IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට

(අමදෝරු අමරජීව)

මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස   මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන්  මහත්මිය ඊයේ (15) නියෝග කළාය.

මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74)  යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි.

සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන්  දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ  බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ සහෝදරියද ඝාතනය කළ බවත් දැරිය ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන දැරියගේ මව එම අවස්ථාවේ මුතූර් මූලික රෝහලේ රාත්‍රි රාජකාරි යෙදි සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මාර්තු 24දාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරුරු  ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසද  පොලිසියට නියම කළේ ය.



අදහස් (2)

මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට

ගුණරත්න Sunday, 16 March 2025 03:59 PM

ඔන්න මාලිමාවුන්ගේ කාලේ හැටි, පොඩි අය ආච්චිලා මරණ කාලයක්!. ගිය ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් මාලිමාවුන් පොඩි එකාගේ මානසික තත්වයේ ඉඳන් විශේෂඥ හෑලි ලියයි, ඒකත් සීයාගේ වැරැද්ද කියලා.

:       13       4

අන්ද්‍රයස් වීරබද්දන Monday, 17 March 2025 04:11 AM

මේ අදහස වරදකුත් නැහැ මොකද 1971 ලංකාවෙ ජනතා ඡන්දයෙන් පත්වූ රජයක් පෙරලා ජනතා මතයට පයින්ගසා බලය ගැනීමට කැරැල්ලක් ඇතිකල මුල්ම කාලයේ රටේ ප්‍රචාරයක් තිබුනා වයසක ජනතාව නඩත්තු කරන්න විශාල ධනයක් වැයවෙනවා රටේ ආදායම් අඩුයි එනිසාම හැටට වැඩි ඔක්කොමලා මරන්න තමයි ගුවේරා කාරයො හදන්නෙ කියල.( ඒ කාලයේ ජේවීපී නැත්නම් ජෙප්පො කිව්වෙම නැහැ කිව්වෙ ගුවේරා කාරයො කියල තමයි )

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ
2025 මාර්තු මස 18 27 0

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නිෂ්පාදන - සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක්
2025 මාර්තු මස 18 39 0

මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේව


’’දේශබන්දුලාට-සෙව්වන්දිලාට ගැලවීමක් නෑ’’
2025 මාර්තු මස 18 116 0

දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක් එයි
2025 මාර්තු මස 18 180 0

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
2025 මාර්තු මස 18 709 2

විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.


රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ
2025 මාර්තු මස 18 1178 4

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමි


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 382 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 871 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 322 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site