IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා

(අංජුල මහික වීරරත්න)

මෙරට  නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී  පැවැති හමුවකදී චාල්ස් කැලනන් මහතා මේ බව කීය.

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් මෙහි දී  සාකච්ඡා පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම මෙරට ජනතාවට ගුණාත්මක,තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතිය වෙත ලබා දීම බවත්, එම කාර්ය සිදු කිරීමේ දී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් කීය.

මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ  රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා නුදුරේ ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා  පැවසීය



අදහස් (3)

මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා

MD Saturday, 22 March 2025 04:08 PM

රටේම ජනතාවට අවබෝධයෙන්ම බොරු කියලා කියලා ඔවුනොවුන් එකිනෙකාට වෛරය කරවලා කරවලා ජාති ආගම් භේදභින්න කරවලා කරවලා ගොබ්බ ජනතාව අරගලයකට පොළඹවලා මහ පොළව නොපැතූ ම්ලෙච්ඡ ත්‍රස්තවාදි සංවිධානයක් මේක. දැන් දැන් බෝධි සත්වයින් ලෙසයි කටයුතු කරන්නේ...

:       12       4

රම්බොඩ Saturday, 22 March 2025 04:22 PM

එම උසස් අදහස ඉක්මණින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !

:       0       14

රුවන් Saturday, 22 March 2025 07:01 PM

එතකොට විදේශීය සමාගම් වලින් දොස්තරට එන කොමිස් මුදල... කැත වැඩ කරන්න එපා මහත්තයෝ එතකොට දොස්තර V8 ගන්නේ කොහොමද? හැමදාම මරුටියෙන් යන්න වෙන්නේ...!

:       5       7

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 46 0

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 23 58 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 689 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


ගංජා බී බස් එළවලා
2025 මාර්තු මස 23 383 0

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්


පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
2025 මාර්තු මස 23 413 0

පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.


රනිල්ගේ උපන් දිනයට චීනය කලින්ම පාටියක් දෙයි
2025 මාර්තු මස 23 329 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 119 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1125 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site