේත් ඒ හේතුවෙන් එවකට සිටි අධිකරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජික විනිසුරුවන් දෙදෙනා ඉවත් වුයේත් මෙවැනි නුසුදුසු පත්වීම් වලින් නොයෙකුත් අක්‍රමිකතා ප්‍රසිද්ධ ලෙස සිදුවෙන්න වුයේ. එහි ප්‍රතිවිපාක දැන් පෙනෙන්නට තිබේ.
Bamunuarachchi Friday, 17 January 2020 01:52 AM
බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන එක සනාත කර ගන්න.
lalithm Friday, 17 January 2020 03:14 AM
සැම ක්ෂේත්‍රයකම අසීමිත දේශපාලනීකරණයේ ප්‍රතිඵලය මේකයි. මහා බැංකුවේ පටන් ග්‍රාම නිලධාරියා දක්වාම හෙන්චයියන් පත් කිරීමේ ක්‍රියාවලිය නැවත නොදැම්මොත් අනාගතයේ රටේ ඉන්න ඔක්කොම උගත් තරුණ පරපුර රට හැර යන එක නවත්වන්න බැහැ. අපි පසුගාමී වෙන්න හේතුව උගතුන් රට යවා විදේශ විනිමය හොයන්න ගත්ත මෝඩ තීරණය. දැන්වත් උගතුන්ට අනිවාර්ය ජාතික සේවා කාලයක් නියම කරන්න.
mahijnda Friday, 17 January 2020 06:57 AM
එංගලන්තේ රැජිනට බරදෙමුද විනිසුරුවන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම් ?