පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයක් මැදිහත් කරවාගෙන විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ මැති ඇමැතිවරුන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
සිද්ධිය ගැන අපක්ෂපාතී විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය පැවැත් වූ එම පරීක්ෂණයේ වාර්තාවද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දෙනු ලැබ ඇත.
එම වාර්තාවද පදනම් කරගෙ සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය.
හෝමාගම මාගම්මන සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගෙන මුහුණු පොත හරහා සංවිධානය කර මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණයන් හය දෙනකු අද
‘තෛපොංගල්’ උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අනිද්දා (14) හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
ඉන්ධන සඳහා මෙතෙක් අය කළ බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නො
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මැතිසැබේ හිංසන හොයන්න පිටින් කමිටුවක්