(ඉන්දිකා රාමනායක)
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි.
වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බාල සොහොයුරා සමග ඉකුත් 6 වැනි දින නල්ලුර් ප්‍රදේශයට පැමිණ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව මඩකලපුවේ සිට පැමිණි බවට ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
දැරියගේ මව දැරිය මිත්තනිය බාර දී ඇය මුදල් එක්රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් දැරියගේ මව යාපනය මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සැකකාරිය හා දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති . මේ සම්න්ධයෙන් පොලිසිය දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඡායාරූපයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ යාපනය මුලස්ථානය පොලිසියේ 021-2222222 , 0213211257 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ
බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනු
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න
රා ෂණ්මුගනාදන් Sunday, 17 September 2023 05:17 AM
මේ වගේ දේවල් වැඩි වශයෙන් සිදුවන්නේ ගොඩක්ම ජනයා ඉන්න තැන්වල...