IMG-LOGO

2024 ජුනි මස 29 වන සෙනසුරාදා


මිහින්තලේ ලොකු අනතුරක්

(බී.ජී. චතුරංග)

මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු  තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

එම මාර්ගයේ,  මිහින්තලය - පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.

අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ,  එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.

තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක්  ප්‍රවාහනය කරමින් තිබියදී  මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක  පිටු පස ගැටීමෙන්  එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි  ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.  

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති. 



අදහස් (2)

මිහින්තලේ ලොකු අනතුරක්

අසේල Friday, 21 June 2024 05:21 PM

උතුම් පොසොන් පෝය දවසේ, කිසිවකුට කරදරයක් නොවේවා! දෙදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා..!

:       0       2

Akila Weerasakara Friday, 21 June 2024 05:22 PM

හොද වේලාවට තෙල් බවුසරේ පිපිරුවේ නැත්තේ?

:       9       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා
2024 ජුනි මස 29 69 0

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින්


‘‘මං යන්නෙ නෑ‘‘
2024 ජුනි මස 29 140 0

තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨ


ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි
2024 ජුනි මස 29 532 0

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි.


ඉරාන ජනපතිවරණයෙන් කාටවත් බහුතරය නෑ
2024 ජුනි මස 29 548 0

ඉරාන ජනාධිපතිවරණය පැවැත්විණි. අපේක්ෂකයන් සිවු දෙනකු ඊට සහභාගී වූ අතර, ඔවුන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.


විපක්ෂයේ හතරක් ආණ්ඩුවට?
2024 ජුනි මස 29 1770 6

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වා


ප්‍රගීත් රනින් පුද ලබයි
2024 ජුනි මස 29 399 0

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ - ඒක පුද්ගල කාණ්ඩයේ රන් සම්මානය දිනා ග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 407 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1514 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3319 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site